Mahinda Rajapaksa: පරෙස්සම් වන්න. මේ ඩී. එම්. තුෂාර ජයරත්න යි !

Monday, February 9, 2015

පරෙස්සම් වන්න. මේ ඩී. එම්. තුෂාර ජයරත්න යි !

10361306_909609355739229_6771490010050868978_n[1]

පහත දැක්වෙන්නේ මෛත්‍රීපාල සිරිසේන මහතාව බලයට පත් කිරීමට කැපවූ ෆේස්බුක් ක්‍රියාකාරිකයෙක් වන ශ්‍යාමන් හේමකොඩි නැමැති මහතෙක් (අප දන්නා තරමින් හිටපු විශ්ව විද්‍යාල කථිකාචාර්ය වරයෙක්) යුටුයුබ් හි කුප්‍රකට තුශාර ජයරත්න ගැන ෆේස්බුක් එකේ තබන ලද සටහනකින් උපුටා ගැනීමකි.

උපුටාගැනීම.
=========

පරෙස්සම් වන්න. මේ ඩී. එම් තුෂාර ජයරත්න යි !

තුෂාර ජයරත්න ලංකාවේ අවධානයට ලක් වන්නේ නාමල් රාජපක්ෂ නීති විදුහලේ අවසන් විභාගයට වංචා සහගතව පෙනී සිටියා යැයි පැමිණිලි කිරීමත් සමගය.

අනතුරුව තම ජීවිතයට තර්ජන එල්ල වී ඇති බව පවසා ස්විට්සර්ලන්තයේ දේශපාලන රැකවරණ ලබන තුෂාර මානසික රෝගයකින් පෙලෙමින් සිටින බව සොයා ගන්නා ස්විස් බලධාරීන් පළමුව ඔහුට ස්විස් මානසික රෝහලක නේවාසික ප්‍රතිකාරත්, අනතුරුව දිගුකාලීන දිනපතා ප්‍රතිකාරත් නියම කරයි.

රෝහලෙන් පිටව එන තුෂාර පිටුවහලුන් ලෙස ස්විට්සර්ලන්තයේ ජීවත් වන බොහෝ සගයන්ගේගේ නිවෙස්වල ජීවත් වීම අරඹයි. තම මානසික රෝගයට නියමිත ඖෂධ මාත්‍රාවන් නිසි පරිදි නොගැනීම හේතුවෙන් විටින් විට රෝගය උත්සන්න වන විට තුෂාර කරන්නේ තමන් ජීවත් වන කාමරයේම එක දිගට මලමුත්‍ර පහ කරගනිමින් ඒවා ඇඟ පුරා තවරාගනිමින් කල්ගත කිරීමත්.....

ඔහුට ප්‍රතිකාර ලබා දීමට උත්සාහ දරණ මිතුරන්ට විරුද්ධව ඔහු මේ වන විටත් ස්විස් පොලීසියේ පැමිණිලි ගණනාවක්ම දමා ඇත. මානසික රෝගියෙකු බැවින් පොලීසියටද ඔහු සම්බන්ධයෙන් කළ හැකි කිසිවක් නැත.

තුෂාර ජයරත්නගේ මානසික රෝගයේ ලක්ෂණයක් වන්නේ දැඩි ලෙස විකෘති ලිංගික ක්‍රියාවන්ට යොමු වීමත් අසාමාන්‍ය ලිංගික ආතතියකින් පෙලීමත්ය.

ස්විස් රජය තුෂාර ජයරත්නට ස්විට්සර්ලන්තයේ ස්ථිර පදිංචිය සඳහා අවසර ලබා දීම ප්‍රතික්ෂේප කර ඇති අතර නුදුරේම ඔහුව ලංකාවට ආපසු එවීමට නියමිතය.

තම ෆේස් බුක් ගිණුමේ තමන් දේශපාලනඥයෙකු බව හඳුන්වා ගන්නා ඔහු යූ ටියුබ් නාලිකාවක්ද නඩත්තු කරන අතර සිය දේශපාලනය ලෙස ඔහු කරන්නේ පුද්ගලයින්ට එරෙහිව අසභ්‍ය කතා ගෙතීමය.

ඔහුගේ පහර දීමට ලක් වන සියලුම පිරිමින් ස්ත්‍රී දූෂකයන් වන අතර සියලුම ගැහැණුන් ගණිකාවන්ය.

මානසික රෝගියෙකු වන මේ පුද්ගලයාගේ පල කිරීම් බැරෑරුම් ලෙස නොගැනීමට ෆේස් බුක් සහ යූ ටියුබ් පරිහරණය කරන්නන් පරෙස්සම් විය යුතුය.

පහත පල වන්නේ තුෂාර ජයරත්නගේ යූ ටියුබ් නාලිකාවේ වෙබ් ලිපිනයයි. https://www.youtube.com/user/19723917988/videos

================
උපුටාගැනීම අවසන්.

ඉහත දැක්වෙන ඔහුගේ යුටුයුබ් නාලිකාවට ගොස් එහි ඔහුගේ වීඩියෝ වල මාතෘකා දෙස බැලීමෙන් ඉහත කරුණු තහවුරු කරගැනීමට ඔබටම හැකි වේවි. උදාහරණ ලෙස හිරුණිකා මෙනෙවිය මහින්ද රාජපක්ෂ මහතාට සහාය දෙන කාලයේ මෙලෙස අන්තිම පහත් අන්දමින් මඩ ගසා තිබුණි.

එකී තුෂාර ජයරත්න විසින් මෑතකදී නාමල් රාජපක්ෂ මහතාට එරෙහිව ලිපියක් ලියා ඇති අතර එය UPFA - A Brighter Future නැමැති එජාපයවිසින් හයිජැක් කරන ලද ෆේස්බුක් පිටුවේ පළ කර ඇත. පහත දැක්වෙන්නේ එම ෆේස්බුක් පිටුවේ ඇඩ්මින් මණ්ඩලයයි.

upfa

එජාප අන්තර්ජාල මෙහෙයුමේ සිටින්නන් වන ඔවුන් තුෂාර ජයරත්න යනු කවුදැයි නොදන්නවා විය නොහැකිය. එසේ දැන දැනත් තුෂාර ජයරත්නගේ ලිපියකට තම ෆේස්බුක් පිටුවෙන් සහාය ලබා දීමෙන් ඉහත හිරුණිකා මෙනෙවියට එල්ල කරන ලද අන්තිම පහත් මඩ අවලාදය පවා වක්‍රාකාරයෙන් අනුමත කර ඇත. මන්ද යත් තුශාර ජයරත්න නාමල්ට එරෙහිව ලියා ඇති ලිපිය අප පිළිගත යුතු නම් ඔහුගේ යුටුයුබ් ගිණුමේ ඇති හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මෙනෙවියගේ වීඩියෝව ඇතුළු අනෙකුත් වීඩියෝ ද ඒ ආකාරයෙන්ම පිළිගැනීමට සිදුවෙයි.

එජාප සයිබර් මෙහෙයුමේ තරුණ මහත්වරුන්ගෙන් අප ඉල්ලා සිටින්නේ කරුණාකර මඩ ව්‍යාපාර වල යෙදීමෙන් හෝ ඒවාට උල්පන්දම් දීමෙන් වළකින ලෙසටයි. ඔබලාගේ තාරුන්‍යය රටට ඵලදයී දෙයකට යොදවන්න. නැතහොත් ඔබ එල්ල කරන මඩ ප්‍රහාර වලින් හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මෙනෙවිය වැනි ඔබගේ පාර්ශවයේම අයත් අපහසුතාවයට පත් වෙයි.

මූලාශ්‍ර: 1 2

යාළුවන්වත් දැනුවත් වීමට Share කරන්න.

mahinda.info වෙබ් අඩවියේ ඇති වෙනස.

[1]. mahinda.info වෙබ් අඩවිය පෙනී සිටින්නේ බොරුවට එරෙහිව බැවින් අපි පළමුව බොරු නොකළ යුතු ය. වෙනත් නමකින් "ස්වාධීන සහ අපක්ෂපාතී" ලෙස පෙනී සිටීමට අපිට හැකි වුවද අපි එසේ කරමින් ජනතාව ‍රැවටීම සිදු නොකරමු. මෙය මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ අන්තර්ජාල මාධ්‍ය අංශයෙන් සිදුකරන වෙබ් අඩවියක් බව සෘජුවම පෙන්වා දී ඇත.

[2]. mahinda.info වෙබ් අඩවිය විසින් මෙහි ඇති ලිපි වල කරුණු තහවුරු කිරීමට විකීපීඩියාහි ඇති "Evidence-based journalism" සම්ප්‍රදාය අනුව ඔබට මූලාශ්‍ර එකින් එක පෙන්වා දෙයි.

[3]. mahinda.info වෙබ් අඩවිය කරුණු තහවුරු කිරීමේ මූලාශ්‍ර ලෙස හැකි සෑම විටම එක්සත් ජාතික පක්ෂයට හිතවත් වෙබ් අඩවි මූලාශ්‍ර කර ගනී. ඊට හේතුව එම වෙබ් අඩවි අපක්ෂපාතී නිසා නොව "ඌරාගේ මාළු ඌරාගේ පිටේම තබා කැපීම" යන ක්‍රමවේදය උදෙසායි.

[4]. mahinda.info වෙබ් අඩවිය විසින් "මඩ ගැසීම" හෙවත් කිසිවෙකුට එරෙහිව නිශ්චිතව සනාථ කළ හැකි සාක්ෂි නොමැතිව චෝදනා එල්ල නොකරයි.