හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය සහ හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාට එල්.ටී.ටී.ඊ. ත්රස්තවාදීන් විසින් මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාර එල්ල කරන අවස්ථාවේදී භාවිතයට ගත් වාහන පවා එම අංගනයේ තියෙනවා.
එම වාහන අධි ආරක්ෂිත වාහන වන බැවින් සාමන්‍ය වෙළඳපොලේ විකිණීමට හෝ භාවිතයට දීමට නොහැකියි.
එලෙස බෝම්බ ප්‍රහාරයකට ලක් වූ වාහන අසළ තිබී සුළු අලාභ වුණ රජයට අයත් අනෙක් වාහන පවා මෙහි ගාල් කර තිබෙනවා.
මේවාට අදාල පරීක්ෂණ අවසන් වුවද ඉදිරියේදී යම් හෙයකින් නැවත පරීක්ෂණ සිදු කරන්න වුවහොත් මේ වාහන ඊට සාක්ෂි ලෙස තබා ගත යුතු වීම මෙලෙස ගාල් කර තිබීමට තවත් හේතුවක්.
මහින්ද රාජපක්ෂ මහතා මාධ්‍ය වෙත නිකුත් කළ නිවේදනයකත් මේ ගැන සඳහන්. http://www.mahinda.info/2015/02/notice/
ජනාධිපති ලේකම් කාර්යාලයට අයත් ඇතැම් වාහන තවමත් ලැබී නැති බවට පුවතක් පල විය. ඒ අතරතුර ඩිෆෙන්ඩර් ජීප් රථ 22 ක් බොරැල්ලෙන් “සොයාගත්” බවටත් තවත් වාහන 53 ක් පිටකෝට්ටේ ඉඩමක අතහැර දමා තිබියදී හමු වූ බවටත් විවිධ වාර්තා පල විය. මේවා හමු වූ ස්ථාන ජනාධිපති ලේකම් කාර්යාලයේ නිල වාහන අංගනයන්ය. ඒවා හමුවූයේ ඒවා තිබිය යුතු ස්ථානවලින්මය. පිටකෝට්ටේ දී හමු වූ අතහැර දමා ඇති වාහන බොහොමයක් රජයේ සාමාන්‍ය ක්‍රියාපටිපාටිය පරිදි වෙන්දේසි කල නොහැකි, 1980 දශකය සිට පවතින අධි ආරක්ෂිත වාහනය. මමත් මාගේ කාර්ය මණ්ඩලයත් භාවිතා කල සියලු වාහන නිසි පරිදි භාර දී ඇත. සෙසු වාහන කුමන නිලධාරීන්ට හා ආයතනවලට දී ඇත්දැයි ජනාධිපති ලේකම් කාර්යාලයේ ආයතනික හා පරිපාලන අංශයේ වාහන ලේඛණයේ සදහන්ව තිබෙනු ඇත.
පහත දැක්වෙන්නේ එහි තිබූ වාහන වලින්, බෝම්බ ප්රහාරයන්ගෙන් සෘජුවම අනතුරට ලක් වූ වාහන කිහිපයක පින්තූරයි.
ඉහත දැක්වෙන සෑම වාහනයකම ඉතාමත් සංවේදී කතාවක් ලේ වලින් ලියවී තිබෙනවා. තම රාජකාරිය උපරිමයෙන්ම ඉටු කරමින් ඒ උදෙසා ජීවිතය පරිත්‍යාග කළ රණවිරුවන්ගේ මතකයන් ඒ අතර සැරිසරනවා.
ඔය අතරේ කවුරුත් දන්නා රන්ජන් රාමනායක මහතා මේ ගැනත් මෙසේ තම ෆේස්බුක් පිටුවේ පළ කර තිබෙනවා.
අදාල BBC ලිපියේ සඳහන් වෙලා තියෙන්නේත් වාහන 53 ක් ගැනයි. ඒත් රන්ජන් රාමනායක මහතා අතිනුත් වාහන 1547 ක් දාලා වාහන 1600 ක චෝදනාවක් රාජපක්ෂවරුන්ට බැර කරනවා.
එතුමා මහින්ද මහත්තයාට මඩ ගහන එකනම් අපිට හිතා ගන්න පුලුවන්. ඒත් එලෙස මඩ ගැසීම සඳහා පසුගිය 30 වසරක සාපලත් ඉතිහාසයේ කටුක අත්දැකීම් වල පින්තූර යොදාගනිමින් තුවාල පෑරීම හරිම කණගාටුදායකයි.
මේ ගැන යාලුවන්වත් දැනුවත් කරන්නට Share කරන්න.