මහින්ද මහතා බොහෝ දිනවල සිටින්නේ තංගල්ල කාල්ටන් නිවසේය. ඔහුගේ සුව දුක් විමසීමට ඈත ගම්වල පාක්ෂිකයින් යන්නේ වාහන කුලියට ගෙනය. එසේ යන ඇතැම්හු බිස්කට් පැකට්, කේක් පමණක් නොව කෑම බිමද රැගෙනය. සමහරු තම සදාදරණීය නායකයාව බලන්නට ගම්වලින් බස් පුරවාගෙන ගියේ හාල්, පොල්, තුනපහ කළමනා ද රැගෙන වීම මෙහි තිබූ විශේෂත්වයයි. මහින්ද මහතා බැලීමට එන ඇතැම් චාරිකා සංවිධානය කරන්නේ එම ප්‍රදේශවල ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුය. මහින්දත් බලාගෙන කතරගමත් වැදගෙන එන චාරිකා බවට ඒවා පත්ව තිබේ.
පෝලිමෙන් පැමිණෙන බොහෝ දෙනා එලියේ සෙනග බොහෝ සිටින නිසා මහින්ද මහතා දෙස බලා වචනයක් දෙකක් කතා කර පිටත්ව යති. ඇතැම් දවස්වල එවැනි පෝලිම් මග දිගට ඇදී ගොස් තිබේ. මෙසේ මහින්ද මහතාව බැලීමට එන පාක්ෂිකයින්ට ආහාර දීමට කාල්ටන් නිවස පිටුපස විශාල බත් හැලිද ඉදෙමින් තිබිම සාමාන්‍ය දසුනකි.
මූලාශ්‍ර: 1 , 2
යාළුවන්වත් දැනුවත් වීමට Share කරන්න.