රනිල් ජනමාධ්‍ය වෙත කරන ලද අනතුරු ඇඟවීම

අගමැතිට අකමැති මාධ්‍ය ප්‍රධානීන්ට යහපාලනයෙන් රතු එළියක්. [සටහන : චාමික
-පාඨක ලිපියකි]

බලයට ඒමට පෙර මාධ්‍ය නිදහස නැතැයි විවිධ ස්ථානවල මාධ්‍ය සංදර්ශන පැවැත් වූ වික්‍රමසිංහ උන්නැගේ අද මාධ්‍යට අවසන් නිවේදන නිකුත් කරයි, රටේ තොරතුරු දැනගැනීමේ නිදහස ඇහිරීමේ බලය ඔහුට ලබා දුන්නේ කවුරුන්දැයි අද අප ප්‍රශ්න කරන්නෙමු…

පසුගිය ජනවාරි 8 වැනිදා පැවැත්වූයේ ජනාධිපති මැතිවරණයක් විනා අගමැති ප්‍රමුඛ රජයක් හා විපක්ෂයක් තෝරන මහ මැතිවරණයක් නොවන බව ඔහු ඇතුළු එජාප නඩයටද මේ දින 45 අමතක වී ගොස් ඇති බව පෙනේ…

ආණ්ඩුක්‍රම ව්‍යස්ථාව උල්ලංඝනය කරමින් නීති විරෝධීලෙස රජය පිහිට වූ බව අප ඔහුට යළි සිහිපත් කර දීම කාලෝචිත වේ.. මොහු පසුගියදා මාධ්‍ය විසින් ” අවුරුදු 10 ක් බැලුවා දේශ පාලනයෙන් විනාශ කර මාව ඉවත් කරන්න” යැයි ප්‍රකාශ කල බව ඔබ අප සැවොමු දුටුවෙමු.. ඒත් සිදු වූයේ කුමක්දැයි අප විස්තර කර දිමට කැමැත්තෙමු..

රනිල් වික්‍රමසිංහ විවිධ ස්ථානවලදී සිදුකළ ප්‍රකාශ මාධ්‍යයෙන් විකාශය කළා මිස ඔහුට මඩ ගැසීමක් සිදු නොවීය ඔහු ශ්‍රී ලාංකීය දේශපාලනය තුළ දිනෙන් දින කවට,මෝඩ ප්‍රකාශ සිදුකරමින් තම දේශපාලන ප්‍රතිරූපය කෙලෙසාගෙන එයට මාධ්‍ය වේදීන්ට ඇගිල්ල දිගු කරමින් සිටී….

රනිල් වික්‍රමසිංහ කොටි සංවිධානය සමග ගිවිසුම් ගැසීම මාධ්‍ය මගින් ජනතාවට පෙන්විම මාධ්‍ය වේදීන්,මාධ්‍ය ආයතන කල වරදක්දැයි අප ප්‍රශ්න කරනෙමු… බලය ගැනීමට බේස්ලට් , චුයින්ගම් ලබාදෙන බව මාධ්‍ය මගින් ප්‍රකාශ කිරීම ඔහුගේ චරිතට හානි කිරීමක් වන්නේ කෙසේද??

2005 ජනාධිපති මැතිවරණයේදි පස්දුන්කෝරළය ගැන කල ප්‍රකාශය, මෝසම් වර්ෂාව වරද්දාගෙන කීම , රටේ ඉතිහාසය හෙළ අභිමානය නොදැන ලෝකයේ ලොකුම චේතිය ලංකාවේ ඉදිකරන බව කීම මාධ්‍ය විකෘති කල කරුණු වන්නේද??

එදා ටිල්වින් සිල්වා මැතිවරණයෙන් පස්සේ රනිල් වික්‍රමසිංහට විපක්ෂ නායක කමත් නැතිවෙන නිසා රස්සාවක් දෙන්න් පුළුවන් අංශ සොයා බැලූ හැටි ඔබලාට මතක ඇතැයි සිතමි ” පුරා විද්‍යා එකේ රස්සාවක් දෙන්න බෑ ඉතිහාසය දන්නේ නෑ , කාලගුණ විද්‍යා එකේ රස්සාවක් දෙන්න බෑ මෝසම අදුරන්නේ නෑ ” යැයි ප්‍රකාශ කළේය.. ඒවා එලෙසම මාධ්‍ය ප්‍රකාශ කළා මිස වෙන කිසිවක් කළේ නැත… ටිල්වින්ගේ අනාවැකිය බොරු කරමින් ඔහු දිගටම විපක්ෂ නායක ලෙස සිටීමට හැකි ලෙස පක්ෂය පොළඹවා ගත්තේය…

මෙලෙස බලන කලට ඔහු පක්ෂ නායකත්වයේ සිටින්නේද නීති විරෝධී ලෙසයි අපට හැගෙන්නේ.. එයින් අපට කාරියක් නැත… මාධ්‍ය ඔහුගේ චරිතය විශේෂ කොට දැක් වීමක් සිදු වූයේ ඔහු පාර්ලිමෙන්තුවේ විපක්ෂ නායක ලෙස වැදහත් , වගකීමෙන් යුතු ප්‍රකාශ නිකුත් කල යුතු පුද්ගලයෙක් ලෙස ජනතාවට ඔහුගේ ප්‍රකශ බෙදා හැරීමේ වගකීම මාධ්‍ය සතුව පැවති බැවිනි…

anton

ඔහු කොටි ත්‍රස්තවාදියාට බැණ වැදුණු අවස්ථා නොවු හෙයින් ඒවා මාධ්‍ය තුළ ප්‍රචාරය නොවීය.. එදා තොප්පිගල යුද ජයග්‍රහණය පිළිබද ඔහුගේ විවේචනය තුළින් දේශපාලන සමාජය තුළ හා සිවිල් සමාජය තුළ ඔහුගේ ප්‍රතිරූප ඔහු විසින්ම බිමට පෙරළා දමා ගැනීමට සමත් විය.. එයට මාධ්‍ය වේදීන් පිට වගකීම පැවරීම සාධාරණ දැයි අප විමසන්නෙමු….

වරක් මහා නායක හිමියන් සමග රහස් කතිකාවක් පවත්වා එයින් එළියට පැමිණිවිට මාධ්‍ය වේදීන් සාකච්ඡා කල දේ විමසූවිට ” මාධ්‍ය වේදීන් සියලු දෙනා මහණ කරන්න කිව්වා” යැයි කියා මාධ්‍ය වේදීන් මහ හැරීම ජනතාවට රූපවාහිනී හා මුද්‍රිත මාධ්‍ය ආයතන එලෙස ප්‍රකාශ කිරීම කරුණු විකෘති කොට ඔහුගේ චරියට මඩ ගැසීමක්ද??

2010 මැතිවරණය පරදින වග දැන එයින් පළායැම 2015 මැතිවරණයට තමා ඉදිරිපත් වුවහොත් පරදින බව දැන එයට ඉදිරිපත් නොවී හොර පාරෙන් බලයට පැමිණීම මාධ්‍ය වාර්තා කිරීම වරදක් වන්නේ කෙසේද?? අද ඇති සීමිත මාධ්‍ය නිදහසටත් මෙලෙස තර්ජනය කිරීම මාධ්‍ය සදාචාරය වන්නේ කෙසේද??

අද පුවත්පත් මගින් ජාතිවාදය අවුස්සනවා යැයි අසත්‍ය ප්‍රකාශ කරමින් තමන්ට අභිමත පරිදි මෙහෙය වීමට නොහැකි තවමත් රටේ සැබෑ තත්වය රටට හෙළි කිරීමට වෙහෙස වන මාධ්‍ය වේදීන්ට අවසන් නිවේද නිතුක් කිරීම යහපාලනයේ මාධ්‍ය සංස්කෘතිය දැයි අපට ප්‍රශ්නයක් ඇත…

එදා එජාපයට විරුද්ධ වූ රිචඩ් ද සොයිසා , ප්‍රේමකීර්තිද අල්විස් හා තවත් බොහෝ දෙනාට ජීවිතයෙන් නිදහස්කර මාධ්‍ය නිදහස ලබා දුන් හැටි අපට අමතක නැත… අද උතුරේ ඉඩම් බෙදීම සම්බන්ධයෙන් උතුර ත්‍රස්තවාදයෙන් මුදා ගත් දකුණේ ජනතාවට දැන ගැනීමේ අයිතිය ඇහිරීමට වත්මන් රජය ඇති අයිතිය කුමක්ද?? උතුර යුදමය ලෙස දිනා රට එක්සේසත් කිරීමට උරදුන් දකුණේ ජනතාවගේ ඇස් වසා එවැන්නක් සිදුවනේනම් ඒ පිළිබද ජනතාව දැනුවත් වන්නේ කෙසේද??

අලුත් යහපාලනය එක්ක සෙල්ලම් කරන්න එපා යැයි මුද්‍රිත මාධ්‍ය කතෘ වරුන්ට රතු එළි දල්වන්නේ මේ වනව්ට සියලූම රූපවාහිනී හා ගුවන් විදුලි නාලිකා තම අණසකට ගෙන ඒවා තමන්ට රිසි පරිදි මෙහෙයවන නිසා බව පැහැදිලිය… සත්‍ය දැන ගැනීමේ අයිතිය වෙනුවෙන් මාධ්‍යවේදීන් ඉතා අතළොස්සක් නිර්භීතව කරගෙන යන වෑයම අප අගය කරන්නෙමු..

පසුගිය 18 වැනිදා නුගේගොඩ ජනතා රැළිය දැක වික්‍රමසිංහ මහතාට නිසැක ලෙසම පරාජය උරුම වී ඊළග පාර්ලිමේන්තුවේ විපක්ෂ නායක ධූරය පවා අහිමි වී යාමට ඉඩ සැලෙසන බව අවබෝධ වී ඇතිබව පැහැදිලිවේ….

අන්තර්ජාලය ඔස්සේ මහින්ද රාජපක්ෂ මහතාගේ ආධාර කරුවනගේ හා එතුමාගේ නිල වෙව් අඩවිය පවා මේවන විට සයිබර් ප්‍රහාර සිදුකර අඩාල කර ඇත…

මේ කිසිවකින් සත්‍ය වසන් කර ජනතාව මුළා කර බලයේ රැදී සිටිය නොහැක එජාපය ප්‍රමුඛ බල ලොභීන්ගේ උගුලේ හසුවූ ජනතාව තමා අතින් වූ වරද නිවැරදි කර ගැනීමට අවස්ථාව එළෙඹෙන තෙක් නො ඉවසිල්ලෙන් බලා සිටී… දිනෙන් දින මේ රට විනාශ මුඛයට ගෙනයන නීති විරෝධී රජයට එරෙහිව ජනතාව සත්‍ය අවබෝධ කර ගනිමින් ලක්ෂ ගණනින් එක් රැස්වෙමින් සිටී…

ජනතාවට සත්‍ය දැන ගැනීමේ අයිතිය වෙනුවෙන් තවමත් අභීතව සටන් කරන සියලු මාධ්‍යවේදීන්ට අපගේ උපහරය පිරිනමන්නෙමු… එජාපයේ මැර බලයට වඩා මාධ්‍ය වේදියාගේ පෑන ඉතා බලවත් බව අවධාරණය කරනෙමු… රජුන් තනන්නන් හා රජුන් නසන්නන් අතර අන්තර සම්බන්ධය මාධ්‍ය බව ඉක්මනින් වික්‍රමසිංහ මහතාව පැහැදිලිවනු ඇත….

යාළුවන්වත් දැනුවත් වීමට Share කරන්න.

තවත් අයටත් බලන්නට SHARE කරන්න.
  •  
  •  
  •  
  •  
  •  

Leave a Reply