Mahinda Rajapaksa: මහින්ද රාජපක්ෂ මහතාට එරෙහිව එල්ල කරන අසත්‍ය චෝදනා ගැන පිළිතුරු ලිපිය

Sunday, February 1, 2015

මහින්ද රාජපක්ෂ මහතාට එරෙහිව එල්ල කරන අසත්‍ය චෝදනා ගැන පිළිතුරු ලිපිය

පසුගිය කාලය පුරාවට තමාටත් තම පවුලත් ඉලක්ක කොටගෙන මඩ ව්‍යාපාරයක් ක්‍රියාත්මක වන බවත් එම චෝදනා වල කිසිදු සත්‍යතාවයක් නොමැති බවත් හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා විසින් මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කොට තිබේ.

ඒ අනුව අරලියගහ මන්දිරයේ හමුදා කුමන්ත්‍රණය, අරලියගහ මන්දිරයේ වැසිකිලි වල පවා ටී.වී තිබීමට හේතුව, තමාගේ රුව ඇතුලත් භාණ්ඩ හමුවීම, සී ප්ලේන් හා ලෑම්බෝගිනි සොයා සිදුකරන ලද මෙහයුම් මෙන්ම හිටපු ජනපති ආර්යාවට නැගෙන රත්රන් ජාවාරම පිලිබඳ චෝදනාවටද හිටපු ජනපතිවරයා විසින් පිළිතුරු සපයා තිබේ. එම නිවේදනය බලන්න පහතින්.
Mr-lettrer

යාළුවන්වත් දැනුවත් වීමට Share කරන්න.

mahinda.info වෙබ් අඩවියේ ඇති වෙනස.

[1]. mahinda.info වෙබ් අඩවිය පෙනී සිටින්නේ බොරුවට එරෙහිව බැවින් අපි පළමුව බොරු නොකළ යුතු ය. වෙනත් නමකින් "ස්වාධීන සහ අපක්ෂපාතී" ලෙස පෙනී සිටීමට අපිට හැකි වුවද අපි එසේ කරමින් ජනතාව ‍රැවටීම සිදු නොකරමු. මෙය මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ අන්තර්ජාල මාධ්‍ය අංශයෙන් සිදුකරන වෙබ් අඩවියක් බව සෘජුවම පෙන්වා දී ඇත.

[2]. mahinda.info වෙබ් අඩවිය විසින් මෙහි ඇති ලිපි වල කරුණු තහවුරු කිරීමට විකීපීඩියාහි ඇති "Evidence-based journalism" සම්ප්‍රදාය අනුව ඔබට මූලාශ්‍ර එකින් එක පෙන්වා දෙයි.

[3]. mahinda.info වෙබ් අඩවිය කරුණු තහවුරු කිරීමේ මූලාශ්‍ර ලෙස හැකි සෑම විටම එක්සත් ජාතික පක්ෂයට හිතවත් වෙබ් අඩවි මූලාශ්‍ර කර ගනී. ඊට හේතුව එම වෙබ් අඩවි අපක්ෂපාතී නිසා නොව "ඌරාගේ මාළු ඌරාගේ පිටේම තබා කැපීම" යන ක්‍රමවේදය උදෙසායි.

[4]. mahinda.info වෙබ් අඩවිය විසින් "මඩ ගැසීම" හෙවත් කිසිවෙකුට එරෙහිව නිශ්චිතව සනාථ කළ හැකි සාක්ෂි නොමැතිව චෝදනා එල්ල නොකරයි.