"මහින්දාගමනය" යනු අප රටේ සිදුවූ ඓතිහාසික සමාජ සහ දේශපාලන පෙරළියක්. එවැනිම සමාජ සහ දේශපාලන පෙරළියකට ඔබ සූදානම්ද යන අරුතින් යුතුව "මහින්දාගමනයට ඔබ සූදානම්ද?" යන මැයෙන් ඉදිරි දැනුවත් කිරීමේ වැඩසටහන් දියත් කරන ලෙස විද්වතුන් ප්රමුඛ මහජනතාව වෙතින් ඉල්ලීම් ඉදිරිපත් වී තිබෙනවා. (කෙසේ නමුත් එම නම භවිතා නොකිරීමට මහින්ද රාජපක්ෂ මහතා තීරණය කොට තිබෙන බවයි වාර්තා වෙන්නේ)
ඒ අතර එක්සත් ජනතා නිදහස් සන්ධානයේ හවුල්කාර පක්ෂ හතරක් එක්ව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අග්‍රාමාත්‍ය අපේක්ෂකවරයා කරවීමේ අරමුණෙන් ලබන බ්‍රහස්පතින්දා නව දේශපාලන පෙරමුණක් පිහිටුවීමට තීරණය කර ඇත. හිටපු අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ නායකත්වයෙන් යුතු මහජන එක්සත් පෙරමුණ, බස්නාහිර පළාත් සභා මන්ත්‍රී උදය ගම්මන්පිල මහතාගේ නායකත්වයෙන් යුත් පිවිතුරු හෙළ උරුමය, විමල් වීරවංශ මහතාගේ නායකත්වයෙන් යුත් ජාතික නිදහස් පෙරමුණ හා පාර්ලිමේන්තු මන්ත්‍රී වාසුදේව නානායක්කාර මහතාගේ නායකත්වයෙන් යුතු ප්රජාතන්ත්රවාදී වාමාංශික පෙරමුණ මෙසේ දේශපාලන පෙරමුණට එක්ව සිටියි.
නවතම විස්තර හැකි විගසින් ඔබ වෙත ලබා දෙන්නෙමු.
යාළුවන්වත් දැනුවත් වීමට Share කරන්න.