Mahinda Rajapaksa: යෝෂිත විදෙස් ගත වීමේ චෝදනාවට පිළිතුරු

Tuesday, February 10, 2015

යෝෂිත විදෙස් ගත වීමේ චෝදනාවට පිළිතුරු

හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ දෙවැනි පුත් යෝෂිත රාජපක්‍ෂ මහතා අද අලූයම විදෙස්ගත වී තිබේ.

පාර්ලිමේන්තු මන්ත‍්‍රි නාමල් රාජඵක්‍ෂ මහතා මේ පිළිබඳ අදහස් පලකරමින් කියා සිටියේ යෝෂිත විදෙස් ගත වී ඇත්තේ නාවික හමුදාවේ නිසි අවසරය මත බවත් එම පුද්ගලික සංචාරය නිමවා ඔහු නැවත මෙරටට එන බවත්ය.

ඔහුට එරෙහිව පහුගිය කාලයේ ගුවන් යානයක් තබා ගත්තා (එය රේ විජේවර්ධනයන් නිපදවූ සහ දැනට අබලන් ගුවන් යානයක් බව ඔප්පු විය) ආදිය කියමින් බොරු චෝදනා කළ අතර ඒවා කිසිවක් සනාථ වූයේ නැත.

මානුෂික මෙහෙයුම සමයේ තරුණයින්ව හමුදාවට බන්දවාගැනීම විශාල ගැටළුවක් විය. එවකට ගම් වල ජනතාව කීවේ "හමුදාවට බැඳෙන්නේ අපේ ගම් වල දරුවො විතරයි. ඒත් ලොකු ලොක්කන්ගේ දරුවො ඉගෙන ගන්නේ පිට රට වල" යනාදී වශයෙනි. ඒ අනුව රටේ තරුණ තරුණියන් හමුදාවට බැඳීම දිරිමත් කිරීමට යෝෂිත රාජපක්ෂ මහතාද නාවික හමුදාවට බැඳීමට තීරණය කළේය. අද ඔහුට මඩ අවලාද නගන අය, ඔහුගේ ආදර්ශය නිසා රටේ තරුණයින් හමුදාවට බැඳවා ගැනීමට සිදුවූ සේවය අමතක කරන්නේ ඇයි? වර්තමානයේ යෝෂිත රාජපක්ෂ මහතාට චෝදනා කරන බොහෝ නායකයින්ගේ දරුවන් මානුෂික මෙහෙයුම සමයේ ශ්‍රී ලංකාවේත් නොසිටි බව ඔබට මතක ඇති.

අළුත් ආණ්ඩුව පැමිණ මාසයක් පමණ බලන් සිටියත් ඔහුට ඇති කිසිදු මඩ චෝදනාවකට නීතිමය ක්‍රියාමාර්ගයක් නොගත් අතර ඒවා හුදු මඩ බවටම ඔප්පු විය. ඒ අනුව මාධ්‍ය සංදර්ශන කරමින් මඩ ගැසූ පළියට ඔහු වරදකරුවෙක් නොවේ.

hqdefault[1]

යාළුවන්වත් දැනුවත් වීමට Share කරන්න.

තවත් අයටත් බලන්නට "Share" කරන්න.