යාළුවන්වත් දැනුවත් වීමට Share කරන්න.
Tuesday, February 3, 2015
මහින්ද රාජපක්ෂ මහතා අමාදම් සිසිළ සදහම් දෙසුම ශ්රවණය කරයි.
133 වන අමාදම් සිසිල ධර්ම දේශනා වැඩසටහන අද නවම් මස පෝදා තංගල්ල මහින්ද රාජපක්ෂ මහතාගේ නිවසේ පැවැත්වුණි. බුදුදහමේ සිසිලස සැමට බෙදා දීමේ උදාර අරමුණ පෙරදැරි කර ගනිමින් මහින්ද රාජපක්ෂ මහතා එවකට අග්රාමාත්යවරයාව සිටි අවධියේ පටන් අමාදම් සිසිළ වැඩසටහන පවත්වාගෙන එනු ලැබේ. ජනාධිපති වීමට පෙරත්, ඉන් පසුවත් එතුමා සෑම පෝය දිනකම ධර්මශ්රවණය කළ අතර දැනුදු එම සිරිත නොපිරිහෙළා ඉටු කරයි. මෙම අමාදම් සිසිලස ධර්ම දේශනාව ශ්රවණය කිරීම සඳහා මහින්ද රාජපක්ෂ මහතා ප්රමුඛ සැදැහැවත්හු රැසක් එක් ව සිටියහ.


යාළුවන්වත් දැනුවත් වීමට Share කරන්න.
යාළුවන්වත් දැනුවත් වීමට Share කරන්න.
මහින්ද රාජපක්ෂ මහතා අමාදම් සිසිළ සදහම් දෙසුම ශ්රවණය කරයි.
2015-02-03T04:12:00-08:00
Admin
මහින්ද රාජපක්ෂ|විශේෂ සිදුවීම්|