පහත වීඩියෝවෙන් එහි ඇත්ත නැත්ත පැහැදිළි කරනවා. මෙය හෙළි කරන්නේ මහින්ද පාර්ශවයෙන් නොව සිරස ටිවී එක විසින් නිසා, එය සුදුහුණුගෑමක් කියමින් කිසිවෙකුට ප්‍රතික්ශේප කිරීමට නොහැකියි.
https://www.youtube.com/watch?v=Gdhw5uZgU5M
ඉතින් "Being Human Foundation" නැමැති සල්මන් ඛාන්ගේ පදනමෙන් අක්ශි කාච 300 ක් අරගෙන ඔහු එන්නේ උතුරු නැගෙනහිර අඩු ආදායම් ලාභී ජනතාවට ලබා දීම උදෙසායි. එම පුණ්‍ය කටයුත්ත සෑම අවුරුදු 4 කට වරක්ම සල්මන් ඛාන් විසින් සිදුකරන්නක්.
එම උත්සවයට එවකට රටේ ජනාධිපතිවරයා වූ මහින්ද රාජපක්ශ මහතාටත් ආරාධනා ලැබී සහභාගී වුණා. නාමල් රාජපක්ෂ, සල්මන් ඛාන්ගේ යාලුවෙක් නිසා ඔවුන් දෙදෙනාම එකටයි එම ඇස් කාච බෙදා දීමේ අවස්ථාවට ආවේ. ඊට අමතරව සල්මන් ඛාන් සමග ජැකොලයින් ෆර්නෑන්ඩර්ස් ද ඇවිත් තියෙනවා. ජැකොලයින් සල්මන් සමග ආවේ ඇයි කියන එක ඒ දෙන්නගේ පෞද්ගලික කාරණාවක්.
ඇස් රෝහලේ උපදේශකත්වයෙනුයි සල්මන් ඛාන්ගේ අක්ෂි කාච බෙදා දීමේ පුණ්‍ය කටයුත්ත සිදුකළේ. ඊට අමතරව බිම් බෝම්බ වලට හසු වූ උතුරේ පුද්ගලයන්ට බොරු කකුල් ලබා දීම, සහ උතුරේ යම් සංවර්ධන කටයුතු වලටත් සල්මන් ඛාන් අනුග්‍රහය දක්වා තිබෙනවා. ඉතින් ඒ මානුෂික කටයුතු වලට, ඡන්දේ කාලේ ගිය මඩ අවලාද තොගය ඔබ අහන්න දකින්න ඇති.
පහත දැක්වෙන්නේ අදාල අවස්ථාවේ ඡායාරූප. එවකට ජනමාධ්‍ය වලින් මේ දේවල් පෙන්වූයේ නැතිම තරම්.
ඒ වගේම තවත් දෙයක් කියන්න ඕන. දෙතුන් දෙනෙක්ගේ අදහස් පෙන්වලා එය ජනතාවගේ අදහස් ලෙසයි සිරස ටීවී එකෙන් සමාජ ගත කරන්නේ. ඒකටත් සිරස තුළින්ම වීඩියෝවේ අගදී පිළිතුරක් ලැබී තිබෙනවා.
හුදු සිදුවීමක් අල්ලගෙන එය වටා මහා කතන්දරයක් ගොතමින් විශාල මුදලක් යොදවා මඩ වරුසාවක් ගසමින් එය ජාතික අපරාධයක් ලෙස පෙන්වමිනුයි පහුගිය කාලේ එජාපයේ මඩ මාධ්‍ය මෙහෙයුම ගියේ. ඒ විදිහට ඉදිරි ඡන්ද වලිනුත් බොරුවෙන්ම ජනතාව රැවටීමට හැකි වේවිද?
යාලුවන්ටත් ඇත්ත දැනගන්න Share කරන්න.