Mahinda Rajapaksa: පෙබරාවාරි 18 නුගේගොඩ රැළිය මහින්ද නොදැන සිටීම සම්බන්ධයෙන්

Friday, February 13, 2015

පෙබරාවාරි 18 නුගේගොඩ රැළිය මහින්ද නොදැන සිටීම සම්බන්ධයෙන්

mahinda-nugegoda-18

2015 පෙබරාවාරි 18 වැනි දින නුගේගොඩ දී පැවැත්වීමට නියමිත රැළිය පිළිබඳව මහින්ද රාජපක්ෂයන් ගෙන් මාධ්‍යවේදීන් විමසූ කල එතුමා එය නොදන්නා බවක් පැවසීම පිළිබඳව ෆේස්බුක් එකේ සමහර එජාප ක්‍රියාකාරීන් විරෝධය පළ කර තිබුණි.

විමල්, ගම්මන්පිල, දිනේෂ්, වාසු යන මහත්වරුන් එම රැළිය සංවිධානය කිරීම එක් පසකින් සිදු වෙද්දී, තවත් පසෙකින් මහින්ද, මෛත්‍රීපාල, චන්ද්‍රිකා යන මහත්ම මහත්මීන්ව එක් වේදිකාවකට ගෙන ඒමේ වැඩපිළිවෙළකුත් ශ්‍රීලනිප ය තුළ සංවිධානය වෙන බව පසුගිය කාලයේ ශ්‍රීලනිප මන්ත්‍රීවරුන්ගේ ප්‍රකාශ වලින් දක්නට ලැබුණි.

ඒ අනුව මේ සිදුවෙන දේවල් සියල්ලම මහින්ද රාජපක්ෂ මහතා දැන සිටීයැයි අපට උපකල්පනය කිරීමට නොහැකියි. එතුමා කොළඹ ආ පසුව අදාල රැස්වීම ගැන සාක්ච්ඡා සිදුවූවා වීමටද පුළුවන.

ෆේස්බුක් එකේ සමහර මිතුරන්ට මෙය බරපතල දෙයක් වුවද මීට වඩා බොහෝ වැදගත් කරුණු ගැන එතුමාට සිතීමට ඇති බැවින්, පෙබරාවාරි 18 රැස්වීම දැන සිටියාද නොදැන සිටියාද වැනි ප්‍රශ්න අසමින් අපි එතුමාගේ කාලය වැය නොකරන්නෙමු.

කෙසේ නමුත් මහින්ද රාජපක්ෂයන් සෑම විටම ජනතාව සමග සිටින අතර ජනතා තීන්දුවට ඉදිරියේදීත් එතුමා හිස නමනු ඇත.

මහින්ද රාජපක්ෂයන් පෙබරාවාරි 18 රැස්වීම සම්බන්ධයෙන් දුන් පිළිතුර ගැන ආඩපලි නගන සමහර මිතුරන්ට පහත වීඩියෝව අමතක වී ඇති බවක් පෙනේ.

https://www.youtube.com/watch?v=MORSJdoStVw

යාළුවන්වත් දැනුවත් වීමට Share කරන්න.