Mahinda Rajapaksa: 2015

Wednesday, October 21, 2015

විදේශීය නීති විශාරදයින්ට අධිකරණමය කටයුතු මෙහෙය වීමට මේ රටේ ඉඩක් නෑ - මහින්ද මැතිඳුන් ජපන් නියෝජිතට පවසයි.

td-mr[1]

ශ්‍රී ලංකාවේ ත්‍රස්තවාදී ප්‍රචණ්ඩත්වය මුලින් උපුටා දමා තිබෙන නිසා සියලුම ජන වර්ග හා ආගම්වලට අයත් පුරවැසියන්ට සාමකාමී වාතාවරණයක ජීවත් වීමට ඉඩ ලැබී ඇති බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා අද ජපන් යුද අපරාධ පරිචෝදක මොටෝ නොගුචි මහතා හමුවු අවස්ථාවේ පවසා තිබේ. විදේශීය නීති විශාරදයින් අධිකරණමය කටයුතු මෙහෙය වීම ශ්‍රී ලංකාවේ සාමාන්‍ය නීතියට මෙන්ම ව්‍යවස්ථාවටද පටහැණි බවත් රාජපක්‍ෂ මහතා වැඩිදුරටත් පෙන්වා දුන්නේය. මේ සම්බන්ධයෙන් ගත හැකි හොදම ක්‍රියාමාර්ගය වන්නේ ශ්‍රී ලාංකිකයන්ගෙන් පමණක් සමන්විත අධිකරණමය යාන්ත්‍රණයක් තිබීම බවට නොගුචි මහතාද එකග වි තිබේ.

ජපන් රජයේ පරිචෝදක කාර්යාලයේ මොටෝ නොගුචි මහතා අද පෙරවරුවේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාව හමුවිය. එම අවස්ථාවට හිටපු විදේශ ඇමති මහාචාර්ය ජී.එල්. පීරිස් මහතාද සහභාගී විය. හිටපු ජනාධිපතිතුමා නොගුචි මහතාව සාදරයෙන් පිළිගත් අතර ජපානයත් ශ්‍රී ලංකාවත් අතර මිත්‍රශීලී සම්බන්ධයත් ආර්ථික ක්‍ෂේත්‍රයේ ලංකාවට ජපානයෙන් ලැබුණු සහයෝගයත් අගය කළේය. නොගුචි මහතා තමා කම්පුචියාවේ යුද අපරාධ අධිකරණය සම්බන්ධයෙන් ලැබූ අත්දැකීම් විස්තර කළේය. මහින්ද රාජපක්‍ෂ මහතා කම්පුචියාවත්, ලංකාවත් අතර ඇති වෙනස විස්තර කරමින් පවසා සිටියේ ශ්‍රී ලංකාවේ ත්‍රස්තවාදී ප්‍රචණ්ඩත්වය මුලින් උපුටා දමා තිබෙන නිසා සියලුම ජන වර්ග හා ආගම්වලට අයත් පුරවැසියන්ට සාමකාමී වාතාවරණයක ජීවත් වීමට ඉඩ ලැබී ඇති බවයි.

රාජපක්‍ෂ මහතාගේ ආණ්ඩුව විසින් තමාට අතුරුදහන් වුවන්ගේ කොමිසමට උපදෙස් ලබා දීමට එකල ආරාධනය කිරීම ගැන නොගුචි මහතා ස්තුතිය ප්‍රකාශ කර සිටියේය. හිටපු ජනාධිපතිතුමා මෙහිදී පෙන්වා දුන්නේ එම කොමිසමේ සභාපති වූ මැක්ස්වල් පරණගම මහතා තමාට ඉදිරිපත් කළ ලිඛිත ඉල්ලීමක් පරිදි එම කොමිසමට ජාත්‍යන්තර මානුෂීය නීතිය (යුද නීතිය) හා ජාත්‍යන්තර මානව අයිතීන් නීතිය පිළිබදව අදහස් දැක්වීමට පමණක් ජාත්‍යන්තර නීති විශාරදයින් කීහිපදෙනෙකු ගෙන්වා ගත් බවත්, අදහස් දැක්වීමෙන් ඔබ්බට ගිය කාරයභාර්යක් ඔවුන්ට නොතිබුණු බවය.

ශ්‍රී ලංකාවේ ආරක්‍ෂක හමුදා සම්බන්ධයෙන් හෝ වෙනත් පුරවැසියන් සම්බන්ධයෙන් අධිකරණමය බලයක් හෙබවීමට හා පරිචෝදකයන් ලෙස කටයුතු කිරීමට කිසිදු අවස්ථාවක ඔහු විදේශිය නීති විශාරදයින්ගේ සේවය ලබා නොගත් බවත් රාජපක්‍ෂ මහතා පෙන්වා දුන්නේය. එවැන්නකට අපේ රටේ ජනතාව එක හෙළාම විරුද්ධ බවත්, විදේශීය නීති විශාරදයින් අධිකරණමය කටයුතු මෙහෙය වීම ශ්‍රී ලංකාවේ සාමාන්‍ය නීතියට මෙන්ම ව්‍යවස්ථාවටද පටහැණි බවත් රාජපක්‍ෂ මහතා වැඩිදුරටත් පෙන්වා දුන්නේය. මේ සම්බන්ධයෙන් ගත හැකි හොදම ක්‍රියාමාර්ගය වන්නේ ශ්‍රී ලාංකිකයන්ගෙන් පමණක් සමන්විත අධිකරණමය යාන්ත්‍රණයක් තිබීම බවට නොගුචි මහතාද එකග විය.

රොහාන් වැලිවිට
හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මැතිතුමාගේ
මාධ්‍ය ලේකම්

Thursday, October 15, 2015

ITN ජනාධිපතිවරණ දැන්වීම් බිල් ගෙවා අවසන්... ඇත්ත උවමනාව මේකයි... – මහින්දගෙන් නිවේදනයක්...

ස්වාධීන රූපවාහීනයේ ජනාධිපතිවරණ ප‍්‍රචාරක දැන්වීම් විකශණය කොට ගෙවීම් සිදු නොකල බවට එල්ල වන චෝදනා සම්බන්ධයෙන් හිටපු ජනාධිපතිගේ මාධ්‍ය ප‍්‍රකාශකවරයා නිවේදනයක් නිකු්තර කර ඇත.

මෙහි පල වෙන්නේ එකී සම්පූර්ණ නිවේදනයයි.

බරපතල වංචා හා දුෂණ විමර්ෂණ කොමිසම ඉදිරියට හිටපු ජනාධිපතිතුමා කැදවීම

ආණ්ඩුව විසින් පිහිටුවා ඇති බරපතල වංචා හා දූෂණ විමර්ෂණ කොමිෂන් සභාවේ කැදවීම අනුව හිටපු ජනාධිපති මහින්ද රාජපක‍ෂ මහතා අද දින එම කොමිසම ඉදිරියේ පෙනී සිටියේය. මෙකී කොමිසම විසින් එතුමා වෙත එවන ලද ලිපියේ විමර්ෂණයට තුඩු දී ඇති කාරණා පහක් සදහන් කර තිබුණි.

කොමිසමේ විමර්ෂණයට ලක් වී ඇති පළමු කාරණය වන්නේ පුරප්පාඩුවක් නොමැති අවස්ථාවක අනුර සිරිවර්ධන යන අය ස්වාධීන රෑපවාහිනී මාධ්‍ය ආයතනයේ සභාපති / ප්‍ර‍ධාන විධායක නිලධාරී වශයෙන් පත් කිරීම යන්නයි. එම පත් කිරීම විධිමත් ලෙස සිදු කරනු ලබන්නේ ජනාධිපතිතුමා නොව ස්වාධීන රෑපවාහිනී සමාගමේ කොටස් අයිතිය තිබෙන මහා භාණ්ඩාගාරයේ ලේකම්තුමා විසිනි. එමෙන්ම අදාල පත් කිරීම කර තිබුණේ කළින් එම තනතුරේ සිටි සභාපතිතුමා ඉවත් වීමෙන් පසුවය.

කොමිසමේ විමර්ෂණයට ලක් වී ඇති දෙවන කාරණය වන්නේ ජනාධිපතිවරණ කාල සීමාව තුළදී “මීඩියා ෆැක්ටරි” ආයතනය මගින් දැන්වීම් පල කිරීම සම්බන්ධව අය විය යුතු මුදල් නොගෙවීම තුලින් සිදු වී ඇතැයි කියන මූල්‍යමය පාඩුවයි. මෙකී මුදල අයකර ගැනීමට ස්වාධීන රෑපවාහිනී සේවය විසින් මීඩියා ෆැක්ටරි ආයතනය වෙත 2015 ජනවාරී 27 වන දා ලිපියක් යොමුකර තිබූ අතර එකී ලිපියේ සදහන් පරිදි අය විය යුතු මුළු මුදල මීඩියා ෆැක්ටරි ආයතන විසින් ගෙවා ඇත.එකී මුදල් භාරගත් බවට ස්වාධීන රෑපවාහිනී ආයතනය විසින් අත්සන් කොට පිළිගෙන ඇත.

එම මැතිවරණ කාල සීමාව තුලම “ස්පෙෂල් සොලුයුෂන්” ආයතනය විසින් ස්වාධීන රෑපවාහිනී මාධ්‍ය ජාලය හරහා විකාශය කළ දැන්වීම් සදහා රු. ලක්‍ෂ 24 ක මුදලක් නොගෙවීම තුළින් මුල්‍යමය පාඩුවක් සිදු වී තිබෙන බව තුන්වන කාරණය වේ. මෙම මුදලද අදාල දැන්වීම් ආයතනය විසින් ස්වාධීන රෑපවාහිනී මාධ්‍ය ආයතනය වෙත ගෙවා අවසන් කර ඇති බව අප වෙත වාර්තාවී ඇත. දැන්වීම් විශාල ප්‍රමාණයක් දමන විට ඒවායින් යම් ප්‍රතිශතයක් නොමිලේ ලබා දීම ද සෑම මාධ්‍ය ආයතනයක් විසින්ම කරන වෙළද ප්‍රවර්ධන කටයුත්තක් බවද මෙහිදී සැලකිය යුතුය.

2015 ජනාධිපතිවරණ කාලසීමාව තුළදී අපේක්‍ෂක මෛත්‍රීපාල සිරිසේන මහතාගේ මැතිවරණ ප්‍ර‍චාරක දැන්වීම් විකාශනය කිරීමට පෙර මුදල් ලබාගෙන එම දැන්වීම් ප්‍ර‍චාරය නොකර ලබා ගත් මුදලින් රු. ලක්‍ෂ 86 ක් ආපසු දීම තුලින් ස්වාධීන රෑපවාහිනී ආයතනයට ලැබීමට තිබූ ආදායමක් නොලැබී යාම කොමිසමේ ලිපියේ සදහන් සිවුවන කාරණය වේ. මෙය හුදෙක්ම ස්වාධින රෑපවාහිනී ආයතනයේ අභ්‍යයන්තර පරිපාලන කටයුත්තකි.

2015 ජනාධිපතිවරණයේ දී අපේක්‍ෂක‍ මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රචාරක දැන්වීම් සදහා සම්මත මුදල මෙන් දෙගුණයක් අය කර එකම මැතිවරණයක දී සමාන අපේක්‍ෂකයන් දෙදෙනෙකුගෙන්, එක් අයකුගෙන් වැඩිපුර මුදලක් ලබා ගැනීමට කටයුතු කල බව කොමිසමේ ලිපියේ සදහන් පස්වන කාරණයයි. මෙයද ස්වාධීන රෑපවාහිනී සේවයේ අභ්‍යන්තර කටයුත්තකි.

2015 ජනවාරි ජනාධිපතිවරණයේ දී මහින්ද රාජපක්‍ෂ මහතා එක්සත් ජනතා නිදහස් සංධානයේ අපේක්‍ෂකයා හැටියට ඉදිරිපත් වූයේය. ජනාධිපතිවරණයක් අතරතුර අපේක්‍ෂකයා වෙනුවෙන් ප්‍ර‍චාරක දැන්වීම් ලබා දෙන්නේ කුමන මාධ්‍ය ආයතනවලටද, එවැනි දැන්වීම් කීයක් දමනවාද, වැනි කාරණා අධීක්‍ෂණය කිරීම ඡන්ද අපේක්‍ෂකයෙකුට ප්‍රායෝගිකව කළ නොහැක. එමෙන්ම ප්‍ර‍චාරක දැන්වීම් මාධ්‍ය ආයතන වලට ලබා දෙන්නේ ඡන්ද අපේක්‍ෂකයා නොව ඔහු නියෝජනය කරන දේශපාලන සංධානය හෝ පක්‍ෂය විසින් ප්‍ර‍චාරක දැන්වීම් නිර්මාණය කිරීමට භාර දී ඇති ප්‍ර‍චාරක (ඇඩ්වටයිසින්) ආයතන විසිනි. අපේක්‍ෂකයා හෝ ඔහුගේ දේශපාලන පක්‍ෂයවත් මේ සම්බන්ධයෙන් මාධ්‍ය ආයතන සමග ඍජු ලෙස සම්බන්ධ වන්නේ නැත.

කෙසේ වෙතත් යම් කිසි ජනාධිපතිවරණයකදී දේශපාලන පක්‍ෂයකින් / සංධානයකින් තරග කරනු ලබන අපේක්‍ෂකයකුගේ දැන්වීම් ප්‍ර‍චාරය ඇතුලු කටයුතු සිදු කරනු ලබන්නේ අදාල පක්‍ෂයේ / සංධානයේ මෙහෙය වීම මතය. ඒ අනුව එම සියලු කරණු අපේක්‍ෂකයාගේ වගකීමක් නොව අදාල පක්‍ෂයේ / සංධානයේ වගකීමකි. ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා තෙවන වරටත් ජනාධිපති අපේක්‍ෂක ලෙස තරග කල යුතු බවට යෝජනාව ශ්‍රී ලංකා නිහස් පක්‍ෂය තුල ඉදිරිපත් වූ අවස්ථාවේ දී අදාල යෝජනාව ස්ථිර කරනු ලැබුවේද පක්‍ෂයේ වර්තමාන සභාපතිතුමාමය. මෙවැනි කාරණා සම්බන්ධයෙන් හිටපු ජනාධිපතිවරයා මෙම කොමිසම ඉදිරියට කැදවා කුමක් හෝ වරදක් කර තිබෙනවා යැයි ජනතාවට ඒත්තු ගැන්වීම තුළින් දේශපාලන  වාසියක් ලබා ගැනීමට බලාපොරොත්තුවන බව ප්‍රත්‍යක්‍ෂ වන කරුණකි.

රොහාන් වැලිවිට
හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මැතිතුමාගේ
මාධ්‍ය ලේකම්


















Wednesday, October 7, 2015

වාහන සිහිනයට යහපාලනයෙන් අපමණ අගයක්. ජපන් කාර්වල රේගු බදු දැවැන්ත ලෙස ඉහළට.

[1]. "පොඩි කාර් එකක් ගන්න එජාපයට ඡන්දය දෙන්න" යනුවෙන් මහින්ද රාජපක්ෂ මහතාට එරෙහිව එක්සත් ජාතික පක්ෂය විසින් පළ කළ දැන්වීම ඔබට මතක ඇති.



එම දැන්වීම් බලාපු අපගේ එජාප ෆේස්බුක් හිතමිතුරන් චෝදනා කළේ , මහින්ද රාජපක්ෂ මහතාගේ පාලන කාලය තුළ වාහනයක් අඩුවට ගන්න අවස්ථාවක් නැති බවත්, එනිසා එජාපය බලයට ගෙන ආ යුතු බවයි.

 

[2]. එලෙස බලයට ආ ආණ්ඩුවෙන් මෙන්න නැවතත් වාහන සිහිනයට අපමණ අගයක් ලබා දී තිබෙනවා.
Exclusive- ජපන් කාර්වල රේගු බදු දැවැන්ත ලෙස ඉහළට. Aqua ලක්ෂ 7.70 කින්, Prius ලක්ෂ 11.20 කින් නගී

රේගු බදු වටිනාකම් අයකිරීම සම්බන්ධව ගැසට් අංක 1933/16 යටතේ මෙරටට ගෙන්වන ටොයොටා ඇතුළු අනිකුත් වර්ගවල ජපන් රථ සඳහා අළුතින් රේගු වටිනාකම් රජය විසින් ඉදිරිපත් කර තිබේ.

පහත වගුවේ අවසාන තීරුවේ දැක්වෙන්නේ අදාල වාහන වල බදු අගය වැඩි වුණ ආකාරයයි.

මෙම රේගු බදු වැඩි කිරීමට සාපේක්ෂව මෙම මෝටර් රථවල මිල ඉහළ යනු ඇත.

එසේම, මෙම රේගු බදු වැඩිකිරීම හේතුවෙන් ඉන්දියානු මෝටර් රථවල මිලද ඉහළ නගිනු ඇත.

(source: 2015/10/07 biz.adaderana.lk)



 

[3]. ජපානයේ නිෂ්පාදිත වාහන ශ‍්‍රී ලංකාවට අපනයනය කිරීම ලබන වසර සඳහා වූ අයවැය යෝජනාවලිය ඉදිරිපත් කරන තුරු නවත්වන්නැයි මුදල් ඇමති රවි කරුණානායක මහතා ඉල්ලීමක් කර තිබේ. ඔහු මෙම ඉල්ලීම කර ඇත්තේ අගමැති රනිල් වික්‍රමසිංහ මහතා සමඟ ජපාන නිල සංචාරය අතරතුරදී ජපානයේ වෙසෙන ශ්‍රී ලාංකිකයන් සමඟ පැවති සාකච්ඡාවකදීය. මූලාශ්‍රය: (2015/10/06 රිවිර පුවත්පත)

එම තීරණය ගැනීමට ඇත්ත හේතුව දැන් ඔබට පැහැදිළියි නේද? ඉදිරි අයවැයෙන් වාහන සිහිනයට තවත් අපමණ අගයක් ලැබීමට නියමිතයි.



 

[4] වාහන ආනයනය සඳහා ණයවර ලිපි වෙනුවෙන් ආවරණ තැන්පතුව සියයට සියයක් ලෙස  ක්‍රියාත්මක බව මුදල් අමාත්‍ය රවි කරුණානායක මහතා පවසනවා. පසුගිය සිකුරාදා (2) මධ්‍යම රාත්‍රියේ සිට මෙය ක්‍රියාත්මක බවයි පැවසෙන්නේ. මූලාශ්‍රය: (2015-10-05 NethFM)

 

එදා මහින්ද රාජපක්ෂ මහතාට එරෙහිව දාපු දැන්වීම් වල යතාර්ථය එලෙසයි.

ඔය විතරක් නෙමෙයි, මීට කළිනුත් තීරුබදු වැඩි කිරීම, සුපිරි වාසි බද්ද අය කිරීම සහ රුපියල අව ප්‍රමාණය කිරීම නිසා වාහන මිල විශාල වශයෙන් ඉහළ ගොස් තිබෙනවා. ඒ මදිවට ෆුල් ලීසින් තහනම් කරලා. ඒ ගැන විස්තර.

 

එල්ලුම්ගහ ක්‍රියාත්මක කළහොත් ඇතිවෙන තත්ත්වය කුමක්ද? - මහින්ද මැතිඳුන් අදහස් දක්වයි.



සේයා දැරියගේ ඝාතනය සම්බන්ධයෙන් සිදුවෙන පොලිස් පරීක්ෂණවල ඇත්ත ස්වභාවය ගැන සහ මරණ දඬුවම ක්‍රියාත්මක කළහොත් වෙන දේ ගැන හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා 2015/10/07 දිවයින පුවත්පතට සිය අදහස් පළ කළේය.

Tuesday, October 6, 2015

ජනපති මහින්දව විවේචනය කළ ජනපති මෛත්‍රීපාලට , එදා ඇමති මෛත්‍රීපාල පිළිතුරු දෙයි.

[1]. "පසුගිය වසර කීපයම අපේ රට ජාත්‍යන්තරයේ පරාජයට පත් වුණා" යැයි වත්මන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ජාතිය අමතමින් පැවසුවා.



 

[2]. ඊට හේතු ලෙස "ප්‍රබල රාජ්‍ය ත්‍රාන්ත්‍රිකයින් අපේ රටට ආපු විට මේ රටේ ප්‍රධානීන් කොළඹින් පිට ඇඹිලිපිටිය ප්‍රදේශයට ගෙන්වා මඤ්ඤොක්කා කැවීම" ආදී කරුණු ගණනාවක් දක්වයි.



 

[3]. එම චෝදනා සම්බන්ධයෙන් මහින්ද රාජපක්ෂ මැතිතුමා මාධ්‍ය නිවේදනයක් මගින් පිළිතුරු දී තිබෙනවා.

 

[4]. එසේම අද මෙලෙස චෝදනා කරන ජනාධිපති මෛත්‍රීපාල මහතාට, එදා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් මෛත්‍රීපාල සිරිසේන අමාත්‍යවරයා ලුණු ඇඹුල් සහිතව පිළිතුරු දී තිබෙනවා. පහත වීඩියෝ පටය සාවධානව අසා බලන්න.



එදා ජාත්‍යන්තර සබඳතා සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍ය මෛත්‍රීපාල සිරිසේන මහතා පවසන දේවල් කිහිපයක් මෙලෙසයි.
"එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ඉඳලා ජාත්‍යන්තර සංවිධාන ගණනාවක් කරපු බලපෑම් වලට ඔබතුමා මුහුණ දීල තමයි ඒ ජයග්‍රහණය ලබා ගත්තේ. ඔබතුමා ශ්‍රී ලංකාවේ පමණක් නොවෙයි කලාපීය නායකයෙක් බවට පත් වුණා ජාත්‍යන්තරය තුළ. ඒ නිසා තමයි අද ඔබතුමාට ඇතැම් අධිරාජ්‍යවාදින් ඔරවන්නේ ගරහන්නේ නොයෙකුත් දේවල් කියන්නේ."

 

[5]. එදා සෞඛ්‍ය අමාත්‍ය මෛත්‍රීපාල සිරිසේන මහතා පවසන අධිරාජ්‍යවාදීන් කවුදැයි ජනතාවට සිතා බලන්නට සිදුවෙයි.

පුද්ගලයන් ගැන ආකල්පය කාලයත් සමග වෙනස් වීමට හැකියි. නමුත් අතීතයේදී වර්ණනා කළ එකම නිශ්චිත කරුණකට කාලයකට පසුව ගර්හා කරයිනම් එය හෘද සාක්ෂියේ ගැටළුවකි.

Sunday, October 4, 2015

රණවිරුවන් රැක බලා ගැනීම ආණ්ඩුවේ යුතුකමයි - මහින්ද මැතිඳුන්ගෙන් නිවේදනයක්!

z_vpg03-impossible1[1]

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය තුළ ලංකාවට එරෙහි අ‍මෙරිකානු යෝජනාව ඡන්ද විමසීමකින් තොරව සම්මත කර ගැනීම ලංකාව ලැබූ රාජ්‍ය තාන්ත්‍රික ජයග්‍ර‍හනයක් හැටියට ඇතැම් අය හුවා දක්වනු ලැබුවද එම මතයට තමාට එකඟ විය නොහැකි බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසයි.

ඔහු මේ බව සඳහන් කර සිටියේ මාධ්‍ය නි‍වේදනයක් නිකුත් කරමින්ය.

එම මාධ්‍ය නිවේදනය පහත පරිදි වෙයි.



මහින්ද මැතිඳුන් කිලෝමීටර් 5 මැරතන් තරගය අවසන් කරයි! (පින්තූර)

මෙරට පැවැත්වෙන ප‍්‍රධානතම මැරතන් තරගාවලියක් වන කොළඹ ජාත්‍යන්තර මැරතන් තරගාවලියට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාද අද (04) එක් වුණා.

තරගාවලිය අද (04) උදෑසන ආරම්භ වූයේ කොළඹ බෞද්ධාලෝක මාවත අසලින්. කිලෝමීටර් 5 මැරතන් ධාවන ඉසව්වට එක් වූ මහින්ද රාජපක්ෂ මහතා එම ඉසව්ව විනාඩි 50කින් නිම කළා. කොළඹ ජාත්‍යන්තර මැරතන් තරගයේ කිලෝමීටර් 5 ධාවන ඉසව්ව අවසන් වූයේ ඔරුගොඩවත්ත මංසන්ධියෙන්.

ප‍්‍රධාන මැරතන් ධාවන තරගය බොරැල්ල, දෙමටගොඩ, පෑලියගොඩ, වත්තල හරහා හැමිල්ටන් ඇල අසලින් ඇති මාර්ගය ඔස්සේ පමුණුගම හරහා මීගමුව වෙරළ උද්‍යානය අසලින් අවසන් වුණා.

ඊට එක්ව සිටි දෙස් විදෙස් කී‍්‍රඩක කී‍්‍රඩිකාවන් සංඛ්‍යාව හයදහසකට අධිකයි. (News: NethFM)









මහින්ද රාජපක්ෂ මැතිඳුන් තම ශරීර සුවතාවය වෙනුවෙන් අවධානය යොමු කරන නිසා තරුණයින් සහභාගී වෙන මෙවැනි තරගයකට සහභාගී වීමට හැකියාව ලැබී තිබෙනවා.

වේගයෙන් පැතිරෙන දියවැඩියා රෝගයට පිළියමක් ලෙසට නගරාසන්නව ඇවිදින මංතීරු නිර්මාණය කිරීමටත් පදනම වැටුනේ මහින්ද රාජපක්ෂ මහතා සිය අත්දැකීමෙන්ම අවබෝධ කරගත් ක්‍රීඩාව නිසා ඇතිවෙන ශරීර සුවතාවයේ වටිනාකමයි.

ජනතාව උදෑසන දත් මැදීම තම ජීවිතයේ අනිවාර්ය අංගයක් වී තිබෙනවා සේම, දිනපතා ව්‍යායාම කිරීමත් ජනතාවගේ ජීවිතයේ අංගයක් බවට පත් කිරීමේ සැලසුම් එදා එතුමා සකස් කළා. ප්‍රධාන නගරාශ්‍රිතව ඇවිදින මංතීරු ඉදි කිරීම එහි ආරම්භක අදියර පමණයි.











දිනපතා කරන ව්‍යායාමත්, කුරහන් ප්‍රමුඛ ගමේ ආහාර වලින් යුත් නිවැරදි ආහාර රටාවත් නිසා තාමත් තමන්ට කුඹුරකට බැස අම්බරුවන් බානක් දක්කන්න වුණත් හයිය තිබෙන බව දකුනෙන් බිහි වූ ඒ ශ්‍රේශ්ඨ යුග පුරුෂයා අප වෙත පවසා තිබෙනවා.

Friday, October 2, 2015

මහින්දගේ කර මත පටවලා මහා ජයග්‍රහණයක් කළා කීම - විමල්

මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ කර මත පටවා මහා ජයග්‍රහණයක් කළ බවට පෙන්වීම ගැන විමල් වීරවංශ මහතා මාධ්‍ය සාකච්ඡාවකදී අනාවරණය කළේය. මාධ්‍ය වෙත නොනිල ආකාරයෙන් විකාශයට තහනම් කර ඇති කාරණා බොහෝමයක් මෙහිදී හෙළි කෙරුණි.

ඒ මහතා පැවසූ කරුණු කිහිපයක සාරාංශය
1. 1815 ට එහා ගිය පාවාදීමක් කරපු කෙනා නිවියෝක් සමුළුව අමතලා එනකොට ‘බටහිර අධිරාජ්‍යවාදීන්ගෙන් රට බේරාගත් නායකයා පිළිගනිමු’ කියලා කටවුට් ගහන එකේ විහිළුව...
2. ජේ. ආර්. ජයවර්ධන මාමාගෙන් ඉගෙන ගන්න කියලා විමල් රනිල්ට මතක් කර දෙයි...
3. බැරැක් ඔබාමා උස්සලා පෙන්වයි... විමල් ප‍්‍රසිද්ධියේ කියයි...
4. රනිල්ගේ මාධ්‍ය නිදහස් විමල් පහදයි....
5. විමල් යහපාලන ආණ්ඩුවට ප‍්‍රසිද්ධියේ අභියෝග කරයි... බලන්න මොකක්ද අභියෝගය කියලා...
6. අගමැතිතුමා ජනතාවගෙන් සමාව ගනීවිද?
7. පුවපත් සාකච්ඡාවකදී මාධ්‍යවේදියෙක් විමල්ගෙන් නොඇසූ ප‍්‍රශ්නයක් ගැන විමල් මාධ්‍ය හමුවේදී කියයි...

සම්පූර්ණ සාකච්ඡාව පහතින්.

Wednesday, September 30, 2015

ලෝක ළමා දිනය වෙනුවෙන් අප්පච්චීගෙන් පණිවිඩයක්...!

mahinda-rajapaksa-children

අදට යෙදී තිබෙන ලෝක ළමා දිනය වෙනුවෙන් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා මාධ්‍ය වෙත නිකුත් කරන ලද නිවේදනය.

මහින්දව විවේචනය කරපු කිරිඇල්ලට රුසියාවේ සහ චීනයේ ප්‍රකාශ වලින් පිළිතුරු.

[1]. "යුද අපරාධ පිළිබඳව දේශීය පරීක්‍ෂණයක්‌ පැවැත්වීමට රජය කටයුතු කරන විට හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා ඊට අකුල් හෙළීම හාස්‍යයට සහ කනගාටුවට කරුණක්‌" බව ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පවසා තිබෙනවා. (2015/09/30 දිවයින)

ලක්ෂ්මන් කිරිඇල්ල මහතා දේශීය පරීක්ෂණයක් යැයි කීවද එය ජාත්‍යන්තර විනිසුරුවන්ගෙන් යුක්ත වෙයි. මෙන්න මූලාශ්‍රය.
"පසුගියදා එනම් 15 වැනිදා ඉදිරිපත් කළ වාර්තාවෙන් යෝජනා කරන්නේ අන්තර්ජාතික විනිසුරුවන් සමඟ දේශීය මිශ්‍ර අධිකරණයක් හමුවේ චෝදනා සොයා බැලීමටයි. එය වත්මන් ජනාධිපතිතුමා ප්‍රධාන අපේ රජය ලබාගත් ජයග්‍රහණයක් නොවේද?" - අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ (2015/09/19 දිනමිණ - ආණ්ඩුවේ පුවත්පතකි)

එදා මානුෂික මෙහෙයුමට අන්තර්ජාතික වශයෙන් වැඩිපුරම සහයෝගය දැක්වූයේ රුසියාව, චීනය, පාකිස්ථානය යන රටවල් ත්‍රිත්වයයි. අන්න ඒ රටවල් 3 ජිනීවා යෝජනාව සම්බන්ධයෙන් පවසන දේ එදා මානුෂික මෙහෙයුම වෙනුවෙන් පෙනී සිටිය කිසිවෙකුටවත් නොසලකා හැරීමට නොහැකියි.

 

[2]. ඒ අනුව කිරිඇල්ල මහතා දේශීය පරීක්ෂණයක් ලෙස හඳුන්වන නමුත් රනිල් වික්‍රමසිංහ මහතා අනුව "ජාත්‍යන්තර විනිසුරුවන්ගෙන් යුක්‌ත පරීක්‍ෂණය" ගැන අප රටට හිතවත් ලෝක බලවතුන් දෙදෙනා පවසන්නේ කුමක්ද?





රුසියාව සහ චීනය යන ලෝක බලවතුන් දෙදෙනා "විශේෂයෙන් ජාත්‍යන්තර විනිසුරුවන්ගෙන් යුක්‌ත පරීක්‍ෂණයකට තරයේ විරුද්ධ වෙයි"

 

[3]. දැන් අපි ජනතාවගෙන් අහන්නේ, "ඔබ පිළිගන්නේ ඕන ගොනෙකුට යුද්ද කරන්න පුලුවන් යැයි රණවිරුවන්ට මඩ ගහපු ලක්ෂ්මන් කිරිඇල්ල පවසන දේද? නැතහොත් එදා මානුෂික මෙහෙයුමේදී අපට සහයෝගය දැක්වූ ලෝක බලවතුන් දෙදෙනා පවසන දේ ද?"



 

[4]. වත්මන් ශ්‍රී ලංකා ආණ්ඩුව ඇමරිකන් යෝජනාවට පක්ෂ වීම නිසා එය ඡන්ද විවසීමකින් තොරව ඒකමතිකව සම්මත වීමට නියමිතයි. (2015/09/30 දිවයින)

එනම් රුසියාවට සහ චීනයට සිය නිශේධ බලය (Veto Power) යොදා ඇමරිකන් යෝජනාව පරාජය කර ශ්‍රී ලංකාව බේරා ගැනීමේ අවසාන අවස්ථාවත් යහපාලන ආණ්ඩුවෙන් අහිමි කර තිබේ.

මහින්ද රාජපක්ෂ මැතිතුමා එදා එක්සත් ජාතීන් ඇමතූ හැටි...

එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය පැවැත්වෙන මේ දින වල ඒ සම්බන්ධයෙන් සමාජ කතිකාවතක් ආරම්භ වී තිබේ. පහත දැක්වෙන්නේ ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා 2014 සැප්තැම්බරයේ එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය ඇමතූ ආකාරයයි.

Tuesday, September 29, 2015

මහින්ද – ගෝඨාභය ඇතුළු රණවිරුවන් බේරා ගන්නවා කියන රනිල්ගේ බොරුවට විමල්ගෙන් පිළිතුරු

ඇමරිකාව සමග ඒකාබද්ධ යෝජනාවක් ගෙනවිත් මහින්ද රාජපක්ෂ මැතිතුමාව, ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාව සහ රණවිරුවන්ව බේරා ගන්නවා කියන රනිල් වික්‍රමසිංහ මහතාගේ බොරුවට විමල් වීරවංශ මහතා පිළිතුරු ලබා දුනි. ඇමරිකන් යෝජනාව සම්බන්ධයෙන් අදහස් දක්වමින් නාරාහේන්පිට අභයාරාමයේ පැවැති මාධ්‍ය සාකච්ඡාවකදී මේ අදහස් පළ කළේය.

මහින්දව විදුලි පුටුවෙන් බේරුවා කියන, රනිල්ගේ දිව දෙකේ බොරු හෙළිදරව්ව.

[1]. (i). "මේ අලුත් යෝජනාවලියේ තිබෙන තවත් වැදගත් දෙයක්‌ තමයි අපේම යාන්ත්‍රණයක්‌ මගින් යුද අපරාධ සම්බන්ධයෙන් පරීක්‍ෂා කිරීමට ලංකාවට ඉඩ ලැබීම. පසුගිය ජනාධිපතිවරණයේදී මෛත්‍රීපාල සිරිසේන මහතා බලයට එන්නේ ප්‍රජාතන්ත්‍රවාදය සහ සංහිඳියාව ඇති කරන්නටයි. අපේ වැඩපිළිවෙළ නිසා හිටපු ජනාධිපතිතුමත් විදුලි පුටුවෙන් බේරෙනවා. හිටපු ආරක්‍ෂක ලේකම්තුමත් විදුලි පුටුවෙන් බේරෙනවා." යැයි රනිල් වික්‍රමසිංහ මහතා පැවසූ බව 2015/09/28 දිවයින පුවත්පතෙන් වාර්තා කර තිබේ.



 

(ii). "අපේම යාන්ත්‍රණයක්‌ මගින් යුද අපරාධ සම්බන්ධයෙන් පරීක්‍ෂා කිරීමට ලංකාවට ඉඩ ලැබීම" නිසා මහින්ද රාජපක්ෂ මැතිතුමාව විදුලි පුටුවෙන් බේරන්න තමන්ට හැකි වුණා කියන රනිල් වික්‍රමසිංහ මහතා 2014 දී පැවසූයේ මෙලෙසයි.  (2014/02/03 දිවයින පුවත්පත)


(iii). අපේ රටේ කිසිවෙකු විදුලි පුටුවේ වාඩි කරවන්න බැරිනම්, දේශීය යැයි කියන යුද අපරාධ යාන්ත්‍රණය නිසා මහින්ද රාජපක්ෂ මැතිතුමාව විදුලි පුටුවෙන් බේරන්න තමන්ට හැකි වුණා යැයි අලුතෙන් කියන්න දෙයක් නැත. මොකද 2014 දී රනිල් පැවසූ කාරණාව අනුවනම් මහින්ද රාජපක්ෂ මහතා 2003 සිටම විදුලි පුටුවෙන් බේරිලා අවසන් විය යුතුයි.

ඒ අනුව 2015 දී රනිල් වික්‍රමසිංහ මහතා පවසන දේ ඇත්තක්නම් 2014 දී කියා ඇත්තේ පට්ට පල් බොරුවකි. 2014 දී කියපු දේ ඇත්තක් නම් 2015 දී කියන දේ පට්ට පල් බොරුවකි. ඒ දෙකම ඇත්ත වීමට හැකියාවක් නොමැත. නමුත් දෙකම බොරු විය හැකියි.

 

[2]. "මහින්දව විදුලි පුටුවෙන් බේරෙනවා" යැයි එජාපයෙන් මෑතක සිට පවසන කතාවට උදය ගම්මන්පිළ මහතා මනා පිළිතුරක් දී තිබේ. (2015 දී කියන බොරුවට පිළිතුරු)

"ජිනීවා මානව හිමිකම් පිළිබඳ ලංකාව සම්බන්ධව යෝජනාව සකස්‌ කරන්න ලංකාවෙන් දායක වන්නේ මංගල සමරවීර හා විජයදාස රාජපක්‍ෂ ඇමැතිවරුන් දෙදෙනා බවත් මේ දෙදෙනා දකුණේ මිනිස්‌සු නිසා දකුණේ අය වන මහින්ද රාජපක්‍ෂ හා ගෝඨාභය රාජපක්‍ෂ මහත්වරුන් අමාරුවේ දැමීමට ඉඩ නොදෙන බවට අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පෙරේදා (27 දා) මාධ්‍ය ආයතන ප්‍රධානීන් හමු වූ අවස්‌ථාවේදී කර තිබෙන ප්‍රකාශයට පිළිතුරු දෙමින් ගම්මන්පිල මහතා මේ බව පැවසීය.

2008 දී කොටි ත්‍රස්‌තවාදය පරාජය කිරීමට හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ හා හිටපු ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ මහත්වරුන් දැවැන්ත යුද්ධයක නියෑලී සිටියදී කොටි පරදන ආණ්‌ඩුව අයවැයෙන් පරාජය කිරීමට ආණ්‌ඩුවේ සිට විපක්‍ෂයට ගිය තිදෙනාගෙන් දෙදෙනකු වූයේ මොවුන් බවත් හෙතෙම සිහිපත් කළේය."



ඒ අනුව එදා යුද්ධයට එරෙහි වූවන් බහුතරයගෙන් සැදුම්ලත් වත්මන් ආණ්ඩුව මහින්ද රාජපක්ෂ මහතා කෙරෙහි කිසිදු තැකීමක් නොකරන බව පැහැදිළි වෙයි.

 

[3]. රෝම ගිවිසුම අත්සන් නොකළේ තමන්ගේ වුවමනාව නිසා බව රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. මෙයද පට්ට පල් බොරුවකි. මෙන්න මූලාශ්‍රය (2014 දී කියපු බොරුවට පිළිතුරු).
ශ්‍රී ලංකාව මෙම රෝම සම්මුතියට එකඟ නොවූයේ චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය ජනාධිපතිනියව සිටි සමයේදීයි. මේ සම්මුතියේ ඇති භයානකකම වටහාගත් හිටපු විදේශ ඇමැති ලක්‍ෂ්මන් කදිර්ගාමර් ඊට සහය නොදනෙ ලෙස උපදෙස්‌ දී තිබිණි. (2015/08/23 දිවයින)


ලංකා ඉතිහාසයේ කීර්තිමත් රාජත්‍රාන්ත්‍රිකයෙක් වූ ලක්ෂ්මන් කදිරගාමර් මහතාට හිමි විය යුතු ගෞරවය වෙන අය සොරාගැනීමට හැදීම ගැන අපි කණගාටු වෙමු.

රටේ ජාතික ආරක්ෂාවට බලපාන ගිවිසුම් අත්සන් කළ යුත්තේ ආරක්ෂක ඇමතිවරයා වන ජනාධිපතිවරයා විසිනි. නැතිව අග්‍රාමාත්‍යවරයා විසින් නොවේ. (කාටත් හොරෙන් සාම ගිවිසුම් අත්සන් කිරීමේ නීති විරෝධී භාවය වෙනම බැලිය යුතුයි.)

 

[4].  අනික් අතට රෝම ප්‍රඥප්තිය අත්සන් නොකළ පමණින් විදේශ අතපෙවීම් හි අවදානම පහව යන්නේ නැත. මේ බවත් දිවයින ආරක්ෂක තීරුවේ පැහැදිළි කර තිබේ. (මේවා බොරුනම් එක්සත් ජාතික පක්ෂයේ නීතීඥයින්ට අදාල පුවත්පත සම්බන්ධ කරගෙන නිවැරදි කිරීම් පළකිරීමට හැකියාව තිබුණි. නමුත් එසේ කර නැත්තේ මේවා ඇත්ත බැවිනි)
ශ්‍රී ලංකාව රෝම සම්මුතියට අත්සන් කර නොමැති නිසා හමුදා නායකයන්ව ජාත්‍යන්තර අධිකරණය වෙත ගෙන යැමට බැරි බවට ඇතැම් දේශපාලකයන් විසින් ප්‍රචාරයක්‌ දියත් කර තිබේ.

එහෙත් ජාත්‍යන්තර අධිකරණයට ගෙන යැමේ කොන්දේසි මෙසේයි.

1. රෝම සම්මුතියට අත්සන් කළ රටෙක වැසියකු වීම
2. අපරාධ ක්‍රියා සිදුවූයේ සම්මුතියට අත්සන් කළ රටේ භූමිය තුළදී වීම.
3. එක්‌සත් ජාතීන්ගේ ආරක්‍ෂක මණ්‌ඩලයේ නිර්දේශය මත
4. චෝදනා මගින් යුද අපරාධ සිදුවී ඇති බවට සනාථ වීම.

ඇමරිකාව ප්‍රමුඛ බටහිර රටවල් විසින් ශ්‍රී ලංකාව ජිනීවා මානව හිමිකම් කවුන්සිලයට යොමු කළේ මෙම සිව්වැනි කරුණ අනුවයි.

චැනල් ෆෝ රූපවාහිනියේ වීඩියෝපට - හිටපු මානව හිමිකම් කොමසාරිස්‌ ලුවිස්‌ ආබර් මෙහෙයවන ඉන්ටර්නැෂනල් ක්‍රයිසස්‌a ගෲප් සංවිධානයේ වාර්තාව හිටපු එක්‌සත් ජාතීන්ගේ නිලධාරිනියක්‌ වූ යස්‌මින් සුකාගේ වාර්තාව සහ ලන්ඩන් නුවර ප්‍රීඩම් ඔප් ටොචර් සංවිධානයේ වාර්තා මගින් යුද අපරාධ සිදුවූ බවට කරුණු ගොනු කර තිබේ. (මේවා බොරු චෝදනා වන අතර දයාන් ජයතිලක මහතා පෙන්වා දුන් අයුරින් මේවා නිශේධනය කළ යුතුය)

ජිනිවාහිදී ශ්‍රී ලංකාවට එරෙහි යුද අපරාධ චෝදනා පරීක්‍ෂණ මණ්‌ඩලය ක්‍රියාත්මක වන්නේ ඉහත කී වාර්තා මතය.  (මූලාශ්‍රය: 2015/08/23 දිවයින)

 

[5]. මහින්ද රාජපක්ෂ මහතාට එරෙහිව කටයුතු කරන්න බටහිරයන් මීටත් වඩා බරපතල උත්සාහයක් දැරුවේ මානුෂික මෙහෙයුමේ අවසන් කාලයේ සහ අවසන් වූ පසු වසර කිහිපය ඇතුළතදීයි. නමුත් එවකට චීනය සහ රුසියාව යන ලෝක බලවතුන් දෙදෙනා සමග මහින්ද රාජපක්ෂ මැතිතුමා ඇති කරගෙන තිබූ දැඩි මිත්‍රත්වය නිසා මානව හිමිකම් චෝදනා නිශේධනය කිරීමට හැකි විය.  වර්තමානයේ මහින්ද රාජපක්ෂ මැතිතුමා ජනාධිපතිව සිටියානම් වත්මන් ආණ්ඩුව මෙන් ජාත්‍යන්තර පරීක්ෂණ අභ්‍යන්තරව පවත්වමින් අහක යන නයි රෙද්ද අස්සේ දාගේන්නේ නැත.,  ලෝක බලවතුන් දෙදෙනාගේ නිශේධ බලය යොදවා පසුගිය පෙබරවාරි වලදීම මෙම යෝජනාව පරාජය කරනු ඇත.

Monday, September 28, 2015

අමාදම් සිසිළ - සම්පූර්ණ ධර්ම දේශනාව

2015.09.27 බිනර පෝය නිමිති කරගනිමින් තoගල්ල "කාල්ටන්" නිවසේදී පැවැති අමාදම් සිසිළ 142 ධර්ම දේශනය...



අමාදම් සිසිළ ධර්ම දේශනා මාලාව මහින්ද රාජපක්ෂ මැතිතුමා ජනාධිපතිව සිටි අවධියේ සෑම පුන් පොහෝ දිනකම අරලියගහ මන්දිරයේ පැවැතිවුණි. දැනුත් එම ධර්ම දේශනා පින්කම නොකඩවා සිය නිවසේ පවත්වයි. ඊට මහින්ද රාජපක්ෂ මැතිතුමා සහභාගී වූ අවස්ථාව.



මාධ්‍ය මගින් චරිත ඝාතනය කළ 17 හැවිරිදි සිසුවා ගැන මහින්ද මැතිඳුන්ගෙන් ප්‍රකාශයක්!

සේයා දැරියව අමානුෂික ලෙස දූෂණය කිරීම ගැන සැක පිට 17 හැවිරිදි පාසල් සිසුවෙක්ව අත් අඩංගුවට ගැනුණි. පසුව ඒ සිසුවා නොව වෙනෙකෙකු අපරාධකරු බවට අනාවරණය විය. ඒ සම්බන්ධයෙන් මහින්ද රාජපක්ෂ මැතිතුමා අදහස් දැක්වූයේ මෙලෙසයි.



වත්මන් යහපාලන ආණ්ඩුව මගින් මහින්ද රාජපක්ෂ මහතාට එරෙහිව ගෙන යන්නේත් එවැනිම ක්‍රමවේදයකි. මාධ්‍ය යොදාගෙන හිතෙන හිතෙන බොරු බේගල් කියමින් මඩ ගසන අතර පසුව ඒවා ව්‍යාජ චෝදනා බව ඔප්පු වෙයි. එවිට මාධ්‍ය යොදාගෙන දඬුවම් ලබා දී අවසන්.

17 හැවිරිදි පාසල් සිසුවාව අත් අඩංගුවට ගැනීම ගැන, අදාල නියම අපරාධකරුව අත් අඩංගුවට ගැනීමට පෙර දසුන් වානගුරු නැමැති අප හිතවත් මහතෙක් සිය ෆේස්බුක් පිටුවේ පළ කර තිබූ ලිපියක් පහතින් ඔබ හා බෙදා ගන්නෙමු.

----------------------------------




සේයාගේ මරණයට ප්‍රථමයෙන් පියා ආපරාධකරුවා යැයි මාධ්‍ය විසින් ප්‍රචාරය කළේය. විශේෂයෙන් ***** එසැණ පුවත් , සහ **** FM වෙබ් අඩවි වලින් ප්‍රචාරය කළේ පියා මිට පෙරත් ළමා අපචාරයක් සම්බන්ධයෙන් වරද කරුවෙක්ව දඩුවම් ලැබුවෙක් යන්නය. අපද ඒ පිළිබද වැඩි විශ්වාසයක් තබා ගත්තේ රටේ වගකිවයුතු මාධ්‍ය ආයතන දෙකක් එම පුවත ප්‍රචාරණය කළ නිසාය. සේයාගේ පියාගේ පෙර වැරද්දක් තිබීම වෙනම කරුණකි, නමුත් සේයා නම් අහිංසක මල් කැකුළ තලා දැමීම ගැන පියාට චෝදනා එල්ලවීමෙන් පසු ඔහුගේ පෙර වැරැද්ද මුළු රටක්ම දැනගත්තේය.



දෙවනුව මාධ්‍ය වාර්තා කල පුවත වුවේ මවගේ අනියම් සම්බන්ධතාවක් පවතින බවත් එම අනියම් පෙම්වතා විසින් මෙම ඝාතනය සිදුකරන්නට ඇති බවත් තවත් වෙබ් අඩවි කිහිපයක් මගින්ම උලුප්පුවා පුවත් පළ කළේය. මිය ගිය සේයාට අමතරව තවත් දරුවන් දෙදෙනෙකුගේ මවක් වූ ඇයට ලංකාවේ මාධ්‍ය වල පිහිටෙන් දින කිහිපයකදී **වියක් යන විරුදාවලිය ලැබුණි.

තෙවනුව අසළ නිවසක අවූරුදු 17 ක පාසල් දරුවෙක් වෙත සැකය යොමු වීමත් සමග ඔහුව අත්අඩංගුවට ගෙන ඔහුගේ පරිගණකය ගෙන පරික්ෂා කිරීමේදී එහි නිල් චිත්‍රපට විශාල සංඛාවක් ඇති බවත්(එම නිසා ඔහු සේයාගේ මරණයට වගකිවයුතු බවත්) හැගෙන අයුරින් විශාල වශයෙන් මාධ්‍ය ප්‍රචාරයක් ලබාදීමට ලංකාවේ තුප්පහි මාධ්‍ය කටයුතු කළේය. එහළින් සදහන් කළ ***** එසැණ පුවත් , සහ ** FM වෙබ් අඩවිත් **** News ඇතුළු තවත් බොහෝ මාධ්‍ය නාලිකා, පුවත්පත් සහ වෙබ් අඩවි මගින් අදාළ දරුවාගේ නිල් චිත්‍රපට පුවත විශේෂ පුවත් ලෙස නිතර නිතර ප්‍රචාරණය කළේ මාධ්‍ය සදාචාරයේ ''අ'' යන්නවත් නොදන්න තුප්පහි මාධ්‍ය ආයතන පරිදෙන්මය.

පරිගණකයේ නිල් චිත්‍රපට තිබු පමණින් ඔහු වරදකරුවෙක් වන්නේනම් ලංකාවේ තරුණයන්ගේ 98% ක්ම අත්අඩංගුවට ගෙන වෙනම දුපතක් මිලදීගෙන එහි සිර මැදිරි සාදා සිර කළ යුතුය. දැන් එම තරුණයාත් වැරදි නැත වෙනත් පුද්ගලයෙක් ගැන සැකයයි පොලිසිය සහ මාධ්‍ය වාර්තා කරයි. නිවැරදිම පුද්ගලයා කව්දැයි යන්න නිවැරදිව සොයාගන්නාතුරු සැකකරුවන් ගැන මාධ්‍ය වාර්තා ප්‍රසිද්ධ කිරීම නොකළ යුතුය යන්න පොලිසියට විසින් ස්වයන් පාලනයක් සහ සදාචාරයක් තිබිය යුතුය, නැතහොත් මාධ්‍ය වලට සදාචාරයක් තිබිය යුතුය අවාසනාවට ඒ දෙකටම එය නොමැතිවීම මුලිකම වැරැද්දයි.

සේයා අවාසනාවන්ත ලෙස මිය ගොසින් අවසන්ය, ඇයගේ ඝාතනයට වගකිවයුතු සැබෑ අපරාධකරුවන්ට උපරිම දඩුවම දිය යුතුය ඒ ගැන තර්කයක් නැත. නමුත් ලංකාවේ තුප්පහි මාධ්‍ය සහ එහෙ මෙහෙ අතගාමින් ඉන්න පොලිසිය විසින් හෙට මෙය ලියන මාත්, මෙය කියවන ඔබත් මෙම අපරාධයට හසුකර පුවතක් පළ කළහොත් එය ගැන පුදුම වීමට අවශ්‍ය නොවේ. ඒතරම් ලංකාවේ මාධ්‍ය හොදය. මිය ගිය සේයාගේ අනෙක් සහෝදරන් දෙදෙනාට සිය පියා බාල අපරාධකරුවෙක්, සිය මව **වියක් ලෙස ලංකාවේ මාධ්‍ය විරුදාවලිය ලබාදී තිබේ.

අවූරුදු 17ක තරුණයාගේ පරිගණකයේ නිල් චිත්‍රපටි කථාවෙන් හෙට ඔහුට මහමගට බැසීමට නොහැකි තත්වයක් උදා කොට තවත් සියදිවි නසා ගැනීමේ අවදානමක් නිර්මාණය කොට ඇත. එයටද ස්තුතිවන්ත විය යුත්තේ ලංකාවේ මාධ්‍යටයි.!!!

මහින්ද මැතිඳුන් ඇමරිකන් යෝජනාවේ භයානක කම පැහැදිළි කරයි.

mahinda-rajapaksa

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේධී ශ‍්‍රී ලංකාව සම්බන්ධයෙන් ඉදිරිපත් කර ඇති අමෙරිකානු යෝජනාව සම්බන්ධයෙන් හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා අදහස් පල කරයි.

ඒ මහතා විසින් අදාල යෝජනාව ගැන නිකුත් කර ඇති නිවේදනය මෙසේය.


Sunday, September 27, 2015

පාවෙන අවි ගබඩාව ගැන කරන මඩ චෝදනා වලට ගෝඨාභය මහතාගේ පිළිතුරු ((video))

රජයට අයත් රක්නා ලංකා ආයතනය හා සම්බන්ධවී සමුද්‍ර ආරක්ෂණය සිදුකර ශ්‍රී ලංකාවට ජාත්‍යන්තර කීර්තියක් අත් කර දුන් ඇවන්ගාඩ් සමාගමට එරෙහිව නඩු පැවරීමට තරම් හේතු නොමැති බව අධිකරණයෙන් තීන්දු කළේය. (සම්පූර්ණ විස්තරය මෙතනින්)


අධිකරණයේ තීන්දුව දිරවාගත නොහැකි වුණ යහපාලන ආණ්ඩුවේ සමහරුන් තම හිතවත් මාධ්‍ය හරහා සමුද්‍ර ආරක්ෂව ගැන මෙලෝ හසරක් නොදන්නා අය යොදාගෙන ඇවන්ගාඩ් සමාගම ගැන අසත්‍ය තොරතුරු ප්‍රචාරය කරයි. ඔවුන්ට පිළිතුරු ලෙසට ඇවන්ගාඩ් ගැන ගෝඨාභය රාජපක්ෂ මහතා කරන ලද පැහැදිළි කිරීමක් පහත සාකච්ඡාවේ දැක්වේ.

ජාත්‍යන්තර අධිකරණයක් මෙයට පෙරත් ලංකාවේ තිබුණා. මෙන්න සිදුවුණ දේ...

ජාත්‍යන්තර විනිශ්චයකාරවරුන් සහ ජාත්‍යන්තර පරීක්ෂකයින් සහිත අධිකරන ක්‍රියාවලියකට වත්මන් රජය ඇමරිකා එක්සත් ජනපදය සමග එකඟ වූ බව වාර්තා වෙයි. මෙය ශ්‍රී ලංකාවට අලුත් දෙයක් නොවන අතර ශ්‍රී ලංකා ඉතිහාසයේත් මෙවැනි සිදුවීමක් වාර්තා වේ. ඒ කුමක්දැයි හිටපු තානාපති ආචාර්ය දයාන් ජයතිලක මහතා මෙලෙස පැහදිළි කරයි.

පූජ්‍ය උඩුගම්පොල පියනන්ද නා හිමිට මහින්ද මැතිඳුන්ගෙන් අවසන් ගෞරව.

අපවත්වී වදාළ උඩුගම්පල දොබවල පුරාණ විහාරාධිපති පූජ්‍ය උඩුගම්පොල පියනන්ද නායක ස්වාමින් වහන්සේට අවසන් ගරු බුහුමන් දැක්වීමට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමන් පැමිණි මොහොත. ප්‍රසන්න රණතුංග මහතාද මේ අවස්ථවට සහභාගි විය.

පූජ්‍ය උඩුගම්පොල පියනන්ද නායක ස්වාමින් වහන්සේට නිවන් සුව අත් වේවා!









Saturday, September 26, 2015

මහින්ද මැතිඳුන්ගේ කාලයේ අධ්‍යාපන තීන්දු වලට මඩ ගැසූ අයට කරගත් විනාසය වැටහෙයි.

[1]. අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයෙන් ගණිතය අසමත්වන සංඛ්‍යාව වසරකදී ලක්ෂ 2 ක් ඉක්මවන අතර මේ තත්වය තුල පසුගිය වසර තිහක කාලය තුල තරුණ අසහනය වර්ධනය වීමට හේතු විය.

ගණිතය පිළිබඳ දැනුම සෑම කටයුත්තකදීම වාගේ අත්‍යවශ්‍ය වේ. එනමුත් ගණිත හැකියාව නොමැති වුවද මොළයේ දකුණු අර්ධය වඩාත් වර්ධනය වී ඇති අයට කලා හැකියාව උපරිමයෙන් තිබීමට හැකිය.

උදාහරණ ලෙස විනාඩි කිහිපයක් වැය කර මෙම අන්තර්ජාල අභ්‍යාසය සිදුකිරීමෙන් ඔබගේ මොළයේ ක්‍රියාකාරීත්වය මැන බැලීමට පුළුවන.
[2]. එම කාරණා කිහිපය හේතු කොටගෙන සාමාන්‍ය පෙළ විභාගයේදී ගණිතය විෂය අසමත් සිසුන්ට උසස් පෙළ "කලා විෂය ධාරාව පමණක්" හැදෑරීමට ඉඩ සලසමින් හිටපු අධ්‍යාපන අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතාගේ මූලිකත්වයෙන් 2014 ජුලි මාසයේදී නව චක‍්‍රලේඛයක් නිකුත් කෙරුණි. (2014/07/30 NethFM)

එම තීරණය ගත්තේ සාමාන්‍ය පෙළ සමත් වීමේ ප්‍රතිශතය ඉහළ යමින් පැවැති යුගයකදී බවත් සිහිපත් කළ යුතුයි. (2014/04/09 Mawbima)



හිටපු අධ්‍යාපන අමාත්‍යවරයාගේ එම යෝජනාව සිසු දරුවන්ගේ හා දෙමාපියන්ගේ පැසසුමට ලක්ව තිබූ බව BBC මාධ්‍යවේදීන් පවා වර්තා කර තිබේ.

එනමුත් බන්දුල ගුණවර්ධන මහතාට එරෙහිව දැඩි මඩ ප්‍රහාරයක් එවකට විපක්ෂයෙන් එල්ල කළ අතර, එහි අරමුණ වූයේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමාව අපහසුතාවයට පත් කිරීමයි.

 

[3]. 2015 දී බලයට පැමිණි යහපාලන ආණ්ඩුවේ අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා, උසස් පෙළ හැදෑරීමටනම් සාමාන්‍ය පෙළ ගණිතය සමත් වීම අනිවාර්ය කළේය. ඒ අනුව උසස්පෙළ කලා විෂය ධාරාව හැදෑරීමටත් සාමාන්‍ය පෙළ ගණිතය සමත් වීම අනිවාර්ය කෙරුණි. (2015/01/27 News.lk)


 

[4]. එහි ප්‍රතිඵලය වූයේ එජාපයෙන් බලාපොරොත්තු නොවූ දෙයකි. දිනය 2015 මාර්තු 30, සාමාන්‍ය පෙළ ගණිතය දෙවන වරටත් අසමත් වීම නිසා සිසුවියක් සාරියකින් ගෙළ වැළලාගෙන සිය දිවි නසා ගත්තාය. (2015/03/30 HiruNews)


ඊට අමතරව හැටන් ප්‍රදේශයේ තවත් සිසුවියන් 2 නෙක් සියදිවි නසාගැනීමට තැත් කළ බව ඉහත වීඩියෝවේ වාර්තා කර තිබුණි.

යහපාලන ආණ්ඩුව හුදු  දේශපාලනික හේතු මත උගත් ආර්ථිකවිද්‍යා ගුරුතුමාට මඩ ගසමින් තමන් ගත් අනුවණ තීරණය ගැන වැටහුණි.

 

[5]. අන්තිමට යහපාලන ආණ්ඩුවෙන් කළේ කුමක්ද? ජනවාරියේ ගත් තීරණය ගැන කිසිදු මතක් කිරීමක් නොකර O/L අසමතුන් සියල්ලන්ට උසස් පෙල හදාරන්න අවස්ථාව ලබා දෙන බවට ස්වදේශ කටයුතු ඇමති වජිර අබේවර්ධන මහතා තීරණය කිරීමය. (2015/09/24 SriTv)

එදා බන්දුල ගුණවර්ධන මහතා සිදුකළේ සාමාන්‍ය පෙළ ගණිතය අසමත් වූවන්ට උසස් පෙළ කලා විෂය ධාරාවට පමණක් අවසර දීමයි. පහත දැක්වෙන පුවතට අනුව යහපාලන ආණ්ඩුවේ අලුත් තීරණය කුමක්දැයි පැහැදිළි නැති අතර, සාමාන්‍ය පෙළ ගණිතය අසමත් වූවන්ට උසස් පෙළ විද්‍යා/වාණිජ විෂයන් සඳහා අවසර දෙන බව කීවත් එය පුදුමයක් නොවේ.


එජාපයේ සමහර ආධාරකරුවන් ෆේබුක් එකේ පවසා තිබුණේ, "මහින්දගෙ කාලෙදි කරපු වැරදි දැන් නිවැරදි කරන බව" ය. එනමුත් ඇත්තටම සිදුවී ඇත්තේ මහින්ද මැතිඳුන්ගේ UPFA ආණ්ඩුව දුරදිග බලා ගත් නිවැරදි තීරණ වලට මඩ ගැසීම සඳහා යහපාලන ආණ්ඩුවෙන් සිදුකළ දේවල් ආපසු අකුලා ගැනීම බව ඔබට පේනවා නේද?