එම චෝදනා එක්සත් ජාතික පක්ෂයේ නිල ෆේස්බුක් පිටුවේ පළ වූ අතර , එජාප තරුණ බලකායක් වන ග්රීන් බ්ලඩ් ෆේස්බුක් පිටුවේ ද පළ විය.
එජාප නිල පිටුවේ පළ වූ චෝදනාව 5000 කට වැඩි පිරිසක් එකඟ වී ඇති අතර 2000 කට වැඩි පිරිසක් බෙදා හැර ඇත. (එවන් Like / Share තිබෙන පෝස්ට් එකක් අඩුම තරමින් ලක්ෂ 2 කටවත් වැඩි පිරිසක් නරඹන්නට ඇති බව අප අත්දැකීමෙන් දනිමු). ඒ අනුව ඉහත පළකිරීම මගින් ජනාධිපතිවරණ සමයේ රාජපක්ෂවරුන්ට සිදුවූ බලපෑම ඔබට වටහා ගත හැකියි.
එහෙත් මිත්රවරුණි, ඉහත පින්තූර වල දැක්වෙන අශ්වයා බකිම්හැම් තියා ඒංගලන්තය අහලකවත් සිටි අශ්වයෙක් නොව එක්සත් අරාබි එමිරේට්ස් වල විකිණීමට ඇති අශ්වයෙක්ගේ ඡායාරූපයයි.
http://rideordrive.net/horseclass/ads/selling-my-perfect-horse/
හෙලිකොප්ටරය මහින්දගේ පුතාගේ එකක් නොව Bora Bora Helicopter Tours & Flights හි වෙබ් පිටුවේ දැක්වෙන හෙලිකොප්ටර් ඡායාරූපයයි.
http://www.boraboraislandguide.com/bora-bora-helicopter.html
ඒ අනුව ජනතාවගෙන් හොරා කාපු සල්ලි වලින් ගත්ත දේවල් වශයෙන් පෙන්වූ චෝදනාව සාහසික මඩ අවලාදයක් බව ඔබට වැටහෙනවා ඇති. නමුත් ඔය ආකාරයෙන් තව බොහෝ තැන් වල පෝස්ට් පළ වූ අතර ලක්ෂ ගණන් ජනතාව මඩ යොදාගනිමින් රවටන්නට ඇත.
ඊළඟට එම පින්තූරයේ සිටින්නේ රෝහිත රාජපක්ෂ මහතා විවාහ වීමට සිටින ගැහැණු ළමයායි. ඔහුගේ ෆේස්බුක් පේජ් එකේ තවත් පින්තූර තිබේ. දෙපාර්ශවයේම අවසර සහිතව විවාහ වීමට බලාපොරොත්තුවෙන් සිටින පෙම්වතිය සමග පින්තූරයකට පෙනී සිටීමේ වරද කුමක්දැයි එජාප ෆේස්බුක් පේජ් එක කරන උදවිය පැහැදිළි කළ යුතුය. එය "කම් සැප විඳීමක්" යනුවෙන් චෝදනා කරන ඔවුන්, ඔය ආකාරයෙන්ම තමන්ගේ දෙමාපියන්ටත් එසේ චෝදනා නොකරාවිද?
රට බේරා ගත් නායකයාට පමණක් නොව ඔහුගේ දරුවන්ට පවා සාහසික මඩ අවලාද නගන ලද එජාපය ගැන ඔබගේ අදහස කුමක්ද?
යාළුවන්වත් දැනුවත් වීමට Share කරන්න.