මෛත්‍රීපාල ඝාතන කුමන්ත්‍රණය ගැන ඇත්ත කතාව මෙන්න

maithripala

වෙබ් අඩවි ගණනාවක පළ වූ ඉහත පුවත සම්බන්ධයෙන් අප පිළිතුරක් ලියන්නේ, එම චෝදනාව සෘජුවම අපගේ වීරෝදාර රණවිරුවන්ට එල්ල වන බැවිනි. එනම්, එකී ඊනියා කුමන්ත්‍රණය
1. ආරක්ෂ අංශ වලින් සිදුවූවක්නම් සෘජුවම ආරක්ෂක අංශ වෙත චෝදනාව එල්ල වෙයි.
2. ආරක්ෂක අංශ නොදැනුවත්ව වෙනත් පාර්ශවයකින් සිදුවූවක් නම් ගෝල්ෆේස් එක වැනි ආරක්ෂාව උපරිමයෙන්ම පවතින ප්‍රදේශයකවත් ආරක්ෂාව දිය නොහැකි බවට ආරක්ෂක අංශ වෙත චෝදනාව එල්ල වෙයි.

එකී කුමන්ත්‍රණය නිසා මෛත්‍රීපාල සිරිසේන මහතා විශේෂ වෙඩි නොවදින ජැකට්ටුවක් ඇන්ද බව පැවසෙයි. එවිට අපට පැන නගින ප්‍රශ්නය වන්නේ “එතුමාගේ ඔළුවට වෙඩි වදින්නේ නැද්ද?” යන කාරණාවයි.

නිදහස් දින ආචාර පෙළපාලියට එන හමුදා භටයින්ගේ ගිණි අවි වල උණ්ඩ එකක්වත් නොමැත. පිටුපස සිටින හමුදාපතිවරුන්ද නිරායුධව සිටී. එසේනම් මෛත්‍රීපාල මහතා බිය විය යුත්තේ තමන්ගේ අරක්ෂාවට යොදාගත් තමන්ගේම ආරක්ෂකයන්ගෙනි.

යම් හෙයකින් මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ජීවිතයට අනතුරක් වුවහොත්, එවිට ජනාධිපති පදවියට පත් වන්නේ අගමැති රනිල් වික්‍රමසිංහ මහතා බවත් අපි මතක් කරෙන්නමු.

නමුත් ඇත්තම කතාවනම් ඔය කුමන්ත්‍රණ සිද්ධිය එලියට ආවේ මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ජැකට්ටුව සම්බන්ධයෙනි. එනම් නිදහස් දා “ජාතික ඇඳුම මොඩ් කර” ඇඳීම සම්බන්ධයෙන් එදා ඇතිවූ ජනතා විරෝධයට, ෆේස්බුක් එකේ එජාප ප්‍රචාරකයින් විසින් ලබා දුන් පිළිතුර වූයේ “මෛත්‍රීපාල සිරිසේන මහතගේ ජැකට්ටුව වෙඩි නොවදින එකක්” බවයි. වෙඩි නොවදින ජැකට්ටුව ඇඳීමට හේතුව වශයෙන් කුමන්ත්‍රණ කතාවකුත් ගෙතුවෝය. “ඔළුවට වෙඩි වදින්නේ නැද්ද?” යන පැනයටනම් ඔවුන්ට පිළිතුරක් නැති විය.

මෛත්‍රීපාල සිරිසේන මහතාගේ පාර්ශවයෙන් ආරක්ෂක අංශ වලට චෝදනා එල්ල වුවද, මහින්ද රාජපක්ෂ මහතාගේ සමයේ යුධ වකවානුවේදී පවා එතුමා රණවිරුවන්ව උපරිමයෙන්ම විශ්වාස කළේය. වාකරේ යුධ ජයග්‍රහණයෙන් පසුව මහින්ද රාජපක්ෂ මහතා මෙහෙයුමට දායක වූ ජීව උණ්ඩ සහිත විශේෂ බලකා රණවිරුවන් අතරටම ගොස් සුභපැතුවේය. https://youtu.be/OUKH4rDS6qs?t=2m19s මෙලෙස ඉදිරි පෙළ යුද වදින සෙබළු හමුවට ගියේ ලෝකයේ එතෙක් මෙතෙක් සිටි ජනාධිපති වරුන්ගෙන් බොහොම සුළු පිරිසක් විතරය.

z_vpg03-impossible[1]

මහින්ද රාජපක්ෂ මහතා විසින් ලෝකයේ විශිෂ්ටතම විනයානුකූල හමුදාව ලෙස ප්‍රකාශ කර මහ ඉහළින් ඔසවා තැබුවේ අපගේ වීරෝදාර රණවිරුවන්වයි. ජැකට්ටුව සාධාරණීකරනය කිරීම සඳහා රණවිරුවන්ට අපහාස නොකරන මෙන් එජාප මාධ්‍ය මඩ අවලාදකරුවන්ගෙන් ඉල්ලා සිටින්නෙමු.

යාළුවන්වත් දැනුවත් වීමට Share කරන්න.

තවත් අයටත් බලන්නට SHARE කරන්න.
  •  
  •  
  •  
  •  
  •  

4 comments to මෛත්‍රීපාල ඝාතන කුමන්ත්‍රණය ගැන ඇත්ත කතාව මෙන්න

  • Wasantha Tennakoon

    මෙම ලිපියේ සදහන් වන්නේ පිළිගත් දේශපාලන අදහස් ප්‍රකාශ කිරීමේ ක්‍රම වේදයකි . නමුත් මෙවන් දේ බලා UNP සාමාජිකයින් කිසිදා ක්‍රියාත්මක නොවනු ඇත . මන්ද බලය ඩෑහැ ගැනීමේ ක්‍රියාවලියේදී ඔවුන් අතීතයේදී පෙන්වා ඇත්තේ වැරදි පුර්වාදර්සයන්ය . එහෙයින් මෙය නිෂ්ඵල ව්‍යායාමයකි. කලයුතු වන්නේ ඔවුන්ට තේරෙන භාෂාවෙන් මෙය කියා දීමය

  • samitha

    Meeyak kadanne athatha Lewakannataya !!!

    Attahatama Maithri wa Maruwanam Eken Pasu neethimaya Thatwaya Kumakda?
    Ehi Wasiya Kata Athweda?

    Janadipathi Premadasa Ghathanayen Pasu Janapathi Wuye Kawda?
    Ewakata Siti Agamathi Thumaya,Enam DB wiyethunga mahathaya

    Ese balana kala meme Ghthana Siddiya Gana Ithamatha Ikmanin Prikshanayak Kara Danduwam Diya Uthuya.

    Ehtek Prawesham wanna Garu Janapathui Thumani,,

    Samaharawita Obata anuwa Obe Sathura Mahinda wiya Haka. Eheth Oba watema sitinne Hdata Le raha Dann ayayi!!! Prawesham wanna !!!

Leave a Reply