Mahinda Rajapaksa: මහින්ද ට දැන් දේශපාලනය එපා කියන අයට පිළිතුරු

Friday, February 13, 2015

මහින්ද ට දැන් දේශපාලනය එපා කියන අයට පිළිතුරු

මහින්ද රාජපක්ෂ මහතා නැවත දේශපාලනය කිරීම හෝ නොකිරීම එතුමාගේ අභිමතය අනුව සිදුවිය යුත්තකි. ඒ ගැන www.mahinda.info මාධ්‍ය අංශයෙන් එතුමාට කිසිදු බලපෑමක් නොමැත. එහෙත් එතුමාගේ දේශපාලනය කෙරෙහි එල්ල කර ඇති චෝදනා කිහිපයකට පිළිතුරු දීමට කැමතියි.

(1). මහින්දගේ වයස දේශපාලනය කිරීමට බාධාවක් ද?

මහින්ද රාජපක්ෂ මහතාගේ උපන් දිනය 1945.11.18
මේ වට විට එතුමාට වයස අවුරුදු 69 මාස 3

නිමල් සිරිපාල ද සිල්වා මහතාගේ උපන් දිනය 1944.09.06
මේ වට විට එතුමාට වයස අවුරුදු 70 මාස 5

චන්ද්‍රිකා කුමාරතුංග මැතිණියගේ උපන් දිනය 1945.06.29
මේ වන විට එතුමියට වයස අවුරුදු 69 මාස 7

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අගමැති අපේක්ෂකත්වයට සමහරුන් යෝජනා කරන ඉහත විකල්ප දෙක සමග බලන කල මහින්ද රාජපක්ෂ මහතාගේ වයස ඊට අඩු බව පැහැදිළියි.

මේ ගැන අපගේ මිත්‍රයෙක් ෆේස්බුක් එකේ පහත පින්තූරය දක්වා තිබූ අතර ඊට ප්‍රතිචාර ද යහමින් ලැබී තිබුණි.

18265_351444021705840_6388124664440771812_n[1]

(2). මහින්දට එල්ල වී ඇති චෝදනා දේශපාලනය කිරීමට බාධාවක්ද?

මහින්ද රාජපක්ෂ මහතාට හෝ ඔහුගේ ඥාතීන්ට එල්ල වී ඇති චෝදනා කිසිවක් තවම ඔප්පු වී නැත. ඇත්තටම සිදුවන්නේ එතුමාට එල්ල කරන චෝදනා ටික දිනකින් අනාවරණය වීමයි. www.mahinda.info වෙබ් අඩවියේ වැඩිපුරම ඇත්තේ එලෙස අතේ රෝල් වූ මඩ ගැනයි.

රාජපක්ෂ මහතාට එරෙහිව අධිකරණය විභාග වූ එකම චෝදනාව වන සුනාමි සහන මන්ඩල චෝදනාවෙන් එතුමාව සම්පූර්ණයෙන්ම නිදොස් කොට නිදහස් කරන ලද්දේ, මෛත්‍රීපාල සිරිසේන මහතාව බලයට ගෙන ඒමට කැප වූ එදා අගවිනිසුරු සරත් එන් සිල්වා මහතා විසිනි.

කිසිවෙකුට චෝදනා එල්ල කළ පමණින් වරදකරු නොවේ. මේ යොමුවෙන් බලන්න පසුගිය දා රවි කරුණානායක මහතා අතුරු අයවැය ඉදිරිපත් කළේ එතුමාට එරෙහිව අධිකරණයේ විභාග වෙමින් තිබූ විනිමය වංචා චෝදනාව කල් දැමීමෙනි. අනික් අතට මේ යොමුවෙන් බලන්න රවි කරුණානායක මහතා අධිකරණයෙන් ඇප නියම වුණ අයෙකි.

මානුෂික මෙහෙයුමට අපහාස කරමින් අලිමංකඩ පාමංකඩ කතා කී, අධිකරණයේ විනිමය චෝදනා එල්ල වූ, රවි කරුණානායක මහතාට එක් ආකාරයකට සලකයි. මානුෂික මෙහෙයුම ජයග්‍රහණය කිරීමට සේනාධිනායකත්වය දුන්, රටේ යෝධ සංවර්ධනයක් සිදුකළ, කිසිදු අධිකරණ චෝදනාවක් නොමැති, හුදු ගොසිප් වෙබ් අඩවි සහ මඩ ප්‍රහාරකයින්ගේ අතේ රෝල් වෙන චෝදනා නිසා මහින්ද රාජපක්ෂ මහතාට තවත් ආකාරයකටත් සලකයි. තීරණය ජනතාවට භාර කරමි.

(3). මහින්ද ජනාධිපතිවරණය පැරදුණ නිසා ආයිත් දේශපාලනයට එන එක හරි නෑ නේද?

එක දිගට 29 වතාවක් පරාජය වූ රනිල් වික්‍රමසිංහ මහතාට පාර්ලිමේන්තුවේ බහුතරයවත් නොමැතිව (අත්සන් 114 කින් දෝශාභියෝගයක් පැමිණීමෙන් එය සනාථ විය) අගමැති වීමට හැකි විය. මෑතකදී වරක් පරාජය වූ මහින්ද රාජපක්ෂ මහතාට දේශපාලනය අකැප වන්නේ නැත.

ඊගාවට පසුගිය ඌව පළාත් සභා මැතිවරණයේදී වත්මන් විපක්ෂ නායක නිමල් සිරිපාල ද සිල්වා මහතාගේ බදුල්ල ආසනය ඡන්ද 6098 කින් පරාජය විය. එහෙත් පළාත් සභා මැතිවරණයෙන් පමණක් නොව පසුගිය ජනාධිපතිවරණයෙන්ද මහින්ද රාජපක්ෂ මහතා තමන්ගේ ආසනය පමණක් නොව මුළු හම්බන්තොට දිස්ත්‍රික්කයම ජයග්‍රහණය කළේය.

එසේම ඡන්ද කොට්ඨාශ අනුව බලන කල පරාජය වී නොමැති මහින්ද රාජපක්ෂ මහතාට, ඡන්ද කොට්ඨාශ ලෙස පවත්වන මහ මැතිවරණය අකැප නොවේ.

sri-lanka-presidential-election-2015-map

යාළුවන්වත් දැනුවත් වීමට Share කරන්න.