Mahinda Rajapaksa: මහින්දගේ අනුරාධපුර රැළියට බස් වලින් සෙනග ගෙනාවා ද? මෙන්න ඇත්ත.

Sunday, February 8, 2015

මහින්දගේ අනුරාධපුර රැළියට බස් වලින් සෙනග ගෙනාවා ද? මෙන්න ඇත්ත.

10846332_735303379887735_7666280033767597722_n[1]

ජනාධිපතිවරණය උදෙසා මහින්ද රාජපක්ෂයන් පැවැත්වූ මුල්ම රැළිය වන අනුරාධපුර රැළියට CTB බස් වලින් සෙනග ගෙනාපු බව පසුගිය කාලයේ ෆේස්බුක් එකේ ප්‍රචාරය විය. එම ප්‍රචාරයන් කරන ලද්දේ එක්සත් ජාතික පක්ෂයේ නිල ෆේස්බුක් පිටුවෙන් සහ ග්‍රීන් බ්ලඩ් ෆේස්බුක් පිටුවෙනි. පහත දැක්වෙන්නේ ඒවායේ පින්තූරයි. එජාප පිටුවේ එම කාරණාවව 5000 ක්ට අධික දෙනා අනුමත කර තිබෙනු දැකිය හැකියි.

bus

mahinda-bus

නමුත් සත්‍යයනම් මහින්ද රාජපක්ෂයන් ඔය කියන ආකාරයෙන් බස් දහස් ගණනකින් අනුරාධපුර රැළියට සෙනගෙ ගෙනාවේ නැත.

එය ඔබට සනාථ වෙන්නේ, ඉහත පින්තූර වල දැක්වෙන බස්, මෛත්‍රීපාල සිරිසේන මහතා සම්බන්ධ වී කටයුතු කළ 2014 වසරේ මැයි දිනයට සේවකයින්ව ගෙන්වූ බස් රථ වීමයි.

ctb-mahinda

Sunday, May 05, 2013 දින පළවූ සන්ඩේ ටයිම්ස් වෙබ් අඩවියේ පින්තූරයක් එලෙස උස්සා, එමගින් මහින්ද රාජපක්ෂ මහතාට මඩ ගසා ඇති ආකරය ඔබට පැහැදිළි ඇති.

ඒ දවස් වලම ෆේස්බුක් එකේ අපේ මිත්‍රයින් මෙය අනාවරණය කර තිබූ අතර, නැවතත් අප පළ කළේ එජාප මඩ අවලාද වල යතාර්ථය සැමට පැහැදිළි කර දීමටයි.



යාළුවන්වත් දැනුවත් වීමට Share කරන්න.

mahinda.info වෙබ් අඩවියේ ඇති වෙනස.

[1]. mahinda.info වෙබ් අඩවිය පෙනී සිටින්නේ බොරුවට එරෙහිව බැවින් අපි පළමුව බොරු නොකළ යුතු ය. වෙනත් නමකින් "ස්වාධීන සහ අපක්ෂපාතී" ලෙස පෙනී සිටීමට අපිට හැකි වුවද අපි එසේ කරමින් ජනතාව ‍රැවටීම සිදු නොකරමු. මෙය මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ අන්තර්ජාල මාධ්‍ය අංශයෙන් සිදුකරන වෙබ් අඩවියක් බව සෘජුවම පෙන්වා දී ඇත.

[2]. mahinda.info වෙබ් අඩවිය විසින් මෙහි ඇති ලිපි වල කරුණු තහවුරු කිරීමට විකීපීඩියාහි ඇති "Evidence-based journalism" සම්ප්‍රදාය අනුව ඔබට මූලාශ්‍ර එකින් එක පෙන්වා දෙයි.

[3]. mahinda.info වෙබ් අඩවිය කරුණු තහවුරු කිරීමේ මූලාශ්‍ර ලෙස හැකි සෑම විටම එක්සත් ජාතික පක්ෂයට හිතවත් වෙබ් අඩවි මූලාශ්‍ර කර ගනී. ඊට හේතුව එම වෙබ් අඩවි අපක්ෂපාතී නිසා නොව "ඌරාගේ මාළු ඌරාගේ පිටේම තබා කැපීම" යන ක්‍රමවේදය උදෙසායි.

[4]. mahinda.info වෙබ් අඩවිය විසින් "මඩ ගැසීම" හෙවත් කිසිවෙකුට එරෙහිව නිශ්චිතව සනාථ කළ හැකි සාක්ෂි නොමැතිව චෝදනා එල්ල නොකරයි.