මහින්ද රාජපක්ෂයන් විපක්ෂයේ සිටියදී විරෝධතා ව්‍යාපාර සංවිධානය කෙළේය. එහෙත් ඒ වාහන ගමනාගමනයට බාධා වන අයුරින් පාරේ ඉඳගැනීම වැනි බාල වර්ගයේ ඒවා නොවේ.
ඒවා සැතපුම් සිය ගණන් දීර්ඝ වූ පාද යාත්‍රා විය. ඒවා දැවැන්ත විය. ශක්තිමත් විය. නගරයෙන් නගරයට ගමින් ගමට දේශපාලන ශක්තිය ඒකරාශී කළ ඒවා විය. කැමැත්ත ඇත්තෝ පාරට පැමිණ පාද යාත්‍රාවලට එක්වූහ.
එසේ නැතිව හැම දෙනාටම මහා කරදරයක් වන සේ පාරවල් අවහිර කෙළේ නැත.
1992 මාර්තු 16 දා කොළඹින් ඇරඹි පාද යාත්‍රාව දින 19 ක් ගමන්කර කතරගම ට පැමිණියේය. රාජ්‍ය මර්දනයට විරෝධය පෑම පාද යාත්‍රාවේ ප්‍රධානම සටන් පාඨය විය. එය ජනතාව පිබිදවීය. බියපත්වී, මුළුගැන්වී සිටි සාමාන්‍ය ජනතාවගේ බිය දුරුකර ඔවුන්ගේ විරෝධය එළිපිට ප්‍රකාශ කිරීමට, පාරට බැසීමට තරම් නිර්භීතබවක් ඔවුන්ට එන්නත් කළේය.
විපක්ෂයක සිටියදී සැබෑ නායකයකු ක්‍රියාකළ යුත්තේ කෙසේ ද යන්න පිළිබඳව මහින්ද පූර්වාදර්ශ කන්දරාවක් ඉතිරි කොට ඇත්තේය.
යාළුවන්වත් දැනුවත් වීමට Share කරන්න.