Mahinda Rajapaksa: චම්පික රණවක, ලෙස්ටර් ගෙන් සමාව ඉල්ලුවාද? මෙන්න ඇත්ත.

Friday, February 27, 2015

චම්පික රණවක, ලෙස්ටර් ගෙන් සමාව ඉල්ලුවාද? මෙන්න ඇත්ත.

කේපීගේ හිස මහා සිනමාවේදී ලෙස්ටර් ජේම්ස් පීරිස් මහතාගේ කඳට බට් කර විකෘති කරන ලද පින්තූරයක් යොදා ගනිමින් පසුගිය ජනාධිපතිවරණ සමයේ පාථලී චම්පික රණවක මහින්ද රාජපක්ෂ මහතාට අපහාස කළ හැටි කවුරුත් දන්නවා. ඒ ගැන ගිය රූපවාහිනී වාර්තාවයි පහත දැක්වෙන්නේ.

https://www.youtube.com/watch?v=KJwczjzrzns

ජනාධිපතිවරණය ආසන්න වෙද්දී අන්තර්ජාලයේ ප්‍රචාරය වූයේ චම්පික රණවක මහතා ලෙස්ටර් ජේම්ස් පීරිස් මහතාගෙන් සමාව ඉල්ලා ගත් බවයි.

එහෙත් එය පට්ට පල් බොරුවක් බව www.mahinda.info වෙත වාර්තා වෙනවා.

patali

අදාල ලිපිය මෙම යොමුවෙන් කියවන්න. එය දිනමිණ පුවත්පතේ පළ වුවත් මේ වන තෙක් අදාල පුවත්පතෙන් ප්‍රතික්ෂේප කර ඇති බවක් වාර්තා වී නෑ. ඒ අනුව එම ලිපියේ නිරවද්‍ය භාවය ගැන අපට සැක කළ නොහැකියි.

ඒ වගේම චම්පික රණවක මහතා පවසා තිබෙනවා, අදාල ඡායාරූප අන්තර්ජාලයෙන් උපුටා ගත් නිසා ඒ ගැන වගකීමක් ගත නොහැකි බව. එය වගකිවයුතු දේශපාලඥයෙක්ගෙන් පිටවිය යුතු ප්‍රකාශයක් නොවෙයි. ඒ තර්කය අනුවනම් අන්තර්ජාලයේ ඇති ඕනම මඩක් අරගෙන විරුද්ධවාදීන්ට එල්ල කරන්න්න පුලුවන් වේවි.

යාලුවන්වත් දැනුවත් වන්නට Share කරන්න.

mahinda.info වෙබ් අඩවියේ ඇති වෙනස.

[1]. mahinda.info වෙබ් අඩවිය පෙනී සිටින්නේ බොරුවට එරෙහිව බැවින් අපි පළමුව බොරු නොකළ යුතු ය. වෙනත් නමකින් "ස්වාධීන සහ අපක්ෂපාතී" ලෙස පෙනී සිටීමට අපිට හැකි වුවද අපි එසේ කරමින් ජනතාව ‍රැවටීම සිදු නොකරමු. මෙය මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ අන්තර්ජාල මාධ්‍ය අංශයෙන් සිදුකරන වෙබ් අඩවියක් බව සෘජුවම පෙන්වා දී ඇත.

[2]. mahinda.info වෙබ් අඩවිය විසින් මෙහි ඇති ලිපි වල කරුණු තහවුරු කිරීමට විකීපීඩියාහි ඇති "Evidence-based journalism" සම්ප්‍රදාය අනුව ඔබට මූලාශ්‍ර එකින් එක පෙන්වා දෙයි.

[3]. mahinda.info වෙබ් අඩවිය කරුණු තහවුරු කිරීමේ මූලාශ්‍ර ලෙස හැකි සෑම විටම එක්සත් ජාතික පක්ෂයට හිතවත් වෙබ් අඩවි මූලාශ්‍ර කර ගනී. ඊට හේතුව එම වෙබ් අඩවි අපක්ෂපාතී නිසා නොව "ඌරාගේ මාළු ඌරාගේ පිටේම තබා කැපීම" යන ක්‍රමවේදය උදෙසායි.

[4]. mahinda.info වෙබ් අඩවිය විසින් "මඩ ගැසීම" හෙවත් කිසිවෙකුට එරෙහිව නිශ්චිතව සනාථ කළ හැකි සාක්ෂි නොමැතිව චෝදනා එල්ල නොකරයි.