Mahinda Rajapaksa: February 2015

Saturday, February 28, 2015

තහනමට ලක් වූ ජනපති ජනහමුව.

ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ කාලයේ මාස කිහිපයකට වරක් ප්‍රසිද්ධ මාධ්‍ය ආයතනවල මාධ්‍යවේදීන් සමග "ජනපති ජනහමුව" පැවැත්වූ බව අප කාටත් මතකයි. ජනාධිපතිවරණයට පෙරදීද මෙය පැවැත්වුවත් රූපවාහිනී වලින් සජීවීව විකාශය කිරීමට එරෙහිව අධිකරණයෙන් වාරණ නියෝගයක් නිකුත් වුණා. එයට හේතු වූයේ ජනාධිපතිවරණ සමයේ මෙය පැවැත්වීමයි. අධිකරණයට කවදත් ගරු කළ මහින්ද රාජපක්ෂ මහතා එය රූපවාහිනී නාලිකා විකාශය නොකිරීමට තීරණය කළා.

මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු සංධාන ආණ්ඩුවට එරෙහිව එවකට විපක්ෂ වලින් නගන ලද චෝදනා බොහෝමයකට මෙමගින් පිළිතුරු දී තිබෙනවා. සමහරුන් එල්ල කරන බොහෝ මඩ චෝදනා වලට පිළිතුරු දීමට මෙම වැඩසටහන නැරඹීම ඔබට ඉතාමත් ප්‍රයෝජනවත් වේවි.

මෙම වැඩටහන තවමත් වැඩි දෙනෙකුගේ අවධානයට ලක් වී නොමැති බැවින් www.mahinda.info වෙබ් අඩවියෙන් ඔබ වෙත මෙලෙස ගෙන එනවා.









යාලුවන්ටත් නැරඹීම සඳහා Share කරන්න.

Friday, February 27, 2015

විමල්ගේ බිරිඳගේ සුවදුක් බැලීමට මහින්ද ජාතික රෝහලට එයි

යහපාලන රජයෙන් දේශපාලනඥයින් මෙන්ම ඔවුන්ගේ බිරියන්, දරුවන්ද ආරක්‍ෂා කරගත යුතව ඇති බව හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා පවසයි.

ඒ මහතා මෙසේ කියා සිටියේ විමල් වීරවංශ මහතාගේ බිරිඳ වන, ශෂී වීරවංශ මහත්මියගේ සුවදුක් බැලීම සඳහා කොලඹ ජාතික රෝහලට ගිය අවස්ථවේදීය. ශිරන්ති රාජපක්ෂ මහත්මියද මේ අවස්ථාවට සම්බන්ධ විය.

වෛරීය දේශපාලනය නිමා කළ යුතුව ඇති බවත්, වෛර සහගත දේශපාලනය ඉතා වැරදි බවත් කී ඒ මහතා තමන් ඒ ආකාරයෙන් කිසිවෙකුගෙන් පළිනොගත් බවත් එසේ කියමින් කිසිවෙකුටත් තමාට ඇඟිල්ල දිගු කළ නොහැකි බවත් කියා සිටියේය.

http://youtu.be/Betc5Nnyiyw

චම්පික රණවක, ලෙස්ටර් ගෙන් සමාව ඉල්ලුවාද? මෙන්න ඇත්ත.

කේපීගේ හිස මහා සිනමාවේදී ලෙස්ටර් ජේම්ස් පීරිස් මහතාගේ කඳට බට් කර විකෘති කරන ලද පින්තූරයක් යොදා ගනිමින් පසුගිය ජනාධිපතිවරණ සමයේ පාථලී චම්පික රණවක මහින්ද රාජපක්ෂ මහතාට අපහාස කළ හැටි කවුරුත් දන්නවා. ඒ ගැන ගිය රූපවාහිනී වාර්තාවයි පහත දැක්වෙන්නේ.

https://www.youtube.com/watch?v=KJwczjzrzns

ජනාධිපතිවරණය ආසන්න වෙද්දී අන්තර්ජාලයේ ප්‍රචාරය වූයේ චම්පික රණවක මහතා ලෙස්ටර් ජේම්ස් පීරිස් මහතාගෙන් සමාව ඉල්ලා ගත් බවයි.

එහෙත් එය පට්ට පල් බොරුවක් බව www.mahinda.info වෙත වාර්තා වෙනවා.

patali

අදාල ලිපිය මෙම යොමුවෙන් කියවන්න. එය දිනමිණ පුවත්පතේ පළ වුවත් මේ වන තෙක් අදාල පුවත්පතෙන් ප්‍රතික්ෂේප කර ඇති බවක් වාර්තා වී නෑ. ඒ අනුව එම ලිපියේ නිරවද්‍ය භාවය ගැන අපට සැක කළ නොහැකියි.

ඒ වගේම චම්පික රණවක මහතා පවසා තිබෙනවා, අදාල ඡායාරූප අන්තර්ජාලයෙන් උපුටා ගත් නිසා ඒ ගැන වගකීමක් ගත නොහැකි බව. එය වගකිවයුතු දේශපාලඥයෙක්ගෙන් පිටවිය යුතු ප්‍රකාශයක් නොවෙයි. ඒ තර්කය අනුවනම් අන්තර්ජාලයේ ඇති ඕනම මඩක් අරගෙන විරුද්ධවාදීන්ට එල්ල කරන්න්න පුලුවන් වේවි.

යාලුවන්වත් දැනුවත් වන්නට Share කරන්න.

රන්ජන් චෝදනා කරන වාහන 1600 යේ ඇත්ත කතාව මෙන්න.

පිටකෝට්ටේ ශ්‍රී ජයවර්ධනපුර විවිධ සේවා සමූපකාරයට අයත් ඉඩමක පවත්වගෙන ගිය වාහන අංගනයේ ඇති වාහන 53 සම්බන්ධයෙන් එජාප රජය විසින් පසුගිය මාසයේ විශාල ආන්දෝලනයක් මතු කරනු ලැබුවා. ලලිත් වීරතුංග මහතා පහත වීඩියෝවෙන් ඒ ගැන පැහැදිළි කරනවා.



හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය සහ හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාට එල්.ටී.ටී.ඊ. ත්‍රස්තවාදීන් විසින් මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාර එල්ල කරන අවස්ථාවේදී භාවිතයට ගත් වාහන පවා එම අංගනයේ තියෙනවා.

එම වාහන අධි ආරක්ෂිත වාහන වන බැවින් සාමන්‍ය වෙළඳපොලේ විකිණීමට හෝ භාවිතයට දීමට නොහැකියි.

එලෙස බෝම්බ ප්‍රහාරයකට ලක් වූ වාහන අසළ තිබී සුළු අලාභ වුණ රජයට අයත් අනෙක් වාහන පවා මෙහි ගාල් කර තිබෙනවා.

මේවාට අදාල පරීක්ෂණ අවසන් වුවද ඉදිරියේදී යම් හෙයකින් නැවත පරීක්ෂණ සිදු කරන්න වුවහොත් මේ වාහන ඊට සාක්ෂි ලෙස තබා ගත යුතු වීම මෙලෙස ගාල් කර තිබීමට තවත් හේතුවක්.

මහින්ද රාජපක්ෂ මහතා මාධ්‍ය වෙත නිකුත් කළ නිවේදනයකත් මේ ගැන සඳහන්. http://www.mahinda.info/2015/02/notice/
ජනාධිපති ලේකම් කාර්යාලයට අයත් ඇතැම් වාහන තවමත් ලැබී නැති බවට පුවතක් පල විය. ඒ අතරතුර ඩිෆෙන්ඩර් ජීප් රථ 22 ක් බොරැල්ලෙන් “සොයාගත්” බවටත් තවත් වාහන 53 ක් පිටකෝට්ටේ ඉඩමක අතහැර දමා තිබියදී හමු වූ බවටත් විවිධ වාර්තා පල විය. මේවා හමු වූ ස්ථාන ජනාධිපති ලේකම් කාර්යාලයේ නිල වාහන අංගනයන්ය. ඒවා හමුවූයේ ඒවා තිබිය යුතු ස්ථානවලින්මය. පිටකෝට්ටේ දී හමු වූ අතහැර දමා ඇති වාහන බොහොමයක් රජයේ සාමාන්‍ය ක්‍රියාපටිපාටිය පරිදි වෙන්දේසි කල නොහැකි, 1980 දශකය සිට පවතින අධි ආරක්‍ෂිත වාහනය. මමත් මාගේ කාර්ය මණ්ඩලයත් භාවිතා කල සියලු වාහන නිසි පරිදි භාර දී ඇත. සෙසු වාහන කුමන නිලධාරීන්ට හා ආයතනවලට දී ඇත්දැයි ජනාධිපති ලේකම් කාර්යාලයේ ආයතනික හා පරිපාලන අංශයේ වාහන ලේඛණයේ සදහන්ව තිබෙනු ඇත.

පහත දැක්වෙන්නේ එහි තිබූ වාහන වලින්, බෝම්බ ප්‍රහාරයන්ගෙන් සෘජුවම අනතුරට ලක් වූ වාහන කිහිපයක පින්තූරයි.

m4-1024x681

4

5

2

1

m5-1024x681

DSC02070

ඉහත දැක්වෙන සෑම වාහනයකම ඉතාමත් සංවේදී කතාවක් ලේ වලින් ලියවී තිබෙනවා. තම රාජකාරිය උපරිමයෙන්ම ඉටු කරමින් ඒ උදෙසා ජීවිතය පරිත්‍යාග කළ රණවිරුවන්ගේ මතකයන් ඒ අතර සැරිසරනවා.

ඔය අතරේ කවුරුත් දන්නා රන්ජන් රාමනායක මහතා මේ ගැනත් මෙසේ තම ෆේස්බුක් පිටුවේ පළ කර තිබෙනවා.

vehicles

අදාල BBC ලිපියේ සඳහන් වෙලා තියෙන්නේත් වාහන 53 ක් ගැනයි. ඒත් රන්ජන් රාමනායක මහතා අතිනුත් වාහන 1547 ක් දාලා වාහන 1600 ක චෝදනාවක් රාජපක්ෂවරුන්ට බැර කරනවා.

එතුමා මහින්ද මහත්තයාට මඩ ගහන එකනම් අපිට හිතා ගන්න පුලුවන්. ඒත් එලෙස මඩ ගැසීම සඳහා පසුගිය 30 වසරක සාපලත් ඉතිහාසයේ කටුක අත්දැකීම් වල පින්තූර යොදාගනිමින් තුවාල පෑරීම හරිම කණගාටුදායකයි.

මේ ගැන යාලුවන්වත් දැනුවත් කරන්නට Share කරන්න.

Thursday, February 26, 2015

මහින්ද රත්නපුරේ. කුරුවිට බන්ධනාගාරයටත් යයි. [Video]

මහින්ද රාජපක්ෂ මහතා අද රත්නපුරයට පැමිණියා. අපරාධ චෝදනා කරමින් කුරුවිට බන්ධනාගාර ගත කර සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේමලාල් ජයසේකර මහතාගේ සුවදුක් බැලීමටයි.

mahinda

මේ ගමන සඳහා පාර්ලිමේන්තු මන්ත‍්‍රී රන්ජිත් සොයිසා, සබරගමු පළාත් සභා ඇමැතිවරුන් වන රංජිත් බණ්ඩාර, අතුල බණ්ඩාර රාහුබද්ධ, පළාත් මන්ත‍්‍රිවරුන් වන දීපාල් ගුණසේකර, වරුණ ලියනගේ, අනුර අලගියවන්න, කරුණාපාල, රම්‍යකුමාර යන මහත්වරුන් එක් වී සිටියා.

පෙර දැනුම් දීමකින් තොරවම පැමිණියද මහින්ද රාජපක්ෂ මහතාගේ පැමිණීම සවන් වැටුන සැනින් එම ප්‍රදේශයේ ජනතාව එතුමා බැහැදැකීමට පැමිණියා.

අදාල සිදුවීමේ දෙරන ටීවී වාර්තාව
https://www.youtube.com/watch?v=cDY9qm0_8WU

අදාල සිදුවීමේ සිරස ටීවී වාර්තාව
https://www.youtube.com/watch?v=ml3kCY70bOI

යාලුවන්ටත් නරඹන්නට Share කරමු.

Wednesday, February 25, 2015

සල්මන් ඛාන් ආවේ මහින්දට සහය දෙන්නද? මෙන්න ඇත්ත සිදුවීම.

පසුගිය ජනාධිපතිවරණ සමයේ සල්මන් ඛාන් ශ්‍රී ලංකාවට පැමිණි බව ඔබට මතක ඇති. ඔහු ආවේ ජනාධිපතිවරණ සමයේ නිසාත්, ඔහු මහින්ද රාජපක්ෂ මහතාව හමු වූ නිසාත්, ඔහු ආවේ මහින්දට සහය දෙන්න යැයි වශයෙන් කතා ගොතමින් මඩ ගැසීම එවකට සිටි විපක්ෂයේ සමහරුන් සිදුකළා.

පහත වීඩියෝවෙන් එහි ඇත්ත නැත්ත පැහැදිළි කරනවා. මෙය හෙළි කරන්නේ මහින්ද පාර්ශවයෙන් නොව සිරස ටිවී එක විසින් නිසා, එය සුදුහුණුගෑමක් කියමින් කිසිවෙකුට ප්‍රතික්ශේප කිරීමට නොහැකියි.

https://www.youtube.com/watch?v=Gdhw5uZgU5M

ඉතින් "Being Human Foundation" නැමැති සල්මන් ඛාන්ගේ පදනමෙන් අක්ශි කාච 300 ක් අරගෙන ඔහු එන්නේ උතුරු නැගෙනහිර අඩු ආදායම් ලාභී ජනතාවට ලබා දීම උදෙසායි. එම පුණ්‍ය කටයුත්ත සෑම අවුරුදු 4 කට වරක්ම සල්මන් ඛාන් විසින් සිදුකරන්නක්.

එම උත්සවයට එවකට රටේ ජනාධිපතිවරයා වූ මහින්ද රාජපක්ශ මහතාටත් ආරාධනා ලැබී සහභාගී වුණා. නාමල් රාජපක්ෂ, සල්මන් ඛාන්ගේ යාලුවෙක් නිසා ඔවුන් දෙදෙනාම එකටයි එම ඇස් කාච බෙදා දීමේ අවස්ථාවට ආවේ. ඊට අමතරව සල්මන් ඛාන් සමග ජැකොලයින් ෆර්නෑන්ඩර්ස් ද ඇවිත් තියෙනවා. ජැකොලයින් සල්මන් සමග ආවේ ඇයි කියන එක ඒ දෙන්නගේ පෞද්ගලික කාරණාවක්.

ඇස් රෝහලේ උපදේශකත්වයෙනුයි සල්මන් ඛාන්ගේ අක්ෂි කාච බෙදා දීමේ පුණ්‍ය කටයුත්ත සිදුකළේ. ඊට අමතරව බිම් බෝම්බ වලට හසු වූ උතුරේ පුද්ගලයන්ට බොරු කකුල් ලබා දීම,  සහ උතුරේ යම් සංවර්ධන කටයුතු වලටත් සල්මන් ඛාන් අනුග්‍රහය දක්වා තිබෙනවා. ඉතින් ඒ මානුෂික කටයුතු වලට, ඡන්දේ කාලේ ගිය මඩ අවලාද තොගය ඔබ අහන්න දකින්න ඇති.

පහත දැක්වෙන්නේ අදාල අවස්ථාවේ ඡායාරූප. එවකට ජනමාධ්‍ය වලින් මේ දේවල් පෙන්වූයේ නැතිම තරම්.

Salman+Khan+and+Jacqueline+Fernandez+Latest+Photos+Gallery+At+SriLanka+Medical+camp+(15)

Salman+Khan+and+Jacqueline+Fernandez+Latest+Photos+Gallery+At+SriLanka+Medical+camp+(14)

B6BzY45IcAEnt4M

salmaneyedonationcamp[1]

6

3 (1)

ඒ වගේම තවත් දෙයක් කියන්න ඕන. දෙතුන් දෙනෙක්ගේ අදහස් පෙන්වලා එය ජනතාවගේ අදහස් ලෙසයි සිරස ටීවී එකෙන් සමාජ ගත කරන්නේ. ඒකටත් සිරස තුළින්ම වීඩියෝවේ අගදී පිළිතුරක් ලැබී තිබෙනවා.

හුදු සිදුවීමක් අල්ලගෙන එය වටා මහා කතන්දරයක් ගොතමින් විශාල මුදලක් යොදවා මඩ වරුසාවක් ගසමින් එය ජාතික අපරාධයක් ලෙස පෙන්වමිනුයි පහුගිය කාලේ එජාපයේ මඩ මාධ්‍ය මෙහෙයුම ගියේ. ඒ විදිහට ඉදිරි ඡන්ද වලිනුත් බොරුවෙන්ම ජනතාව රැවටීමට හැකි වේවිද?

යාලුවන්ටත් ඇත්ත දැනගන්න Share කරන්න.

ශ්‍රී ලංකාවට රු. බිලියන දෙසීයක පාඩුවක් සිදු වුයේද, නැද්ද?

සංධාන රජයේ සිදුවූ අධිවේගී මාර්ග, වරාය, ගුවන්තොටුපොළ ආදී සංවර්ධන ව්‍යාපෘති වලදී දූෂණ සිදුවූ බව වත්මන් රජයේ දේශපාලඥයින්ගෙන් එල්ල වෙන අවලාද වලට පිළිතුරු සපයමින් පසුගිය කාලයේදී පැවැත්වූ සාකච්ඡාවක් පහත දැක්වේ.

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු වෘත්තිකයන්ගේ සංගමය මහින්ද රාජපක්ෂ සමයේ සිදුවූ සංවර්ධන ක්‍රියාවලියේ සත්‍ය තතු පැහැදිළි කිරීම සඳහා එකී ව්‍යාපෘති වලට සෘජුවම සම්බන්ධ වූ පිරිස් ඒකාබද්ධ කරමින් මෙම සාකච්ඡාව පැවැත්වීය.

https://www.youtube.com/watch?v=W7b0c1SoAvY

10613161_572468409521113_3594999480046120697_n

යාළුවන්වත් දැනුවත් වීමට Share කරන්න.

Tuesday, February 24, 2015

විමල්ගේ බිරිඳට එරෙහිව ඇති චෝදනාත් අමූලික බොරු! ලිඛිත සාක්ෂි මෙන්න

kapila-ss

චෝදනාව 1 : විදෙස් ගමන් බලපත්‍ර දෙකක් තියා ගැනීම.
සත්‍යය: කළින් තිබූ ගමන් බලපත්‍රය නීත්‍යානුකූලවම අවලංගු කර එය ඉවත් කර, අලුතෙන් ගමන් බලපත්‍රයක් සෑදුවා. පෙර තිබූ ගමන් බලපත්‍රය ආගමන විගමන දෙපාර්තමේන්තුවෙන් අවලංගු කිරීමේ ලිපියත් මහේස්ත්‍රාත් තුමාට ඉදිරිපත් කළා. ඒ අනුව ගමන් බලපත්‍ර දෙකක් භාවිතා වී නෑ.

චෝදනාව 2 : ශශී වීරවංශ මහත්මිය නම් දෙකකින් හැඳුනුම් පත් දෙකක් ලබාගෙන තිබීම.
සත්‍යය: හැඳුනුම්පත් දෙපාර්තමේන්තුවෙන් නිකුත් කිරීමේදී හැඳුනුම් පතේ නම සහ උපන් දිනය සම්බන්ධයෙන් අඩුපාඩු 2 ක් තිබූ අතර එය සකස් කරන මෙන් පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවෙන් ඉල්ලා තිබුණා. (සැයු: නිතර භවිතා කිරීම මගින් විනාශ වෙන නිසාත්, වයසත් සමග මුහුනේ පෙනුම වෙනස් වීමත් සමග අලුත් ඡායාරූපයක් සහිත හැඳුනුම්පතක් අවශ්‍ය වීමත් නිසා, සාමාන්‍යයෙන් වසර 10 කට පමණ වරක් ජාතික හැඳුම්පත අලුත් කිරීමට සිදුවෙනවා). එය පාදක කරගෙන නමේ වෙනස සකස් කළද උපන් දිනයේ වෙනස සකස් කර තිබුණේ නැහැ. ඒ අනුව නැවතත් උපන් දිනයත් වෙනස් කර දෙන මෙන් ඉල්ලා තිබුණා. එනිසා මෙහි කූඨ ලේඛන සෑදීමක් සිදුවී නැති අතර සියල්ල සිදුවූයේ අදාල නීති රාමුව තුළ පිහිටමිනි.

ඉහත සියලුම සිදුවීම් සම්බන්ධයෙන් අදාල නෛතික ලේඛන අධිකරණය වෙත ඉදිරිපත් කර තිබෙනවා.

නීතීඥ කපිල ගමගේ මහතාගේ සම්පූර්ණ ප‍්‍රකාශය…
https://www.youtube.com/watch?v=4twdNKevvYo

දෙරණ රූපවාහිනිය සිද්ධිය වාර්තා කල අයුරු…
https://www.youtube.com/watch?v=PI46nou0H8E

යාළුවන්වත් දැනුවත් වීමට Share කරන්න.

ඩුබායි හෝටලය වැටලූ රංජන් රාමනායක අමාරුවේ වැටෙයි.

ඩුබායි හි සංචාරයක නිරතව සිටින පශු සම්පත් සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය රංජන් රාමනායක මහතා ඩුබායි හි පිහිටි මැරියට් හෝටලයේ ඇතුළත දර්ශන රහසිගතව වීඩියෝ කර අන්තර්ජාලයට නිකුත් කළ වීඩියෝව පහත දැක්වෙනවා.

https://www.youtube.com/watch?v=tCO3dy2WCcQ

ඩුබායි හි පිහිටි මැරියට් හෝටලය සම්බන්ධයෙන් පසුගිය ජනාධිපතිවරණ සමයේ මඩ වෙබ් අඩවි වල පළ වූයේ එය රාජපක්ෂවරුන්ගෙ බවයි. එනිසාමදෝ එය අයිති කාටදැයි රංජන් රාමනායක මහතාත් තම් නිල ෆේස්බුක් පිටුවේම පළ කර හොයන්නට පටන් ගත්තා.

මැරියට් හෝටලය රාජපක්ෂවරුන්ගේ බව කීමට එකදු හෝ සාක්ෂියක් තිබේනම් රංජන් රාමනායක මහතා මෙලෙස වහෙන් ඔරෝ අහමින් නොසිටින අතර, ඒ බව කෙලින්ම ෆේස්බුක් එකේ ලියන බව ඔබට අමුතුවෙන් කියන්න දෙයක් නෑ.

Untitled-2

Rn-04

පශු සම්පත් නියෝජ්‍ය ඇමති තුමාගේ එම ක්‍රියාවෙන් පසුව එතුමා වැටුනේ ලොකු අමාරුවකයි. ඒ ගැන වෙබ අඩවි වල පළ වූ පුවත පහත දැක්වෙනවා.

ranjan

ඇත්තටම ඩුබායි මැරියට් හෝටලය කාගේද?

1. ඩුබායි රටේ තරු පහේ හෝටලයක් හැදුවේ ශ්‍රී ලංකාවේ බිහි වූ කීර්තිමත් ව්‍යාපාරිකයෙක් වන නන්දන ලොකුවිතාන මහතා විසිනුයි. එතුමා ගැන ජනමාධ්‍යයන්හි පළ වූ ලිපි. dailynews , mawbima

2. මෙම මැරියට් හෝටල් සමූහයේ නාමය අයත් වන්නේ ලෝකයේ සුප්‍රකට මැරියට් හෝටල් සමාගමටයි. එහි විකීපීඩියා ලිපිය මෙතනින් බලන්න. සමහරුන් චෝදනා කරන පරිදි එම හෝටලයේ යම් අක්‍රමිකතාවයක් සිදුවීනම් සුප්‍රසිද්ධ මැරියට් හෝටල් සමාගම ඊට කිසි සේත්ම තම නාමය ලබා දෙන්නේ නෑ.

3. ඇමරිකානු හමුදාවේ උසස් නිලධාරීන් නවාතැන් ගැනීමට භාවිතා කරන එක් හෝටලයක් තමයි මේ මැරියට් හෝටලය. මාධ්‍ය වාර්තා කරන ආකාරයට රංජන් රාමනායක මහතා අමාරුවේ වැටුණේත්, ඇමරිකානු හමුදාව සිටින කාමර වීඩියෝ කිරීමෙන්. යම් හෙයකින් එම හෝටලය අයත් වන්නේ රාජපක්ෂවරුන්ටනම් ඇමරිකානු හමුදාව කිසි සේත්ම එවැනි හෝටලයක් භාවිතා නොකරන බවට ඔබට අමුතුවෙන් කියන්න දෙයක් නෑ.

යාලුවන්වත් දැනුවත් වීමට Share කරන්න.

විමල් හොර උප්පැන්න හදා ඇතැයි කීම එජාපයේ මඩක් බව ඔප්පු වෙයි. මෙන්න සාක්ෂි.

wimal

පසුගිය කාලයේ විමල් වීරවංශ මහතා හොර උප්පැන්න සහතික හදා ඇතැයි යනුවෙන් අන්තර්ජාලයේත් ජනමාධ්‍ය වලත් පැතිරවපු චෝදනාව සම්පූර්ණ අසත්‍යයක් බව ඔප්පු වී ඇත. පහත දැක්වෙන්නේ සාක්ෂි සමගම අදල මාධ්‍ය වාර්තාවයි.

wimal-birth-certificate

පහත දැක්වෙන ඡායා පිටපත් විශාල කර බැලීම සඳහා ඒ මත ක්ලික් කරන්න.

1

4

කෙනෙකුගේ උප්පැන්නයක් යනු අතිශය පෞද්ගලික දෙයකි. එහෙත් විමල් වීරවංශ මහතාට තම ආදරණීය දරු දෙදෙනාගේ උප්පැන්න සහතිකය පවා රටටම පෙන්වීමට සිදුවූයේ වත්මන් ආණ්ඩුවෙන් එල්ලවෙන ද්වේශසහගත මඩ ප්‍රහාරයේ සැබෑ තතු ජනතාවට පැහැදිළි කිරීමටනම් ඊට සාක්ෂි ලෙස ඒවා පෙන්වීමට සිදුවෙන නිසාවෙනි.

යාළුවන්වත් දැනුවත් වීමට Share කරන්න.

Monday, February 23, 2015

රනිල් ජනමාධ්‍ය වෙත කරන ලද අනතුරු ඇඟවීම

අගමැතිට අකමැති මාධ්‍ය ප්‍රධානීන්ට යහපාලනයෙන් රතු එළියක්. [සටහන : චාමික
-පාඨක ලිපියකි]

https://www.youtube.com/watch?v=zV7HP7634bQ

බලයට ඒමට පෙර මාධ්‍ය නිදහස නැතැයි විවිධ ස්ථානවල මාධ්‍ය සංදර්ශන පැවැත් වූ වික්‍රමසිංහ උන්නැගේ අද මාධ්‍යට අවසන් නිවේදන නිකුත් කරයි, රටේ තොරතුරු දැනගැනීමේ නිදහස ඇහිරීමේ බලය ඔහුට ලබා දුන්නේ කවුරුන්දැයි අද අප ප්‍රශ්න කරන්නෙමු...

පසුගිය ජනවාරි 8 වැනිදා පැවැත්වූයේ ජනාධිපති මැතිවරණයක් විනා අගමැති ප්‍රමුඛ රජයක් හා විපක්ෂයක් තෝරන මහ මැතිවරණයක් නොවන බව ඔහු ඇතුළු එජාප නඩයටද මේ දින 45 අමතක වී ගොස් ඇති බව පෙනේ...

ආණ්ඩුක්‍රම ව්‍යස්ථාව උල්ලංඝනය කරමින් නීති විරෝධීලෙස රජය පිහිට වූ බව අප ඔහුට යළි සිහිපත් කර දීම කාලෝචිත වේ.. මොහු පසුගියදා මාධ්‍ය විසින් " අවුරුදු 10 ක් බැලුවා දේශ පාලනයෙන් විනාශ කර මාව ඉවත් කරන්න" යැයි ප්‍රකාශ කල බව ඔබ අප සැවොමු දුටුවෙමු.. ඒත් සිදු වූයේ කුමක්දැයි අප විස්තර කර දිමට කැමැත්තෙමු..

රනිල් වික්‍රමසිංහ විවිධ ස්ථානවලදී සිදුකළ ප්‍රකාශ මාධ්‍යයෙන් විකාශය කළා මිස ඔහුට මඩ ගැසීමක් සිදු නොවීය ඔහු ශ්‍රී ලාංකීය දේශපාලනය තුළ දිනෙන් දින කවට,මෝඩ ප්‍රකාශ සිදුකරමින් තම දේශපාලන ප්‍රතිරූපය කෙලෙසාගෙන එයට මාධ්‍ය වේදීන්ට ඇගිල්ල දිගු කරමින් සිටී....

රනිල් වික්‍රමසිංහ කොටි සංවිධානය සමග ගිවිසුම් ගැසීම මාධ්‍ය මගින් ජනතාවට පෙන්විම මාධ්‍ය වේදීන්,මාධ්‍ය ආයතන කල වරදක්දැයි අප ප්‍රශ්න කරනෙමු... බලය ගැනීමට බේස්ලට් , චුයින්ගම් ලබාදෙන බව මාධ්‍ය මගින් ප්‍රකාශ කිරීම ඔහුගේ චරිතට හානි කිරීමක් වන්නේ කෙසේද??

2005 ජනාධිපති මැතිවරණයේදි පස්දුන්කෝරළය ගැන කල ප්‍රකාශය, මෝසම් වර්ෂාව වරද්දාගෙන කීම , රටේ ඉතිහාසය හෙළ අභිමානය නොදැන ලෝකයේ ලොකුම චේතිය ලංකාවේ ඉදිකරන බව කීම මාධ්‍ය විකෘති කල කරුණු වන්නේද??

එදා ටිල්වින් සිල්වා මැතිවරණයෙන් පස්සේ රනිල් වික්‍රමසිංහට විපක්ෂ නායක කමත් නැතිවෙන නිසා රස්සාවක් දෙන්න් පුළුවන් අංශ සොයා බැලූ හැටි ඔබලාට මතක ඇතැයි සිතමි " පුරා විද්‍යා එකේ රස්සාවක් දෙන්න බෑ ඉතිහාසය දන්නේ නෑ , කාලගුණ විද්‍යා එකේ රස්සාවක් දෙන්න බෑ මෝසම අදුරන්නේ නෑ " යැයි ප්‍රකාශ කළේය.. ඒවා එලෙසම මාධ්‍ය ප්‍රකාශ කළා මිස වෙන කිසිවක් කළේ නැත... ටිල්වින්ගේ අනාවැකිය බොරු කරමින් ඔහු දිගටම විපක්ෂ නායක ලෙස සිටීමට හැකි ලෙස පක්ෂය පොළඹවා ගත්තේය...

මෙලෙස බලන කලට ඔහු පක්ෂ නායකත්වයේ සිටින්නේද නීති විරෝධී ලෙසයි අපට හැගෙන්නේ.. එයින් අපට කාරියක් නැත... මාධ්‍ය ඔහුගේ චරිතය විශේෂ කොට දැක් වීමක් සිදු වූයේ ඔහු පාර්ලිමෙන්තුවේ විපක්ෂ නායක ලෙස වැදහත් , වගකීමෙන් යුතු ප්‍රකාශ නිකුත් කල යුතු පුද්ගලයෙක් ලෙස ජනතාවට ඔහුගේ ප්‍රකශ බෙදා හැරීමේ වගකීම මාධ්‍ය සතුව පැවති බැවිනි...

anton

ඔහු කොටි ත්‍රස්තවාදියාට බැණ වැදුණු අවස්ථා නොවු හෙයින් ඒවා මාධ්‍ය තුළ ප්‍රචාරය නොවීය.. එදා තොප්පිගල යුද ජයග්‍රහණය පිළිබද ඔහුගේ විවේචනය තුළින් දේශපාලන සමාජය තුළ හා සිවිල් සමාජය තුළ ඔහුගේ ප්‍රතිරූප ඔහු විසින්ම බිමට පෙරළා දමා ගැනීමට සමත් විය.. එයට මාධ්‍ය වේදීන් පිට වගකීම පැවරීම සාධාරණ දැයි අප විමසන්නෙමු....

වරක් මහා නායක හිමියන් සමග රහස් කතිකාවක් පවත්වා එයින් එළියට පැමිණිවිට මාධ්‍ය වේදීන් සාකච්ඡා කල දේ විමසූවිට " මාධ්‍ය වේදීන් සියලු දෙනා මහණ කරන්න කිව්වා" යැයි කියා මාධ්‍ය වේදීන් මහ හැරීම ජනතාවට රූපවාහිනී හා මුද්‍රිත මාධ්‍ය ආයතන එලෙස ප්‍රකාශ කිරීම කරුණු විකෘති කොට ඔහුගේ චරියට මඩ ගැසීමක්ද??

2010 මැතිවරණය පරදින වග දැන එයින් පළායැම 2015 මැතිවරණයට තමා ඉදිරිපත් වුවහොත් පරදින බව දැන එයට ඉදිරිපත් නොවී හොර පාරෙන් බලයට පැමිණීම මාධ්‍ය වාර්තා කිරීම වරදක් වන්නේ කෙසේද?? අද ඇති සීමිත මාධ්‍ය නිදහසටත් මෙලෙස තර්ජනය කිරීම මාධ්‍ය සදාචාරය වන්නේ කෙසේද??

අද පුවත්පත් මගින් ජාතිවාදය අවුස්සනවා යැයි අසත්‍ය ප්‍රකාශ කරමින් තමන්ට අභිමත පරිදි මෙහෙය වීමට නොහැකි තවමත් රටේ සැබෑ තත්වය රටට හෙළි කිරීමට වෙහෙස වන මාධ්‍ය වේදීන්ට අවසන් නිවේද නිතුක් කිරීම යහපාලනයේ මාධ්‍ය සංස්කෘතිය දැයි අපට ප්‍රශ්නයක් ඇත...

එදා එජාපයට විරුද්ධ වූ රිචඩ් ද සොයිසා , ප්‍රේමකීර්තිද අල්විස් හා තවත් බොහෝ දෙනාට ජීවිතයෙන් නිදහස්කර මාධ්‍ය නිදහස ලබා දුන් හැටි අපට අමතක නැත... අද උතුරේ ඉඩම් බෙදීම සම්බන්ධයෙන් උතුර ත්‍රස්තවාදයෙන් මුදා ගත් දකුණේ ජනතාවට දැන ගැනීමේ අයිතිය ඇහිරීමට වත්මන් රජය ඇති අයිතිය කුමක්ද?? උතුර යුදමය ලෙස දිනා රට එක්සේසත් කිරීමට උරදුන් දකුණේ ජනතාවගේ ඇස් වසා එවැන්නක් සිදුවනේනම් ඒ පිළිබද ජනතාව දැනුවත් වන්නේ කෙසේද??

අලුත් යහපාලනය එක්ක සෙල්ලම් කරන්න එපා යැයි මුද්‍රිත මාධ්‍ය කතෘ වරුන්ට රතු එළි දල්වන්නේ මේ වනව්ට සියලූම රූපවාහිනී හා ගුවන් විදුලි නාලිකා තම අණසකට ගෙන ඒවා තමන්ට රිසි පරිදි මෙහෙයවන නිසා බව පැහැදිලිය... සත්‍ය දැන ගැනීමේ අයිතිය වෙනුවෙන් මාධ්‍යවේදීන් ඉතා අතළොස්සක් නිර්භීතව කරගෙන යන වෑයම අප අගය කරන්නෙමු..

පසුගිය 18 වැනිදා නුගේගොඩ ජනතා රැළිය දැක වික්‍රමසිංහ මහතාට නිසැක ලෙසම පරාජය උරුම වී ඊළග පාර්ලිමේන්තුවේ විපක්ෂ නායක ධූරය පවා අහිමි වී යාමට ඉඩ සැලෙසන බව අවබෝධ වී ඇතිබව පැහැදිලිවේ....

අන්තර්ජාලය ඔස්සේ මහින්ද රාජපක්ෂ මහතාගේ ආධාර කරුවනගේ හා එතුමාගේ නිල වෙව් අඩවිය පවා මේවන විට සයිබර් ප්‍රහාර සිදුකර අඩාල කර ඇත...

මේ කිසිවකින් සත්‍ය වසන් කර ජනතාව මුළා කර බලයේ රැදී සිටිය නොහැක එජාපය ප්‍රමුඛ බල ලොභීන්ගේ උගුලේ හසුවූ ජනතාව තමා අතින් වූ වරද නිවැරදි කර ගැනීමට අවස්ථාව එළෙඹෙන තෙක් නො ඉවසිල්ලෙන් බලා සිටී... දිනෙන් දින මේ රට විනාශ මුඛයට ගෙනයන නීති විරෝධී රජයට එරෙහිව ජනතාව සත්‍ය අවබෝධ කර ගනිමින් ලක්ෂ ගණනින් එක් රැස්වෙමින් සිටී...

ජනතාවට සත්‍ය දැන ගැනීමේ අයිතිය වෙනුවෙන් තවමත් අභීතව සටන් කරන සියලු මාධ්‍යවේදීන්ට අපගේ උපහරය පිරිනමන්නෙමු... එජාපයේ මැර බලයට වඩා මාධ්‍ය වේදියාගේ පෑන ඉතා බලවත් බව අවධාරණය කරනෙමු... රජුන් තනන්නන් හා රජුන් නසන්නන් අතර අන්තර සම්බන්ධය මාධ්‍ය බව ඉක්මනින් වික්‍රමසිංහ මහතාව පැහැදිලිවනු ඇත....

යාළුවන්වත් දැනුවත් වීමට Share කරන්න.

කුඩු රජාගේ චෝදනාව එජාපයටම ආපහු කැරකෙයි

අපට දැනගන්නට ලැබුණ ආකාරයට පහත පින්තූරයේ දැක්වෙන්නේ කලකට ඉහතදී උදය ගම්මන්පිල මහතාට එක්තරා උත්සවයකට ආරාධනා ලැබෙද්දී, ඒ සමගම දුමින්ද සිල්වාටත් ඊට ආරාධනා ලැබී සහභාගී වීමේ සිදුවීමකි.

udaya-gammanpila

ඉහත පින්තූරයේ කුඩු රජා සිටින බව පවසන එක්සත් ජාතික පක්ෂ ෆේස්බුක් ක්‍රියාකාරිකයින් ඒ සම්බන්ධයෙන් ගත් නීතිමය ක්‍රියාමාර්ගය කුමක්දැයි අපි අහනවා. දණ්ඩ නීති සංග්‍රහයට අනුවත් එවන් තොරතුරු දැනගෙන පොලිසියට ලබා නොදීම වරදක්. එනිසා ෆේස්බුක් පිටුවේ එම පින්තූරය පළ කළ ඇඩ්මින්ව සොයාගෙන ඒ සම්බන්ධයෙන් සාක්ශි ලබා ගන්නා ලෙස නියෝග කරන මෙන් පොලිස්පති තුමාගෙන් අපි ඉල්ලා සිටිනවා.

යම් හෙයකින් කුඩු රජෙක් ඉහත පින්තූරයේ ඉන්නවානම් වහාම අත් අඩංගුවට ගත යුතුයි. දැන් තියෙන්නේ එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවක් නිසාත් "නීතිය ක්‍රියාත්මක වෙන්නේ නෑ" වැනි බොළඳ තර්ක වලින් පැන යාමටත් නොහැකියි. නමුත් එවැන්නක් සිදු වී නෑ. සිදුවන්නේ කුඩු ගැන කියමින් මඩ ගැසීමක් පමණයි.

අනික් අතට බලද්දී, දුමින්ද සිල්වා හිටි පමණින් එම උත්සවය මගහැර යාම උදය ගම්මන්පිල මහතා කළ යුත්තක් නෙමෙයි.

මොහොතකට කතා කළ පමණින් දුමින්ද සිල්වාගේ මතවාදය සමග උදය ගම්මන්පිල මහතා එකඟ වුණා කීමත් හුදු මඩක් විතරයි.

දුමින්ද සිල්වා සමග එක්තරා මොහොතක ඇවිදන් ගිය පමණින් මඩ ගහන අය අමතක කරන දේ තමයි, වර්තමානයේදී දුමින්ද සිල්වාගේ පක්ෂ නායකයා මෛත්‍රීපාල සිරිසෙන මහතා බව.

පහත දැක්වෙන්නේ සිගරැට් වලට එරෙහිව දුමින්ද සිල්වා සහ මෛත්‍රීපාල සිරිසේන හිටපු සෞඛ්‍ය අමාත්‍යවරයා එක්ව සංවිධානය කරන ලද දැනුවත් කිරීමක්. එජාප නිල ෆේස්බුක් පිටුවෙන් පළ කළ එම මඩ පෝස්ටරයේ ඉහලින් දැක්වෙන පාථයම, පහත පින්තූර වලට යෙදුවොත් ඊට ලයික් කළ 8000 ක් දෙනා එකඟ වේවිද?

https://www.youtube.com/watch?v=s5llMCcGWtI

04[1]

02[1]

01[1]

පහත දැක්වෙන්නේ දුමින්ද සිල්වා මහතාගේ සමාජ මෙහෙවර මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් ඇගයූ අවස්ථාවක්. එහිදී අදහස් දැක්වූ ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් අමාත්‍ය මෛත‍්‍රීපාල සිරිසේන කියා සිටියේ රටේ අනාගතය භාරගැනීමට සිටින නව පරපුර සඳහා ආර්. දුමින්ද සිල්වා මන්ත‍්‍රීතුමා ගෙන යන වැඩසටහන අගය කළ යුතු බවයි. මේ ගැන ඔය එක්සත් ජාතික පක්ෂ මඩ කරුවන් පවසන්නේ කුමක්ද?

https://www.youtube.com/watch?v=gUk4lhMc-jg

vlcsnap-2014-03-06-11h24m29s200[1]

මේ තියෙන්නේ මෛත්‍රීපාල සිරිසේන මහතා දුමින්ද සිලවාත් එක්ක අංගොඩ රෝහලට ගිය අවස්ථාවක්. එක්සත් ජාතික පක්ෂ ෆේස්බුක් පිටුවෙන් ගම්මන්පිල මහතා සම්බන්ධයෙන් දැක්වූ අයුරින් මෙය නම් කළොත් අර පින්තූරෙට ලයික් දාපු 8000 ක් දෙනා එකඟ වෙනවාද?

https://www.youtube.com/watch?v=hZ9qpP2qN68

vlcsnap-2014-01-29-21h51m00s165[1]

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමනි, තව ටික කලෙකින් ඔබව එජාපෙට එපා වූ විටෙක ඉහත ගම්මන්පිල මහතාට ගහන මඩම දෙගුණ තෙගුණ කරමින් ඔබතුමාටත් ගහාවි. ඉහත දැක්වෙන පින්තූරම ඊට යොදා ගනීවි. එනිසා එජාප මඩ කරුවන් ව දැන්ම නවතාගන්න.

යාළුවන්වත් දැනුවත් වීමට Share කරන්න.

Sunday, February 22, 2015

මෛත්‍රීපාල ඝාතන කුමන්ත්‍රණය ගැන ඇත්ත කතාව මෙන්න

maithripala

වෙබ් අඩවි ගණනාවක පළ වූ ඉහත පුවත සම්බන්ධයෙන් අප පිළිතුරක් ලියන්නේ, එම චෝදනාව සෘජුවම අපගේ වීරෝදාර රණවිරුවන්ට එල්ල වන බැවිනි. එනම්, එකී ඊනියා කුමන්ත්‍රණය
1. ආරක්ෂ අංශ වලින් සිදුවූවක්නම් සෘජුවම ආරක්ෂක අංශ වෙත චෝදනාව එල්ල වෙයි.
2. ආරක්ෂක අංශ නොදැනුවත්ව වෙනත් පාර්ශවයකින් සිදුවූවක් නම් ගෝල්ෆේස් එක වැනි ආරක්ෂාව උපරිමයෙන්ම පවතින ප්‍රදේශයකවත් ආරක්ෂාව දිය නොහැකි බවට ආරක්ෂක අංශ වෙත චෝදනාව එල්ල වෙයි.

එකී කුමන්ත්‍රණය නිසා මෛත්‍රීපාල සිරිසේන මහතා විශේෂ වෙඩි නොවදින ජැකට්ටුවක් ඇන්ද බව පැවසෙයි. එවිට අපට පැන නගින ප්‍රශ්නය වන්නේ "එතුමාගේ ඔළුවට වෙඩි වදින්නේ නැද්ද?" යන කාරණාවයි.

නිදහස් දින ආචාර පෙළපාලියට එන හමුදා භටයින්ගේ ගිණි අවි වල උණ්ඩ එකක්වත් නොමැත. පිටුපස සිටින හමුදාපතිවරුන්ද නිරායුධව සිටී. එසේනම් මෛත්‍රීපාල මහතා බිය විය යුත්තේ තමන්ගේ අරක්ෂාවට යොදාගත් තමන්ගේම ආරක්ෂකයන්ගෙනි.

යම් හෙයකින් මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ජීවිතයට අනතුරක් වුවහොත්, එවිට ජනාධිපති පදවියට පත් වන්නේ අගමැති රනිල් වික්‍රමසිංහ මහතා බවත් අපි මතක් කරෙන්නමු.

නමුත් ඇත්තම කතාවනම් ඔය කුමන්ත්‍රණ සිද්ධිය එලියට ආවේ මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ජැකට්ටුව සම්බන්ධයෙනි. එනම් නිදහස් දා "ජාතික ඇඳුම මොඩ් කර" ඇඳීම සම්බන්ධයෙන් එදා ඇතිවූ ජනතා විරෝධයට, ෆේස්බුක් එකේ එජාප ප්‍රචාරකයින් විසින් ලබා දුන් පිළිතුර වූයේ "මෛත්‍රීපාල සිරිසේන මහතගේ ජැකට්ටුව වෙඩි නොවදින එකක්" බවයි. වෙඩි නොවදින ජැකට්ටුව ඇඳීමට හේතුව වශයෙන් කුමන්ත්‍රණ කතාවකුත් ගෙතුවෝය. "ඔළුවට වෙඩි වදින්නේ නැද්ද?" යන පැනයටනම් ඔවුන්ට පිළිතුරක් නැති විය.

මෛත්‍රීපාල සිරිසේන මහතාගේ පාර්ශවයෙන් ආරක්ෂක අංශ වලට චෝදනා එල්ල වුවද, මහින්ද රාජපක්ෂ මහතාගේ සමයේ යුධ වකවානුවේදී පවා එතුමා රණවිරුවන්ව උපරිමයෙන්ම විශ්වාස කළේය. වාකරේ යුධ ජයග්‍රහණයෙන් පසුව මහින්ද රාජපක්ෂ මහතා මෙහෙයුමට දායක වූ ජීව උණ්ඩ සහිත විශේෂ බලකා රණවිරුවන් අතරටම ගොස් සුභපැතුවේය. https://youtu.be/OUKH4rDS6qs?t=2m19s මෙලෙස ඉදිරි පෙළ යුද වදින සෙබළු හමුවට ගියේ ලෝකයේ එතෙක් මෙතෙක් සිටි ජනාධිපති වරුන්ගෙන් බොහොම සුළු පිරිසක් විතරය.

z_vpg03-impossible[1]

මහින්ද රාජපක්ෂ මහතා විසින් ලෝකයේ විශිෂ්ටතම විනයානුකූල හමුදාව ලෙස ප්‍රකාශ කර මහ ඉහළින් ඔසවා තැබුවේ අපගේ වීරෝදාර රණවිරුවන්වයි. ජැකට්ටුව සාධාරණීකරනය කිරීම සඳහා රණවිරුවන්ට අපහාස නොකරන මෙන් එජාප මාධ්‍ය මඩ අවලාදකරුවන්ගෙන් ඉල්ලා සිටින්නෙමු.

යාළුවන්වත් දැනුවත් වීමට Share කරන්න.

Saturday, February 21, 2015

රනිල් කියපු ආරුගම්බේ බකින්හැම් මාලිගාව සංචාරක හෝටලයක්

https://www.youtube.com/watch?v=M463hcW4NOQ

ඉහත චෝදනාවට පිළිතුරක් මේ වෙබ් අඩවියේ දැක්වීමට ප්‍රමාද වූයේ එම චෝදනාව නගන්නේ රංජන් රාමනායක මහතා වැන්නෙක් නොව රටේ අගමැති තුමා වීම නිසා වඩාත් වගකීමකින් යුතුව සොයා බැලිය යුතු වීම නිසයි. පසුගිය දිනවල අපගේ සම්බන්ධතා හරහා සොයා බැලුවද, රනිල් වික්‍රමසිංහ අගමැති තුමා ප්‍රකාශ කරන ආකාරයේ බකිංහැම් මාලිගාව වැනි විශාල ගොඩනැගිල්ලක් ආරුගම්බේ වල ඇති බවක් අපට සොයාගත නොහැකි විය.

මේ ගැන BBC සිංහල වෙබ් අඩවියේ ලිපියක මෙසේ දැක්වෙයි.

1
" 'රනිල් කියූ බකිංහැම් මාලිගාවක් අපේ ප්‍රදේශයේ නැහැ'
17 පෙබරවාරි 2015 අවසාන වරට යාවත්කාලීන කළේ 18:40 GMT

අගමැතිවරයා ප්‍රකාශ කළ පරිදි බකිංහැම් මාලිගාවක් වැනි නිවාඩු නිකේතනයක් පානම ප්‍රදේශයේ ඉදි කර නොමැති බව නැගෙනහිර පළාත් සභාවේ හිටපු අධ්‍යාපන අමාත්‍ය විමලවීර දිසානායක පවසයි.

පසුගිය ආණ්ඩුවේ සිටි බලවතුන්ගේ සුඛ විහරණය උදෙසා ආරුගම්බේ ප්‍රදේශයේ බකිංහැම් මාලිගාවටත් විශාල නිවාඩු නිකේතනයක් ඉදි කොට ඇතැයි අගමැති රනිල් වික්‍රමසිංහ පසුගියදා කළ ප්‍රකාශයට ප්‍රතිචාර දක්වමිනුයි හිටපු පළාත් අමාත්‍යවරයා ඒ බව කියා සිටියේ.

අඩක් නිම කරන ලද ගොඩනැගිලි කිහිපයක් එම ස්ථානයට ගිය තමාට දැක ගැනීමට හැකි වූ බව විමලවීර දිසානායක පළාත් සභා මන්ත්‍රීවරයා සඳහන් කළේය. ‘මේ බාගෙට හදපු ඇටසැකිලි වගේ ගොඩනැගිලි ටික බකිංහැම් මාලිගයට සම කරා කියලා දන්නවා නම් බ්‍රිතාන්‍යයේ රැජින අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහත්තයාට විරුද්ධව නඩු දායි කියලා මම විශ්වාස කරනවා’ ඔහු පැවසීය.

මීට පෙර හිටපු ජනාධිපති රණසිංහ ප්‍රේමදාස විසින් ඉදි කරනු ලැබූ නිල නිවාස මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයාගේ ප්‍රයෝජනය සඳහා ඉදි කළා යැයි පවසමින් අසත්‍ය ප්‍රචාර ගෙන යන බවයි නැගෙනහිර පළාත් සභාවේ හිටපු අධ්‍යාපන අමාත්‍ය විමලවීර දිසානායක වැඩිදුරටත් කියා සිටියේ. "

https://www.youtube.com/watch?v=C_44P80CAhQ

අරුගම්බේ වල කළ හැකි ජාත්‍යන්තර සමබ්න්ධීකරනය කුමක්දැයි ශ්‍රී ලංකාවේ අග්‍රාමාත්‍යවරයෙක් විසින් විමසීම විමතිය දනවන්නකි. අරුගම්බේ යනු ශ්‍රී ලංකාවේ අසිරිය මුළු ලොවටම කියා පාන දර්ශනීය වෙරළ තීරයක් බව පාසල් දරුවන් පවා මැනැවින් දනී. ලෝක නායකයින් එවැනි රමණීය ප්‍රදේශයකට ගෙන්වා අප රටේ ඉදිරි ආර්ථික සංවර්ධන කටයුතු වලට එම නායකයින්ගෙන් ලබා ගත හැකි සහයෝගීත්වය විමසීම ඔවුන්ට අප රට ගැන යහපත් බලාපොරොත්තු ඇති කරන උපායශීලී ක්‍රියාවකි. අනෙක් අතට එම ජාත්‍යන්තර සම්බන්ධීකරන මූලස්ථානය අයිති වන්නේ රාජපක්ෂවරුන්ට නොව ශ්‍රී ලංකා රජයටයි. එය තේරුම් නොගෙන "ආරුගම්බේ වල කළ හැකි ජාත්‍යන්තර සමබ්න්ධතා කුමක්දැයි" ඇසීම "තොප්පිගල යනු කැලෑවක්" යන ප්‍රකාශයට නොදෙවැනි නොවේ.

ඊළඟට, අරුගම්බේ වෙල ඇති නිවාඩු නිකේතන ගැන රනිල් වික්‍රමසිංහ අගමැති තුමා පවසයි. එහෙත් ඒවා සංචාරක හෝටල් සහිත නිවාඩු නිකේතනයි. අරුගම්බේ වැනි සංචාරක පාරාදීසයක නිවාඩු නිකේතන හැදීමේ වරද කුමක්දැයි අපට නොවැටහේ. අරුගම්බේ එන සංචාරකයින් නිවාඩු නිකේතන වල රාත්‍රිය ගත නොකර මූදු වෙරළේ කූඩාරම් හදාගෙන රාත්‍රිය ගත කරන්නද?

රනිල් වික්‍රමසිංහ අගමැති තුමාගේ කතාවට සාධක සාක්ෂි සැපයීම සඳහා එතුමාගේ පවුලේ පුවත්පත වන ලංකාදීපයේ "ආරුගම්බේ තහනම් කලාපයේ සැප මන්දිර" මැයෙන් පින්තූර වගයක් සමග ලිපියක් පළ කර ඇත. නමුත් ඒවා රාජපක්ෂවරුන්ට අයත් ඒවා නොව සංචාරක හෝටල් ය.

පහත ලංකාදීප ලිපියේ ඇති පින්තූර දෙස බලන්න.
http://www.lankadeepa.lk/index.php/top_story/297046

ඒ පින්තූර අයත් වන්නේ පානම, ආරුගම්බේ හි පිහිටි "මාලිමා ලැගූන් කබානා" නැමැති සංචාරක හෝටලයටයි. පහත වෙබ් අඩවි 2 එන් එම "මාලිමා ලැගූන් කබානා" හෝටලයේ පින්තූර ඔබටම බලාගන්න පුළුවන්.

1. Lagoon Cabanas - Panama Arugambay http://lagooncabanas.lk/gallery.html

2. Malima Lagoon Cabanas - Panama Arugamby, Srilanka http://www.easternsrilanka.com/content/malima-lagoon-cabanas-panama-arugamby-srilanka/sriE4CC1BEAC682FF055

රනිල් වික්‍රමසිංහ මහතා සමග අප දේශපාලනික වශයෙන් එකඟ නොවුණද එතුමා කෙරෙහි සෑම දෙනාටම පක්ෂ විපක්ෂ බේධයකින් තොරව යම් ගෞරවයක් තිබුණි. එනම් අනිත් අයට මඩ නොගසන තාලයේ දේශපාලඥයෙක් බවයි. නමුත් මෙවන් සිදුවීම් වලින් එතුමාට තිබෙන ඒ ගෞරවයත් නැති කරගනිමින් සිටී.

යාළුවන්වත් දැනුවත් වීමට Share කරන්න.

Friday, February 20, 2015

මාර්තු 31 දා මහින්දව අත් අඩංගුවට ගැනීමට හැදීමේ යටි අරමුණ මෙන්න

මැතිවරණයක ආරක්ෂාවට හමුදාව යෙදවීම මගින් මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය වූවා කියමින් සිදු කරන්නේ මුට්ටිය දමා බැලීමක් බව mahinda.info හි පෙර ලිපියෙන් පැහැදිළි කළෙමු. නුගේගොඩ රැළියේදී විමල් වීරවංශ මහතා හෙළිකළ කරුණු අනුව එය තවත් සනාථ වෙයි. පහත දැක්වෙන්නේ එතුමාගේ කථාවේ අදාල කොටසේ සාරාංශයයි.

ජනාධිපතිතුමාගේ ප්‍රතිරූපෙට ගහනවා, ශ්‍රී ලංකා නිදහස් පක්ශේ අය ලවාම කියවලා බලනවා ප්‍රතිරූපේ වට්ටන්න, මොකක්ද අරමුණ?? ඡන්දෙට එන එක වලක්වන්න විතරද නෑ... බටහිර අධිරාජ්‍යවාධීන්ට ඕනි මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිතුමාව ජාත්‍යන්තර අපරාධ අධිකරණයට ගෙනියන්න. ඒක කරන්න නම් දේශීය පරීක්ෂණ මණ්ඩලයක් පිහිටුවන්න ඕනි...

https://www.youtube.com/watch?v=I4dOHrEWu-c

අන්න මංගල සමරවීර ජිනීවා මානව හිමිකම් කවුන්සලයේ ප්‍රධානියාට යවනවා ලිපියක් , මොකක්ද ඒ ලිපියේ කියන්නේ ?? "ඔබ තුමාලා කියන විදිහේ අය දාල, ඔබ තුමාලාගේ ප්‍රමිතියට අනුව මේ දේශීය පරීක්ෂණ යාන්ත්‍රණය පිහිටුවන්න අපි සූදානම්, ඒ කියන්නේ ඔයාලාට ඕනි විදිහට අපි වැඩේ කරලා දෙන්නම්, ඕගොල්ලෝ ලේ තවර ගන්න එපා ලේ අපි අපේ අතේ තවර ගන්නම්.

ඊලඟට මානව හිමිකම් කවුන්සිලය එකඟ වෙනවා මේ මාර්තුවල එලියට දාන්න තිබ්බ වාර්තාව මාස හයකින් කල් දාන්න. ඇයි ඒ? මේ රටට ආදරයටද? නෑ... එකක් තමයි මේ වාර්තාව මේ වෙලාවේ එළියට දැම්මොත් මහ ඡන්දේදී මහින්ද රාජපක්ෂට වාසිවෙයි කියලා හිතන එක.

අනික තමයි පස්සේ දැම්මම මේ දේශීය පර්‍රික්ෂණෙත් කරලා, ඒකට ගැලපෙන තවත් කරුණු දාලා තවත් සහාසික කරලා වාරතාව ගේන්න පුලුවන් කියන එක. තාමත් මිනිස්සු මහින්දට ආදරෙයි. ආදරේ නැති කරලා වාර්තාව ගේන්නම් කියලා තමයි මේ මාස හයකට පස්සට ගත්තේ.

අපි අහනවා මහින්දට තියෙන ආදරේ දවසින් දවස අඩු වෙනවාද වැඩි වෙනවාද? හිටපු මහින්දට වඩා පැරදුණු මහින්ද අපට සමීපයි නේද? අපට ඔහුව ඕන නේද? ඒ නිසා මුන්නැහේලා හිතන් ඉන්නවා නම් මාස හයෙන් වැඩේ දෙන්න පුලුවන් කියලා ඒක වෙන්නේ නෑ...

මේකයි සැලැස්ම, දැන් මේ අය හදන්නේ දේශිය පරීක්ෂණ මණ්ඩලයක් යුධ අපරාධ ගැන හදලා ඒකෙන් මහින්ද රාජපක්ෂ වැරදිකරු කරලා, ගොඨාභය රාජපක්ෂ වැරදිකරු කරලා, රණ විරුවෝ වැරදි කරු කරලා, තීන්දුව දුන්නට පස්සේ ආරක්ෂක මණ්ඩලයට එක්සත් ජාතින්ගේ සංවිධානය යෝජනාව ගෙනියනවා ඇමෙරිකාව. දේශීය පරීක්ෂණ මණ්ඩලයෙන් මේ අය වැරදිකරුවෝ කරලා තියෙනවා ඒනිසයි යෝජනව ගෙනවා හේඩ්න් වලට ගෙනියන්න.

ආරක්ෂක මණ්ඩලේදී චීනෙට රුසියාවට එදාට විරුද්ධ වෙන්න බැරි වෙනවා, ලංකා ආණ්ඩුව පත්කරපු මණ්ඩලයකින් මේ අය තීන්දුව දීල තියෙන හන්දා. ඔවුන්ට පවා ඒකට නිශේධ බලය පාවිච්චි කරන්න බැරි වෙනවා.

ඒ වෙනකොට මහජනයාගේ ඔලුව ඇතුලේ මහින්ද රාජපක්ෂ කියන්නේ හොරෙක් කියන හැගීම ඇති කරන්න තමයි මේ දැවැන්ත සන්නිවේදන ප්‍රහාරය ගෙනියන්නේ. චම්පික රණවකලා මහින්ද රාජපක්ෂව හිරේ දාන්න හදන්නේ, අනුර කුමාරලා වෙරයෙන් රාජපක්ෂට පහර දෙන්නේ. මෙන්න මේ අධිරාජ්‍යවාදීන්ගේ ඕනෑ කමට උදව් වෙන්න මිසක් වෙන දේකට නෙමයි.

champika

අපි අහනවා යුද්දේ දිනපු නායකයාව ඒ ගොදුරක බවට පත්වෙන්න ඉඩ දෙනවාද? යුද්දේ දිනපු නායකයාට ඒ ඉරණම අත්වෙන්න ඉඩ දෙනවාද? ආරක්ෂක ලේකම් ගොඨාභය රාජපක්ෂට ඒ ඉරණම අත්වෙන්න ඉඩ දෙනවාද? අපේ හමුදා නිලධාරීන්ට ඒ ඉරණම අත්වෙන්න ඉඩ දෙනවාද?

සටහන: චාමික

යාළුවන්වත් දැනුවත් වීමට Share කරන්න.

Thursday, February 19, 2015

මහින්ද ව උසාවි ගෙනියන්න හදයි.

පහත දැක්වෙන්නේ 2015-02-19 දින මව්බිම පුවත්පතේ පළවූ ලිපියකි.

3

55

ඉහත සිදුවීම සම්බන්ධයෙන් අපගේ අදහස් මෙලෙස කරුණු වශයෙන් සාරාංශ කර දැක්වීමට කැමතියි.

1. මැතිවරණ සමයේ පොලිසියට අමතරව හමුදා ආරක්ෂාව ලබා දීම මීට පෙර මැතිවරණ වලදීද සිදුවී ඇත.

2. මැතිවරණයක ආරක්ෂාවට හමුදාව යෙදවීම මගින් මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය වූවා කියන මොවුන් උතුරු නැගෙනහිර මානුෂික මෙහෙයුම ගැන මොන වගේ දේවල් කියනු ඇත්ද... මොවුන් මේ කරන්නේ මුට්ටිය දමා බැලීමකි.

3. පසුගිය ජනාධිපතිවරණයේදී හමුදා ආරක්ෂාව ලබා දී ඇත්නම් එයට හේතුවක් වන්නට ඇත්තේ මහින්ද රාජපක්ෂ මහතා ජයග්‍රහණය කළද, දහස් ගණනින් පැමිණ අරලියගහ මන්දිරය වැටලිය යුතුයැයි සමහර විපක්ෂ වල නායකයින් පැවසූ බවක් මාධ්‍ය වලින් වාර්තා කර තිබීමයි. ඒ අනුව සැබෑ කුමන්ත්‍රණය සිදුකර ඇත්තේ එවකට සිටි සමහර විපක්ෂ කණ්ඩායම් වලිනි.

4. පරාජය දැනුන විගසම මහින්ද රාජපක්ෂ මහතා අරලියගහ මන්දිරයෙන් පිට වීම හරහා මහින්ද පාර්ශවයෙන් කිසිදු කුමන්ත්‍රණයක් සිදු නොවී ඇති බව පැහැදිළියි.

5. රාජිත සේනාරත්න මහතා පවා මහින්ද රාජපක්ෂ මහතාට එරෙහිව තිබූ චෝදනා ඉල්ලා අස්කරගත්තේය. මේ ලිපියේ ඇති වීඩියෝ බලන්න. >> http://www.mahinda.info/2015/02/coup-2/

3. පසුගිය කාලයේ තිස්ස අත්තනායක මහතාව අත් අඩංගුවට ගත්තත් ප්‍රමාණවත් සාක්ෂි නැතැයි කියමින් එතුමාව නැවත නිදහස් කරන ලදී. http://www.mahinda.info/2015/02/thissa/ තිස්සට කරපු දේම මහින්ද රාජපක්ෂයන්ටත් සිදුකිරීමට යන බව පෙනේ.

tissa[1]

Mahinda Rajapaksa

මහින්ද රාජපක්ෂ මහතා ට එරෙහිව එවකට විපක්ෂය විසින් ඡන්ද ව්‍යාපාරය ගෙන ගියේ දූෂණ අක්‍රමික්තා ආදිය ගැන කියමිනි. නමුත් ඔවුන් බලයට පත් වූ පසුව ඔප්පු කළ දෙයක් නැත. ඔහුට එරෙහිව ගෙන ගිය සෑම මඩ අවලාදයක්ම ගල් පැලෙන බොරු බව දිනෙන් දින ඔප්පු වෙමින් පවතී. ඔහුට එරෙහිව ඔප්පු කළ හැකි කිසිදු චෝදනවක් නැති කළ, ආරක්ෂාව සඳහා අපගේ වීරෝදාර රණවිරුවන්ව යොදා ගැනීම කියමින් මහින්ද රාජපක්ෂ මහතාව වැලිකඩ ගෙන යාමට සැරසෙයි. ආදරණීය පාක්ෂිකයෙනි, ඔබ එයට ඉඩ දෙනවාද?

යාළුවන්වත් දැනුවත් වීමට Share කරන්න.

නුගේගොඩ ජන රැළියට ආපු සෙනග ගැන "ඉල ඇදෙන" තර්ක

මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ විරුද්ධවාදීන් ඊයේ (2015-02-18) පැවති ජන රැළිය පයිසෙකට ගනන් ගත්තේ නැත. කිව්වේ "ජාතික ගව සංගනනය" කියාය. 5000ක් ආවොත් දේශපාලනයෙන් සමුගන්නවා යැයි කියූවෙක්ද සිටියේය. නමුත් දැන්... අර වැඩකට නැති, පයිසෙකටවත් ගනන් ගත්තේ නැති රැස්වීම හරිම අවුලක් වෙලාය. සියළු වැඩ නවතා එහි ඡායාරූප ගෙන කොටු අඳිමින් ගණිතමය තර්ක ගෙනමින් ආපු සෙනඟ අවතක්සේරුවට ලක් කරන්න කටයුතු කරන බව පෙනේ. පැය 24කට කලින් පයිසෙකට ගනන් නොගත් රැස්වීමක් වෙනුවෙන් දැන් මෙච්චර වෙහෙසෙන්නේ ඇයි?

නුගේගොඩට ගැලූ මහා ජන ගඟ දැක තවමත් සිහි එලවා ගැනීමට නොහැකි වූ සමහරුන්, එහි සෙනග එතරම් නොසිටි බව කියමින් ගෙනෙන තර්ක මේ සතියටම ජනතාවට විනෝදය සපයාවි. එහෙත් ඔවුන්ගේ කතා යම් සුළු පිරිසක් විසින් විශ්වාස කරන බවක් පෙනී යන හෙයින් ඒවායේ ඇත්ත නැත්ත පෙන්වා දීම mahinda.info වෙබ් අඩවියේ අපගේ යුතුකමක් ලෙස සලකන්නෙමු.

පළමුවෙන්ම කිව යුත්තේ ජනමාධ්‍ය වෙත නිකුත් වී ඇති පින්තූර වල දැක්වෙන්නේ සවස 4 ට පමණ ගත් ඡායාරූපයි. ඉර අව්ව බැස නොගොස් තිබීමෙන්ම ඔබට එය පැහැදිළි වේවි. එහෙත් විමල් වීරවංශ මහතාගේ කතාව යද්දී එනම් හවස 5.30 පමණ වෙන විට කාර්යාල ඇරී පැමිණි මහා ජන ගංගාවෙන් මුළු ප්‍රදේශයම අතුරු සිදුරු නැතිව පිරුණි. එම අවස්ථාවේදී ගුවන් කැමරා ක්‍රියාත්මක කර ඡායාරූප ගත්තානම් අපට සත්‍ය තත්ත්වය අවබෝධ කර ගැනීමට හැකි වෙන්නට තිබුණි. (එය කැමරා ශිල්පීන්ගේ අඩුපාඩුවක් ලෙස දකිමු). එනිසා ජනමාධ්‍ය වෙත නිකුත් වී ඇති ඡායාරූප වලින් රැළියේ සැබෑ ජන සහභාගීත්වය සම්පූර්ණයෙන් නොදැක්වේ. සමහරුන් ජනතාව විශ්ලේශණය කරන ඡායාරූප සියල්ලේම සැබෑ ජන සහභාගීත්වය නොදැක්වෙන බව කිව යුතුයි.

DSC04082

ඉහත දැක්වෙන්නේ විමල් වීරවංශ මහතාගේ කතාව යද්දී ගත් ඡායාරූපයකි. එතන සිට පසුපසට සරසවි පොත් හල දක්වාම එකම හිස් ගොඩකි.

ඊළඟට, රැළියේ ජන සහභාගීත්වය අඩු බව කියන අයගේ තර්ක එකින් එක ගෙන හැර බලමු.

athula

ඉහත අතුල මහතා දක්වා ඇති ආකාරයට එම වර්ග ප්‍රමාණය අනුව පෙන්වමින් සෙනග 500 ක් වත් පැමිණ නැති බවක් නොකියා කියයි. එහෙත් ඈතින් තිතක් තිබ්බොත් එම එක තිතක ජනතාව වැඩි ප්‍රමාණයක් සිටී.

10255675_649355475169401_6253516762791592584_n[1]

Sri Lanka Machan පිටුවේ පළ වු ඉහත පින්තූරයෙන් පවසන ආකාරයට සෑම කොටුවකම සිට ඇත්තේ එකම ගාණකි. එහෙත් ළඟ කොටුවක 15 ක් හිටියා කිව්වත් ඈතට වෙන්න එක කොටුවක 1500 කට වඩා සිටින බව ඔවුන් තේරුම් ගෙන නැත.

88

ඉහත පින්තූරයට අනුව පැමිණ ඇත්තේ 2040 දෙනෙකි. නමුත් එම පින්තූරය ශෙයා කරන පුද්ගලයා විසින් 3356 ක් ලෙස නිවැරදි කර ඇත. ළඟ කොටුවක 60 ක් සිටියදී ඈත කොටුවක 80 ක් බවට නිගමනය කිරීම අපූරු තර්කයකි.

rally

ඉහත පින්තූරයේ දැක්වෙන්නේත් රැළියේ තිබුණ ප්‍රදේශයෙන් ඉතාමත් කුඩා ඉඩකි. ඒ අතර ඈත තිබෙන කොටුවක සෙනග 1000 ට ඉතා වැඩි බව ඔහුට වැටහී නැත.

ඉහත පින්තූර වල ආකාරයේ තර්ක නගන අය අසාද් සාලි ව බෙරා ගැනීමට උත්සාහ දරන බව පෙනේ. ඔවුන් මීටර දෙතුන් සීයකට දුරින් ඇති මගී බස් රථයක් දෙස, තමන්ගේ මහපට ඇඟිල්ල සහ දබර ඇඟිල්ල එකට තියා රවුම් කර එතුළින් බලා, මේ පුංචි ඉඩ අතුළේ සිය ගණන් මගීන් සිටින්නේ කෙසේදැයි අසනු ඇත. මහාචාර්ය නලින් ද සිල්වා මහතා ගොඩ කාලෙකට කළියෙන් විදුසර පුවත්පතට ලියූ ලිපි ටිකක් කියෙව්වානම් ඔවුන්ට Perspective (visual) කතාව තවත් පැහැදිළි වෙවි.

neth

එලෙස වර්ග ප්‍රමාණය ගැන ප්‍රශ්න කරමින් එකා පිට එකා හිටියාද කියා අසා පළ කරන ලද ලිපියේ සාවද්‍ය භාවය ගැන වැටහී නෙත් වෙබ් අඩවියෙන්ද ඉවත් කර ඇත. මෙතනින් බලන්න.

ඔවුන් නැගූ තර්කය නම්, පාප් වහන්සේ බැලීමට පැමිණි ලක්ෂ 5 ක බැතිමතුන් සිටි ගෝල්ෆේස් භූමි ප්‍රමාණය සාපේක්ෂ වශයෙන් අරගෙන නුගේගොඩ රැළිය තිබූ භූමි ප්‍රමාණයේ සෙනග මැණ බැලීමයි. එහෙත් ගෝල්ෆේස් පිටියේ ජනතාව එක පොදියට හිර වී සිටියේ නැත. නුගේගොඩ රැළියේ ජනතාව සිටියේ හැරෙන්නවත් ඉඩක් නොමැතිවයි.

ආපු සෙනග 5000 ට අඩු බව ඊනියා ක්‍රම මගින් පෙන්වා දීමෙන් පසුව, රැළිය තිබූ තැනද විවේචනය වුණි. පිට්ටනියක නොතිබ්බේ ඇයිදැයි අසනු පෙනුනි. එහෙත් පිට්ටනියක තිබූ ඔවුන්ගේ සමහර ජන රැලි වල, පිට්ටනිය තුළ පිහිටියේ වේදිකාව පමණි. පහත පින්තූරය බලන්න.

10906483_752590834796858_8803184394675300590_n[1]

ඊළඟට සුපුරුදු පරිදි ප්‍රයිවෙට් බස් වලින් සෙනග ගෙනැවිත් ඇති බවත් කියා ඇත. පහත පින්තූරයේ දැක්වෙන ප්‍රයිවෙට් බස් කිහිපය එල් බී ෆයිනෑන්ස් එක ගාව ඇති හෝල්ට් එකේ නිතර නවත්වන බස් වල දසුනකි. සෑම විටම පාහේ එතැන බස් හය හතක් නවත්වා තිබීම දක්නට ලැබෙයි.

1512458_649583078479974_648302495958521101_n[1]

සියලුම හර බර කෙස් පැලෙන තර්ක වැරදී ගිය කළ ඔවුන් ෆොටෝශොප් කළ හරක් රංචුවක පින්තූරයක් දමා මොකක්දෝ කියා ඇත. ජනතාවට හරක් යැයි පවසා ඊළඟ මහ මැතිවරණයේදී ඡන්දය ගැනීමට හැදීම ගැන අනුකම්පා කළ යුතුයි.

slmachan

තොරක් නැතිව මඩ අවලාද ගසන මිත්‍රවරුණි, අපට තේරෙනවා ඔබේ හිතේ තිබෙන වේදනාව. ඩීජේ එකක "ආතල් එකේ" නට නටා හිටපු මිනිහෙකුට පොල්ලකින් ඔළුවට ගැහුවා වගේ දැනෙනවා ඇති. නමුත් ඇත්ත එයයි. මහින්ද රාජපක්ෂ මැතිදුන්ට තිබූ ජනතා ප්‍රසාදය දුටු සැමගේ ෆැන්ටසි කුඩුවී බිමට වැටී ඇත. නන්නත්තාර වී ගොස් ඇත. අපි ඔබේ මඩ බලාපොරොත්තුව සිටිමු. ජනතාවද එය බලාපොරොත්තුව සිටිති. නමුත් ජනපතිවරණ කාලයේදී ගහපු මඩ සාධාරණීකරණය කර ගනිමින් නැවත එන්න අළුත් මඩ අරන්. නැත්නම් දැනට ඔබ පත්ව සිටින අපේක්ෂා බංගත්වය යාථාර්තයක්ම වන බව නොඅනුමානයි.

මූලාශ්‍ර: 12

යාළුවන්වත් දැනුවත් වීමට Share කරන්න.

Wednesday, February 18, 2015

විමල් වීරවංශ නුගේගොඩ මහා ජන රැළියේදී කළ ඓතිහාසික කතාව

ලක්ෂ 5 කට අධික ජන සහභාගීත්වයෙන් නුගේගොඩ පැවැති මහින්ද රාජපක්ෂ මහතා යළි දිනවන ඓතිහාසික මහා ජන රැළියේදී කාගේත් අවධානයට ලක් වූයේ විමල් වීරවංශ මහතා පැවැත්වූ කතාවයි.



මෙම රැළියේ විශේෂත්වය වූයේ මධ්‍යම පාන්තිකයින්, වෘත්තීය වේදීන් ඇතුළු සමාජයේ උගත් ජනතාවගේ අති විශාල සහභාගීත්වයක් තිබීමයි. ඔවුන් කෙරෙහි විශේෂ අවධානය යොමු කරමින් අපට හිතන්න ඉතිරි වෙන වැදගත් කාරණා රාශියක්ම විමල් වීරවංශයන්ගේ කතාව පුරා දිග හැරුණි.

10422109_589483081152979_8593364255936298723_n[1]

10986853_589468314487789_5415231220083386013_n[1]

යාළුවන්වත් දැනුවත් වීමට Share කරන්න.