https://www.youtube.com/watch?v=tCO3dy2WCcQ
ඩුබායි හි පිහිටි මැරියට් හෝටලය සම්බන්ධයෙන් පසුගිය ජනාධිපතිවරණ සමයේ මඩ වෙබ් අඩවි වල පළ වූයේ එය රාජපක්ෂවරුන්ගෙ බවයි. එනිසාමදෝ එය අයිති කාටදැයි රංජන් රාමනායක මහතාත් තම් නිල ෆේස්බුක් පිටුවේම පළ කර හොයන්නට පටන් ගත්තා.
මැරියට් හෝටලය රාජපක්ෂවරුන්ගේ බව කීමට එකදු හෝ සාක්ෂියක් තිබේනම් රංජන් රාමනායක මහතා මෙලෙස වහෙන් ඔරෝ අහමින් නොසිටින අතර, ඒ බව කෙලින්ම ෆේස්බුක් එකේ ලියන බව ඔබට අමුතුවෙන් කියන්න දෙයක් නෑ.
පශු සම්පත් නියෝජ්‍ය ඇමති තුමාගේ එම ක්‍රියාවෙන් පසුව එතුමා වැටුනේ ලොකු අමාරුවකයි. ඒ ගැන වෙබ අඩවි වල පළ වූ පුවත පහත දැක්වෙනවා.
ඇත්තටම ඩුබායි මැරියට් හෝටලය කාගේද?
1. ඩුබායි රටේ තරු පහේ හෝටලයක් හැදුවේ ශ්‍රී ලංකාවේ බිහි වූ කීර්තිමත් ව්‍යාපාරිකයෙක් වන නන්දන ලොකුවිතාන මහතා විසිනුයි. එතුමා ගැන ජනමාධ්‍යයන්හි පළ වූ ලිපි. dailynews , mawbima
2. මෙම මැරියට් හෝටල් සමූහයේ නාමය අයත් වන්නේ ලෝකයේ සුප්‍රකට මැරියට් හෝටල් සමාගමටයි. එහි විකීපීඩියා ලිපිය මෙතනින් බලන්න. සමහරුන් චෝදනා කරන පරිදි එම හෝටලයේ යම් අක්‍රමිකතාවයක් සිදුවීනම් සුප්‍රසිද්ධ මැරියට් හෝටල් සමාගම ඊට කිසි සේත්ම තම නාමය ලබා දෙන්නේ නෑ.
3. ඇමරිකානු හමුදාවේ උසස් නිලධාරීන් නවාතැන් ගැනීමට භාවිතා කරන එක් හෝටලයක් තමයි මේ මැරියට් හෝටලය. මාධ්‍ය වාර්තා කරන ආකාරයට රංජන් රාමනායක මහතා අමාරුවේ වැටුණේත්, ඇමරිකානු හමුදාව සිටින කාමර වීඩියෝ කිරීමෙන්. යම් හෙයකින් එම හෝටලය අයත් වන්නේ රාජපක්ෂවරුන්ටනම් ඇමරිකානු හමුදාව කිසි සේත්ම එවැනි හෝටලයක් භාවිතා නොකරන බවට ඔබට අමුතුවෙන් කියන්න දෙයක් නෑ.
යාලුවන්වත් දැනුවත් වීමට Share කරන්න.