ඉතාමත් පහත් බාසාවකින් යන මෙම අවලාදයේ සත්‍යාසත්‍ය භාවය කුමක්දැයි අපි විමසා බලමු.
කෝටි 20 කට වඩා වටින ගෙයක් (ලක්ෂ100*20 = ලක්ෂ 2000 ක්!) නම් එය ගෙයක් නොව මාළිගාවක් විය යුතුයි. මේ පින්තූර වල ඇති ගෙවල් හදන්න එතරම් මුදලක් නොයන බව ඕන කෙනෙකුට වැටහේ.
පළමු පින්තූරයේ දැක්වෙන දැක්වෙන නිවස විමල් වීරවංශ මහතා හදපු එකක් නොව මාළබේ ඇති කේටරිං හවුස් එකකි.
http://shdi.net/front-elevation-modern-house/self-catering-homes-in-malabe-a-house-in-malabe-kandy-road
දෙවැනි පින්තූරයේ දැක්වෙන්නේ බොරලැස්ගමුවේ විකිණීමට ඇති නිවසකි.
http://propertymaster.lk/Real-Estate-for-Sale-in-Sri-Lanka-House-for-Sale-in-Boralesgamuwa/PM00357_01
තුන් වන පින්තූරයේ දැක්වෙන්නේ Saniru Homes හි පළවූ පින්තූරයකි. http://saniruhomes.com/completedprojects/zoom_houses/17.htm චමිල සමරක්කොඩි නැමැති මහතෙක්ගේ නිවාස ඉදි කිරීමක් බව පහත වෙබ් අඩවියෙන් පැහැදිළියි. https://www.behance.net/gallery/1797896/Chamila-Samarakkodi-House-2-Colombo-Sri-Lanka එහි 6 වන පින්තූරය මෙයයි.
අන්තර්ජාලයෙන් එක එක පින්තූර සොරකම් කරමින්, ව්‍යාජ ලෙස පෙන්වමින් මේ ආකාරයෙන් ඔවුන් මඩ ගසන්නේ නව යොවුන් පරපුර විමල් වීරවංශ මහතාට එරෙහිව උසි ගැන්වීමටයි.
මහින්ද රාජපක්ෂ මහතාට සහ එතුමාට සහාය දුන් අයට එරෙහිව, එජාපයේ සියලුම අන්තර්ජාල ප්‍රචාරයන් යන්නේ මේ ආකාරයේ ඉතාමත් පහත් විදිහටයි.
යාළුවන්වත් දැනුවත් වීමට Share කරන්න.