Mahinda Rajapaksa: නාමල් අයවැයට පක්ෂව ඡන්දය දුන් හේතුව.

Saturday, February 7, 2015

නාමල් අයවැයට පක්ෂව ඡන්දය දුන් හේතුව.

adsfasdff

ශ්‍රීලංකා නිදහස් පක්ෂයේ තීරණයට හිස නමින් පාර්ලිමේන්තු මන්ත්‍රි නාමල් රාජපක්ෂ මැතිතුමන් අතුරු අයවැයට පක්ෂව ඡන්දය භාවිතා කර ඇත. අයවැය යෝජනා වල සදහන් ඇතැම් කාරණා වලට හදවතට එකඟව කැමැත්ත ප්‍රකාශ කළ නොහැකි මුත් පක්ෂයේ තීරණයට හිසනැමීමට නාමල් රාජපක්ෂ මැතිතුමන් තීරණය කරන ලදී. එය පක්ෂ නායකයාගේ ඉල්ලිම මත පක්ෂයේ තිරණයට සහයවීමක් මිස හෘදසාක්ෂියට එකඟව දුන් මනාපයක් නොවේ.

යම් හෙයකින් අයවැයෙන් එජාප රජය පැරදුණානම් එවිට යළිත් මහ මැතිවරණයකට යාමට සිදුවෙයි. එවිට දින 100 වැඩපිළිවෙළ කරගන්නට නොහැකි වීම සම්බන්ධයෙන් එජාපයට කීමට නිදහසට කරුණක් ලැබේ. අයවැය පරදවා එජාපයට නිදහසට කරුණු ලබා දීම ප්‍රඥාගෝචර තිරණයක් නොවේ. අනෙක් අතට දින 100 වැඩපිළිවෙළට ශ්‍රීලනිප මන්ත්‍රීවරු අකුල් හෙලුවා කීමටද දැන් එජාපයට නොහැකි වී ඇත.

ඇත්තටම එජාපයට අවශ්‍ය වූයේ ශ්‍රීලනිප මන්ත්‍රීවරුන් ලවා අයවැය පරාජය කරවාගෙන, වහාම මහ මැතිවරණයකට යාම බව වාර්තා වී තිබුණි.

යාළුවන්වත් දැනුවත් වීමට Share කරන්න.

තවත් අයටත් බලන්නට "Share" කරන්න.