Mahinda Rajapaksa: මහින්ද පැරදුනේ ඇයි - ඉන්දියානු හමුදා ජෙනරාල් වරයෙකුගේ ඇසින්

Sunday, February 8, 2015

මහින්ද පැරදුනේ ඇයි - ඉන්දියානු හමුදා ජෙනරාල් වරයෙකුගේ ඇසින්

මෙම ලේඛකයා ඉන්දීය හමුදාවේ සේවය කිරීමෙන් පසු විශ්‍රාම ලභා කලාපීය දේශපාලන සහ ආරක්ෂක විශ්ලේෂනයේ යෙදෙයි. “රාජපක්ෂලා කොහොමද පරාජය වන්නේ ? ඉන්දියානු මහ කොමසාරිස් කාර්යාලයේ ජ්‍යෙෂ්ඨ තානාපති නිලධාරියෙක් අසයි.“ යන මැයෙන් ජනරාල් අශෝක් කේ. මේතා ‘ද හින්දු‘ පුවත්පතට සැපයූ ලිපිය ඇසුරිනි.

10966625_536793566462721_289278054_n

==========================================================
2015.02.01 ඉරිදා ලංකාදීප පුවත්පතේ 07 පිට පළ වූ එම ලිපියේ වැදගත් ඡේද කිහිපයක් ඔබගේ අවධානය පිණිස අප පළ කරන්නෙමු.
==========================================================

යුද්ධය අවසන් වෙමින් පැවති කාලයේ මතුවූ චෝදනා සහ මහින්ද රාජපක්ෂ විසින් හමුදාවට නිදහසේ කටයුතු කිරීමට අවස්ථාව සලසාදීම පිළිබද බටහිර ජාතීන් අතර ප්‍රශ්නකාරී තත්වයක් මතු කළේය. එක්සත් ජාතීන් හා බටහිර රා්‍යයන් සමග ලිබියාව, උතුරු කොරියාව, චීනය, පාකිස්ථානය සහ රුසියාව වැනි රටවල් තම මිත්‍රත්වය අහිමි කරගත් ආකාරයට මහින්ද රාජපක්ෂ මහතාගේ හිතුවක්කාරී ස්වභාවය හේතුවෙන් එක් අවස්ථාවක ඔහු ද එම මිත්‍රත්වය අහිමි කර ගත්තේය. එහෙත් එල්.ටී.ටී.ඊ. සංවිධානය පරාජය කිරීම සහ ඉන්දියාවේ අප්‍රිය ජනක අතපෙවීම මුලිනුපුටා දැමීම යන කරුණු මත සිංහලයන්ගේ ගෞරවය දිනා ගැනීමට ඔහු සමත් විය. විස්මයට කාරණය වුයේ යුද්ධය පැවති වකවානුවේ තමන් යුද්ධෝපාය පිළිබදව ලබාදුන් සහාය වෙනුවෙන් බලය විමධ්‍යගත කරන මෙන් ඉන්දියාව බලපෑම් නොකළේ මන්ද යන්න ය.

එල්.ටී.ටී.ඊ. සංවිධානය පරාජය කිරීමත් සමඟ ඉන්දියාව එක් අන්තයකට සීමා කෙරුණු අතර ඔවුන් ලබාදුන් යුද්ධෝපාය පිළිබඳව සහාය අත්හිටුවීම සදහා චීනය ශ්‍රී ලංකාවට අනුබල දෙන්නට විය. රාජපක්ෂ චීන තුරුම්පුව අනුව ක්‍රියා කරමින්, බලය බෙදාහැරීම පිළිපදව ඉන්දියාවෙන් එල්ලවූ පීඩනය මගහැරීමට පියවර ගත්තේය. චීනය සහ පාකිස්ථානය අතීතයේ සිට ශ්‍රී ලංකාවට හමුදාමය සහයෝගය ලබාදුන් (විශේෂයෙන්ම 2000 වසරේ එල්.ටී.ටී.ඊ. සංවිධානය ජයග්‍රහණය කල අලිමංකඩ සටනේ දී ශ්‍රී ලංකාවට සහාය දුන්) ඉන්දියාවට කුරුමානම් අල්ලමින් සිටි, මිත්‍ර ජාතීන් දෙකක් විය. පසුව ඔවුන්ගේ යුධමය උපකරණවල සහායෙන් එල්.ටී.ටී.ඊ.ය විනාශකර දැමිණි. 2005 සිට චීනය ශ්‍රී ලංකාවේ දේශපාලනික හා ආර්ථික ක්‍රියාවලියට සම්බන්ධව සිටි අතර එය 2012 දී වඩාත් තීව්‍ර වූයේය.

මේ වනවිට ශ්‍රී ලංකාවේ උතුරු නැගෙනහිර වසව දෙමළ බහුතරය ඉන්දියානු දේශපාලනික හා ආර්ථික ආධිපත්‍ය යටතේ ද , දකුණේ ජනතාව චීන ආර්ථික ග්‍රහණය ය‍ටතේ ද සිටිති. ගොඨාභය රාජපක්ෂ මහතාගේ සුපුරුදු ප්‍රකාශය වූයේ චීන ජාතිකයන් මෙහි පැමිණ සිටින්නේ වෙළඳාම සදහා පමණකි යන්නය. ‘චීනය මිතුරකු වන අතර ඉන්දියාව ඥාතියෙකි යැ‘යි රාජපක්ෂවරු පවසනු ඇත. රාජපක්ෂ මහතා වටහා ගත යුතු කරුණක් වන්නේ මිතුරන් තෝරාගත හැකිය. එහෙත් ඥාතීන් එසේ නොවේ. ඉන්දියාව යනු ශ්‍රී ලංකාවේ එකම අසල්වැසියා ය. රාජපක්ෂ පාලනය වෙනස් කිරීම සඳහා දේදුණු සන්ධානයට අයත් වූ හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරණතුංග, අගමැති රනිල් වික්‍රමසිංහ, විදේශ ඇමති මංගල සමරවීර. ව්‍යවස්ථාව පිළිබද විශේෂඥයකු වන ජයම්පතී වික්‍රමරත්න , වාමාංශික බුද්ධිමතකු වන කුමාර් ඩේවිඩ් සහ බෞද්ධ යතිවරයෙකු වන මාදුළුවාවේ සෝභිත හිමි ඇතුළු දක්ෂිණාංශික හා වාම වාදී දේශපාලඥයන්,බුද්ධිමතුන්. නීතීඥයන්, බෞද්ධ හිමිවරුන් මාස 18ක් තිස්සේ ලන්ඩනයේ, නව දිල්ලියේ හා කොළඔදී මුණ ගැසී සාකච්ඡා කළහ. දුෂ්කරතම කාර්ය වූයේ මෛත්‍රීපාල සිරිසේන මහතා මෙම කාර්යයට සම්බන්ධ කර ගැනීමය. ඒ සඳහා දේශපාලන විරුද්ධවාදීන් වූ චන්ද්‍රිකා කුමාරණතුංගත් හා රනිල් වික්‍රමසිංහත් එකම සාකච්චා මේසයකට පැමිණිය යුතු විය.

18 වැනි ව්‍යවස්ථා සංශෝධනය අවලංගු කිරීම සහ 17 වැනි සංශෝධනය බලාත්මක කිරීම සදහා වූ දින 100 ප්‍රතිසංස්කරණ වැඩසටහනට සන්ධානගත සියලු පක්ෂ අතර එකඟතාවක් තිබුණි. යහ පාලනය ඇතිකිරීම හා ජනාධිපතිගේ විධායක බලතල වලින් යම් ප්‍රමාණයක් ව්‍යවස්ථාදායකය වෙත පැවරීම වැනි කරුණු එහි ඇතුළත් විය. ව්‍යවස්ථා සංශෝධනයට අවශ්‍ය තුනේන් දෙකේ බලය තහවුරු කරගැනීම සදහා මේ වසරේ මහා මැතිවරණයක් පැවැත්වෙනු ඇත. එහෙත් දින 100ට පසු කුමකු වේද?

මැතිවරණය පරාජය උවහොත් හදිසි නීතිය ක්‍රියාත්මක කොට බලයේ සිටීම සදහා කුමන්ත්‍රණයක් කළ බවට රාජපක්ෂ මහතාට එල්ලවන චෝදනා සනාථ කිරීමට තරම් සාක්ෂි නොමැත.

ඉන්දියානු අපේක්ෂාව ---------------

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ ප්‍රථම විදේශ චාරිකාව සදහා අවශ්‍ය කටයුතු සුදානම් කිරීමට පසුගිය සතියේ නවදිල්ලි රජය ක්‍රියා කළේය. විදේශ ඇමති මංගල සමරවීර මහතා ප්‍රකාශ කළේ පසුගිය රජ‍යේ විදේශ ප්‍රතිපත්තිය සම්පූර්ණයෙන්ම විකෘත්තියක් බව ය. දෙමළ ප්‍රශ්නයට විසඳුමක් ලෙස එක්සත් ශ්‍රී ලංකාවක් තුල 13වන සංශෝධනය යලි ස්ථාපිත කරන බව රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කළේය. පසුගිය වසරේ පැවති අගමැති නරේන්ද්‍ර මෝදි මහතාගේ පදවි ප්‍රාප්ති උළෙලට සහභාගිවීම සඳහා පැමිණි අවස්ථාවේ මහින්ද රාජපක්ෂ මහතා අගමැති වරයාට පොලිස් බලතල විමධ්‍ය ගත කළ නොහැකි බවය.

උතුරු පළාත් සභාවේ මහ ඇමති සී.වී. විග්නේශ්වරන් සමග ගැටුම් කාරී තත්වයක් ඇතිකරගෙන සිටි උතුරු ප්‍රදේශය භාර ආණ්ඩුකාර වරයා වූ මේජර් ජෙනරාල් ජී.ඒ. චන්ද්‍රසිරි වෙනුවට සිවිල් පරිපාලකයෙකු වන එච්.එම්.ජී.එස්. පලිහක්කාර මහතා පත්වූ අතර මෙතෙක් වාණිජ කටයුතු සඳහා භාවිතා කළ ඉඩමි නැවත බාර දීමට ද පියවර ගනිමින් තිබේ.

බලය බෙදාහැරීම සදහා දෙපාර්ශවයටම නිශ්චිත කාලයක් හා අවකාශයක් ඉන්දියාව විසින් ලබාදිය යුතුය. එමෙන්ම යුධ සමයේ සිදුවූ බව පැවසෙන චෝදනා සම්බන්ධයෙන් නිදහස් හා සාධාරණ පරීක්ෂණයක් එක්සත් ජාතීන්ගේ සහයෝගය ඇතිව පැවැත්වීමට නවදිල්ලි රජය ශ්‍රී ලංකාව සමග සහයෝගයෙන් ක්‍රියා කළ යුතු ය. ශ්‍රී ලංකා රජය චීනයට ලභාදුන් ඩොලර් බිලියන 2.5 පමණ වටිනා කොන්ත්‍රාත්තු පිළිබඳව නැවත විමර්ශනයක් කළ යුතු ය. තවදුරටත් චීනයට අවශ්‍ය අයුරින් කටයුතු කිරීමට අවකාශ නොසැලසිය යුතු වන අතර 2014 සැප්තැම්බර් සහ ඔක්තෝබර් මාසවල ග්‍රේට්වෝල් 329 නමැති චීන සබ්මැරීනයට කොළඔ වරායේ නැංගුරම් ලෑමට ශ්‍රී ලංකාව තම සීමව ඉක්මවා යමින් අවසර ලබාදීම පිළිබදව සොයා බැලිය යුතුය. පසුගිය රජය ඉන්දියාවේ ඉවසීම පරීක්ෂාවට ලක් කොට තිබිණි.

එකිනෙකට පරස්පර පක්ෂ වලින් සමන්විත මෙම සන්ධානය මුහුණ දෙන ප්‍රධානතම අභියෝගය වන්නේ දින සියයේ වැඩසටහන ක්‍රියාත්මක කිරීම සඳහා එක්ව සිටින පිරිස් අතර ඉදිරියේ දී ඇතිවිය හැකි විෂමතා පාලනය කර ගැනීමය. චන්ද්‍රිකා කුමාරණතුංග, රනිල් වික්‍රමසිංහ. සහ මෛත්‍රීපාල සිරිසේන අතර බලය කේන්ද්‍ර ගත වීමේ දී සන්ධානය දේශපාලන වශයෙන් දියාරු වීමට ඉඩ තිබේ. රජයට පැහැදිලි ආර්ථික ප්‍රතිපත්තියක් හා දේශපාලනික වශයෙන් ස්ථාවරභාවයක් නොමැතිවීම මත එහි පැවැත්මට කිසියම් බලපෑමක් එල්ල වනු ඇත.

පසුගිය රජායේ දූෂණවලට සම්බන්ධ පුද්ගලයන් පිළිබද පරීක්ෂණ පැවැත්වීමේ දී විරුද්ධවාදීන් දඩයම් කිරීම සඳහා එය අවියක් ලෙස භාවිතා නොවිය යුතු ය. එමගින් සියයට තුනක ප්‍රතිශතයකින් පමණක් පරාජය කෙරුණු මහින්ද රාජපක්ෂ මහතා මහජන අනුකම්පාව දිනාගෙන නැවත බලයට පැමිණිමට අවස්ථාවක් උදා කළ හැකි බැවිනි.

ඉන්දීය හමුදාවේ විශ්‍රාමික ජනරාල් අශෝක් කේ. මේතා
පරිවර්ථනය ප්‍රියන්ජන් සුරේෂ් ද සිල්වා.

10966981_535480886593989_1230782031_n

යාළුවන්වත් දැනුවත් වීමට Share කරන්න.

තවත් අයටත් බලන්නට "Share" කරන්න.