Mahinda Rajapaksa

Monday, November 19, 2018

තවත් මඩක් මාට්‍ටු. බොදු බල සේනාව යොදා ගනිමින් මහින්ද රාජපක්ෂ මැතිතුමන්ට මඩ ගැසීම.

අද දින බොදු බල සේනාවේ පිරිසක් ජනාධිපති කාර්යාලය ඉදිරිපිට උද්ඝෝෂණය කිරීම සහ ඉන් අනතුරුව පොලිසිය හා ගැ‍ටුමක් ඇති කර ගත්තා.

පහත දැක්වෙන්නේ එක්සත් ජාතික පක්ෂයට සම්බන්ධ ෆේස්බුක් පි‍ටු මගින් අද දින ප්‍රචාරය කරන මඩ පෝස්ට් එකක්. මේ ආකාරයටම හදාපු තවත් පෝස්ට් ගණනාවක් ඔවුන් ෆේස්බුක් එකේ ඔවුන්ගේ විවිධ පි‍ටු මගින් පළ කර තිබෙනවා.



මේක මඩක් වෙන්නේ ඇයි?

1. මේ පින්තූරය අද දින සිදුවූ සිදුවීමක් නෙමෙයි. මෙය පළමුවරට අන්තර්ජාලයේ පළ වී ඇත්තේ 2015 දී. ඒ කියන්නේ එක්සත් ජාතික පක්ෂයේ යහපාලන ආණ්ඩුව තිබුණ කාලයේදී. මෙන්න මූලාශ්‍රය, මෙහි දිනය හොඳින් බලන්න. http://buddhistinternational.org/2015/04/monks-sue-myanmar-minister-why-cannot-in-sri-lanka/



2.පොලිසිය භාර අමාත්‍යවරයා වන්නේ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමන් හෝ පොහොට්‍ටුවේ කිසිදු මන්ත්‍රීවරයෙක් නෙමෙයි. පොලිසිය භාර මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයාට. එනිසා අද දින සිදුවූ සිදුවීම ගැන මහින්ද රාජපක්ෂ අග්‍රාමාත්‍යතුමාට මඩ ගැසීම කොතරම් අසාධාරණද...



3. ඊළඟ සිත් ගන්නා සුළු කාරණාව වන්නේ 2018 ජූනි 14 දින සිර දඬුවම්  නියම වූ ඥාණසාර හිමි වෙනුවෙන් වැඩි සද්දයක් නොදාපු බොදු බල සේනාව, මාසර 4 ක් තිස්සේම බලන් සිට එජාප ආණ්ඩුව ගෙදර ගිය පසුව වහාම උද්ඝෝෂණයක් කිරීමයි.


4. ඒ සඳහා යොදා ගත්තේත් එජාපයට පාර්ලිමේන්තුවේ බහුතරය නැති නිසා නම් වශයෙන් ඡන්ද විමසීමක් නොකළ දිනයක් වීම විශේෂයි. අද රටේ ප්‍රධාන ප්‍රවෘත්තිය වන්නේ එතකොට එජාපයට පාර්ලිමේන්තුවේ බහුතරය නැති වීම නෙමෙයි.


5. ඥාණසාර හිමිට ජනාධිපති සමාව ගැනීමටනම් කළ යුත්තේ ත්‍රෙනිකායික මහා නාහිමිවරුන් ලවා ජනාධිපතිවරයාට දැනුම් දීමක් සිදුකිරීමයි. එසේ නැතිව පොඩි හාමුදුරුවරුන්ව ප්‍රකෝප කර ජනාධිපති මන්දිරය ඉදිරියේ කෑ ගැස්සවීමෙන් ජනාධිපති සමාව ගැනීමේ ක්‍රමයක් නොවන බව ඔවුන් නොදන්නවා නෙමෙයි. කෙසේ නමුත් මෙය ජනාධිපතිවරයාට අදාල කටයුත්තක් බැවින් අපට වැඩි දෙයක් පැවසීමට නොහැකියි, ඒ ක්‍රියාවලිය ගැන පිළිතුරු දිය යුත්තේ ජනාධිපතිවරයාගේ මාධ්‍ය අංශය මගින්.


6.  අවසාන වශයෙන්, උදේ හවා සිංහල බෞද්ධයන්ට ගරහන එජාප පි‍ටු, හිටි ගමන්ම පැරණි පින්තූරයක් පෙන්වමින් කිඹුල් කඳුළු සෙළීම ගැන කාටත් පැහැදිළි වෙන්න ඕන.

පාර්ලිමේන්තුවේදී සිද්ධ වුණ දේ සංක්ෂිප්තව මෙන්න...



සිදු වූයේ කුමක් ද​?

සිද්ධ වුණේ මොකද්ද කියල පක්‍ෂ පාට දේශපාලන මතවාද අමතක කරල තාර්කිකව හිතල බලමුද​?

හරි. එහෙනං දැන් කථානායක පිස්සු කෙළපුවා, බටර් පිහි, වතුර ගහපුවා, මිරිස් කුඩු ගහපුවා ඔක්කොම අමතක කරල අපි යමු ඔක්තෝබර් 26 වෙනිදට.

දැන් අගමැති රනිල් වික්‍රමසිංහ මහතා.

ඔන්න හවස හතට විතර ජනාධිපතිතුමා බෝම්බෙ පත්තු කරනවා. මහින්ද රාජපක්ෂ මහතාව අගමැති විදිහට නම් කරනවා.

දැන් විය හැකියාවන් දෙකක් තියෙනවා.

1. ජනාධිපතිතුමා කරපු දේ ව්‍යවස්ථානුකූලයි
2. ජනාධිපතිතුමා කරපු දේ ව්‍යවස්ථානුකූල නෑ.

ජනාධිපතිතුමා කරපු දේ ව්‍යවස්ථානුකූලයි නම්, රනිල් වික්‍රමසිංහ මහතා කරන්න ඕනෙ මොකද්ද​? මහින්ද රාජපක්ෂ මහතා අගමැති විදිහට පිළිගෙන අරලිය ගහ මැදුරෙන් ඉවත් වෙන එක​. අර්බුදයක් නෑ.

ජනාධිපතිතුමා කරපු දේ ව්‍යවස්ථානුකූල නැත්තං රනිල් වික්‍රමසිංහ මහතා කරන්න ඕනෙ මොකද්ද​? ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියට යන එක​. මොකද ලංකාවේ ව්‍යවස්ථාව අර්ථ දක්වන්න පුළුවන් එකම ආයතනය ශ්‍රේෂ්ඨාධිකරණය​. ශ්‍රේෂ්ඨාධිකරණයට ගිහින් අතුරු තහනම් නියෝගයක් ගත්ත නම් මහින්ද රාජපක්ෂ මහතාගේ පත් කිරීම තාවකාලිකව බල රහිත වෙනවා. ඊට පස්සෙ ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවක් එනකම් දෙපැත්තටම බලාගෙන ඉන්න පුළුවන්. අර්බුදයක් නෑ.

ඒත් රනිල් වික්‍රමසිංහ මහතා මේ දෙකෙන් එකක්වත් කරේ නෑ. ඒ වෙනුවට අරලියගහ මැදුරේ බලහත්කාරයෙන් රැඳී සිටිමින් පිස්සු කෙලින්න පටන් ගත්තා. ඔන්න අර්බුදය නිර්මාණය වුණා.

ඊට පස්සෙ මොකද වුණේ? කථානායකවරයා ප්‍රකාශ නිකුත් කරන්න පටන් ගත්තා මහින්ද රාජපක්ෂ මහතාගේ පත් කිරීම පිළිගන්නේ නෑ කියල​. කථානායකවරයා එවැනි ප්‍රකාශයක් සිදු කිරීම සම්පූර්ණයෙන්ම වැරදියි. ඔහු 100% අපක්‍ෂපාතී විය යුතුයි. ඔහුට කරන්න තිබුණ එකම දේ ජනාධිපති ගේ ගැසට් එකට අනුව වැඩ කරන එක​. ජනාධිපති කරපු දේ ව්‍යවස්ථානුකූල නැත්තං ඒක අභියෝගයට ලක් කිරීම රනිල් වික්‍රමසිංහ මහතාගේ හෝ එජාපයේ වැඩක් (ඔවුන් එහෙම කරෙත් නෑ).

ඔන්න අර්බුදය ඔඩු දුවන්න පටන් ගත්තා.

එතකොට ජනාධිපතිවරයා පාර්ලිමේන්තුව කල් තිබ්බා. ඒක පැහැදිලිවම ඔහුට කරන්න ව්‍යවස්ථාවෙන් බලය දීල තියෙන දෙයක්. ඒත් කථානායකවරයා ඒක පිළිගන්නෙත් නැතුව පාර්ලිමේන්තුව කැඳවන බවට ප්‍රකාශ නිකුත් කරන්න පටන් ගත්තා. ඔන්න ආණ්ඩු පක්‍ෂ (ශ්‍රිලනිප​-පොහොට්ටු) මන්ත්‍රීවරුන්ගෙ කථානායකවරයා ගැන තිබුණ විශ්වාසය බිඳ වැටුණා.

අර්බුදය තවත් තීව්‍ර වුණා.

ඊට පස්සෙ ජනාධිපතිවරයා පාර්ලිමේන්තුව විසුරුවා හැරියා. අන්න එතනදි නම් නිවැරදිව එජාපය ඒක ශ්‍රේෂ්ඨාධිකරණයේදී අභියෝගයට ලක් කළා. ඒකට අතුරු තහනම් නියෝගයක් ලැබුණා.

ඊට පස්සෙ පාර්ලිමේන්තුව රැස් වුණා (14). එදාට විපක්‍ෂය මුලින්ම කළ යුතුව තිබුණේ මහින්ද රාජපක්ෂ මහතා අගමැති විදිහට පිළිගැනීම​. මොකද ඔහුගේ පත් කිරීම ඔවුන් ශ්‍රේෂ්ඨාධිකරණයේ අභියෝගයට ලක් කරල නැති නිසා. ඔහුට බහුතරය නැත්තං ඊට පසුව විශ්වාසභංගයක් ගේන්න පුළුවන්.

ඒත් ඔවුන් මහින්ද රාජපක්‍ෂ මහතා අගමැති විදිහට පිළිගත්තේ නෑ. ඒ වෙනුවට ජනාධිපති කරපු දේ ව්‍යවස්ථානුකූල නෑ කියල විශ්වාසභංගයක් ගෙනාවා. ඒක සම්පූර්ණයෙන්ම වැරදියි. ජනාධිපති කරපු දේ ව්‍යවස්ථානුකූලද නැද්ද කියල පාර්ලිමේන්තුවේ ඡන්දයකින් බලන්න බෑ. ඒක කරන්න පුළුවන් ශ්‍රේෂ්ඨාධිකරණයේ පමණයි.

ඔන්න අර්බුදය උත්සන්න වුණා.

මේ විශ්වාසභංග යෝජනාව ගෙනාවෙත් විධිමත් ආකාරයට නෙවෙයි. පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග අත් හිටුවලා. පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග අත් හිටුවලා කලබලෙන් කරන්න ඕනෙ දෙයක්ද රටක අගමැති වෙනස් කිරීම​? ඒක අර්බුදය වඩාත් උත්සන්න කරන්න හේතුවක් වුණා.

පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග අත් හිටුවන්න පුළුවන් ඡන්දයකින් විතරයි. ඒත් ඒ වැඩේ සහ විශ්වාසභංගය සම්මත කිරීම කියන දෙකම කරේ "හඬ අනුව​".

මේ "හඬ අනුව" සම්මත කිරීම කියන දේ කරන්නෙ එක පැත්තකට ඡන්ද පැහැදිලිවම වැඩියි කියල පේන්න තියෙද්දි පාර්ලිමේන්තුවේ කාලය නාස්ති වීම වැළැක්වීමට දෙපාර්ශවයේම එකඟතාවයෙන්. උදාහරණයකට යම්කිසි යෝජනාවකට පක්‍ෂව 150 සහ විපක්‍ෂව 20 ඉන්නව නම්, නම් වශයෙන් ඡන්දය ගැනීම කිසිම තේරුමක් නැති බව පැහැදිලිවම පේන්න තියෙන නිසා දෙපැත්තෙම එකඟතාවය මත "හඬ අනුව" සම්මත කරන්න පුළුවන්.

ඒත් 105-115 වගේ තියෙන දෙයක් "හඬ අනුව" සම්මත කරන්න පුළුවන් ද​? එහෙම කරන්න නං කථානායක සුපර් මෑන් වෙන්න ඕනෙ.

උදාහරණයකට චමල් රාජපක්‍ෂ මහතා කථානායක වෙලා ඉද්දි ගෙනාපු යෝජනාවක් හඬ අනුව සම්මත කලා. ඒත් එජාපයේ මන්ත්‍රීවරයෙක් ඒකට විරුද්ධ වුණාම නැවත නම් වශයෙන් ඡන්දය ගත්තා. ඒ දෙපාර්ශවයේම එකඟතාවය නැති වුන නිසා.

පක්‍ෂ නායක රැස්වීමක් කැඳවන්න කියල ආණ්ඩු පක්‍ෂයෙන් දිගින් දිගටම කරපු ඉල්ලීම් ඉතාම අසාධාරණ විදිහට කථානායක වරයා ඉවත දැම්මා. විපක්‍ෂයේ මන්ත්‍රීවරු පිහි අරගෙන ආවා. ඒ ගැන කරපු පැමිණිලි කථානායකවරයා ගණන් ගත්තේ නෑ.

කථානායකවරයා ඒකාධිපතියෙක් විදිහට හැසිරෙමින් බලහත්කාරයෙන් යෝජනාව සම්මත කරන්න යන බව පැහැදිලි වුණා.

අර්බුදය පුපුරා ගියා.

ජනාධිපතිවරයා විශ්වාසභංගය පිළිනොගන්නා බව කිව්වා. ඔහුට ඒ ඇරෙන්න කරන්න දෙයක් තිබුණාද? ඔහු කරපු දෙයක් ව්‍යවස්ථානුකූල නෑ කියල (වැරදි විදිහට​) සම්මත කරගත්ත දෙයක් ඔහුට පිළිගන්න බෑ. ඒ වගේම ඡන්දය විමසපු ආකාරය ගැනත් ඔහු සෑහීමකට පත් වුණේ නෑ. ඔහු ඉතාම සාධාරණ ඉල්ලීමක් කළා විශ්වාසභංගයේ පළවෙනි වගන්තිය ඉවත් කරලා නැවත විධිමත්ව ඒක ඉදිරිපත් කරන්න කියල​.

විධිමත්ව කියන්නෙ ස්ථාවර නියෝග අත් හිටුවලා නෙවෙයි.

ඊට පස්සෙ 16 වෙනිදා පාර්ලිමේන්තුව රැස් වුණා.

ආණ්ඩු පක්‍ෂය විරෝධතාවයක නිරත වුණා. ඔවුන්ට තව දුරටත් කථානායක වරයා ගැන විශ්වාසයක් තිබුණේ නෑ. දැන් අර්බුදය පුපුරා ගිහිල්ල ඉවරයි.

කථානායක වරයා විධිමත්ව විශ්වාසභංගය ඉදිරිපත් කළේ නෑ. නව යෝජනාවක් අලුතින් ඉදිරිපත් කෙරුණේ නෑ. පොලිස් බල​ඇණියක් වටකරගෙන මොකද්දෝ එකක් කරා. ආයෙත් හඬ අනුව ස්ථාවර නියෝග අත් හිටෙව්වා. ඊනියා විශ්වාසභංගයක් සම්මත කළා.

ජනාධිපතිවරයා ආයෙත් ඒක පිළිගත්තෙ නෑ. ඔහුට ඒක පිළිගන්න පුළුවන්කමක් තිබ්බෙ නෑ.

දැන් අර්බුදය පුපුරා ගිහිල්ල ඉවරයි.

කරන්න පුළුවන් හොඳම දේ දෙසැම්බර් 7 නඩු තීන්දුව එනකං පාර්ලිමේන්තුව කල් තැබීම​.

- සසැපා -

Saturday, November 17, 2018

කරු ජයසූරිය කථානායකවරයාගේ විශ්වාසභංග කෙරුවාව මෙන්න.


මේ දක්වා කථානායක කරු ජයසූරිය මහතාගේ ධූර කාලය තුළ විශ්වාස භංගයන් 6 ක් පාර්ලිමේන්තුවට ගෙන එනු ලැබුණි. ඒවාට අදාල පහත දැක්වෙන දින වකවානු ඉතාමත් පරික්ශාකාරීව බලන්න. අප කියන නිසාම ඔබ නොපිළිගත යුතු හෙයින් archive කරන ලද ප්‍රසිද්ධ වෙබ් අඩවි මූලාශ්‍රයන්ද දක්වා ඇත.

විශ්වාස භංගය එල්ල වූ පුද්ගලයා: මුදල් ඇමති රවි කරුණානායක මහතා
විශ්වාස භංගය භාර දුන් දිනය: 2016 මාර්තු 24 [මූලාශ්‍රය]
විශ්වාස භංගය විවාදයට ගත් දිනය: 2016 ජූනි 9 [මූලාශ්‍රය]
ගත වූ කාලය: මාස 2 හමාරකට පසුව

විශ්වාස භංගය එල්ල වූ පුද්ගලයා: සෞඛ්‍ය ඇමති රාජිත සේනාරත්න මහතා
විශ්වාස භංගය භාර දුන් දිනය: 2017 අගෝස්තු 24 [මූලාශ්‍රය]
විශ්වාස භංගය විවාදයට ගත් දිනය: මේ වන තෙක් විවාදයට ගෙන නැත
ගත වූ කාලය: -

විශ්වාස භංගය එල්ල වූ පුද්ගලයා: විදේශ අමාත්‍ය රවි කරුණානායක මහතා
විශ්වාස භංගය භාර දුන් දිනය: 2017 අගෝස්තු 3 [මූලාශ්‍රය]
විශ්වාස භංගය විවාදයට ගත් දිනය: රවි ඉල්ලා අස් වෙන තුරු විවාදයට නොගත්තේය. [මූලාශ්‍රය]
ගත වූ කාලය: -

විශ්වාස භංගය එල්ල වූ පුද්ගලයා: අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා
විශ්වාස භංගය භාර දුන් දිනය: 2018 මාර්තු 21 [මූලාශ්‍රය]
විශ්වාස භංගය විවාදයට ගත් දිනය: 2018 අප්‍රියෙල් 4 [මූලාශ්‍රය]
ගත වූ කාලය: සති 2ක ට පසුව

විශ්වාස භංගය එල්ල වූ පුද්ගලයා: අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා
විශ්වාස භංගය භාර දුන් දිනය: 2018 නොවැම්බර් 14 [මූලාශ්‍රය]
විශ්වාස භංගය විවාදයට ගත් දිනය: විවාදයට නොගෙන ක්ෂණිකව ඡන්ද විමසයි [මූලාශ්‍රය]
ගත වූ කාලය: විනාඩි 10

විශ්වාස භංගය එල්ල වූ පුද්ගලයා: අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා
විශ්වාස භංගය භාර දුන් දිනය: 2018 නොවැම්බර් 16 [මූලාශ්‍රය]
විශ්වාස භංගය විවාදයට ගත් දිනය: විවාදයට නොගෙන ක්ෂණිකව ඡන්ද විමසයි [මූලාශ්‍රය]
ගත වූ කාලය: විනාඩි 10

පාර්ලිමේන්තුවේ විශ්වාස භංගයක් ගෙන ඒමේදී ඒ සඳහා විවාද කිරීමට කාලයක් ලබා දීම ඇතුළු ක්‍රියාපටිපාටිය ස්ථාවර නියෝග වල දැක්වේ. එම ක්‍රමවේදය මෙතනින්.

එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරුන්ට එරෙහිව විශ්වාසභංගයන් ගෙන ආ විට හැකි තරම් කල් මැරූ කරු ජයසූරිය කථානායකවරයා, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාට එරෙහිව ගෙන ආ විශ්වාස භංගයේදී පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග පවා නොතකමින් ඊට අදාලව විවාද කිරීමට පවා කාලයක් නොදී විනාඩි 10 න් යෝජනාව සම්මත කළ අයුරු ඔබ දු‍ටුවා ද?

එකී විශ්වාස භංගය දෙවන වරටත් ඔවුන්ට ගෙන ඒමට සිදුවූයේ ඔවුන්ගේ පළමුවර විශ්වාස භංගය නීත්‍යානුකූල නොවන බවට ඔවුන්ම වටහාගත් බැවිනි. කෙසේ වුවද ස්ථාවර නියෝගය නොපිළිපැදි හෙයින් දෙවන විශ්වාස භංගයද නීත්‍යානුකූල නොවීය.

මේ අනුව කරු ජයසූරිය කථානායකවරයාගේ එක්සත් ජාතික පක්ෂග්‍රාහී අත්තනෝමතික හැසිරීම ගැන ආණ්ඩුවේ මන්ත්‍රීවරුන්ගෙන් දැඩි විරෝධයක් එල්ල වීම පුදුමයට කාරණයක් නොවේ.

Friday, November 16, 2018

කසාගල නා හිමිපාණන් වහන්සේට ප්‍රධාන අධිකරණ සංඝනායක පදවිය පිරිනැමීමේ උත්සවය.

කසාගල රජමහා විහාරාධිපති ශාස්ත්‍රපති තලම්පොරුවේ ඉන්ද්‍රසිරි සුමන හිමිපාණන් හට සියම් මහා නිකායේ මල්වතු පාර්ශ්වයෙන් පිදුම් කළ සද්ධර්ම කීර්ති ශ්‍රී විමලසිරි ගෞරව නාමය සහිත රුහුණු මාගම්පත්තුව ඇතුළු ගිරුවාගම් දොළොස්දහස් රට ප්‍රධාන අධිකරණ සංඝනායක පදවිය පිරිනැමීමේ උත්සවය ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ සුරතින් සිදුවිය.

පාර්ලිමේන්තුව විසුරුවීමට 86 ව්‍යවස්ථාවේ ප්‍රතිපාදන යටතේ ජනමතවිචාරණයකින් ජනතා වරම ලබාගැනීම මගින් රටට අත්වන වාසි.


මෙම ලිපිය නීතීඥ අරුණ ලක්සිරි උණවටුන B.Sc(Col),PGDC(Col) මහතා 2018.10.27 දින ෆේස්බුක් හි පළ කරන ලද්දකි.

1. විධායක ජනාධිපතිධූරය යනු ජනතා මතය අනුව මත මිස ඒකාධිපති ආකාරයට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කරමින් සිය තනි අභිමතයට අනුව පමණක් පාර්ලිමේන්තුව විසුරුවන ධුරයක් නොවන බව ජනගත වීම.

2. ජනාධිපතිගේ තනි අභිමතයට අනුව පාර්ලිමේන්තුව විසුරුවීම මෙන් නොව ශ්‍රී ලංකා ජනරජයේ පරමාධිපත්‍යය අයත් ජනතාවගේ මතය අනුව පාර්ලිමේන්තුව විසුරුවීම සිදුවීමෙන් එය ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් කරවන්නක් හෙයින් ජාත්‍යන්තරව රටට සිදුවන පීඩන සමනය වීම.

3. ජනමතවිචාරණය යනු ව්‍යවස්ථාවේ 3 , 4 (අ) ව්‍යවස්ථාව සහ 86 ව්‍යවස්ථාව යටතේ ජනතාව සතු පරම ව්‍යවස්ථාදායක බලය ක්‍රියාත්මක කරවීමක් හෙයින් කිසිදු අධිකරණයකට හෝ වෙනත් ආයතනයකට ඒ පිළිබද ප්‍රශ්න කිරීමේ අධිකාරියක් නොලැබීම.

4. සිය තනි අභිමතයට අනුව පාර්ලිමේන්තුව විසුරුවීම මගින් ජනාධිපතිවරයාගේ ඒකාධිපතිවාදය සම්බන්ධව මැතිවරණ වේදිකාවල තර්ක ඉදිරිපත් වීම මත මැතිවරණයෙන් පසු නැවත පත්වන ආණ්ඩුව දුර්වල ආණ්ඩුවක් වීමත් ජනමතවිචාරණයකින් ජනතා වරම ගෙන ඉන්පසු පාර්ලිමේන්තුව විසුරුවීම මගින් ජනාධිපතිවරයාගේ ප්‍රජාතන්ත්‍රවාදය සම්බන්ධව මැතිවරණ වේදිකාවල තර්ක ඉදිරිපත් වීම මත බිහිවන ආණ්ඩුව ශක්තිමත් ආණ්ඩුවක් වීමත් මගින් ඉදිරියේ පත්වන ආණ්ඩුව අමාත්‍ය සංඛ්‍යාව වැඩි කර ගන්නා ජාතික ආණ්ඩුවක් නොවීම.

5. පාර්ලිමේන්තුව විසුරුවීමට 70.1 ව්‍යවස්ථාවේ ඇති සීමාව නොතකා වසර 4 ½ක් ඇතුළත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව පාර්ලිමේන්තුව විසුරුවීමට ඇති එකම අවස්ථාව 86 ව්‍යවස්ථාවේ ප්‍රතිපාදන යටතේ ජනමතවිචාරණයකින් ජනතා වරම ලබාගැනීමකින් පසු පාර්ලිමේන්තු විසුරවීම පමණක් වීම.

6. ඉදිරියේ දුර්වල ආණ්ඩුවක් පත්වීමෙන් ජාත්‍යන්තරව හා දේශීයව රටට අහිතකර ප්‍රතිඵල අත්වීම මග හැරීම.

7. ශක්තිමත් ආණ්ඩුවක් පත්වීම හේතුවෙන් ඇමති මණ්ඩලය 46.1 ව්‍යවස්ථාව අනුව 30ට සීමා වීම.

8. ශක්තිමත් ආණ්ඩුවක් පත්වීම හේතුවෙන් ආණ්ඩුවේ ස්ථාවරත්වය පිළිබද ගැටළු මතු නොවීම.

9. විධායක ජනාධිපති ධූරය සම්බන්ධව ජනතාවගේ අප්‍රසාදය ඇති කර ජනාධිපතිවරණය ව්‍යවස්ථාවෙන් ඉවත් කිරීමට කුමන්ත්‍රණකාරීන්ට අපහසු වීම.

10. විධායක ජනාධිපතිධූරය යනු පාර්ලිමේන්තු උත්තරීතරත්වය සුරකින ආයතනයක් බවත් පාර්ලිමේන්තුව සම්බන්ධව තීරණ ගනු ලබන්නේ ජනාධිපතිවරයාගේ තනි කැමැත්ත අනුව නොව ජනතාවගේ මතය අනුව බවට සමාජගත වීම මගින් ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් වීම.

අගමැති වරයෙක්ට එරෙහිව විශ්වාසභංගයක් ගෙන එන විධිමත් ක්‍රමය මෙන්න.

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමන්ට එරෙහිව විශ්වාසභංගයක් ගෙන ආ බව එජාපය ඇතුළු විපක්ෂයේ කණ්ඩායම පැවසුවද එය රටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට සහ පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග වලට විරුද්ධ බව ආණ්ඩු පාර්ශවයේ මතයයි. පසුගිය දින වලදී පාර්ලිමේන්තුවේ විශාල උණුසුම් තත්ත්වයක් ඇති වූයේ විපක්ෂය විසින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සහ ස්ථාවර නියෝග උල්ලංඝනය කරමින් කටයුතු කළ හෙයිනි. අගමැති වරයෙක්ට එරෙහිව විශ්වාසභංගයක් ගෙන එන විධිමත් ක්‍රමය පහත දැක්වේ.


Thursday, November 15, 2018

කඨින චීවරය පිරිත් කිරීමට මහ සඟ රුවණ මහින්ද මැතිඳුන්ගේ නිවසට.

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමන් ශ්‍රී සම්බෝධි විහාරස්ථානයේ කඨින චීවරය පිරිත් කිරීමට සහභාගී විය. ඊට මහා සංඝරත්නය විජයරාම නිවසට වැඩම කරවනු ලැබූ සේක.

මන්ත්‍රී ඝාතන සිදු කිරීමට පාර්ලිමේන්තුවට පිහියක් ‍රැගෙන ඒමේ රූපරාමු මෙන්න. ප්‍රජාතන්ත්‍රවාදය ගැන ආණ්ඩුවට කරන චෝදනාවට පිළිතුරු (PHOTOS)

ආණ්ඩු පක්ෂයට චෝදනා කරමින් ප්‍රජාතන්ත්‍රවාදය තහවුරු කරන ලෙස ඉල්ලමින් කලු පටි පැළඳගෙන එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරුන් පාර්ලිමේන්තුවට පැමිණි සිටි අයුරු අපි දු‍ටුවෙමු. ඔවුන් අතරින් අයෙක් වන පාලිත තෙවරප්පෙරුම සිය ප්‍රජාතන්ත්‍රවාදය පෙන්වීමට පිහියක් ‍රැගෙන පාර්ලිමේන්තුවර පැමිණ ආණ්ඩුවේ මන්ත්‍රීවරුන් කිහිප දෙනෙකුට පිහියෙන් ඇනීමට තැත් කරන දර්ශනයි මේ. (ඡායාරූප: සජීව චින්තක මහතා විසිනි)





මෙය පිහියක් නොව මයික් එකක් බවට එජාපයේ ෆේස්බුක් බලකාය පවසා තිබුණි. එසේනම් විශාල අනතුරක් වැළැක්වීම සඳහා මයික් එකක් උදුර ගැනීමට එජාපයේ සෙසු මන්ත්‍රීවරුන් මෙතරම් වලි කන්නේ කුමටද යන්න සිතා බැලීම ඔබට බාරයි.



පාලිත තෙවරප්පෙරුමගේ පිහි ඇනීමෙන් තුවාල වී දිලුම් අමුණුගම මන්ත්‍රීවරයා රෝහල් ගත කෙරුණි. එහි දර්ශන පහත දැක්වේ.



දයාසිරි ජයසේකර මන්ත්‍රීවරයා පවසන පරිදි එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරුන් අතර පිහි දෙකක් ඇති බව කථානායක කරු ජයසූරිය මහතාට දැනුම් දීමෙන් පසුව කථානායකවරයා පවසා ඇත්තේ කමක් නැහැ පිහි නෙමෙයි කඩු පොලු හරි අරගෙන එන ලෙසටය.

රන්ජන් රාමනායක හා පාලිත තෙවරප්පෙරුම යන එජාප මන්ත‍්‍රිවරුන් පාර්ලිමේකන්තු සභා ගැබට පිහි රැගෙන ආ බවට පාර්ලිමේන්තු මන්ත‍්‍රී ඉන්දික අනුරුද්ද විසින් පැමිණිලි කර තිබේ.

මන්ත‍්‍රී ජොන්ස්ටන් ප‍්‍රනාන්දු නිසා මන්ත‍්‍රී ඝාතන තැතත් වැලකී ගිය බවද ආණ්ඩුවේ මන්ත‍්‍රිවරුන් කියති.


පසුගිය දා ජනාධිපතිවරයා පැවසූයේ පාර්ලිමේන්තුව නුදුරේදීම යළි ‍රැස් කළහොත් මන්ත්‍රීවරුන් ඝාතනය කිරීමක් පවා සිදුවිය හැකි බවයි. ඒ බවට ආරක්ෂක අංශ වලින් බුද්ධි වාර්තා ලැබී තිබුණි. ඒ අනුව පාලිත තෙවරප්පෙරුම මන්ත්‍රීවරයාගේ මෙම පිහි ගෙන ඒම කළින් සැලසුම් සහගත ක්‍රියාවක් බව පෙනී යයි.

Wednesday, November 14, 2018

මහින්ද රාජපක්ෂ මැතිතුමන් පාර්ලිමේන්තුවේදී කළ ප්‍රකාශය. (VIDEO)


අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමන් මේ වන විට පාර්ලිමේන්තුවේ සිට විශේෂ ප්‍රකාශයක් සිදු කළේය.

පාර්ලිමේන්තුවේ අගමැති ආසනය මේ වන විට මහින්ද රාජපක්‍ෂ මැතිතුමන්ට වෙන් කර ඇත. එක්සත් ජනතා නිදහස් සන්ධානයට ආණ්ඩු පක්‍ෂයේ අසුන් පනවා ඇත. එජාපය ඇතුළු සෙසු පක්ෂ වලට විපක්ෂයේ අසුන් පනවා ඇත.

පාර්ලිමේන්තුවේ ආසන පනවන්නේ කථානායකවරයාගේ අනුදැනුම මත වන අතර, ඒ අනුව ඊයේ පැවැති ඡන්දය කථානායක කරු ජයසූරිය මහතා විසින්ම ප්‍රතික්ෂේප කෙරුණි.

අග්‍රාමාත්‍ය මහින්ද රජපක්ෂ මැතිතුමන්ගේ ප්‍රකාශය පහතින්.



2018 නොවැම්බර් 15 වෙනි බ්‍රහස්පතින්දා ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ මහතා පාර්ලිමේන්තුවේ කළ කතාවේ පිටපත

ගරු කථානායකතුමනි,

පැවති ආණ්ඩුව විසිරුවල ඊලඟ මහ මැතිවරණය තෙක් අන්තර්කාලීන ආණ්ඩුවක් පිහිටවපු හේතු ජනාධිපතිතුමා පැහැදිලි කරලා තියෙනවා. පසුගිය ඔක්තෝබර් 26 වෙනිදා වෙනකොට ජනතාව හිටියේ විශාල පීඩනයකින්. ඉන්ධන මිල සූත්‍රය හා රුපියලේ කඩාවැටීම නිසා දිනෙන් දින වැඩිවෙන ජීවන වියදම, කිසිදාක අත්නොදුටු ආකාරයේ බදු බර, මහ බැංකු මංකොල්ලය නිසා දෙගුණයකින් වැඩි වුණු පොලී අනුපාතය, රටේ වරායවල්, ගුවන් තොටුපොලවල්, රජයට අයත් ලාබදායි ව්‍යාපෘති, ඇතුලු සියලු රජයේ දේපොල විදේශිකයන්ට විකිනීමට සැරසීම, ඉඩම් සින්නක්කරව විදේශිකයන්ට විකිනීමට නව නීති සැකසීම, විද්වතුන් හා දේශීය ව්‍යාපාරිකයන්ගේ මතය නොසලකා විදෙස් ගිවිසුම් වලට එළැඹීම, අයෝජකයන්ගෙන් මහා පරිමාන අල්ලස් ඉල්ලීම වගේ කාරණා නිසා පැවති ආණ්ඩුව ගැන රටේ විශාල අප්‍රසාදයක් තිබුණා.

අපි දැක්කා ජනාධිපතිතුමා පසුගිය කාලේ එක්සත් ජාතික පක්‍ෂෙය් ආර්ථික කළමණාකරන කමිටුව විසිරුවල රටට වෙමින් තිබෙන විනාශය අවම කරගන්න යම් උත්සාහයක් ගන්නවා. මේ කාරණා ගැන අගමැතිතුමා සමඟ කැබිනට මණ්ඩලයේ බහින්බස්වීම් ගැනත් අපිට අහන්න ලැබුණා. ඒ අවස්ථාවේ තමයි පොලීසියේ පිරිසකුත් හවුල් වෙලා ජනාධිපතිවරයාවත්, හිටපු ආරක්‍ෂක ලේකම්වරයාවත් ඝාතනය කරන්න එක්සත් ජාතික පක්‍ෂයේ පිරිසක් කුමන්ත්‍රණය කලායි කියන ආරංචිය පටිගත කරපු සාක්‍ෂිත් සහිතව අපිට අහන්න ලැබෙන්නේ. තත්වය එතනට ගියාට පස්සෙ තමයි, ජනාධිපතිවරයා තීන්දු කලේ ආණ්ඩුවෙන් එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ශවය ඉවත් කරගන්න. එජනිසය ආණ්ඩුවෙන් ඉවත් වෙනවත් එක්කම පැවතුණු සභාග ආණ්ඩුව විසිරුනා. ඒ අවස්ථාවේදී ජනාධිපතිතුමා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් ඔහුට ලැබී ඇති බලතල අනුව මට ආරාධනා කලා අග්‍රාමාත්‍ය ධූරය භාර අරගෙන ආණ්ඩුවක් පිහිටුවන්න කියලා.

ඒ අවස්ථාවේදී මට තෝරා ගැනීමක් තිබුණා එක්කෝ ඒ ආරාධනය පිළිගන්න, නැතිනම් ප්‍රති‍ක්‍ෂේප කරන්න. මට ඕනනම් කියන්න තිබුණා UNP එක අවුරුදු හතරකට කිට්ටු කාලයක් හිටපු විදියට ඉතිරි ටිකත් හිටපුදෙන් කියලා. තව අවුරුද්දයි තිබුණෙ. නමුත් අපි තමයි ප්‍රධාන විපක්‍ෂ බලවේගය. අපි තමයි රටේ ලොකුම දේශපාලන පක්‍ෂය. අපිට යුතුකමක් තියෙනවා රටේ ජනාධිපතිතුමා මුලු රටටම වෙන්න ගිය මහා වින්නැහියක් වලක්වාගන්න අපිට රට බාරදෙනකොට, ඒ වගකීම් බාරගන්න. ඒ අනුව මම ඒ වගකීම බාරගත්තා. ඒ වගේම මට තිබුණු ප්‍රශ්නය තමයි එජාප ආණ්ඩුව තවත් අවුරුද්දක් තිබුණනම් රටට මොනවායින් මොනව වෙලා තියෙයිද කියන එක. 2015 ජනවාරියේ ඉඳලා එජාප ආණ්ඩුව විදේශ විනිමය ණය විතරක් ඇමරිකානු ඩොලර් බිලියන 21 ක් ලබාගෙන තියෙනවා.

මේ ඉවක් බවක් නැති ණය ගැනිල්ල තමයි රටට වෙමින් තිබුණු ලොකුම විනාශය. අපි පිහිටෙවුවේ මහ මැතිවරණයක් පවත්වන තුරු අන්තර්කාලීන ආණ්ඩුවක් පමණයි. ඒ නිසා තමයි, ඒකාබද්ධ විපක්‍ෂෙයේ සුළු පිරිසක් පමණක් ආණ්ඩුවේ ඇමතිකම් බාර ගත්තෙ. රට ප්‍රපාතයට යනවත් එක්කම අපි ඒකාබද්ධ විපක්‍ෂය හැටියට පසුගිය කාලේ දිගින් දිගටම මහ මැතිවරණයක් ඉල්ලා හිටියා.

නමුත් පැවති ආණ්ඩුව මැතිවරණ සිතියම අකුළලයි තිබුණෙ. 2015 මාර්තුවේ විසිරුවපු පලාත් පාලන ආයතන වලට ඡන්ද පවත්වාගන්න අවුරුදු තුනක් ගියා. පලාත් පාලන මැතිවරණ ක්‍රමය වෙනස් කරලා, සීමා නීර්ණය ගැටළු තියෙනවය කියල ඡන්දය කල් දැම්මා. උසාවියේ නඩු දාලා පලාත් පාලන ඡන්දය නොතියන තැනට වැඩ සලස්සන්න හදන කොට මැතිවරණ කොමිසමේ සභාපතිවරයා, සීමා නීර්ණ ගැටළු නැති පලාත් පාලන ආයතන සඳහා ඡන්දය පවත්වන්න සූදානම් වුනහම තමයි ආණ්ඩුව අවසානයේදී ඒ මැතිවරණයවත් පැවැත්වූයේ. අද වෙන විට සබරගමුව, උතුරු මැද හා නැගෙනහිර පලාත් සභා විසිරුවලා අවුරුද්දකට වැඩිය කාලයක් ගතවෙලා තියෙනවා. පසුගිය මාසය වන විට උතුරු පළාත් සභාව ඇතුලු තවත් පළාත් සභා තුනක් විසිරිලා ගියා, නමුත් ඡන්ද නෑ.

ජනාධිපතිතුමා තමාට ව්‍යවස්ථාවෙන් හිමි බලතල අනුව පාර්ලිමේන්තුව විසිරුවලා ඡන්දයක් කැදෙවුවාම, ලංකා ඉතිහාසයේ පලමු වතාවට එජාපය, ජවිපේ ඇතුළු පක්‍ෂ ශ්‍රේෂ්ඨාධිකරණයට ගිහිල්ලා තියෙනවා මැතිවරණයක් පවත්වනවට විරුද්දව. මේ පාර්ශවම තමයි ගිය අවුරුද්දෙ කිසිම හිරිකිතයක්, ලැජ්ජාවක් නැතුව පලාත් පාලන ඡන්දයත් පලාත් සභා ඡන්දත් දින නියමයක් නැතුව කල් දාගන්න, වෙනත් කාරණා වලට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරලා තිබුණු පනත් කෙටුම්පත්වලට කාරක සභා අවස්ථාවේදී පස්සා දොරෙන් සංශෝධන ගෙනල්ලා ඡන්ද ක්‍රමයත් මුලුමනින්ම අවුල් කරලා ඒ ඡන්ද කල් දාගත්තේ. මේ රටේ ජනතාවගේ ඡන්දය දැමීමේ අයිතිය එදත් මේ පිරිස විසින්ම පැහැරගත්තා.

අද මම පාර්ලිමේන්තුවට එනකොට දැක්කා පෝස්ටරයක් – “මහ මැතිවරණයකින් මූලික මිනිස් අයිතිවාසිකම් කැඩෙන්නේ කාගේද?” මේක වැදගත් ප්‍රශ්නයක්.

අපේ රටේ 1947, 1951, 1956, 1960 පත් වෙච්ච සියලුම පාර්ලිමේන්තු කලින්විසිරුවලා මහ මැතිවරණ තිබ්බේ ජනතාවට තම පරමාධිපත්‍ය බලය තුළින් තමාට කැමති ආණ්ඩුවක් පත් කරගන්න ඉඩ දෙන්නයි. ඒකෙන් තමයි ඒ කාලේ ජනතාවගෙ පරමාධිපත්‍ය බලය රැකුණෙ. පැවති ආණ්ඩුවට මේ රටේ ප්‍රශ්න විසදන්න බෑ කියලා අවබෝධ වුණු නිසා තමයි ජනාධිපතිතුමා මට රට භාර ගන්න කියලා කිවුවෙ. මම අගමැති හැටියට දිවුරුම් දීපු ගමන්ම රට පුරා නව බලාපොරොත්තු සහගත හැඟිමක් පැතිර ගියා.

අපේ කථානායකතුමා බටහිර තානාපති කාර්යාල හා තමන්ගේ පක්‍ෂය එක්ක එකතුවෙලා රටේ ව්‍යවස්ථාවටත්, පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝගවලටත් පටහැනිව මට විරුද්ධව “ශබ්දය අනුව” විශ්වාසභංග යෝජනාවක් සම්මත කර ගත්තයි කියලා කියනවා. සද්දෙන් බෑ යෝජනා සම්මත කරන්න. කථානායකවරයාගේ ඊනියා විශ්වාසභංගයේන් පස්සෙ හිටපු අගමැතිතුමා නැවතත් අගමැති වෙලයි කියලා හිටපු ඇමතිවරු ඒගොල්ලන්ට කලින් තිබ්බ අමාත්‍යංශ වලටත් ගිහිල්ලා තියෙනවා. රටේ අගමැතිවරයා ඇතුලු ඇමති මණ්ඩලය පත් කරන්නෙ ජනාධිපතිතුමා. පාර්ලිමේන්තුවට හෝ කථානායකවරයාට ඒ බලය ව්‍යවස්ථාවෙන් දීල නැහැ.

නමුත් දැන් මෙතන පාර්ලිමේන්තුවේ දෙපාර්ශවයක් අතර මත ගැටුමක් තියෙනවා. මේ ආරවුල පාර්ලමේන්තුවේ ඉන්න 225 දෙනා අතරේ විසදාගන්න හදන්නේ නැතුව මේ රටේ ලක්‍ෂ 150 ක් ඉක්මවන ඡන්ද දායක ජනතාවට බාර දෙමුයි කියලා මම යෝජනා කරනවා. ඒකයි පාර්ලිමේන්තු සම්ප්‍රදාය. දේශපාලඥයෝ හැටියට අපි හැමෝම තේරුම් ගන්න ඕන, අපේ ව්‍යවස්ථාවට අනුව පරමාධිපත්‍ය බලය තියෙන්නේ පාර්ලිමේන්තුවට නොවෙයි, ජනතාවටයි කියන එක. මම සංතෝස වෙනවා ජනතා විමුක්ති පෙරමුණ ඊයේ කිවුවා පාර්ලිමේන්තුව විසිරුවලා ඡන්දයකට යන්න යෝජනාවක් අවොත් ඒගොල්ලෝ ඒකට පක්‍ෂ වෙනවා කියලා. එක්සත් ජාතික පක්‍ෂය ඒ ගැන දරණ ස්ථාවරය මොකක්ද කියලා මේ පාර්ලිමේන්තුව තුළ අද ප්‍රකාශයක් කරයි කියලා මම බලාපොරොත්තු වෙනවා.

ජනතාවට තමන්ගේ අභිමතය අනුව නව රජයක් තෝරා පත්කරගන්න සාධාරණ, යුක්තිසහගත මැතිවරණයක් පවත්වන්න මා සමඟ අත්වැල් බැඳගන්නා ලෙස පාර්ලිමේන්තුවේ ගරු මන්ත්‍රීතුමන්ලා 225 දෙනාගෙන්ම මම ඉල්ලා සිටිනවා.

– ස්තුතියි.

විශ්වාස භංග යෝජනාව කූඨ ලේඛනයක් බවට සාක්ෂි මෙන්න.


එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරුන්ගේ අත්සන් 102 ක් සහිතව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමන්ට එරෙහිව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ විශ්වාස භංග යෝජනාව කූඨ ලේඛනයක් බවට තහවුරු වී ඇත. පහත දැක්වෙන්නේ එම අත්සන් ලේඛනයයි.

යෝජනාවේ මුලට අද දිනය වන 2018 නොවැම්බර් 14 ලෙස යොදා තිබුණද, අත්සන් සටහනේ  නොවැම්බර් 2 ලෙස දිනය දැක්වේ.

එසේම ලේඛනයේ තැනින් තැන ටිපෙක්ස් කර ඇත.






හොර ලේඛන සෑදීමෙන් වුවද එජාපයට පෙන්වීමට ඇත්තේ අත්සන් 102 ක් පමණි. ජවිපෙ හෝ ටී.එන්.ඒ සහය එජාප අගමැති වරයෙකුට නොලැබන බව එකී පක්ෂ වලින් දැනුම් දී ඇත.

ඒ අනුව රනිල් වික්‍රමසිංහ මහතාට පාර්ලිමේන්තුවේ බහුතරය වන ආසන 113 ක් නොමැත.

සම්බන්ධ පෙර පුවත්:
1. රනිල්ට පාර්ලිමේන්තුවේ බහුතරය නැති බව සනාථ වෙයි.