රාජපක්ෂලා නිධාන කඩපුවා හම්බුණා කියලා පහුගිය දවස් වල ෆේස්බුක් එකේ දෙදහසකට අධික පිරිසක් ශෙයා වුණ පින්තූරේ ඔබ දකින්නට ඇති. ඒත් එහි දැක්වෙන්නේ 2012 ඔක්තෝබර් 31 ටැන්සානියාවෙන් හම්බවුණ ඇත්දළ වගයකි.
http://wwf.panda.org/?206638%2Ftanzania-police-seize-more-than-200-elephant-tusks
එසේම නවලෝක මුදලාලිගේ යාඩ් එකෙන් මතු වූ බවක් කියන එම කන්ටේනර් දෙක අන් කිසිවක් නොව, පෑලියගොඩ තබා තිබුණ මහින්ද රාජපක්ෂ මහතාගේ ඇඳුම්, ලීබඩු, සහ සිහිවටන ඇතුළත් කන්ටේනර් 2 යි.
http://www.lakbima.lk/index.php?option=com_content&view=article&id=43051:2015-01-18-16-07-16
මහින්ද රාජපක්ෂ මහතා පසුගිය දා නිකුත් කළ මෙම ලිපියේ මෙසේ සඳහන්ව ඇත.
"අරලියගහ මන්දිරයෙන් “සොරකම්” කරන ලද භාණ්ඩ යැයි සැකපිට මටත් මාගේ පවුලටත් අයත් ගෘහභාණ්ඩ හා වෙනත් දෑ සහිත කන්ටේනර් දෙකක් පොලිසිය විසින පරීක්ෂා කරනු ලැබිණී. මේ භාණ්ඩ කන්ටේනර් වල අසුරා තිබුනේ මාගේ නිල නිවසින් ඉවත් වූ පසු ඒවා රැගෙන යෑමට කොළඹ තැනක් නැති නිසාය. හිටපු ජනාධිපති හැටියට මට ලැබිය යුතු නිල නිවස ලැබෙන තෙක් ඒවා කන්ටෙන්ර් තුලම තිබෙනු ඇත."
ඉහත පින්තූරයේ දැක්වෙන පරිදි අපහාසාත්මක ලෙස ව්‍යාජ චෝදනා එල්ල කළේ ප්‍රධාන් රණගල නැමැති එක්සත් ජාතික පක්ෂ සංවිධායකවරයා විසිනුයි.
ප්‍රධාන් රණගලගේ පියා පොලිස් SSP ප්‍රේමලාල් රණගල මහතායි. ජනාධිපතිවරණයට ආසන්න කාලයේදී ප්‍රේමලාල් රණගල මහතා සරසවි සිසුන්ට බැටන් පොලු වලින් පහර දුනි. ප්‍රධාන් රණගලගේ පියාගේ එම ක්‍රියාව යොදා ගනිමින් විරුද්ධ පක්ෂයේ අන්තර්ජාල මාධ්‍ය අංශයෙන් හානි කළේත් මහින්ද රාජපක්ෂ මහතාගේ කීර්ති නාමයටයි.
යාළුවන්වත් දැනුවත් වීමට Share කරන්න.