ගෝඨාභය බලෙන් අල්ල ගත්තා කියන ඉඩමේ ඇත්ත සිද්ධිය

බෞද්ධාලෝක මාවතේ පිහිටි ඉඩමක් ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් රාජ්‍ය බලය යොදාගෙන කොල්ල කා ඇති බවට චෝදනාවක් පසුගිය කාලයේ අන්තර්ජාලය පුරාම ව්‍යාප්ත කෙරුණි.

කිසියම් චෝදනාවකට අධිකරණයෙන් වරදකරු වෙන තුරු, එම චෝදනාව හුදු චෝදනාවක් පමණක් බවට ආචාර ධර්මයක් ඇත. එහෙත් වෙබ් අඩවි වල කරන ලද්දේ ගෝඨාභය රාජපක්ෂ මහතා ඉඩමක් බලෙන් ලබා ගත් බවට සනාථ වූවා සේය.

gotabaya-land

එලෙස අන්තර්ජාලයේ මැවුණ පුවත් වලින් උද්දාමයට පත් වූ “දූෂණ විරෝධී හඬ” නැමැති කඩා පනින “අතුරු පොලීසිය” එම ඉඩමට ගොස් ඇත.

එහෙත් එම ස්ථානයට වහාම පැමිණි රුසියන් තානාපති කාර්යාලයේ නිලධාරීන් පෙන්වා දුන්නේ එය රුසියන් තානාපති කර්යාලයට අයත් ඉඩමක් බවයි. එම ඉඩමට ගෝඨාභය රාජපක්ෂ මහතාට කිසි සම්බන්ධ නැති බව එම තානාපති නිලධාරී තුමන්ලා පෙන්වා දුනි.

watagala02

ආචාර ධර්ම පිළිගත් වෙබ් අඩවි විසින් පහත ආකාරයට එය වාර්තා කරන ලදී.

russian-gotabaya

විශාල හඬක් නගාගෙන එම ඉඩමට කඩා පැන්න ජවිපෙ වසන්ත සමරසිංහ මහතා, රුසියන් තානාපති නිලධාරී තුමාගේ ස්ථිරසාර කරුණු දැක්වීම හමුවේ අසරණ විය. 

මෙම සිදුවීම රුසියානු ජනමාධ්‍ය වලින්ද වාර්තා කර ඇත බව www.mahinda.info මාධ්‍ය අංශය වෙත දැනගන්නට ලැබුණි.

හිටපු අවංක රාජ්‍ය නිලධරියෙක් ලෙස ජනප්‍රියව සිටින ගෝඨාභය රාජපක්ෂ මහතාගේ කීර්තිනාමය විනාශ කිරීමට සෑදූ තවත් සාහසික අපහාසයක් මෙලෙස අතේ රෝල් විය.

යාළුවන්වත් දැනුවත් වීමට Share කරන්න.

තවත් අයටත් බලන්නට SHARE කරන්න.
  •  
  •  
  •  
  •  
  •  

2 comments to ගෝඨාභය බලෙන් අල්ල ගත්තා කියන ඉඩමේ ඇත්ත සිද්ධිය

  • ajith

    ai ,pakshayak washayen nihanda wa muniwatha rakinne…………………api munta me paara paadamak uganwamu aaith boru nokiyannama………………….

  • AKDP Kumara

    ඹබ තුමා අවංක නිළධාරියෙකු බව මුලු ලොවම දන්නවා. ඹබතුමන්ට සදා ජය

Leave a Reply