විමල්ගේ බිරිඳට එරෙහිව ඇති චෝදනාත් අමූලික බොරු! ලිඛිත සාක්ෂි මෙන්න

kapila-ss

චෝදනාව 1 : විදෙස් ගමන් බලපත්‍ර දෙකක් තියා ගැනීම.
සත්‍යය: කළින් තිබූ ගමන් බලපත්‍රය නීත්‍යානුකූලවම අවලංගු කර එය ඉවත් කර, අලුතෙන් ගමන් බලපත්‍රයක් සෑදුවා. පෙර තිබූ ගමන් බලපත්‍රය ආගමන විගමන දෙපාර්තමේන්තුවෙන් අවලංගු කිරීමේ ලිපියත් මහේස්ත්‍රාත් තුමාට ඉදිරිපත් කළා. ඒ අනුව ගමන් බලපත්‍ර දෙකක් භාවිතා වී නෑ.

චෝදනාව 2 : ශශී වීරවංශ මහත්මිය නම් දෙකකින් හැඳුනුම් පත් දෙකක් ලබාගෙන තිබීම.
සත්‍යය: හැඳුනුම්පත් දෙපාර්තමේන්තුවෙන් නිකුත් කිරීමේදී හැඳුනුම් පතේ නම සහ උපන් දිනය සම්බන්ධයෙන් අඩුපාඩු 2 ක් තිබූ අතර එය සකස් කරන මෙන් පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවෙන් ඉල්ලා තිබුණා. (සැයු: නිතර භවිතා කිරීම මගින් විනාශ වෙන නිසාත්, වයසත් සමග මුහුනේ පෙනුම වෙනස් වීමත් සමග අලුත් ඡායාරූපයක් සහිත හැඳුනුම්පතක් අවශ්‍ය වීමත් නිසා, සාමාන්‍යයෙන් වසර 10 කට පමණ වරක් ජාතික හැඳුම්පත අලුත් කිරීමට සිදුවෙනවා). එය පාදක කරගෙන නමේ වෙනස සකස් කළද උපන් දිනයේ වෙනස සකස් කර තිබුණේ නැහැ. ඒ අනුව නැවතත් උපන් දිනයත් වෙනස් කර දෙන මෙන් ඉල්ලා තිබුණා. එනිසා මෙහි කූඨ ලේඛන සෑදීමක් සිදුවී නැති අතර සියල්ල සිදුවූයේ අදාල නීති රාමුව තුළ පිහිටමිනි.

ඉහත සියලුම සිදුවීම් සම්බන්ධයෙන් අදාල නෛතික ලේඛන අධිකරණය වෙත ඉදිරිපත් කර තිබෙනවා.

නීතීඥ කපිල ගමගේ මහතාගේ සම්පූර්ණ ප‍්‍රකාශය…

දෙරණ රූපවාහිනිය සිද්ධිය වාර්තා කල අයුරු…

යාළුවන්වත් දැනුවත් වීමට Share කරන්න.

තවත් අයටත් බලන්නට SHARE කරන්න.
  •  
  •  
  •  
  •  
  •  

1 comment to විමල්ගේ බිරිඳට එරෙහිව ඇති චෝදනාත් අමූලික බොරු! ලිඛිත සාක්ෂි මෙන්න

Leave a Reply