ඉහත පින්තූරයේ කුඩු රජා සිටින බව පවසන එක්සත් ජාතික පක්ෂ ෆේස්බුක් ක්‍රියාකාරිකයින් ඒ සම්බන්ධයෙන් ගත් නීතිමය ක්‍රියාමාර්ගය කුමක්දැයි අපි අහනවා. දණ්ඩ නීති සංග්‍රහයට අනුවත් එවන් තොරතුරු දැනගෙන පොලිසියට ලබා නොදීම වරදක්. එනිසා ෆේස්බුක් පිටුවේ එම පින්තූරය පළ කළ ඇඩ්මින්ව සොයාගෙන ඒ සම්බන්ධයෙන් සාක්ශි ලබා ගන්නා ලෙස නියෝග කරන මෙන් පොලිස්පති තුමාගෙන් අපි ඉල්ලා සිටිනවා.
යම් හෙයකින් කුඩු රජෙක් ඉහත පින්තූරයේ ඉන්නවානම් වහාම අත් අඩංගුවට ගත යුතුයි. දැන් තියෙන්නේ එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවක් නිසාත් "නීතිය ක්‍රියාත්මක වෙන්නේ නෑ" වැනි බොළඳ තර්ක වලින් පැන යාමටත් නොහැකියි. නමුත් එවැන්නක් සිදු වී නෑ. සිදුවන්නේ කුඩු ගැන කියමින් මඩ ගැසීමක් පමණයි.
අනික් අතට බලද්දී, දුමින්ද සිල්වා හිටි පමණින් එම උත්සවය මගහැර යාම උදය ගම්මන්පිල මහතා කළ යුත්තක් නෙමෙයි.
මොහොතකට කතා කළ පමණින් දුමින්ද සිල්වාගේ මතවාදය සමග උදය ගම්මන්පිල මහතා එකඟ වුණා කීමත් හුදු මඩක් විතරයි.
දුමින්ද සිල්වා සමග එක්තරා මොහොතක ඇවිදන් ගිය පමණින් මඩ ගහන අය අමතක කරන දේ තමයි, වර්තමානයේදී දුමින්ද සිල්වාගේ පක්ෂ නායකයා මෛත්‍රීපාල සිරිසෙන මහතා බව.
පහත දැක්වෙන්නේ සිගරැට් වලට එරෙහිව දුමින්ද සිල්වා සහ මෛත්‍රීපාල සිරිසේන හිටපු සෞඛ්‍ය අමාත්‍යවරයා එක්ව සංවිධානය කරන ලද දැනුවත් කිරීමක්. එජාප නිල ෆේස්බුක් පිටුවෙන් පළ කළ එම මඩ පෝස්ටරයේ ඉහලින් දැක්වෙන පාථයම, පහත පින්තූර වලට යෙදුවොත් ඊට ලයික් කළ 8000 ක් දෙනා එකඟ වේවිද?
https://www.youtube.com/watch?v=s5llMCcGWtI
පහත දැක්වෙන්නේ දුමින්ද සිල්වා මහතාගේ සමාජ මෙහෙවර මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් ඇගයූ අවස්ථාවක්. එහිදී අදහස් දැක්වූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් අමාත්‍ය මෛත්‍රීපාල සිරිසේන කියා සිටියේ රටේ අනාගතය භාරගැනීමට සිටින නව පරපුර සඳහා ආර්. දුමින්ද සිල්වා මන්ත්‍රීතුමා ගෙන යන වැඩසටහන අගය කළ යුතු බවයි. මේ ගැන ඔය එක්සත් ජාතික පක්ෂ මඩ කරුවන් පවසන්නේ කුමක්ද?
https://www.youtube.com/watch?v=gUk4lhMc-jg
මේ තියෙන්නේ මෛත්‍රීපාල සිරිසේන මහතා දුමින්ද සිලවාත් එක්ක අංගොඩ රෝහලට ගිය අවස්ථාවක්. එක්සත් ජාතික පක්ෂ ෆේස්බුක් පිටුවෙන් ගම්මන්පිල මහතා සම්බන්ධයෙන් දැක්වූ අයුරින් මෙය නම් කළොත් අර පින්තූරෙට ලයික් දාපු 8000 ක් දෙනා එකඟ වෙනවාද?
https://www.youtube.com/watch?v=hZ9qpP2qN68
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමනි, තව ටික කලෙකින් ඔබව එජාපෙට එපා වූ විටෙක ඉහත ගම්මන්පිල මහතාට ගහන මඩම දෙගුණ තෙගුණ කරමින් ඔබතුමාටත් ගහාවි. ඉහත දැක්වෙන පින්තූරම ඊට යොදා ගනීවි. එනිසා එජාප මඩ කරුවන් ව දැන්ම නවතාගන්න.
යාළුවන්වත් දැනුවත් වීමට Share කරන්න.