Mahinda Rajapaksa: මහින්ද රාජපක්ෂයන්ට "පර්සි මහේන්ද්‍ර" කියමින් මඩ ගහන අයට පිළිතුරක්

Sunday, February 8, 2015

මහින්ද රාජපක්ෂයන්ට "පර්සි මහේන්ද්‍ර" කියමින් මඩ ගහන අයට පිළිතුරක්

මහින්ද රාජපක්ෂ මහතාගේ මුල් නම වන "පර්සි මහේන්ද්‍ර රාජපක්ෂ" නැමැති නම යොදාගනිමින් ඔහුට අපහාස කිරීමේ නරක වැඩේ ගැනයි මේ කියන්නේ.

පළමු කාරනාව තමයි මිනිසෙක්ගේ නමක් යොදා ගනිමින් ඔහුට අපහාස කරන එක කිසි සේත්ම මනුෂ්‍යත්වයට නොගැලපෙන වැඩක්. යම් විදිහකින් මහින්ද පාක්ෂිකයෙක් විසින් විරුද්ධ දේශපාලඥයෙක්ගේ නම් කුල ගොත් ඇදගෙන අපහාස කළොත් ඒ ගැන ඉකි බිඳින්න බලන් ඉන්න අති මානුෂිකවාදීන්, මෙලෙස ඔවුන්ගේම පිලේ අය කරන කැත වැඩේ ගැන කිසිවක් කියන්නේ නෑ. සාධාරණත්වය වෙනුවෙන් පෙනී ඉන්නවා කිව්වට ඔවුන් පෙනී ඉන්නේ තමන්ගේ දේශාපලන පක්ෂය වෙනුවෙන් කියලයි අපිට හිතන්න වෙන්නේ.

අපිට වැදගත් වෙන්නේ යම් පුද්ගලයෙක්ට ඔහුගේ දෙමාපියන් දාපු නම හෝ ඔහු භාවිතා කරන නම නෙමෙයි, ඔහු රටට කළේ කුමක්ද කියන එක.

දැන් බලන්න මේ පහත නම් ලයිස්තුව.

දොන් ස්ටීපන් සේනානායක, ඩඩ්ලි ශෙල්ටන් සේනානායක, සොලමන් වෙස්ට් රිජ්වේ ඩයස් බණ්ඩාරනායක, ෆ්‍රෙඩ්‍රික් රිචඩ් සේනානායක, ඇලෙක්සැන්ඩර් ඒකනායක ගුණසිංහ, එඩ්වර්ඩ් වෝල්ටර් පෙරේරා, දොන් රිච්ඩ් විජෙවර්ධන, සර් ජේම්ස් පීරිස්, හෙන්රි පේද්‍රිස්, ක්‍රිස්ටෝපර් විලියම් විජේකෝන් කන්නංගර, සිරිමා රත්වත්තේ ඩයස් බණ්ඩාරනායක.

ඔය සියලුම දෙනාම අඩු වැඩි වශයෙන් අසිංහල නම් භාවිතා කළත් ඔවුන්ව ජාතික වීරයන් සේ සලකනවා. මොකද ඔවුන් රට නිදහස් කරගැනීම වෙනුවෙන් සේවයක් කරපු නිසා.

ඒ අතර සෑම අයෙක්ගේම ගෞරවයට පාත්‍ර වෙන කෙනෙක් ඉන්නවා. ඒ තමයි "දොන් ඩේවිඩ් හේවාවිතාරණ" ලෙස මුල් නම තිබුණ නමුත් පසුව සිංහල නමක් යොදා ගත් "අනගාරික ධර්මපාල" තුමා. එතුමා ජාතිය වෙනුවෙන් සේවයක් කළා පමණක් නෙමෙයි තම නම පවා සිංහල බවට පත් කර ගත්තා. හැබැයි අපේ අත් අම්මා මට පුංචි කාලෙදි ධර්මපාල තුමා ගැන කියද්දී කිව්වා මතකයි, ඒ කාලේ ධර්මපාල තුමාට විරුද්ධ අය කිව්වලු "දොන් ඩේවිඩ් එනව මෙතන ගෙරි මස් ඒපා කියන්න" කියලා. හැබැයි එතුමා ඒ වෙන විට අනගාරික ධර්මපාල ලෙස නම වෙනස් කර ගෙන තිබුණත් මඩ ගහන කෙනා එතුමගෙ මුල් නම යොදා ගෙනයි මඩ ගැහුවේ.

බටහිර නම් සහිත අය යූඇන්පී එකේ ඉන්නවා/හිටියා. ඒත් ඔවුන්ගේ ඒ නම් ගැන මඩ ගහන්න තරම් මහින්ද පාක්ෂිකයින් නිවට වෙන්නේ නෑ. පහත නම් ලයිස්තුවේ සිටින මහින්ද රාජපක්ෂයන්ගේ විරුද්ධ පක්ෂයේ දේශපාලන මිතුරන් දෙස බලන්න.

එස්මන්ඩ් ලූසියන් වික්‍රම්සිංහ (රනිල් වික්‍රමසිංහ මහතාගේ තාත්තා), ජුනියස් රිචඩ් ජයවර්ධන, ජෝන් අමරතුංග, හර්ෂ ද සිල්වා, හරීන් ෆර්නෑන්ඩෝ, කරු ජයසුරිය, රූබන් කැනිස්ටස් ජයලත් ජයවර්ධන, ජෝෂෆ් මයිකල් පෙරේරා, සද්ද විද්ද රාජපක්ෂ පළඟ පතිර අඹකුමාරගේ රන්ජන් ලියෝ සිල්වෙස්ටර් අල්පෝන්සු, බර්නඩින් රෝස් සේනානායක

අපි කවුරුත් ගරු කරන "නලින් ද සිල්වා" මහතා තාම භාවිතා කරන්නේ තමන්ගේ දෙමාපියන් දාපු නම. දෙමාපියන්ට ඇති ගෞරවය නිසා එතුමා තමන්ට දෙමාපියන් දාපු නම වෙනස් කරගන්නේ නැති බවයි පවසන්නේ.

ඉතින් මේ විස්තරය කියෝගෙන ගියාම ඔබට තේරෙනවා ඇති පුද්ගලයෙක්ගේ නමෙන් ඔහුට රටට ජාතියට ඇති ආදරය මනින්න බැරි බව.

දැන් නැවතත් මහින්ද රාජපක්ෂ මහතා ගැන බැලුවොත් ඔහුට දෙමාපියන් දාපු නම "පර්සි මහේන්ද්‍ර රාජපක්ෂ". නමුත් අනගාරික ධර්මපාල තුමා අනුව යමින් ඔහුගේ පර්සි නැමැති නම ඉවත් කර මහේන්ද්‍ර නැමැති ඉන්දියානු නම සිංහල ඌරුවට යොදා ගනිමින් "මහින්ද රාජපක්ෂ" ලෙස යොදා ගන්නවා.

ජනාධිපතිවරණේට නාම යෝජනා දෙන්න ඔන්න මෙන්න තියෙද්දිත් ගොසිප් මඩ වෙබ් අඩවි වල ගියේ එතුමා නාම යෝජනා දෙන්නේ "පර්සි මහේන්ද්‍ර රාජපක්ෂ" කියලයි. එහෙම මඩ ගහපු උදවිය ඡන්ද කොළේ ලස්සනට මහින්ද රාජපක්ෂ කියලා නම තිබුණාම ඒවා අපූරුවට අමතක කරලා.

88/89 කාලේ ජේවීපී කැරැල්ලට සම්බන්ධ වෙලා එවකට රජයේ මර්දනයට ලක් වෙලා ටයර් සෑයවල් වල අවසන් ගමන් යන්න ගිය තරුණ ජීවිත දහස් ගණනක් මහින්ද රාජපක්ෂයන් බේර ගන්නවා. ජේවීපී එකේ පරන සාමාජිකයින්ගෙම් මේවා අහල දැනගන්න. ඊට පස්සේ ඔහු වසර 30 ක් තිස්සේ විධායක ජනාධිපතිවරුන් 4 දෙනෙකුට අවසන් කළ නොහැකි වූ යුද්ධය වසර 3 කින් අවසන් කරනවා. 30 වසරක ඊළාම් යුද්ධයෙන් දෙපාර්ශවයෙන්ම මිය ගිය ගණන 150,000 ක් නම්, ඔහු එය අවසන් කිරීම නිසා ඔහු වසරකට ඉතිරි කර දුන් ජීවිත ගණන 5000 ක්, දිනකට බේරා දුන් ජීවිත ගණන 13 ක්. පච වලට රැවටී ඔහුට හොරා හොරා කියමින් මඩ ගහන අය, ඔහු නිසා බේරුණ ජීවිත ගණන ගැන හිතා බලන්න. එලෙස ඉතිරි වුණ ජීවිත වල වටිනාකම මිල කළ හැකිද? දෙමළ ඩයස්පෝරාවේ අය ඔහුගේ පින්තූර පුළුස්සමින් ඔහුට මඩ ගහද්දී, අපේ අයත් එකතු වෙලා ඔහුගේ කලින් නම පවා අල්ලගෙන මඩ ගහන එක මොන තරම් කැත වැඩක්ද?

මහින්ද රාජපක්ෂයන් තමන්ගෙ මුල් නම වෙනස් කරගෙන තියෙද්දිත් ඔහුට තාමත් "පර්සි මහේන්ද්‍ර" කියමින් මඩ ගහන අය සහ, අනගාරික ධර්මපාල තුමාට "දොන් ඩේවිඩ්" කියමින් මඩ ගහන අය අතර වෙනසක් නෑ.

mahinda1

යාළුවන්වත් දැනුවත් වීමට Share කරන්න.

තවත් අයටත් බලන්නට "Share" කරන්න.

6 comments:

  1. ඉතිහාසයේ ඉදන්ම තමන්ගේ රටට,ආගමට,ජාතියට සේවයක් කරපු සෑම පුත්ගලයන්ටම ඔයවගේ අමනයන් අවලාද නැගුවා,එ අවලාද නගන අමනයන්ගේ පරම්පරාගත ඉතුරු ලේ නැයන් තවමත් අපේ රටට,ජාතියට,ආගමට අපහස කරමින් ඉන්න එක මහ කරුමයක්.

    ReplyDelete
  2. අතුල පී සුල්තානගොඩMay 30, 2015 at 11:07 AM

    මහින්ද මැතිතුමාගේ නම වෙනස් වුනේ සහ වෙනස් කලේ එතුමාට හැමදාම ආදරය කල රුහුණු ගිරුවායේ ජනතාවයි. මේ ගැන ඇත්ත විස්තරය 'කුරහන් සාටකයේ කතාව ' පොතේ තියනවා. මේ ගැන දැනට හොදටම විස්තර දන්න පුද්ගලයෙක් තමයි මහාචාර්ය P W ඈපාසිංහ. මහින්ද රාජපක්ෂ කියන්නෙ යුග පුරුෂයෙක්. එතුමාට සම කරන්න පුළුවන් නායකයෙක් අපේ රටේ බිහිවෙලා නැහැ. මඩ ගහන අයගෙ අරමුණ මොකක් වුනත් මහින්ද කියන්නේ ශ්‍රී ලංකාවෙන් බිහිවූ එකම අදීන නායකයා බව අනාගතය ශාක්ෂි දරාවි.

    ReplyDelete
  3. Mahinda rajapaksha yanu apa rate bihi wu wishishtama rajya nayakayai ethuma apa ratata kala sewaya kiya nima kala nohaki.chiran jayathu mahinda rajapaksha mathithumani oba apata jathika weerayek

    ReplyDelete
  4. It is not the name of the person, but it is the deed s/he accomplished during her/his life. Mahinda is an accomplished person.

    ReplyDelete
  5. Mahendra=MAHA+INDRA.Maha means great and indra means the sun.

    ReplyDelete
  6. මොංගල් සමරේJune 24, 2016 at 3:07 AM

    මහේන්ද්‍ර = මහින්ද, මිහිදු
    මහ ඉන්ද්‍ර ඉන්ද්‍ර කියන්නේ ඉෂ්වරට කියන තව නමක් හින්දුන්ට අනුව ලෝකයේ පාලක ඔහුය නටරාජ් කියන්නෙත් මොහුටමය

    ReplyDelete

අදහස් දැක්වීමේදී ඔබගේ නම දැක්වීමට "Comment as" ඉදිරිපස ඇති "Drop down menu" එකෙන් "Name/URL" ‍තෝරා ඔබගේ නම ඇතුළත් කරන්න.