මහින්දගේ කොළඹ වරාය නගරය ව්‍යාපෘතිය දැන් දූෂිත නෑලු. දිගටම කරන් යනවාලු.

10947341_1535597396689555_7775050506496079001_n[1]

මහින්ද රාජපක්ෂ ආණ්ඩුව විසින් චීන රජයේ ණය ආධාර ඇතිව ඉදිකිරීම් කටයුතු ආරම්භ කළ කොළඹ වරාය නගර ව්‍යාපෘතිය පිළිබදව පසුගිය මැතිවරණය තුළ බොහෝ කතාබහට ලක්වූ මාතෘකාවක්.

එවකට විපක්ෂය වූ වසර 20ක් තුළ 29 වතාවක් මැතිවරණ අන්ත පරාජයකට ලක්ව සිටි රනිල් වික්‍රමසිංහ මහතා හා අනෙකුත් මඩ බලකායන් විසින් මේ පිළිබදව ජනතාව තුළ වැරදි චිත්‍රයක් මැවීමට කළ කී දෑ සියල්ලන්ට තාමත් මතක ඇති.

මෙය මහා මුදල් විනාසයක් මෙන්ම රට චීන රජයට විකුණන බව එක හෙලාම කී අතර පොදු අපේක්ෂකයා බලයට පත් වහාම මෙම ව්‍යාපෘතිය අවලංගු කරන බව එවකට විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාද ප්‍රකාශ කර සිටි අතර, මෙය පැහැදිලිවම මහින්ද රාජපක්ෂ විසින් සිදුකරන මුදල් විනාසයක් බව තවදුරටත් මහජනතාවට ප්‍රකාශ කරන්නට විය.

මේ බලන්න දිවයින පුවත් පතෙන් එවකට එජාප මන්ත්‍රී (වත්මන් අමාත්‍ය) ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා මුළු රටටම දකින්නට කියපු දේවල්.

එමෙන්ම තවත් හෙක්‌ටයාර් 88 ක්‌ චීන සමාගමට 99 අවුරුදු බද්ධ යටතේ ලබාදීමට ද ආණ්‌ඩුව එකඟවෙලා. ඒ අනුව චීනයට කොළඹ වරාය නගරයෙන් හෙක්‌ටයාර 108 ක්‌ හිමි වෙනවා. රුපියල් මිලියන 1.8 කට පර්චසයක මිල තක්‌සේරු කොට චීන සමාගමට භාරදීමට කටයුතු කොට තිබුණත් කැබිනට්‌ පත්‍රිකාව අනුව එහි සැබෑ වටිනාකම රුපියල් මිලියන 8 ක්‌ පමණ වෙනවා.

කොළඹ වරාය නගරයේ පර්චසයක මිල රුපියල් මිලියන 8 කට තක්‌සේරු කළත් චීන සමාගම විසින් එය ඊට වඩා අඩු මුදලකට අලෙවි කිරීමට නියමිත බවද අනාවරණය වෙනවා. එසේ සිදු කරන්නේ කොළඹ අවට පිහිටි වැල්ලවත්ත, බම්බලපිටිය, දෙහිවල, කෝට්‌ටේ ආදී ප්‍රදේශවල ඉඩම් මිල අඩු කොට එම ඉඩම් ආණ්‌ඩුවට සහ ආණ්‌ඩුවේ හිතවතුන්ට ලබා ගැනීම සඳහායි. කොළඹ ඉඩම්වල මිල පහත දැමීමෙන් මධ්‍යම පාන්තිකයන්ගේ වත්කම් කුණුකොල්ලයට ගෙන ආණ්‌ඩුවේ මාµsයාවට සම්බන්ධ ගෝලයන්ට අලෙවි කිරීමට පිඹුරුපත් සකස්‌ කොට අවසානයි.

නාගරික සංවර්ධන අධිකාරියට අයත් ඉඩමක ඡේම්ස්‌ පැකර් විසින් කැසිනෝ සංකීර්ණය ඉදිකිරීමට ද නියමිතයි. ඉන් පැහැදිලි වන්නේ නාගරික සංවර්ධන අධිකාරියත්, කැසිනෝ හිමිකරුවන් අතරත් අෙන්‍යාන්‍ය සම්බන්ධයක්‌ පවතින බවයි. නාගරික සංවර්ධන අධිකාරියට අයත් අක්‌කර දෙකහමාරක ඉඩමේ කැසිනෝ සංකීර්ණය ඉදිකරන බව රවී විඡේරත්න නමැති ව්‍යාපාරිකයා වෙබ් අඩවියේ සඳහන් කොට තිබෙනවා.

කොළඹ වරාය නගරය ඉදිකිරීම සඳහා කැබිනට්‌ පත්‍රිකාවක්‌ මගින් කොන්ත්‍රාත්තුව පවරාදී තිබෙන zචයිනා කමියුනිකේෂන් කන්ට්‍රක්‌ෂන් කම්පැනිZ සමාගම ඉතා දූෂිත ආයතනයක්‌ ලෙස ලෝක බැංකුව විසින් 2009 ජනවාරි මාසයේ සිට තහනම් කොට තිබෙනවා. එම නිසා එම ආයතනයට ලෝක බැංකුව සමග කිසිදු ගනුදෙනුවක්‌ කිරීමට හැකියාවක්‌ නැහැ. එම ආයතනය දූෂිත නොවන බව ආණ්‌ඩුව ප්‍රකාශ කරන්නේනම් ඕනෑම අභියෝගයක්‌ බාර ගැනීමට මම සූදානම් බවද කිව යුතුයි. 2017 වසර වනතුරු ලෝක බැංකුව විසින් එම ආයතනය දූෂිත ආයතනයක්‌ ලෙස තහනම් කොට නොමැති බව ආණ්‌ඩුවේ කවුරුන් හෝ ඔප්පු කරන්නේනම් තමන් පාර්ලිමේන්තුවෙන් ඉල්ලා අස්‌වී ගෙදර යනවා.

පහත වීඩියෝ එකේ කාලය තත්පර 60 සිට ඉදිරියට අහන්න.

එහෙත් පුදුමයට කරුණ නම් පොදුවිපක්ෂය බලයට පත් වූවත් එම ව්‍යාපෘතිය තව දුරටත් කරගෙන යන බව අද ප්‍රකාශ විය. එදා මෙය මහා මුදල් විනාසයක් විය. පරිසර විනාසයක් විය. දූෂිත ගනුදෙනුවක් විය. රාජපක්ෂලාගේ වැරදි තීරණයක් විය.

පහත වීඩියෝ එකේ කාලය විනාඩි 2:44 සිට ඉදිරියට අහන්න.

ඒත් අද???? මේ සිදුවන්නේ කුමක්ද?? අපේ ජනපති මහින්ද මැතිදුන් පිළිබදව ජනතාවගේ සිතේ තිබූ විශ්වාසය නැති කිරීමට තව කොයි තරමක් කරන්නට ඇත්ද?? ඒවාද හෙට අනිද්දා වන විට ස්ථිර වශයෙන්ම රටට එළිවනවා නොඅනුමානයි.

මූලාශ්‍රය: Windika Rathnayake

යාළුවන්වත් දැනුවත් වීමට Share කරන්න.

තවත් අයටත් බලන්නට SHARE කරන්න.
  •  
  •  
  •  
  •  
  •  

6 comments to මහින්දගේ කොළඹ වරාය නගරය ව්‍යාපෘතිය දැන් දූෂිත නෑලු. දිගටම කරන් යනවාලු.

  • පුන්නක්කු විකුනන මුදලාලි

    පුන්නක්කු කන බයියට රිදුන නේද? ඉහි ඉහි ඉහි. ???

    උබලගෙ මහින්දව අපි එලෙව්වා. දැන් නාඩා හිටින් පුන්නක්කු කන බයියෝ.

    උබලට පොලිටික්ස් තේරෙන්නෙ නෑ. අපිට පොලිටික්ස් පුලුවන් නිසා අපි දින්නා. උබලා ගමේ බයියෝ. බයියලට ඉන්ටර්නෙට් එකේ වැඩ තෑරෙන්නෙ නෑ බයියෝ

    බයියලා අඬන ඇඩිල්ල දැක්කාම මටනම් දැන් හිතෙන්නේ මෛත්‍රී සර් පැරදුනානම් හොඳයි කියලා. යකෝ මෙහෙමත් අඩිල්ලක්

    • United National Punnakku

      පුණ්ණක්කු කන ටොයියල 28 පාරක් පැරදුණේ පොලිටික්ස් දන්න නිසා වෙන්නැති. අයියෝ සල්ලි. අනිත් එක මුන් දිනුවෙත් නෑ. පිනට අගමැතිකම ගත්ත මිසක්. යහපාලන හොරි කහන්නන්ට ඇත්ත කියනකොට රිදිල වගේ.

    • Admin

      @පුන්නක්කු විකුනන මුදලාලි

      බයියා යනු බත් කන කෙනාට කියන ගැමි වහරක්.
      බයි=බත් කියලා දන්නවානෙ.

  • Kasun

    පෝට් සිටිත් ඕකේලු
    පරිසර වාර්තාවත් අවුලක් නැතිලු
    ගොඩ කරන ඉඩම රටට අලුත් එකක්ලු
    චීනෙට අයිති වෙන්නෙත් නෑලු
    දිගටම කරගෙන යනවාලු
    තහනම් කරනවා කිව්වෙත් නෑලු
    එහෙම කිව්වේ කවුද කියලා දන්නෙත් නෑලු
    ල්ංකාව චීන කොලනියක් වෙන්නෙත් නෑලු

    එතකොට

    ගොන් කතා අහලා තාමත් මහින්දට හොරා හොරා කියන උන්?

  • sumudu hewa

    aneda kiyanne. nuvanin kalpana nokara vagakimak nomathiva bada gena hitha chande dun udaviya nisa ovunta pamanak noveyi ratatath mathu parapuratat venne vinnahiuak. Ratak jathiyak nathi kanda bada misa oluwak nethi udaviya!

  • Chaminda

    aneda kiyanne anunge karen ellila anduwakuth nathuwa inna toiyo politics kiyala denna enawa baiyanta… ane naee

Leave a Reply