මහින්ද මහතාට පුද්ගලික ගුවන් යානයක් ඇණැවුම් කල කතාව බොරුවත් බව හෙළිවේ.

පසුගිය දා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා උපුල් ශාන්ත සන්නස්ගල සමග රාජ්‍ය මාධ්‍ය වලින් පැවැත්වූ ජනතාව ඇමතීමේදී කළ ප්‍රකාශයක් ගැන රටේ මහත් ආන්දෝලනයක් පැන නැග්ගා. එනම් මෛත්‍රීපාල මහතා ප්‍රකාශ කළේ, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අති විශාල මුදලක් වැය කරමින් ඇමරිකන් ජනාධිපතිගේ එයාර්ෆෝස් 1 ආකාරයේ ප්‍රභූ ගුවන් යානයක් ඇනවුම් කර ඇති බවයි. මේ පිළිබඳව මඩ ගසමින් ෆේස්බුක් එකේත් බොහෝ මඩ ප්‍රචාරය වුණා. එහෙත් පසුව හෙළි වූයේ එයත් බොරු චෝදනාවක් බවයි.

uk-plane[1]

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා තමන්ගේ පුද්ගලික පරිහරණය සඳහා ගුවන් යානයක් ඇනවුම් කර තිබුණා යැයි මාධ්‍ය මගින් ප්‍රචාරය වුවත් සිවිල් ගුවන් සේවා ක්ෂේත්‍රයේ ඉහළම ආරංචි මාර්ග වලින් අනාවරණය වන්නේ එවැනි වෙනමම ගුවන් යානයක් ඇනවුම් කර නොතිබූ බවයි.

පසුගිය කාලයේදී ශ්‍රී ලංකන් ගුවන් සමාගමට එයාර්බස් සමාගමෙන් ගුවන් යානා මිලදී ගැනීමේදී ගුවන් යානා සමග නොමිලේ ප්‍රභූ පැකේජයක් (VIP Kit) අඩංගු කර තිබෙන්නේ ගුවන් යානා කිහිපයක් මිලදී ගැනීමේදී ලබාදෙන වරප්‍රසාදයක් ලෙසයි. වෙනම ගුවන් යානයක් ඇනවුම් කර තිබුණා යැයි සඳහන් කර තිබෙන්නේ මෙම ප්‍රභූ පැකේජයට විය යුතුය. කෙසේවෙතත්, ප්‍රභූ පැකේජයක් යනු ගුවන් යානයක් නොවන අතර එය ගුවන් යානයක ආසන කිහිපයක් ගලවා ගුවන් යානයකට සවිකරන පහසුකම් වලින් පිරි කුටියකි.

මෙම ප්‍රභූ පැකේජය (VIP Kit) වෙනුවෙන් එයාර්බස් විසින් ඩොලර් මිලියන 15 ක මිලක් දක්වා තිබෙන්නේ ගුවන් යානා ගැනීමේදී නොමිලේ හිමිවන මූල්‍යමය වාසියේ ප්‍රමාණය පෙන්වාදීම සඳහායි. ප්‍රභූ පැකේජය (VIP Kit) ඉවත් කිරීමෙන් මුදල් ලබාගැනීමට නොහැකි අතර කළ හැක්කේ ඒ වෙනුවෙන් එයාර්බස් සමාගම නිපදවන වෙනත් නිෂ්පාදනයක් ඉල්ලා ගැනීම පමණි.

ගුවන් යානයක් නොවන මෙම ප්‍රභූ පැකේජය පිළිබඳව නව රජයේ අතුරු අයවැය මගින්ද කරුණු දක්වා තිබෙන්නේ මෙසේයි.

“පාඩු ලබන ශ්‍රී ලංකන් ගුවන් සේවය මෑතකදී සිදුකරන ලද ගුවන් යානා මිලදී ගැනීම් තවත් අනවශ්‍ය නාස්තිකාරී වියදමකි. මෙම ගුවන් යානා සඳහා ඇමරිකානු ඩොලර් මිලියන 15 ක් (රුපියල් බිලියන 1.95 ක්) වටිනා ප්‍රභූ පැකේජයක් අඩංගු කර ඇති අතර එය නොමිලේ පිරිනමා ඇත. මෙහිදී මතුවන ගැටලුව වන්නේ ප්‍රභූ පැකේජය නොමැතිව මෙම ගුවන් යානාවේ මිල සාකච්ඡා සම්මුති මගින් අඩුකර ගැනීමට කටයුතු නොකිරීමයි.“

“The recent Air Bus purchases made by the loss making national Air Line brings out another wanton exercise of utter waste where a VIP kit had been attached valued at US$ 15 million offered free of charge. Whereas a question could be asked as to why the cost had not been renegotiated without including luxury equipment or is it another episode under the mega deal category.“

මෙම පදනම මත ශ්‍රී ලංකන් ගුවන් සේවයේ උසස්ම නිළධාරියෙකුගේ උපදෙස් අනුව මෙම ප්‍රභූ පැකේජය (VIP Kit) ලබාගැනීම නතර කර තිබෙන අතර අප වෙත අනාවරණය වන්නේ මෙහි වටිනාකමට එයාර් බස් විසින් නිපදවන වෙනත් නිෂ්පාදන ලබාගත හැකිදැයි ශ්‍රී ලංකන් සොයා බලමින් සිටින බවයි.

එයාර්බස් සමාගමේ වෙබ් අඩවියේ සඳහන් වන පරිදිද මෙම ප්‍රභූ පැකේජය (VIP Kit) ගුවන් යානයක් නොවේ. එය ගුවන් යානය ඇතුළත පැය 08 කින් සවිකළ හැකි පහසුකම් වලින් සපිරි වෙනමම කුටියකි.

මෙම කුටියේ පහසුකම් සහිත ද්විත්ව ආසන 06 ක් පමණ තිබිය හැකිබව එයාර්බස් සඳහන් කර ඇත.

මෙම ප්‍රභූ පැකේජය (VIP Kit) පිළිබඳව එයාර්බස් වෙබ් අඩවියේ තොරතුරු සඳහන් වන්නේ පහත පරිදියි.

airbus

http://www.airbuscorporatejetcentre.com/vip-cabin-outfitting/vip-conversion-kit/

VIP CONVERSION KIT
Give your aircraft a dual-role capability

For multi-mission needs, ACJC proposes a VIP Conversion kit, which allows conversion of the forward A319/A320 commercial passenger area into a spacious VIP section.
Designed by ACJC, this elegant kit may include two double-VIP seats and two Club-Four VIP seats, with Hi/Lo tables. To complement this VIP configuration and bring a warmer ambiance and greater privacy, the forward area also features partitions, high quality leather upholstery, woolen carpets and elegant curtains.
In order to meet special needs, other customized configurations are designed on demand.
The ACJC VIP Conversion Kit may be installed very easily within 8 hours. The configuration of the aircraft can, of course, be performed by ACJC but also by any EASA Part 145 organisation or Approved Maintenance Organisation (AMO) certificated by its local authority.
ACJC’s Field Support Team can provide you with all the tools and the support equipment required to perform such a change in the shortest possible time. ACJC can also provide training for the first configuration change.

යාළුවන්වත් දැනුවත් වීමට Share කරන්න.

තවත් අයටත් බලන්නට SHARE කරන්න.
  •  
  •  
  •  
  •  
  •  

1 comment to මහින්ද මහතාට පුද්ගලික ගුවන් යානයක් ඇණැවුම් කල කතාව බොරුවත් බව හෙළිවේ.

  • Kasun

    මෛත්‍රීපාල සිරිසේන මහතාගෙන් අප කාරුණිකව ඉල්ලා සිටින්නේ මින් පසුව එවන් ප්‍රකාශ කිරීමේදී වගකිවයුතු රාජ්‍ය නායකයෙක් වශයෙන් වඩාත් සැලකිලිමත් වෙන ලෙසටයි. මන්ද මෙවන් දෑ වලින් හෑල්ලු වන්නේ එතුමාගේ ගෞරවය පමණක් නොව, ජනාධිපති තනතුරේ ගෞරවය මෙන්ම රටේ ගෞරවයත් වන නිසයි.

Leave a Reply