Mahinda Rajapaksa: මහින්දව බලන්න අදත් අති විශාල ජන ගඟක්

Saturday, February 7, 2015

මහින්දව බලන්න අදත් අති විශාල ජන ගඟක්

මහින්ද රාජපක්ෂයන්ව බැහැ දැකීම සඳහා අදත් අති විශාල ජන ගංගාවක් එතුමාගේ නිවසට පැමිණෙමින් තිබුණි. එහි පෝලිම එතුමාගේ නිවසේ සිට නුදුරේ ටවුන් එක දක්වාම දික් විය.

පෝලිම කොතෙක් දිග් වුවද එය හැසිරවීමට කිසිදු පොලිස් නිලධාරියෙක්ව අවශ්‍ය නොවීය. පැය ගණන් පෝලිමේ සිටි අය පවා www.mahinda.info මාධ්‍ය අංශය වෙත පැවසූයේ ඒ උදාරතර නායකයා වෙනුවෙන් තම කාලය ශ්‍රමය කැප කිරීම ඉතා සුළු දෙයක් බවයි.

එතුමාව දකින බොහෝ කාන්තාවන් හඬා වැටුණි. බාල තරුණ වයස් බේධයකින් තොරව සෑම දෙනාම එතුමාට නමස් කාර කර පිටව යන්නේ එතුමා රටට කළ සේවයට තමන්ට දැක්විය හැකි අවසාන ගෞරවය එය බවදෝයි හැඟුණ නිසයි.

දිනෙන් දින මහින්ද රාජපක්ෂයන්ව හමු වීමට එන සෙනග වැඩිවීමක් දක්නට ලැබේ. පසුගිය කාලයේ එතුමාට එරෙහිව එල්ල වූ අවලාද මඩ ප්‍රහාරයන් සියල්ලම මේ වන විට අසත්‍ය බව ඔප්පු වී එතුමා ඉදිරියේ මල් වරුසාවක් සේ වැටෙමින් පවතී.

10961676_861790590545045_1178149015_n

10967070_861790557211715_268879114_n

10957591_861790493878388_1839708094_n

10877911_861790503878387_1237496439_n

10965294_861790593878378_973215460_n

10965534_861790567211714_1433489488_n

10965294_861790593878378_973215460_n

10965331_861790487211722_1321824552_n

10951933_861790467211724_223751531_n

10966834_861790473878390_469865643_n

10947878_861790577211713_1735720076_n

10965648_861790460545058_1707022276_n

10965603_861790483878389_1152533154_n

යාළුවන්වත් දැනුවත් වීමට Share කරන්න.

තවත් අයටත් බලන්නට "Share" කරන්න.

2 comments:

  1. අපේ මව්බිමේ සැබෑ නිදහසින් හා අති දැවැන්ත යෝධ සංවර්ධන ව්‍යාපෘති තුලින් මේ ශ්‍රී ලංකාව අධිවේගී ගමනක රැගෙන ගිය අපේ කාලයේ සැබෑ වීරයාව සැබෑ රටට ආදරය කරන කෙලෙහිගුණ මතක තියන දේශප්‍රේමී ජනයා කෙසේ නම් අමතක කරන්නද….

    අපේ මහින්ද රාජපක්ෂ අපේ ජනාධිපතිතුමනි…ඔබයි අපේ නායකයා.
    ශ්‍රී දළඳා සමිදු පිහිටයි…!

    ReplyDelete
  2. ජැක්සන් ඇන්තනි කියපු අනුහස් සහිත ජනමූල නායකත්වය තමයි මැතිවරණ පරාජයෙන් මාසයකට පස්සෙත් අපි සොයාගෙන යන්නේ. එහෙම නායකයෙක් අපිට හමුවුනේ ශතවර්ෂ ගණනාවකට පසුවයි. එදා 1815න් පස්සේ කුන්කුනාවේ නායක හාමුදුරුවෝ කවියකින් විස්තර කරපු නායකයා තමයි ජනවාරි 08 වෙනිදා සුළුතර ජනතාවගේ බහුතර චන්දයෙන් පරාජය කලේ. පසුගිය 01වෙනිදා අපිත් ගියා එතුමාව බලන්න තංගල්ලට. එදා ඉරිදාවක් නිසා වැලිගම ඉඳලා තංගල්ල දක්වා අතරමග හැම නගරයක්ම වගේ පාලුවට ගිහින් තිබුනා. තංගල්ලට යනතුරු රථවාහන තදබදයක් තිබුනෙම නැහැ. නමුත් තංගල්ල ඉතාම කාර්ය බහුලවී තිබුනා. එතුමා වෙනුවෙන් දිවයිනේ නොයෙක් පාත් වලින් පැමිණි ජනතාවගෙන් තංගල්ල නගරය පිරිලා තිබුනා. ඒ කිසිවෙක් කිසිම ලාභ ප්‍රයෝජනයක් බලාගෙන පැමිණි අය නෙමෙයි. අවංකවම මහින්ද රාජපක්ෂ මහතා බලන්න තමතමන්ගේ අතින් වියදම් කරගෙන පැමිණි කලගුණ දන්නා ජනතාව එතුමාව අත්හැරලා නැහැ. මේ ජන බලය ශ්‍රීලනිපයේ බලය නෙමෙයි. මහින්දගේ ජනබලය. මේක අවතක්සේරු කලොත් ඊළඟ මහා මැතිවරණයේදී ශ්‍රීලනිපයට අබ සරනම තමයි.
    මීට පෙරත් මේ රටේ රාජ්‍ය නායකයෝ පැරදිලා ගෙදර ගියා. නමුත් පරාජයෙන් පසුවත් ජනතාවගෙන් තාමත් වන්දනා ලබන නිදහසින් පසු බිහිවුණු එකම නායකයා මෙතුමා පමනයි.

    ReplyDelete

අදහස් දැක්වීමේදී ඔබගේ නම දැක්වීමට "Comment as" ඉදිරිපස ඇති "Drop down menu" එකෙන් "Name/URL" ‍තෝරා ඔබගේ නම ඇතුළත් කරන්න.