කිසියම් චෝදනාවකට අධිකරණයෙන් වරදකරු වෙන තුරු, එම චෝදනාව හුදු චෝදනාවක් පමණක් බවට ආචාර ධර්මයක් ඇත. එහෙත් වෙබ් අඩවි වල කරන ලද්දේ ගෝඨාභය රාජපක්ෂ මහතා ඉඩමක් බලෙන් ලබා ගත් බවට සනාථ වූවා සේය.
එලෙස අන්තර්ජාලයේ මැවුණ පුවත් වලින් උද්දාමයට පත් වූ "දූෂණ විරෝධී හඬ" නැමැති කඩා පනින "අතුරු පොලීසිය" එම ඉඩමට ගොස් ඇත.
එහෙත් එම ස්ථානයට වහාම පැමිණි රුසියන් තානාපති කාර්යාලයේ නිලධාරීන් පෙන්වා දුන්නේ එය රුසියන් තානාපති කර්යාලයට අයත් ඉඩමක් බවයි. එම ඉඩමට ගෝඨාභය රාජපක්ෂ මහතාට කිසි සම්බන්ධ නැති බව එම තානාපති නිලධාරී තුමන්ලා පෙන්වා දුනි.
ආචාර ධර්ම පිළිගත් වෙබ් අඩවි විසින් පහත ආකාරයට එය වාර්තා කරන ලදී.
විශාල හඬක් නගාගෙන එම ඉඩමට කඩා පැන්න ජවිපෙ වසන්ත සමරසිංහ මහතා, රුසියන් තානාපති නිලධාරී තුමාගේ ස්ථිරසාර කරුණු දැක්වීම හමුවේ අසරණ විය.
මෙම සිදුවීම රුසියානු ජනමාධ්‍ය වලින්ද වාර්තා කර ඇත බව www.mahinda.info මාධ්‍ය අංශය වෙත දැනගන්නට ලැබුණි.
හිටපු අවංක රාජ්‍ය නිලධරියෙක් ලෙස ජනප්‍රියව සිටින ගෝඨාභය රාජපක්ෂ මහතාගේ කීර්තිනාමය විනාශ කිරීමට සෑදූ තවත් සාහසික අපහාසයක් මෙලෙස අතේ රෝල් විය.
යාළුවන්වත් දැනුවත් වීමට Share කරන්න.