Mahinda Rajapaksa: නුගේගොඩ ජන රැළියට ආපු සෙනග ගැන "ඉල ඇදෙන" තර්ක

Thursday, February 19, 2015

නුගේගොඩ ජන රැළියට ආපු සෙනග ගැන "ඉල ඇදෙන" තර්ක

මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ විරුද්ධවාදීන් ඊයේ (2015-02-18) පැවති ජන රැළිය පයිසෙකට ගනන් ගත්තේ නැත. කිව්වේ "ජාතික ගව සංගනනය" කියාය. 5000ක් ආවොත් දේශපාලනයෙන් සමුගන්නවා යැයි කියූවෙක්ද සිටියේය. නමුත් දැන්... අර වැඩකට නැති, පයිසෙකටවත් ගනන් ගත්තේ නැති රැස්වීම හරිම අවුලක් වෙලාය. සියළු වැඩ නවතා එහි ඡායාරූප ගෙන කොටු අඳිමින් ගණිතමය තර්ක ගෙනමින් ආපු සෙනඟ අවතක්සේරුවට ලක් කරන්න කටයුතු කරන බව පෙනේ. පැය 24කට කලින් පයිසෙකට ගනන් නොගත් රැස්වීමක් වෙනුවෙන් දැන් මෙච්චර වෙහෙසෙන්නේ ඇයි?

නුගේගොඩට ගැලූ මහා ජන ගඟ දැක තවමත් සිහි එලවා ගැනීමට නොහැකි වූ සමහරුන්, එහි සෙනග එතරම් නොසිටි බව කියමින් ගෙනෙන තර්ක මේ සතියටම ජනතාවට විනෝදය සපයාවි. එහෙත් ඔවුන්ගේ කතා යම් සුළු පිරිසක් විසින් විශ්වාස කරන බවක් පෙනී යන හෙයින් ඒවායේ ඇත්ත නැත්ත පෙන්වා දීම mahinda.info වෙබ් අඩවියේ අපගේ යුතුකමක් ලෙස සලකන්නෙමු.

පළමුවෙන්ම කිව යුත්තේ ජනමාධ්‍ය වෙත නිකුත් වී ඇති පින්තූර වල දැක්වෙන්නේ සවස 4 ට පමණ ගත් ඡායාරූපයි. ඉර අව්ව බැස නොගොස් තිබීමෙන්ම ඔබට එය පැහැදිළි වේවි. එහෙත් විමල් වීරවංශ මහතාගේ කතාව යද්දී එනම් හවස 5.30 පමණ වෙන විට කාර්යාල ඇරී පැමිණි මහා ජන ගංගාවෙන් මුළු ප්‍රදේශයම අතුරු සිදුරු නැතිව පිරුණි. එම අවස්ථාවේදී ගුවන් කැමරා ක්‍රියාත්මක කර ඡායාරූප ගත්තානම් අපට සත්‍ය තත්ත්වය අවබෝධ කර ගැනීමට හැකි වෙන්නට තිබුණි. (එය කැමරා ශිල්පීන්ගේ අඩුපාඩුවක් ලෙස දකිමු). එනිසා ජනමාධ්‍ය වෙත නිකුත් වී ඇති ඡායාරූප වලින් රැළියේ සැබෑ ජන සහභාගීත්වය සම්පූර්ණයෙන් නොදැක්වේ. සමහරුන් ජනතාව විශ්ලේශණය කරන ඡායාරූප සියල්ලේම සැබෑ ජන සහභාගීත්වය නොදැක්වෙන බව කිව යුතුයි.

DSC04082

ඉහත දැක්වෙන්නේ විමල් වීරවංශ මහතාගේ කතාව යද්දී ගත් ඡායාරූපයකි. එතන සිට පසුපසට සරසවි පොත් හල දක්වාම එකම හිස් ගොඩකි.

ඊළඟට, රැළියේ ජන සහභාගීත්වය අඩු බව කියන අයගේ තර්ක එකින් එක ගෙන හැර බලමු.

athula

ඉහත අතුල මහතා දක්වා ඇති ආකාරයට එම වර්ග ප්‍රමාණය අනුව පෙන්වමින් සෙනග 500 ක් වත් පැමිණ නැති බවක් නොකියා කියයි. එහෙත් ඈතින් තිතක් තිබ්බොත් එම එක තිතක ජනතාව වැඩි ප්‍රමාණයක් සිටී.

10255675_649355475169401_6253516762791592584_n[1]

Sri Lanka Machan පිටුවේ පළ වු ඉහත පින්තූරයෙන් පවසන ආකාරයට සෑම කොටුවකම සිට ඇත්තේ එකම ගාණකි. එහෙත් ළඟ කොටුවක 15 ක් හිටියා කිව්වත් ඈතට වෙන්න එක කොටුවක 1500 කට වඩා සිටින බව ඔවුන් තේරුම් ගෙන නැත.

88

ඉහත පින්තූරයට අනුව පැමිණ ඇත්තේ 2040 දෙනෙකි. නමුත් එම පින්තූරය ශෙයා කරන පුද්ගලයා විසින් 3356 ක් ලෙස නිවැරදි කර ඇත. ළඟ කොටුවක 60 ක් සිටියදී ඈත කොටුවක 80 ක් බවට නිගමනය කිරීම අපූරු තර්කයකි.

rally

ඉහත පින්තූරයේ දැක්වෙන්නේත් රැළියේ තිබුණ ප්‍රදේශයෙන් ඉතාමත් කුඩා ඉඩකි. ඒ අතර ඈත තිබෙන කොටුවක සෙනග 1000 ට ඉතා වැඩි බව ඔහුට වැටහී නැත.

ඉහත පින්තූර වල ආකාරයේ තර්ක නගන අය අසාද් සාලි ව බෙරා ගැනීමට උත්සාහ දරන බව පෙනේ. ඔවුන් මීටර දෙතුන් සීයකට දුරින් ඇති මගී බස් රථයක් දෙස, තමන්ගේ මහපට ඇඟිල්ල සහ දබර ඇඟිල්ල එකට තියා රවුම් කර එතුළින් බලා, මේ පුංචි ඉඩ අතුළේ සිය ගණන් මගීන් සිටින්නේ කෙසේදැයි අසනු ඇත. මහාචාර්ය නලින් ද සිල්වා මහතා ගොඩ කාලෙකට කළියෙන් විදුසර පුවත්පතට ලියූ ලිපි ටිකක් කියෙව්වානම් ඔවුන්ට Perspective (visual) කතාව තවත් පැහැදිළි වෙවි.

neth

එලෙස වර්ග ප්‍රමාණය ගැන ප්‍රශ්න කරමින් එකා පිට එකා හිටියාද කියා අසා පළ කරන ලද ලිපියේ සාවද්‍ය භාවය ගැන වැටහී නෙත් වෙබ් අඩවියෙන්ද ඉවත් කර ඇත. මෙතනින් බලන්න.

ඔවුන් නැගූ තර්කය නම්, පාප් වහන්සේ බැලීමට පැමිණි ලක්ෂ 5 ක බැතිමතුන් සිටි ගෝල්ෆේස් භූමි ප්‍රමාණය සාපේක්ෂ වශයෙන් අරගෙන නුගේගොඩ රැළිය තිබූ භූමි ප්‍රමාණයේ සෙනග මැණ බැලීමයි. එහෙත් ගෝල්ෆේස් පිටියේ ජනතාව එක පොදියට හිර වී සිටියේ නැත. නුගේගොඩ රැළියේ ජනතාව සිටියේ හැරෙන්නවත් ඉඩක් නොමැතිවයි.

ආපු සෙනග 5000 ට අඩු බව ඊනියා ක්‍රම මගින් පෙන්වා දීමෙන් පසුව, රැළිය තිබූ තැනද විවේචනය වුණි. පිට්ටනියක නොතිබ්බේ ඇයිදැයි අසනු පෙනුනි. එහෙත් පිට්ටනියක තිබූ ඔවුන්ගේ සමහර ජන රැලි වල, පිට්ටනිය තුළ පිහිටියේ වේදිකාව පමණි. පහත පින්තූරය බලන්න.

10906483_752590834796858_8803184394675300590_n[1]

ඊළඟට සුපුරුදු පරිදි ප්‍රයිවෙට් බස් වලින් සෙනග ගෙනැවිත් ඇති බවත් කියා ඇත. පහත පින්තූරයේ දැක්වෙන ප්‍රයිවෙට් බස් කිහිපය එල් බී ෆයිනෑන්ස් එක ගාව ඇති හෝල්ට් එකේ නිතර නවත්වන බස් වල දසුනකි. සෑම විටම පාහේ එතැන බස් හය හතක් නවත්වා තිබීම දක්නට ලැබෙයි.

1512458_649583078479974_648302495958521101_n[1]

සියලුම හර බර කෙස් පැලෙන තර්ක වැරදී ගිය කළ ඔවුන් ෆොටෝශොප් කළ හරක් රංචුවක පින්තූරයක් දමා මොකක්දෝ කියා ඇත. ජනතාවට හරක් යැයි පවසා ඊළඟ මහ මැතිවරණයේදී ඡන්දය ගැනීමට හැදීම ගැන අනුකම්පා කළ යුතුයි.

slmachan

තොරක් නැතිව මඩ අවලාද ගසන මිත්‍රවරුණි, අපට තේරෙනවා ඔබේ හිතේ තිබෙන වේදනාව. ඩීජේ එකක "ආතල් එකේ" නට නටා හිටපු මිනිහෙකුට පොල්ලකින් ඔළුවට ගැහුවා වගේ දැනෙනවා ඇති. නමුත් ඇත්ත එයයි. මහින්ද රාජපක්ෂ මැතිදුන්ට තිබූ ජනතා ප්‍රසාදය දුටු සැමගේ ෆැන්ටසි කුඩුවී බිමට වැටී ඇත. නන්නත්තාර වී ගොස් ඇත. අපි ඔබේ මඩ බලාපොරොත්තුව සිටිමු. ජනතාවද එය බලාපොරොත්තුව සිටිති. නමුත් ජනපතිවරණ කාලයේදී ගහපු මඩ සාධාරණීකරණය කර ගනිමින් නැවත එන්න අළුත් මඩ අරන්. නැත්නම් දැනට ඔබ පත්ව සිටින අපේක්ෂා බංගත්වය යාථාර්තයක්ම වන බව නොඅනුමානයි.

මූලාශ්‍ර: 12

යාළුවන්වත් දැනුවත් වීමට Share කරන්න.

තවත් අයටත් බලන්නට "Share" කරන්න.

9 comments:

  1. toiyo baya wela hodatama... ehinda una hadila..maruwikaren post danawa.... ewabalala ape ila adenawa :D

    ReplyDelete
  2. toyiyo bayawela ,mahinda mahaththaya awanam kohomatath
    unta koththamalli wathura thamayi bonna wenne, una ganila

    ReplyDelete
  3. me dinawala koththamalliyage adukala koththamalli wathura bonna thiyanawalu ,
    unta una ganila nisa

    ReplyDelete
  4. ගාමිණි අභයFebruary 19, 2015 at 9:48 PM

    මහින්දට එරෙහිව ගියදිනයේ සිට ශ්‍රීලනිපයේ (එදා රෝහණ විජේවීර පැවසූ ලෙසට) ගමනක අවසානය ඇරඹෙනු ඇත. අද බහුතරයට අවශ්‍ය වන්නේ පක්ෂයක් හෝ පාටක් හෝ නොව මහින්ද ලකුණ පමණයි. ශ්‍රීලනිපය ඇතිව හෝ නැතිව මහින්දව ජනතාව විසින් පෙරට ගෙන එනු ඇත. ශක්තිමත් නායකත්වයක් නොමැතිව හුදකලාවූ සමවිටකම ශ්‍රීලනිපයට හිමිවුයේ පරාජය පමණයි. 1989 මහමැතිවරණය සිහියට නගාගන්න. වසර 12ක දුර්දාන්ත ජනතාවට එපාවී තිබු එජාප පාලනයට එරෙහිව දුර්වල නායකත්වයක් යටතේ තනිව පැමිණ ලබාගත්තේ ආසන 67ක් පමණක් නොවේද? මෙවර ඊටත් වඩා පසුබැසීමට අවශ්‍ය නම් පමණක් මහින්ද නැතිව එන්න. වාසනාව උරගා බලා කුජීත වන්න.

    ReplyDelete
  5. Nice work, keep it up !!! people should share this site in social media. You should also give some marketing to this site. we need this to defense and attack these opportunist.

    ReplyDelete
  6. රජ රට හෙළයෙක්..February 21, 2015 at 9:32 PM

    රනිල් ඊයේ කෑ ගහනවා මහින්දට පක්ෂයක් ලකුණක් නෑ කියල. මහින්ද නැත්නම් සන්ධානෙ පරදිනවා මේ පාර අම්බානෙකට. රැලියට ගියපු අපි දන්නවා අපු සෙනග ප්‍රමාණය. ලක්ෂ 7ට කිට්ටු ඇති මගේ හිතේග ඒ තරම් සෙනගක් හිටියා. ඇමරිකාවට රටට එන්න දුන්නොත් ඉරාකෙට වුනු දේ තමා අපටත් වෙන්නේ.. මහින්ද මහත්තයා නැත්තන් අපි ශ්‍රීලනිපෙ ට ඡන්දෙ දෙන්නෙ නෑ. ජනාධිපතිවරනෙදි අනුරාධපුරේ ආසන 7ම මහින්ද මහත්තයා දිනුව. මේ සැරේ එකක්වත් දිනන්න හම්බෙන්නේ නෑ මහින්ද නැත්තම්.

    ReplyDelete
  7. බොරු බයිලා නේ කෙලින්නේ………. මහින්දට, විමල්ට බයද ….? කුහක්යෝ අපි අපේ වාහන ගෙවල්වල දාල ත්‍රීවීල්වල ගියේ රැස්වීම ලඟට යන්න විධියක් නැති නිසා. නවල කැන්පස් එක ලග ඉදලා පයින් ගියේ නුගේගොඩට. (පාරවල් බ්ලොක් නිසා) මේ මිනිස්සු ආවෙ තමන්ගෙ වියදමින්…….. දුර ඉදලා ආව මිනිස්සු එකතු වෙලා බස් අරගන එන්න ඇති. ඒ සංවේදී මිනිසුන්ට අවමාන කරන තොපේ මූනවල් වල ෆොටෝ එකක් පෙන්නන්න බැරිද හිතෙනවා, අමු කුහකයෝ කියල …… මහින්දට මිනිස්සු කොයි තරම් අාදරයක් තියෙනවද කියලා එදා මම දැක්කා. මිනිස්සු එතනට අවේ මහින්ද ඒ හැමගේම හිත හොරකම් කර තිබුනිසා………ලප අනුරයි කහ බළල් රාජිතයි දැන් කියන්න දෙයක් නැතිව කියවනවා.බස් 212 කින් බීපු පුරුදු කරපු මිනිස්සු නුගේගොඩට ගෙනාව කියල. එකට උඹත් එකතු වූනාද….? මුන්ගේ ගණන් හැදිල්ල පච රණවකයටම හරියනවා ලක්ෂ 5ක් විතර හිටියා උන්ට අනුව 2000කට වැඩි පිරිසක් එක බසයක ඇවිත් තියනවා. මත්පැන්බීපු තියා සිගරට් එකක් වත් බොන මිනිස්සු මම නම් දැක්කෙ නැහැ……… මම හිතන්නේ වැඩිම ජනතාවක් එකට එකතුවී ජාතික ගීය හඩනගා කියපු දවස තමයි එදා …….. මුන්ටනේ මේ රට බාරදුන්නේ 62 ලක්ෂයක් මොල්ලු එකතුවෙලා ………… ඔබලා යහලනයට චන්දය දුන්නත් ලැබුනේ යමපාලනයක් බව තේරුම් ගන්න, යමපාලනයට චන්දය දුන්න සැමට මොලය පැදේවා ඊලග චන්දයේ දී වත්………එන චන්දයට මහින්ද මහත්තයා ආවොත් චන්දය දෙනවා. රට බෙදන පිලේ හිටගත් හිටංගේ හුටංලට නම් චන්දය දෙන්නේ නැ ඊට වඩා හොදයි විමල් ඉල්ලන පක්ෂයකට චන්දය දෙන එක. ඔබල තීරණය කරන්න පක්ෂය බෙදනවද රකිනවද කියා…….පක්ෂයට ජයවේවා !!!!!!

    ReplyDelete
  8. මේ ඌරු තඩිය මේ විදිහට ගියොත් කියයි හඳට තියෙන්නෙ කිලෝ මීටර 100 යි කියල​.

    ReplyDelete
  9. Athula GunawardanaJuly 19, 2015 at 4:19 PM

    Eda Me Reliya Senaga 5000k Aawoth Diyawannawe Heluwen Naanawa Kiyapu Gonja , Pakshayen As Wenawa Kiyapu Asaad Sali Dan Ko.....

    ReplyDelete

අදහස් දැක්වීමේදී ඔබගේ නම දැක්වීමට "Comment as" ඉදිරිපස ඇති "Drop down menu" එකෙන් "Name/URL" ‍තෝරා ඔබගේ නම ඇතුළත් කරන්න.