Mahinda Rajapaksa: "ටොන් 310 රත්තරන් ගනුදෙනු" කතාව අතේ පැල වෙන බොරුවක් බව සනාථ වෙයි.

Friday, February 6, 2015

"ටොන් 310 රත්තරන් ගනුදෙනු" කතාව අතේ පැල වෙන බොරුවක් බව සනාථ වෙයි.

පහත දැක්වෙන්නේ 2015 ජනවාරි 30 දා ලංකා ඩේලි වෙබ් අඩවියේ පළ වූ රත්තරන් ටොන් 310 කට අදාලව මහින්ද රාජපක්ෂයන් වෙත එල්ල කරන ලද බරපතල චෝදනාත්මක ලිපියකි. මෙය ෆේස්බුක් එකේ බරපතල ලෙස සංවාදයට බඳුන් වූ අතර ෆේස්බුක් එකේදීත් මෙය දහස් ගණනින් ශෙයා විය.

Untitled-1

දැන් අපි බලමු මේ කියන කතාවේ පදනම කුමක්ද කියලා.

එල් ටී ටී ඊ සංවිධානය සතුව තිබූ රත්තරන් යනු, කොටි පාලන සමයේදී කොටි බැංකු වෙත මුදා නොගත් ප්‍රදේශ වල සිටි දමිළ ජනතාව උකස් කරන ලද රත්තරන් ය. ඊට අමතරව කොටින් විසින් දමිළ ජනතාවගෙන් කප්පන් ගන්නා ලද සහ කොල්ල කන රත්තරන්ද තිබුණි. එහෙම නැතිව උතුරේ තිබූ රත්තරන් පතලකින් කොටි ගොඩ දාන ලද රත්තරන් නොවේ. ඒවා උතුරේ ජනතාවගේම රත්තරන් ය.

ඒ අනුව කොටි පාලන සමයේ මුදා නොගත් ජනතාව අතර රත්තරන් ටොන් 350 ක් සංසරණය වී ඇති බවක් සරත් ෆොන්සේකා මහතා පැවසූ බව ඉහත දැක්වෙන ලංකා ඩේලි වෙබ් අඩවි ලිපියේ සඳහන් වෙයි.

ටොන් 350 ක් යනු කිලෝ 350,000 කි. මෙතනින් සැක හැර දැනගන්න.

උතුරේ මුදා නොගත් ප්‍රදේශ වල සිටි ජනගහනය ආසන්න වශයෙන් 500,000 ක් යැයි කිව්වොත්,

එක් දමිළ ජාතිකයෙක් ගාව අඩු තරමින් රත්තරන් ග්‍රෑම් 700 ක්වත් තිබී ඇත...!

ලංකා ඩේලි මඩ වෙබ් අඩ්වියට අනුව ලෝකයේ එතෙක් මෙතෙක් කාලය තුළ සිටි ධනවත්ම ජන කොට්ඨාශය අන්තිමටම සිට ඇත්තේ වෙල්ලමුල්ලිවෛක්කාල් වල විය යුතුය...!

නමුත් සත්‍යය නම්, මානුෂික මෙහෙයුමට පසුව හමු වූයේ රත්තරං කිලෝ 100 ක් පමණි. ඩිෆෙන්ස් වෙබ් අඩවියේ මෙසේ සඳහන් වෙයි.
6.5 million rupees, 100Kg gold and LTTE military items found
[June 24 2009]
Troops of 681 Brigade serving under Task Force 8 (TF-8) have uncovered 100Kg gold jewellery and sum of 6.5 Million rupees while conducting search and clearing operations in general area Mullaiwaikkal yesterday, 23 June.

වැඩේ කියන්නේ, ලංකා ඩේලි මඩ වෙබ් අඩවියට අනුව භාණ්ඩාගාරයට ටොන් 40 ක් හෙවත් කිලෝ 40,000 ක් භාර දී ඇත. ඒ අනුව හමුදාව අතිනුත් දමා රත්තරන් දුන්නා විය යුතුය.





එහෙත් සත්‍යයනම් මහින්ද රාජපක්ෂයන්ගේ කාලය තුළදීම සියලුම රත්තරන් අදාල දමිළ ජනතාවට බාර දීමයි. රන් බාර දීමට යම් කාලයක් ගත වූයේ, ඇඳි වත පිටින් කොටින්ගෙන් බේරී ආ ජනතාව සතුව කොටි බැංකු වලින් නිකුත් කළ රිසිට් නොතිබීමත්, එනිසා අයිතිකරුවන්ව තහවුරු කිරීමට කාලයක් ගත වීමයි. රන් බඩු බාර දුන් බව සහතික වූ දයා රත්නායක මහතා තවමත් ශ්‍රී ලංකා යුධ හමුදාපතියි.

MR12042014G_1[1]

ඒ සංවේදී නායකයාට ගහන ලද මඩ වල සැබෑ ස්වරූපය පෙන්වා සියල්ලන්වම දැනුවත් කිරීම උදෙසා අපි මෙය බෙදා හරිමු.

යාළුවන්වත් දැනුවත් වීමට Share කරන්න.

mahinda.info වෙබ් අඩවියේ ඇති වෙනස.

[1]. mahinda.info වෙබ් අඩවිය පෙනී සිටින්නේ බොරුවට එරෙහිව බැවින් අපි පළමුව බොරු නොකළ යුතු ය. වෙනත් නමකින් "ස්වාධීන සහ අපක්ෂපාතී" ලෙස පෙනී සිටීමට අපිට හැකි වුවද අපි එසේ කරමින් ජනතාව ‍රැවටීම සිදු නොකරමු. මෙය මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ අන්තර්ජාල මාධ්‍ය අංශයෙන් සිදුකරන වෙබ් අඩවියක් බව සෘජුවම පෙන්වා දී ඇත.

[2]. mahinda.info වෙබ් අඩවිය විසින් මෙහි ඇති ලිපි වල කරුණු තහවුරු කිරීමට විකීපීඩියාහි ඇති "Evidence-based journalism" සම්ප්‍රදාය අනුව ඔබට මූලාශ්‍ර එකින් එක පෙන්වා දෙයි.

[3]. mahinda.info වෙබ් අඩවිය කරුණු තහවුරු කිරීමේ මූලාශ්‍ර ලෙස හැකි සෑම විටම එක්සත් ජාතික පක්ෂයට හිතවත් වෙබ් අඩවි මූලාශ්‍ර කර ගනී. ඊට හේතුව එම වෙබ් අඩවි අපක්ෂපාතී නිසා නොව "ඌරාගේ මාළු ඌරාගේ පිටේම තබා කැපීම" යන ක්‍රමවේදය උදෙසායි.

[4]. mahinda.info වෙබ් අඩවිය විසින් "මඩ ගැසීම" හෙවත් කිසිවෙකුට එරෙහිව නිශ්චිතව සනාථ කළ හැකි සාක්ෂි නොමැතිව චෝදනා එල්ල නොකරයි.