චම්පික රණවකගේ බිලියන 250 චෝදනාවට පිළිතුරු

champika

පසුගිය කාලයේදී රාජපක්ෂවරුන්ට එරෙහිව ඉදිරිපත් කළ චෝදනා වූයේ ලැම්බෝගිණි, මිනීමෝරුන්, ගුවන් යානා, රත්තරං අශ්වයින්, ආදිය ගැනයි. “කෝ ඒවා තියේනම් පෙන්වන්න” යැයි ජනතාව ප්‍රකාශ කරද්දී , බොරු චෝදනා එල්ල කළ අයට කට උත්තර නැති විය. දැන් ඔවුන්ගේ අලුත්ම උපාය වී ඇත්තේ ඔප්පු කිරීමට අනවශ්‍ය චෝදනා එල්ල කිරීමයි.

අමාත්‍ය පාථලී චම්පික රණවක නගන එම චෝදනාවේ ප්‍රායෝගිකත්වය අප පළමුව බලමු.

රුපියල් බිලියන 250 ක් යනු සුළුපටු මුදලක් නොවේ, රුපියල් 250,000,000,000.00 කි

අන්තර්ජාලයේ ඇති ශ්‍රී ලංකාවේ 2013 දත්ත වලින් අපි ඉහත මුදල සංසන්දනය කර බලමු. මේ සඳහා අප යොදා ගන්නේ 2013 මහ බැංකු වාර්තාවයි.

1. දක්ෂීණ අධිවේගී මාර්ගයට එජාපයෙන් පවසන අවාසිම දත්ත දැම්මත් බිලියන 100 ක් වැය වෙලා නැහැ. පාථලී චම්පික රණවකට අනුව මහින්ද රාජපක්ෂයන්ගේ මාසෙක ඡන්ද ව්‍යාපාරයට බිලියන 250 ක්, ඒ කියන්නෙ දක්ෂිණ අධිවේගී මාර්ග 2ක් හදල තව ඕන නන් චොපර් එකකුයි, බකින්හැම් මාලිගයෙන් රත්තරන් අස්සයො කීප දෙනෙකුයි ගන්නත් සල්ලි ඉතුරු වෙනවා !

2. රජයේ ආදායම බිලියන 1137 (ආදායමයි, දළ දේශීය නිෂ්පාදිතයයි දෙකක්. ඒකත් නොදන්න 6% යේ ඇදුරොත් සමහර වෙලාවට දඟලන හින්ද විශේෂයෙන් කියන්න වෙලා තියෙනවා.) එතකොට පාථලී චම්පික රණවකට අනුව ආණ්ඩුවෙ වසරක ආදායමෙන් හතරෙන් පංගුවක් වගේ මාසයක ඡන්ද ව්‍යාපාරයට මහින්ද රාජපක්ෂයන් වියදම් කරල තියෙනවා. !

3. පොහොර සහනාධාරය සඳහා බිලියන 51 ක් ගිහින් තියෙනවා. පාථලී චම්පික රණවකට අනුව වසරක පොහොර සහනාධාරය වගේ 5 ගුණයක් මාසෙක මැතිවරණයට මහින්ද රාජපක්ෂයන්ට ගිහින් තියෙනවා. !

4. 2013 වසරේ දළ ජාතික නිෂ්පාදිතයේ කෘෂිකාර්මින නිෂ්පාදන වල වටිනකම (ඒ කියන්නේ රට තුළ නිපදවූ තේ, රබල්, පොල්, වී, වෙනත් වැවිළි, සත්ව නිශ්පාදන සහ ධීවර යනදී සමස්ත කෘෂිකාර්මික වටිනාකම) බිලියන 933 යි. එතකොට පාථලී චම්පික රණවකට අනුව දළ ජාතික නිෂ්පාදිතයේ කෘෂිකාර්මින නිෂ්පාදන වටිනාකමින් හතරෙන් පංගුවක් වගේ මාසයක ඡන්ද ව්‍යාපාරයට මහින්ද රාජපක්ෂයන් වියදම් කරල තියෙනවා. !

කොටින්ම කිවහොත් චම්පික රණවකට අනුව දින 30 ක ඡන්ද කාලය තුළ දිනකට රුපියල් 8,000,000,000.00 වැඩියෙන් ඡන්දයට වැය වී තිබෙනවා. අංක ගණිතය නොදන්නා අයනම් ඔය කතා පිළිගනීවි.

ඒ අනුව අමාත්‍ය පාථලී චම්පික රණවක ගේ පාක්ෂිකයින්වත් ඉහත බිලියන 250 ක කතාව විශ්වාස නොකරන බව වටහා ගත හැකියි. එදා “මහත්මයෙක්” ලෙස අපි දුටු චම්පික රණවකගේ මෑත කාලීන විපර්යාසය ගැන අපි තව පුංචි මතක් කිරීම් 2 ක් කරන්නම්.

ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් කලා කරුවාණන්ගේ පින්තූරය එඩිට් කළ සිද්ධියට පාථලී චම්පික රණවක පිළිතුරු දුන් ආකාරය ඔබට මතක ඇති. එලෙසටම, බිලියන 250 කතාව අන්තර්ජාලයෙන් උපුටා ගත්තා, ඒකට මට වග කියන්න බෑ කියලා පිළිතුරක් එතුමා දුන්නත් පුදුම නොවන ලෙස www.mahinda.info සහෘද ඔබට අප මතක් කරන්න කැමතියි.

champika

එසේම පාථලී චම්පික රණවක, මහින්ද රාජපක්ෂයන්ගේ රජයේ සිටියදී රඟ දැක්වූයේ දැඩි මුස්ලීම් විරෝධියෙක් ලෙසටයි. එලෙස කිරීමෙන් මහින්ද රාජපක්ෂයන් කෙරෙහි මුස්ලීම් ජනතාව බිඳවූවා. එය සහෝදර මුස්ලීම් ජනතාවට දැනටමත් අවබෝධ වී ඇතැයි අපි සිතනවා. නමුත් මෑතකදී චම්පික රණවක, රවුෆ් හකීම් සමග එක්ව දේශපාලනයේ යෙදෙමින්, මහින්ද රාජපක්ෂයන් විසින් ඉදි කරනු ලැබූ පොලක් නම විතරක් වෙනස් කර විවෘත කරනු දක්නට ලැබුණා.

10991107_10153132414051934_23008219817930359_n[1]

ඉහත කාරණා දෙක අපි ඉදිරිපත් කළේ චම්පික රණවකව විවේචනය කිරීමට නොව, එතුමා සද්භාවයෙන් යුතු මහත්මයෙක් යැයි සිතමින් බිලියන 250 කතාව විශ්වාස කරන අයට පුංචි මතක් කිරීමක් ලෙසටයි.

යාළුවන්වත් දැනුවත් වීමට Share කරන්න.

තවත් අයටත් බලන්නට SHARE කරන්න.
  •  
  •  
  •  
  •  
  •  

5 comments to චම්පික රණවකගේ බිලියන 250 චෝදනාවට පිළිතුරු

Leave a Reply