රෝහිතට තිබුණා කියන බංකින්හැම් අශ්වයා සහ හෙළිකොප්ටරයේ ඇත්ත කතාව

පහත දක්වෙන්නේ පසුගිය ජනාධිපතිවරණ සමයේ මහින්ද රාජපක්ෂයන්ගේ බාල පුත් රෝහිත රාජපක්ෂ මහතාට එරෙහිව එක්සත් ජාතික පක්ෂය විසින් ෆේස්බුක් එකේ බෙදා හරින ලද චෝදනවකි.

buckingham-horse

rohitha

එම චෝදනා එක්සත් ජාතික පක්ෂයේ නිල ෆේස්බුක් පිටුවේ පළ වූ අතර , එජාප තරුණ බලකායක් වන ග්‍රීන් බ්ලඩ් ෆේස්බුක් පිටුවේ ද පළ විය.

එජාප නිල පිටුවේ පළ වූ චෝදනාව 5000 කට වැඩි පිරිසක් එකඟ වී ඇති අතර 2000 කට වැඩි පිරිසක් බෙදා හැර ඇත. (එවන් Like / Share තිබෙන පෝස්ට් එකක් අඩුම තරමින් ලක්ෂ 2 කටවත් වැඩි පිරිසක් නරඹන්නට ඇති බව අප අත්දැකීමෙන් දනිමු). ඒ අනුව ඉහත පළකිරීම මගින් ජනාධිපතිවරණ සමයේ රාජපක්ෂවරුන්ට සිදුවූ බලපෑම ඔබට වටහා ගත හැකියි.

එහෙත් මිත්‍රවරුණි, ඉහත පින්තූර වල දැක්වෙන අශ්වයා බකිම්හැම් තියා ඒංගලන්තය අහලකවත් සිටි අශ්වයෙක් නොව එක්සත් අරාබි එමිරේට්ස් වල විකිණීමට ඇති අශ්වයෙක්ගේ ඡායාරූපයයි.
http://rideordrive.net/horseclass/ads/selling-my-perfect-horse/

horse1

හෙලිකොප්ටරය මහින්දගේ පුතාගේ එකක් නොව Bora Bora Helicopter Tours & Flights හි වෙබ් පිටුවේ දැක්වෙන හෙලිකොප්ටර් ඡායාරූපයයි.
http://www.boraboraislandguide.com/bora-bora-helicopter.html

helicoptor

ඒ අනුව ජනතාවගෙන් හොරා කාපු සල්ලි වලින් ගත්ත දේවල් වශයෙන් පෙන්වූ චෝදනාව සාහසික මඩ අවලාදයක් බව ඔබට වැටහෙනවා ඇති. නමුත් ඔය ආකාරයෙන් තව බොහෝ තැන් වල පෝස්ට් පළ වූ අතර ලක්ෂ ගණන් ජනතාව මඩ යොදාගනිමින් රවටන්නට ඇත.

ඊළඟට එම පින්තූරයේ සිටින්නේ රෝහිත රාජපක්ෂ මහතා විවාහ වීමට සිටින ගැහැණු ළමයායි. ඔහුගේ ෆේස්බුක් පේජ් එකේ තවත් පින්තූර තිබේ. දෙපාර්ශවයේම අවසර සහිතව විවාහ වීමට බලාපොරොත්තුවෙන් සිටින පෙම්වතිය සමග පින්තූරයකට පෙනී සිටීමේ වරද කුමක්දැයි එජාප ෆේස්බුක් පේජ් එක කරන උදවිය පැහැදිළි කළ යුතුය. එය “කම් සැප විඳීමක්” යනුවෙන් චෝදනා කරන ඔවුන්, ඔය ආකාරයෙන්ම තමන්ගේ දෙමාපියන්ටත් එසේ චෝදනා නොකරාවිද?

රට බේරා ගත් නායකයාට පමණක් නොව ඔහුගේ දරුවන්ට පවා සාහසික මඩ අවලාද නගන ලද එජාපය ගැන ඔබගේ අදහස කුමක්ද?

යාළුවන්වත් දැනුවත් වීමට Share කරන්න.

තවත් අයටත් බලන්නට SHARE කරන්න.
  •  
  •  
  •  
  •  
  •  

7 comments to රෝහිතට තිබුණා කියන බංකින්හැම් අශ්වයා සහ හෙළිකොප්ටරයේ ඇත්ත කතාව

  • Sena Hemasiri

    Hello,
    Thanks for the information, but I’m really sorry for not having such information available before the presidential election, 2015.
    Anyway, could you please have the facebook share icon here, so then we can share this information with our friends.

    Jayawewa !
    Sena Hemasiri

    • Admin

      Thanks for the comment. The FaceBook Share icon is already visible and 252 Shares already visible.

      Could you pls tell us what is your device (ie: PC or Mobile Phone). Then we could make necessary adjustments.

  • සුධීර

    ඔය කතාවට මාත් රැවටුනා. මම ඇත්තටම හිතන් හිටියෙ ඕව ඇත්ත පින්තූර කියා. මහින්දගෙ පුතාලට මම බැන්න ලොකුම හෙතුව ගීන් බ්ලඩ් එකේ දාල තිබුන පෝස්ට් එක.

    මේ වෙබ්සයිට් එකෙන් ඇත්ත පැහැදිලි කර දීම ගැන බොහොම ස්තූතියි වන්ත වෙමි. ලියල තියෙන විදිහ වඩාත් හොඳයි. මීට කලින් මහින්ද වෙනුවෙන් මෙහෙම සයිට් එකක් තිබුනනම් මහින්දට ඉන්ටර්නෙට් එකේ කෙල වෙන්නෙ නැ.

    මේවා කරන්න තිබුනෙ ඡන්දෙ කාලෙ. දැන් ගොඩක් පරක්කුයි. ඉදිරි මහ මැතිවරනය වෙනුවෙන්වත් මෙහෙම කරන එක ලොකු දෙය්ක්.

  • Ranjith

    I am a dual citizen. Really my cousin showed me this and told me that Mahinda’s son daily goes to Nuwaraeliya by an army chopper to ride horse and come back to Colombo. Since there was no denial from the Mahinda’s office I believed it and voted for Sirisena. Because I felt so disgusted for allowing things like this to happen when there are many poor children without much financial assistance for their studies.

    Now I repent for it when seeing what is taking place after Sirisena coming to power. Distribution of lands in the HSZ and Closing down the Sampur Naval base. Why cannot they pay compensation to owners of land
    and acquire the lands like in the USA and Canada.

    However I am grateful to Mahinda making KIA secure for us to come and go back.

  • anny

    napunsakayo pirimikama athi ayata irisiyai

  • nadeeka

    Mawae apae waradi…api mawata ancer dunae nae .eka loku aduwak.dan ape adupadu hadagan ediriyata yan,min ediriyata kauru hari mawagae mada dammoth ewata netheya akurata pilipadina wanawa.api sinhala nisa apae lae kakeyanawa.amapa mata mahama kauru hari damoth uta pana pitin enae danae nae…sathai .API ta puluwan dae dubai wala edala api karanawa..mana ape wada (DUBAI Api) page eka

  • Dhammi ( Australia)

    Please update the important news in English as well . Because many Sri Lankans living in overseas doesn’t know the real situation . You have to counter attack for wrong information & mud slangs .

Leave a Reply