Mahinda Rajapaksa: රනිල් කියපු ආරුගම්බේ බකින්හැම් මාලිගාව සංචාරක හෝටලයක්

Saturday, February 21, 2015

රනිල් කියපු ආරුගම්බේ බකින්හැම් මාලිගාව සංචාරක හෝටලයක්

https://www.youtube.com/watch?v=M463hcW4NOQ

ඉහත චෝදනාවට පිළිතුරක් මේ වෙබ් අඩවියේ දැක්වීමට ප්‍රමාද වූයේ එම චෝදනාව නගන්නේ රංජන් රාමනායක මහතා වැන්නෙක් නොව රටේ අගමැති තුමා වීම නිසා වඩාත් වගකීමකින් යුතුව සොයා බැලිය යුතු වීම නිසයි. පසුගිය දිනවල අපගේ සම්බන්ධතා හරහා සොයා බැලුවද, රනිල් වික්‍රමසිංහ අගමැති තුමා ප්‍රකාශ කරන ආකාරයේ බකිංහැම් මාලිගාව වැනි විශාල ගොඩනැගිල්ලක් ආරුගම්බේ වල ඇති බවක් අපට සොයාගත නොහැකි විය.

මේ ගැන BBC සිංහල වෙබ් අඩවියේ ලිපියක මෙසේ දැක්වෙයි.

1
" 'රනිල් කියූ බකිංහැම් මාලිගාවක් අපේ ප්‍රදේශයේ නැහැ'
17 පෙබරවාරි 2015 අවසාන වරට යාවත්කාලීන කළේ 18:40 GMT

අගමැතිවරයා ප්‍රකාශ කළ පරිදි බකිංහැම් මාලිගාවක් වැනි නිවාඩු නිකේතනයක් පානම ප්‍රදේශයේ ඉදි කර නොමැති බව නැගෙනහිර පළාත් සභාවේ හිටපු අධ්‍යාපන අමාත්‍ය විමලවීර දිසානායක පවසයි.

පසුගිය ආණ්ඩුවේ සිටි බලවතුන්ගේ සුඛ විහරණය උදෙසා ආරුගම්බේ ප්‍රදේශයේ බකිංහැම් මාලිගාවටත් විශාල නිවාඩු නිකේතනයක් ඉදි කොට ඇතැයි අගමැති රනිල් වික්‍රමසිංහ පසුගියදා කළ ප්‍රකාශයට ප්‍රතිචාර දක්වමිනුයි හිටපු පළාත් අමාත්‍යවරයා ඒ බව කියා සිටියේ.

අඩක් නිම කරන ලද ගොඩනැගිලි කිහිපයක් එම ස්ථානයට ගිය තමාට දැක ගැනීමට හැකි වූ බව විමලවීර දිසානායක පළාත් සභා මන්ත්‍රීවරයා සඳහන් කළේය. ‘මේ බාගෙට හදපු ඇටසැකිලි වගේ ගොඩනැගිලි ටික බකිංහැම් මාලිගයට සම කරා කියලා දන්නවා නම් බ්‍රිතාන්‍යයේ රැජින අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහත්තයාට විරුද්ධව නඩු දායි කියලා මම විශ්වාස කරනවා’ ඔහු පැවසීය.

මීට පෙර හිටපු ජනාධිපති රණසිංහ ප්‍රේමදාස විසින් ඉදි කරනු ලැබූ නිල නිවාස මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයාගේ ප්‍රයෝජනය සඳහා ඉදි කළා යැයි පවසමින් අසත්‍ය ප්‍රචාර ගෙන යන බවයි නැගෙනහිර පළාත් සභාවේ හිටපු අධ්‍යාපන අමාත්‍ය විමලවීර දිසානායක වැඩිදුරටත් කියා සිටියේ. "

https://www.youtube.com/watch?v=C_44P80CAhQ

අරුගම්බේ වල කළ හැකි ජාත්‍යන්තර සමබ්න්ධීකරනය කුමක්දැයි ශ්‍රී ලංකාවේ අග්‍රාමාත්‍යවරයෙක් විසින් විමසීම විමතිය දනවන්නකි. අරුගම්බේ යනු ශ්‍රී ලංකාවේ අසිරිය මුළු ලොවටම කියා පාන දර්ශනීය වෙරළ තීරයක් බව පාසල් දරුවන් පවා මැනැවින් දනී. ලෝක නායකයින් එවැනි රමණීය ප්‍රදේශයකට ගෙන්වා අප රටේ ඉදිරි ආර්ථික සංවර්ධන කටයුතු වලට එම නායකයින්ගෙන් ලබා ගත හැකි සහයෝගීත්වය විමසීම ඔවුන්ට අප රට ගැන යහපත් බලාපොරොත්තු ඇති කරන උපායශීලී ක්‍රියාවකි. අනෙක් අතට එම ජාත්‍යන්තර සම්බන්ධීකරන මූලස්ථානය අයිති වන්නේ රාජපක්ෂවරුන්ට නොව ශ්‍රී ලංකා රජයටයි. එය තේරුම් නොගෙන "ආරුගම්බේ වල කළ හැකි ජාත්‍යන්තර සමබ්න්ධතා කුමක්දැයි" ඇසීම "තොප්පිගල යනු කැලෑවක්" යන ප්‍රකාශයට නොදෙවැනි නොවේ.

ඊළඟට, අරුගම්බේ වෙල ඇති නිවාඩු නිකේතන ගැන රනිල් වික්‍රමසිංහ අගමැති තුමා පවසයි. එහෙත් ඒවා සංචාරක හෝටල් සහිත නිවාඩු නිකේතනයි. අරුගම්බේ වැනි සංචාරක පාරාදීසයක නිවාඩු නිකේතන හැදීමේ වරද කුමක්දැයි අපට නොවැටහේ. අරුගම්බේ එන සංචාරකයින් නිවාඩු නිකේතන වල රාත්‍රිය ගත නොකර මූදු වෙරළේ කූඩාරම් හදාගෙන රාත්‍රිය ගත කරන්නද?

රනිල් වික්‍රමසිංහ අගමැති තුමාගේ කතාවට සාධක සාක්ෂි සැපයීම සඳහා එතුමාගේ පවුලේ පුවත්පත වන ලංකාදීපයේ "ආරුගම්බේ තහනම් කලාපයේ සැප මන්දිර" මැයෙන් පින්තූර වගයක් සමග ලිපියක් පළ කර ඇත. නමුත් ඒවා රාජපක්ෂවරුන්ට අයත් ඒවා නොව සංචාරක හෝටල් ය.

පහත ලංකාදීප ලිපියේ ඇති පින්තූර දෙස බලන්න.
http://www.lankadeepa.lk/index.php/top_story/297046

ඒ පින්තූර අයත් වන්නේ පානම, ආරුගම්බේ හි පිහිටි "මාලිමා ලැගූන් කබානා" නැමැති සංචාරක හෝටලයටයි. පහත වෙබ් අඩවි 2 එන් එම "මාලිමා ලැගූන් කබානා" හෝටලයේ පින්තූර ඔබටම බලාගන්න පුළුවන්.

1. Lagoon Cabanas - Panama Arugambay http://lagooncabanas.lk/gallery.html

2. Malima Lagoon Cabanas - Panama Arugamby, Srilanka http://www.easternsrilanka.com/content/malima-lagoon-cabanas-panama-arugamby-srilanka/sriE4CC1BEAC682FF055

රනිල් වික්‍රමසිංහ මහතා සමග අප දේශපාලනික වශයෙන් එකඟ නොවුණද එතුමා කෙරෙහි සෑම දෙනාටම පක්ෂ විපක්ෂ බේධයකින් තොරව යම් ගෞරවයක් තිබුණි. එනම් අනිත් අයට මඩ නොගසන තාලයේ දේශපාලඥයෙක් බවයි. නමුත් මෙවන් සිදුවීම් වලින් එතුමාට තිබෙන ඒ ගෞරවයත් නැති කරගනිමින් සිටී.

යාළුවන්වත් දැනුවත් වීමට Share කරන්න.

තවත් අයටත් බලන්නට "Share" කරන්න.

5 comments:

  1. Ranil is a Mada King (promoted ) Why can,t Asiripala silva speak up in the parliament against these bogus allegations

    ReplyDelete
  2. රජ රට හෙළයෙක්..February 22, 2015 at 11:18 PM

    2015 02 22 ඉරිදා දිනමව්බිම පත්තරේ ප්‍රධාන කොටසේ 14 වන පිටුවේ පලවූ ලිපිය ගඅනත් පැහැදිලි කිරීමක් ඕනේ...

    ReplyDelete
  3. ඒ ගැන තොරතුරු රැස් කර ලිපියක් පළ කරන්නම්.

    ReplyDelete
  4. Asanga JayasekeraMarch 4, 2015 at 9:54 AM

    Yahapalanaya athi vishishtai
    Hikis

    ReplyDelete
  5. රජ රට හෙළයෙක්...March 31, 2015 at 2:06 AM

    2015 02 22 ඉරිදා දිනමව්බිම පත්තරේ ප්‍රධාන කොටසේ 14 වන පිටුවේ පලවූ ලිපිය ගඅනත් පැහැදිලි කිරීමක් ඕනේ…

    මේකට තාම පිළිත=රක් හම්බුනේ නෑ...

    ReplyDelete

අදහස් දැක්වීමේදී ඔබගේ නම දැක්වීමට "Comment as" ඉදිරිපස ඇති "Drop down menu" එකෙන් "Name/URL" ‍තෝරා ඔබගේ නම ඇතුළත් කරන්න.