යහපාලන රජයෙන් දේශපාලනඥයින් මෙන්ම ඔවුන්ගේ බිරියන්, දරුවන්ද ආරක්ෂා කරගත යුතව ඇති බව හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා පවසයි.
ඒ මහතා මෙසේ කියා සිටියේ විමල් වීරවංශ මහතාගේ බිරිඳ වන, ශෂී වීරවංශ මහත්මියගේ සුවදුක් බැලීම සඳහා කොලඹ ජාතික රෝහලට ගිය අවස්ථවේදීය. ශිරන්ති රාජපක්ෂ මහත්මියද මේ අවස්ථාවට සම්බන්ධ විය.
වෛරීය දේශපාලනය නිමා කළ යුතුව ඇති බවත්, වෛර සහගත දේශපාලනය ඉතා වැරදි බවත් කී ඒ මහතා තමන් ඒ ආකාරයෙන් කිසිවෙකුගෙන් පළිනොගත් බවත් එසේ කියමින් කිසිවෙකුටත් තමාට ඇඟිල්ල දිගු කළ නොහැකි බවත් කියා සිටියේය.
http://youtu.be/Betc5Nnyiyw