ඊට අමතරව ඔවුන් සමාගම් 2 ක විස්තර පහත අයුරින් දක්වා තිබුණි.
====================================================
3. කොන්ත්‍රාත් අංකය - CMC|W|06
ව්‍යාපෘතිය - නගර සභා චතුරශ්‍රයෙහි නියමු කලාප සංවර්ධනය කාණ්ඩ අංක 02
කොන්ත්‍රාත්කරු සහ ලිපිනය - කොන්ස්ට්‍රක්ෂන් පෞද්ගලික සමාගම
අංක 362, බොරලැස්ගමුව
අනුමත මුදල - රු. 308,882,349.63
ලබාදුන් දිනය - 07.09.2012
ව්‍යාපෘති කාලය - මාස 11
5. කොන්ත්‍රාත් අංකය - CMC|W|04
ව්‍යාපෘතිය - පදික මන්තීරු වැඩිදියුණු කිරීම හා කාපට් කිරීම කාණ්ඩ අංක 02
කොන්ත්‍රාත්කරු සහ ලිපිනය - කොන්ස්ට්‍රක්ෂන් පෞද්ගලික සමාගම
අංක 362, බොරලැස්ගමුව
අනුමත මුදල - රු. 260,495,725.60
ලබාදුන් දිනය - 07.09.2012
ව්‍යාපෘති කාලය - මාස 09
====================================================
එම කොන්ත්‍රාත් භාර ගත්තේ එජාප දේශපාලඥයෙකුට අයත් "දයා කොන්ස්ට්‍රක්ෂන් පෞද්ගලික සමාගම" විසින් නිසා එම නම සඟවා ඇති බව පෙනේ. ඒවාත් සිදුකර ඇත්තේ ක්‍රමවත් ටෙන්ඩර් පටිපාටියට අනුවයි. යම් හෙයකින් ඒවායේ වරදක් සිදුවී ඇතිනම් එම ඉදිකිරීමේ සමාගම අයත් එජාප දේශපාලඥයාද වගකිව යුතු වෙයි.
Harshani මෙනෙවිය මෙලෙස නිර්භයව සත්‍යය ප්‍රකාශ කිරීම අප අගය කරන්නෙමු. දේශපාලඥයින්ට කිසිදු පදනමකින් තොරව කරන අසත්‍ය චෝදනා වලින්, අදාල අමාත්‍යාංශ භාර සහ ව්‍යපෘති භාර සියලුම නිලධාරීන්ගේ කීර්ති නාමයන්ට සිදුවන්නේ විශාල කැළලකි.
අපි කාරුණිකව අදාල පාර්ශවයන්ගෙන් ඉල්ලා සිටින්නේ, රජයේ නිලධාරීන්ගේ ආත්ම ගරුත්වය සමග මෙලෙස සෙල්ලම් නොකරන ලෙසයි. එවැනි චෝදනා වලින් ඔබ යම් ලෙසකින් අසාධාරනයට පත් වී ඇතිනම් අපට එම විස්තර සාක්ෂි සාධක සහිතව අප වෙත එවන්න.
මූලාශ්‍ර: 1
යාළුවන්වත් දැනුවත් වීමට Share කරන්න.