Mahinda Rajapaksa: මාර්තු 31 දා මහින්දව අත් අඩංගුවට ගැනීමට හැදීමේ යටි අරමුණ මෙන්න

Friday, February 20, 2015

මාර්තු 31 දා මහින්දව අත් අඩංගුවට ගැනීමට හැදීමේ යටි අරමුණ මෙන්න

මැතිවරණයක ආරක්ෂාවට හමුදාව යෙදවීම මගින් මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය වූවා කියමින් සිදු කරන්නේ මුට්ටිය දමා බැලීමක් බව mahinda.info හි පෙර ලිපියෙන් පැහැදිළි කළෙමු. නුගේගොඩ රැළියේදී විමල් වීරවංශ මහතා හෙළිකළ කරුණු අනුව එය තවත් සනාථ වෙයි. පහත දැක්වෙන්නේ එතුමාගේ කථාවේ අදාල කොටසේ සාරාංශයයි.

ජනාධිපතිතුමාගේ ප්‍රතිරූපෙට ගහනවා, ශ්‍රී ලංකා නිදහස් පක්ශේ අය ලවාම කියවලා බලනවා ප්‍රතිරූපේ වට්ටන්න, මොකක්ද අරමුණ?? ඡන්දෙට එන එක වලක්වන්න විතරද නෑ... බටහිර අධිරාජ්‍යවාධීන්ට ඕනි මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිතුමාව ජාත්‍යන්තර අපරාධ අධිකරණයට ගෙනියන්න. ඒක කරන්න නම් දේශීය පරීක්ෂණ මණ්ඩලයක් පිහිටුවන්න ඕනි...

https://www.youtube.com/watch?v=I4dOHrEWu-c

අන්න මංගල සමරවීර ජිනීවා මානව හිමිකම් කවුන්සලයේ ප්‍රධානියාට යවනවා ලිපියක් , මොකක්ද ඒ ලිපියේ කියන්නේ ?? "ඔබ තුමාලා කියන විදිහේ අය දාල, ඔබ තුමාලාගේ ප්‍රමිතියට අනුව මේ දේශීය පරීක්ෂණ යාන්ත්‍රණය පිහිටුවන්න අපි සූදානම්, ඒ කියන්නේ ඔයාලාට ඕනි විදිහට අපි වැඩේ කරලා දෙන්නම්, ඕගොල්ලෝ ලේ තවර ගන්න එපා ලේ අපි අපේ අතේ තවර ගන්නම්.

ඊලඟට මානව හිමිකම් කවුන්සිලය එකඟ වෙනවා මේ මාර්තුවල එලියට දාන්න තිබ්බ වාර්තාව මාස හයකින් කල් දාන්න. ඇයි ඒ? මේ රටට ආදරයටද? නෑ... එකක් තමයි මේ වාර්තාව මේ වෙලාවේ එළියට දැම්මොත් මහ ඡන්දේදී මහින්ද රාජපක්ෂට වාසිවෙයි කියලා හිතන එක.

අනික තමයි පස්සේ දැම්මම මේ දේශීය පර්‍රික්ෂණෙත් කරලා, ඒකට ගැලපෙන තවත් කරුණු දාලා තවත් සහාසික කරලා වාරතාව ගේන්න පුලුවන් කියන එක. තාමත් මිනිස්සු මහින්දට ආදරෙයි. ආදරේ නැති කරලා වාර්තාව ගේන්නම් කියලා තමයි මේ මාස හයකට පස්සට ගත්තේ.

අපි අහනවා මහින්දට තියෙන ආදරේ දවසින් දවස අඩු වෙනවාද වැඩි වෙනවාද? හිටපු මහින්දට වඩා පැරදුණු මහින්ද අපට සමීපයි නේද? අපට ඔහුව ඕන නේද? ඒ නිසා මුන්නැහේලා හිතන් ඉන්නවා නම් මාස හයෙන් වැඩේ දෙන්න පුලුවන් කියලා ඒක වෙන්නේ නෑ...

මේකයි සැලැස්ම, දැන් මේ අය හදන්නේ දේශිය පරීක්ෂණ මණ්ඩලයක් යුධ අපරාධ ගැන හදලා ඒකෙන් මහින්ද රාජපක්ෂ වැරදිකරු කරලා, ගොඨාභය රාජපක්ෂ වැරදිකරු කරලා, රණ විරුවෝ වැරදි කරු කරලා, තීන්දුව දුන්නට පස්සේ ආරක්ෂක මණ්ඩලයට එක්සත් ජාතින්ගේ සංවිධානය යෝජනාව ගෙනියනවා ඇමෙරිකාව. දේශීය පරීක්ෂණ මණ්ඩලයෙන් මේ අය වැරදිකරුවෝ කරලා තියෙනවා ඒනිසයි යෝජනව ගෙනවා හේඩ්න් වලට ගෙනියන්න.

ආරක්ෂක මණ්ඩලේදී චීනෙට රුසියාවට එදාට විරුද්ධ වෙන්න බැරි වෙනවා, ලංකා ආණ්ඩුව පත්කරපු මණ්ඩලයකින් මේ අය තීන්දුව දීල තියෙන හන්දා. ඔවුන්ට පවා ඒකට නිශේධ බලය පාවිච්චි කරන්න බැරි වෙනවා.

ඒ වෙනකොට මහජනයාගේ ඔලුව ඇතුලේ මහින්ද රාජපක්ෂ කියන්නේ හොරෙක් කියන හැගීම ඇති කරන්න තමයි මේ දැවැන්ත සන්නිවේදන ප්‍රහාරය ගෙනියන්නේ. චම්පික රණවකලා මහින්ද රාජපක්ෂව හිරේ දාන්න හදන්නේ, අනුර කුමාරලා වෙරයෙන් රාජපක්ෂට පහර දෙන්නේ. මෙන්න මේ අධිරාජ්‍යවාදීන්ගේ ඕනෑ කමට උදව් වෙන්න මිසක් වෙන දේකට නෙමයි.

champika

අපි අහනවා යුද්දේ දිනපු නායකයාව ඒ ගොදුරක බවට පත්වෙන්න ඉඩ දෙනවාද? යුද්දේ දිනපු නායකයාට ඒ ඉරණම අත්වෙන්න ඉඩ දෙනවාද? ආරක්ෂක ලේකම් ගොඨාභය රාජපක්ෂට ඒ ඉරණම අත්වෙන්න ඉඩ දෙනවාද? අපේ හමුදා නිලධාරීන්ට ඒ ඉරණම අත්වෙන්න ඉඩ දෙනවාද?

සටහන: චාමික

යාළුවන්වත් දැනුවත් වීමට Share කරන්න.

තවත් අයටත් බලන්නට "Share" කරන්න.

2 comments:

  1. How about Champikas coal consignment deal when he was in the previous govt.

    ReplyDelete
  2. අපි අහනවා යුද්දේ දිනපු නායකයාව ඒ ගොදුරක බවට පත්වෙන්න ඉඩ දෙනවාද?
    යුද්දේ දිනපු නායකයාට ඒ ඉරණම අත්වෙන්න ඉඩ දෙනවාද?
    ආරක්ෂක ලේකම් ගොඨාභය රාජපක්ෂට ඒ ඉරණම අත්වෙන්න ඉ
    අපේ හමුදා නිලධාරීන්ට ඒ ඉරණම අත්වෙන්න ඉඩ දෙනවාද?


    මේ බල්ලො බිරුවට ඔබ තුමන්ලාට කිසිම දෙයක් කරන්ඩ අපි ඉන්නකං ඉඩ තියන්නෙ නෑ.
    බහුතර ශ්‍රී ලාංකික දේශප්‍රේමී ජනයා ඉන්නවා ඔබතුමන්ලාගේ ආරක්ෂාවට, අපි දිවි පුදා හරි ඔබ සැම වෙනුවෙන් අපේ සටන දිඟටම දියත් කරනවා.

    ReplyDelete

අදහස් දැක්වීමේදී ඔබගේ නම දැක්වීමට "Comment as" ඉදිරිපස ඇති "Drop down menu" එකෙන් "Name/URL" ‍තෝරා ඔබගේ නම ඇතුළත් කරන්න.