ඉහත සිදුවීම සම්බන්ධයෙන් අපගේ අදහස් මෙලෙස කරුණු වශයෙන් සාරාංශ කර දැක්වීමට කැමතියි.
1. මැතිවරණ සමයේ පොලිසියට අමතරව හමුදා ආරක්ෂාව ලබා දීම මීට පෙර මැතිවරණ වලදීද සිදුවී ඇත.
2. මැතිවරණයක ආරක්ෂාවට හමුදාව යෙදවීම මගින් මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය වූවා කියන මොවුන් උතුරු නැගෙනහිර මානුෂික මෙහෙයුම ගැන මොන වගේ දේවල් කියනු ඇත්ද... මොවුන් මේ කරන්නේ මුට්ටිය දමා බැලීමකි.
3. පසුගිය ජනාධිපතිවරණයේදී හමුදා ආරක්ෂාව ලබා දී ඇත්නම් එයට හේතුවක් වන්නට ඇත්තේ මහින්ද රාජපක්ෂ මහතා ජයග්‍රහණය කළද, දහස් ගණනින් පැමිණ අරලියගහ මන්දිරය වැටලිය යුතුයැයි සමහර විපක්ෂ වල නායකයින් පැවසූ බවක් මාධ්‍ය වලින් වාර්තා කර තිබීමයි. ඒ අනුව සැබෑ කුමන්ත්‍රණය සිදුකර ඇත්තේ එවකට සිටි සමහර විපක්ෂ කණ්ඩායම් වලිනි.
4. පරාජය දැනුන විගසම මහින්ද රාජපක්ෂ මහතා අරලියගහ මන්දිරයෙන් පිට වීම හරහා මහින්ද පාර්ශවයෙන් කිසිදු කුමන්ත්‍රණයක් සිදු නොවී ඇති බව පැහැදිළියි.
5. රාජිත සේනාරත්න මහතා පවා මහින්ද රාජපක්ෂ මහතාට එරෙහිව තිබූ චෝදනා ඉල්ලා අස්කරගත්තේය. මේ ලිපියේ ඇති වීඩියෝ බලන්න. >> http://www.mahinda.info/2015/02/coup-2/
3. පසුගිය කාලයේ තිස්ස අත්තනායක මහතාව අත් අඩංගුවට ගත්තත් ප්‍රමාණවත් සාක්ෂි නැතැයි කියමින් එතුමාව නැවත නිදහස් කරන ලදී. http://www.mahinda.info/2015/02/thissa/ තිස්සට කරපු දේම මහින්ද රාජපක්ෂයන්ටත් සිදුකිරීමට යන බව පෙනේ.
මහින්ද රාජපක්ෂ මහතා ට එරෙහිව එවකට විපක්ෂය විසින් ඡන්ද ව්‍යාපාරය ගෙන ගියේ දූෂණ අක්රමික්තා ආදිය ගැන කියමිනි. නමුත් ඔවුන් බලයට පත් වූ පසුව ඔප්පු කළ දෙයක් නැත. ඔහුට එරෙහිව ගෙන ගිය සෑම මඩ අවලාදයක්ම ගල් පැලෙන බොරු බව දිනෙන් දින ඔප්පු වෙමින් පවතී. ඔහුට එරෙහිව ඔප්පු කළ හැකි කිසිදු චෝදනවක් නැති කළ, ආරක්ෂාව සඳහා අපගේ වීරෝදාර රණවිරුවන්ව යොදා ගැනීම කියමින් මහින්ද රාජපක්ෂ මහතාව වැලිකඩ ගෙන යාමට සැරසෙයි. ආදරණීය පාක්ෂිකයෙනි, ඔබ එයට ඉඩ දෙනවාද?
යාළුවන්වත් දැනුවත් වීමට Share කරන්න.