Mahinda Rajapaksa: මහින්ද මහතා රට පුරා ජනාධිපති මන්දිර හැදුවා කියන චෝදනාවට පිළිතුර

Tuesday, February 3, 2015

මහින්ද මහතා රට පුරා ජනාධිපති මන්දිර හැදුවා කියන චෝදනාවට පිළිතුර

පසුගිය දා උපුල් ශාන්ත සන්නස්ගල මහතා සමග ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පැවැත්වූ සාක්ච්ඡාවේදී, මෛත්‍රීපාල සිරිසේන මහතා රට පුරා ඇති ජනාධිපති මන්දිර වල නම් ප්‍රකාශ කරන ලදී.

maithripala-sannasgala

ඉන් පසුව ෆේස්බුක් ඇතුළු අන්තර්ජාලයේ පෝස්ටර් හදමින් ව්‍යාප්ත කරන ලද්දේ එම ජනාධිපති මන්දිර සියල්ල නිර්මාණය කළේ මහින්ද රාජපක්ෂ මහතා එතුමගේ පාලන කාලය තුළදී බවයි.

එහෙත් ඒවා නිර්මාණය කරන ලද්දේ මීට අවුරුදු 25 කට පමන පෙර ගම් උදාව වෙනුවෙන් රණසිංහ ප්‍රේමදාස මහතා විසිනි. රණසිංහ ප්‍රේමදාස ජනාධිපති තුමා විසින් රට පුරා ඉදි කරන ලද ජනාධිපති මන්දිර ගැන නොදන්නා, ඒ කාලයේ නොසිටි තරුණයින්ට මෙලෙස බොරු වැපිරවීම ගැන අපි කණගාටු වන්නෙමු.



යාළුවන්වත් දැනුවත් වීමට Share කරන්න.

mahinda.info වෙබ් අඩවියේ ඇති වෙනස.

[1]. mahinda.info වෙබ් අඩවිය පෙනී සිටින්නේ බොරුවට එරෙහිව බැවින් අපි පළමුව බොරු නොකළ යුතු ය. වෙනත් නමකින් "ස්වාධීන සහ අපක්ෂපාතී" ලෙස පෙනී සිටීමට අපිට හැකි වුවද අපි එසේ කරමින් ජනතාව ‍රැවටීම සිදු නොකරමු. මෙය මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ අන්තර්ජාල මාධ්‍ය අංශයෙන් සිදුකරන වෙබ් අඩවියක් බව සෘජුවම පෙන්වා දී ඇත.

[2]. mahinda.info වෙබ් අඩවිය විසින් මෙහි ඇති ලිපි වල කරුණු තහවුරු කිරීමට විකීපීඩියාහි ඇති "Evidence-based journalism" සම්ප්‍රදාය අනුව ඔබට මූලාශ්‍ර එකින් එක පෙන්වා දෙයි.

[3]. mahinda.info වෙබ් අඩවිය කරුණු තහවුරු කිරීමේ මූලාශ්‍ර ලෙස හැකි සෑම විටම එක්සත් ජාතික පක්ෂයට හිතවත් වෙබ් අඩවි මූලාශ්‍ර කර ගනී. ඊට හේතුව එම වෙබ් අඩවි අපක්ෂපාතී නිසා නොව "ඌරාගේ මාළු ඌරාගේ පිටේම තබා කැපීම" යන ක්‍රමවේදය උදෙසායි.

[4]. mahinda.info වෙබ් අඩවිය විසින් "මඩ ගැසීම" හෙවත් කිසිවෙකුට එරෙහිව නිශ්චිතව සනාථ කළ හැකි සාක්ෂි නොමැතිව චෝදනා එල්ල නොකරයි.