Mahinda Rajapaksa: අරලියගහ මන්දිරය ප්‍රසිද්ධ කිරීමේ අරමුණ.

Thursday, February 5, 2015

අරලියගහ මන්දිරය ප්‍රසිද්ධ කිරීමේ අරමුණ.

අරලියගහ මන්දිරය මහජන ප්‍රදර්ශනය සඳහා විවෘත කිරීමට වත්මන් රජය සැලසුම් කර ඇති බව වාර්තා වෙයි.

tt[1]

අරලිය ගහ මන්දිරය යනු මහින්ද රාජපක්ෂ මහතා සෑදූ ගොඩනැගිල්ලක් නොවේ. නිවස සහ මන්දිරය යනු දෙකක් බව සෑම දෙනාම පාහේ දනී. අරලියගහ මන්දිරය නිර්මාණය කරන ලද්දේ 1830 ටත් පරදීබ්‍රිතාන්‍යයන් විසිනි. වැඩි විස්තර මෙම විකීපීඩියා ලිපියෙන් කියවන්න.

ඒ අනුව බ්‍රිත්‍යාන්‍ය පාලකයින්ගේ කාලයේ සිටම පවතින වටිනා ලීබඩු වල සිට පිළිම, සිහිවටන අරලියගහ මන්දිරයේ තිබේ. අනික් අතට අප රටේ හිටපු රාජ්‍ය නායකයින්ට පිරිනැමුණ වටිනා බඩු මූට්ටු වල සිට සිහිවටන වලින් එය පිරී පවතී.

ඊට අමතරව විදේශ රාජත්‍රාන්තික දූතයින්ව මුණ ගැසීම සඳහා ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුව අරලියගහ මන්දිරය ඉදි කර තිබේ. ඒ ප්‍රමිතීන්ට අනුව අරලියගහ මන්දිරය ඉදි නොකළානම් එය විදේශ දූතයින්ට කරපු අපහාසයක් ලෙස ජාත්‍යන්තරයට යයි.

Temple-trees-www.nethfm.com9_[1]

Temple-trees-www.nethfm.com12[1]

Temple-trees-www.nethfm.com15[1]

මෑතකදී හිටපු ජනාධිපතිවරයා ජනතාව වෙත නිකුත් කළ නිවේදනයේ මෙසේ සඳහන් කර තිබුණි.
ජනාධිපතිවරණයට පසු අරලිය ගහ මන්දිරය අභ්‍යන්තරයේ දර්ශන මාධ්‍ය ඔස්සේ විකාශනය කරමින් මමත්, මාගේ පවුලේ අයත් රජයේ වියදමින් අධිසුඛෝපභෝගී ජීවිතයක් ගත කල බව ජනතාවට ඒත්තු ගැන්වීමට උත්සාහයක් තිබිණි. වැසිකිලියක් ද සහිත වායුසමීකරන කරන ලද හා රූපවාහිනියක් සහිත විවේක පරිශ්‍රයක් (rest area) කෙරෙහි කාගේත් විශේෂ අවධානය යොමුකරවන ලදී. 2013 පොදුරාජ්‍ය මණ්ඩලීය රාජ්‍ය නායක හමුව සදහා අරලියගහ මන්දිර පරිශ්‍රයේ මෙම කොටස නිශ්චිත ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුව සම්පූර්ණයෙන්ම අලුත් වැඩියා කළ බව මෙහිදී අප මහජනතාවට මතක් කර දිය යුතුය. සමුළුවට පැමිණි රාජ්‍ය නායකයින් සදහා ප්‍රදර්ශනයක් හා භෝජන සංග්‍රහයක් ද එහි පැවැත්විය. පසුගිය දශකය පුරාම ශ්‍රී ලංකාවට පැමිණි සියලුම විදේශිය රාජ්‍ය නායකයින් පිළිගනු ලැබුවේද අරලියගහ මන්දිරයේ දීය. එවන් තැනක පවතින පහසුකම් අදාල කාරණයට ගැලපෙන ඒවා විය යුතු බව නොකිවමනාය.

කිසිදු අධීක්ෂණයකින් තොරව අරලිය ගහ මන්දිරය ලෝකයටම විවෘත කිරීම නිසා ඉදිරියේදී එහි පදිංචි විය හැකි රාජ්‍ය නායකයින්ගේ ආරක්ෂාවට වෙන්නේත් විශාල හානියකි.

වායු සමනය කර තිබූ ප්‍රභාකරන්ගේ සුඛෝපභෝගී යටි බිම් බංකර් එක ජනතාවට පෙන්වීමෙන් දුක් වූයේ කවුද, අනෙක් අතට රට බේරා ගත් නායකයා කෙටි කාලයක් වාසය කරපු රාජ්‍ය නවාතැන පෙන්වීමෙන් සතුටු වන්නේ කවුද ආදී වශයෙන් මෙම සිදුවීම සහෘද ඔබට විශ්ලේෂණය කරගත හැකි වේවි.

යාළුවන්වත් දැනුවත් වීමට Share කරන්න.

තවත් අයටත් බලන්නට "Share" කරන්න.