තිස්ස පෙන්නූ රනිල්-මෛත්‍රී ගිවිසුම කුමන්ත්‍රණයක් කීමට පිළිතුරු

පසුගිය ජනාධිපතිවරණ සමයේ තිස්ස අත්තනායක මහතා ඉදිරිපත් කළ, රනිල් වික්‍රමසිංහ – මෛත්‍රීපාල සිරිසේන යන මහත්වරුන් අතර ඇති වුණා යැයි කියනු ලබන ගිවිසුම මහත් ආන්දෝලනයක් ඇති කළේය. මේ දැක්වෙන්නේ එකී ගිවිසුමයි.

අත්සන කලින් කලට යම් යම් වෙනස්කම් වලට ලක් වෙන බැවින්ද, සමහරුන් එක් එක් අවස්ථාවට වෙන වෙනම අත්සන් භාවිතා කරන බැවින්ද, අනෙකුත් අත්සන් සමග සන්සන්දනය කර එම අත්සනේ නිවැරදි භාවය මැන බැලීමත් ප්‍රායෝගික නැත.

මෙහි ඇති අත්සන් වැරදි බව පොලිස් පරීක්ෂණ වලින් අනාවරණය වූ බව මුලදී වාර්තා විය. අත්සනක නිරවද්‍ය භාවය ෆොටෝ එඩිට් එකක් පෙන්වනවා මෙන් (චම්පික රණවක මහතා පෙන්වූ ලෙස්ටර් ජේම්ස් පීරිස් මහතතාගේ හිසට KP ගේ හිස බට් කළ ෆොටෝ එක මෙන්) සමාජය ඉදිරියේ පහසුවෙන් ඔප්පු කළ හැක්කක් නොවේ. ඒ අනුව පොලිස් පරීක්ෂණ වලින් කුමන නිගමනයක් දුන්නත් එය හරිද වැරදිද කියා අපිට දැනගත නොහැකියි.

ව්‍යාජ ලේඛන සෑදූ බව කියමින් මෑතකදී අත් අඩංගුවට ගත් තිස්ස අත්තනායක මහතාව පසුව නිදහස් විය. මේ ගැන BBC වෙබ් අඩවියේ මෙසේ සඳහන් වෙයි.

ව්‍යාජ ලේඛන සැකසු බවට චෝදනා ලබා රිමාන්ඩ් බාරයට පත් කර සිටි හිටපු සෞඛ්‍ය ඇමති මෙන්ම එක්සත් ජාතික පක්ෂයේ හිටපු මහලේකම් තිස්ස අත්තනායක ඇප මත නිදහස් කොට තිබේ.
තිස්ස අත්තනායක මන්ත්‍රීවරයා කූට ලේඛන සකස් කල බවට දැනට සිදු කළ පරීක්ෂණවලින් සාක්කි අනාවරණය නොවන නිසා ඔහු ඇප මත නිදහස් කරන බව කොළඹ කොටුව මහේස්ත්‍රාත්වරයා ප්‍රකාශ කළේය.

එලෙස දැක්වෙන්නේ ලංකාසීනිවුස් එකේ නොවේ. යහපාලන ආණ්ඩුවට පක්ෂපාතී මාධ්‍යයක් වන BBC එකෙනි. නිශ්චිත වරදක් නොමැතිව අත් අඩංගුවට ගත්තානම්, ඒ අනුව අපට නිගමනයට ආ හැක්කේ ඉහත ගිවිසුමේ අත්සන් ව්‍යාජ ඒවා බවට පසුගිය කාලේ කී දේවලුත් පට්ට පල් බොරු බවයි. හුදු දේශපාලන පලිගැනීමක් උදෙසාම තිස්ස අත්තනායකයන්ව අත් අඩංගුවට ගෙන ඇති බව පසක් වෙයි.

tissa

රනිල්-මෛත්‍රී නමින් හැඳින්වුණ මේ ගිවිසුමට සමාජයෙන් විරෝධයක් එල්ල වූයේ මෛත්‍රීපාල සිරිසේන මහතා සහ රනිල් වික්‍රමසිංහ මහතා ගිවිසුමක් ගැසු නිසා නොව, එහි අන්තර්ගත රටට හානිකර ඇතැම් කරුණු නිසයි. මේ මහත්වරුන් TNA එක සමග වුවද රටට හානියක් නොවන ගිවිසුමක් ගහන්නේනම් කාගේවත් විරෝධයක් නැත.

ඒ අනුව අත්සන් පස්සේ නොයා එම ගිවිසුමේ අන්තර්ගතය, දින 100 කාලයේ මුල් දින 30 ඇසුරෙන් සත්‍යාපනය කර බලමු.

1. එකී ජනාධිපතිවරණයේදී මෛත්‍රිපාල සිරිසේන මැතිතුමාගේ ජයග්‍රහණය තහවුරු කිරීම පිණිස එක්සත් ජාතික පක්ෂය විසින් සිය අත්දැකීම්, හැකියාවන්, අරමුදල් සහ පක්ෂ යාන්ත්‍රණය මෙහෙයවමින් උපරිම කැපවීමෙන් කටයුතු කිරීමට මෙයින් එකඟ වේ.
සිදු විය.

2. එකී ජනාධිපතිවරණය ජයග්‍රහණය කර දිවුරුම් දීමෙන් පසු මෛත්‍රිපාල සිරිසේන මැතිතුමා විසින්
2.1. පැය විසි හතරක් ඇතුළත එක්සත් ජාතික පක්ෂ ජාතික නායක රනිල් වික්‍රමසිංහ මැතිතුමා අගමැති ධුරයට පත් කිරීමටද
සිදු විය. (මෙය ඉටු කිරීම සඳහා පාර්ලිමේන්තු සම්ප්‍රදාය මෙන්ම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවත් උල්ලංඝනය කළ බව විද්වතුන්ගේ අදහසයි)

2.2 චරිත රත්වත්තේ මහතා ජනාධිපති ලේකම් ලෙස පත් කිරීමටද
සිදු නොවුණි (එය යෝජනා වූ බව අපට ආරංචි වුවද, ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් තම අභිමතය පරිදි පත් කරගන්නා ලද්දේ පීබී අබේකෝන් මහතාවයි. පසුව චරිත රත්වත්තේ මහතා රනිල් වික්‍රමසිංහ මහතාගේ උපදේශක ලෙස පත් විය.)

2.3 අගමැතිවරයාගේ එකඟතාවයෙන් ඇමැති මණ්ඩලය පත් කිරීමටද
සිදු විය.

2.4 ආරක්ෂක අමාත්‍ය ධුරය හැර වෙනත් කිසිම අමාත්‍ය ධුරයක් නොදැරීමද
සිදු නොවුණි (ආරක්ෂක අමාත්‍යාංශයට අමතරව එතුමාට මහවැලි සංවර්ධන අමාත්‍යාංශයත් අයත් වෙයි. අප අමතක නොකළ යුතු කරුණ වන්නේ මෛත්‍රීපාල සිරිසේන මහතා 1997 සිටම මහවැලි අමාත්‍යාංශය අයත් කරගෙන සිටි බවයි. වරක් බැසිල් රාජපක්ෂ මහතා ඔහුගෙන් එය ඉවත් කිරීමට උත්සාහ දැරූ අවස්ථාවේදී, මහවැලි අමාත්‍යංශය නොමැතිනම් ඇමතිකම් එපා යැයි පවසා එය ලබා ගත් බවත් එතුමා පවසා තිබේ)

2.5 මුදල්, අධ්‍යාපන සහ උසස් අධ්‍යාපන, සෞඛ්‍ය, කෘෂිකර්ම, මහාමාර්ග, විදුලිබල සහ බලශක්ති, ව්‍යවස්ථා සම්පාදන, ජනමාධ්‍ය, පළාත් පාලන හා පළාත් සභා, තරුණ කටයුතු සහ වෙළෙඳ සහ වරාය කටයුතු යන අමාත්‍යාංශ ඇතුළු අමාත්‍යාංශ 20ක් එක්සත් ජාතික පක්ෂයට ලබාදීමටද
සිදු නොවුණි

2.6 ජනාධිපති ධුරයට පත්වී දින සියයක් ඇතුළතදී
2.6.1 විධායක ජනපති ක්‍රමය සම්පූර්ණයෙන් අහෝසි කිරීමටද
සිදු නොවන බව පැවසේ. (කෙසේ නමුත් මෙය ප්‍රසිද්ධියේ ඔවුන් පොරොන්දු විය)

2.6.2 18 වැනි ව්‍යවස්ථා සංශෝධනය අහෝසි කර 17 වැනි ව්‍යවස්ථා සංශෝධනය යළි බලාත්මක කර 19 වන ව්‍යවස්ථා සංශෝධනයක් ඉදිරිපත් කිරීමටද
ඉදිරියේදී සිදු වෙන බව පැවසේ.

2.6.3 ජනතාවගේ තොරතුරු දැනගැනීමේ අයිතිය ව්‍යවස්ථාවෙන් සහතික කිරීමටද
ඉදිරියේදී සිදු වෙන බව පැවසේ.

2.6.4 පවතින මැතිවරණ ක්‍රමය වෙනුවට සමානුපාතික සහ කොට්ඨාස යන ක්‍රම දෙකේම යහපත් ලක්ෂණ එක් කරමින් නව මැතිවරණ ක්‍රමයක් හඳුන්වා දීමටද
ඉදිරියේදී සිදු වෙන බව පැවසේ.

2.6.5 උතුරු පළාතේ ස්ථානගත කර සිටින හමුදා භටයන් ගණන 50%කින් අඩු කිරීමටද
මෙවැන්නක් රජය තීරණය කළ බවක් අපට නිශ්චිතව දැනගන්නට නොලැබුණි. එහෙත් සිරිසේන මහතාව බලයට ගැනීමට දායක වුණ විග්නේෂ්වරන් මහතා 2013 දී තම ප්‍රතිපත්ති ප්‍රකාශය තුළින් මෙසේ පවසා ඇත. (මූලාශ්‍රය මෙතනින්)

අධිආරක්‍ෂිත කලාප ඉවත් කළ යුතු බවත් 1983 ට පෙර පැවති ආකාරයටම, පසුව පිහිටවනු ලැබූ සියලු හමුදා කඳවුරු ඉවත් කළ යුතු බවද එහි අවධාරණය කර තිබිණි.

2.7 පාර්ලිමේන්තු මැතිවරණයක් පැවැත්වීමෙන් පසු එළැඹෙන වසර දෙක පුරා පවතින සන්ධානගත ආණ්ඩු සමයේදී
2.7.1 සියලුම අධි ආරක්ෂිත කලාප ඉවත් කර එම ඉඩම් එහි මුල් අයිතිකරුවන්ට ලබාදීමටද
සිදුවෙමින් පවතී. මේ යොමුවෙන් අදාල හිරුනිවුස් කියවන්න.
10353181_758026350962126_3995359258160118917_n[1]

2.7.2 දෙමළ ජනතාවගේ අභිලාෂයන් ඉටුවන අයුරින් දහතුන් වන සංශෝධනය ඉක්මවා ගිය බලය බෙදීමක් සිදු කිරීමටද
සිදුවෙමින් පවතී. අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පැහැදිළිවම 13 ක්‍රියාත්මක කිරීම ගැන ප්‍රකාශ කළේය.
පහත වීඩියෝවේ කාලය විනාඩි 11:12 අසන්න

2.7.3 එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මණ්ඩලය විසින් යුද අපරාධ සහ මානව හිමිකම් කඩ කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවට කරන ලද නිර්දේශ සියල්ලම ක්‍රියාත්මක කිරීම සඳහා අන්තර්ජාතික ප්‍රජාව සමඟ සහයෝගයෙන් කටයුතු කිරීමටද
ක්‍රියාත්මක වේ.
“එක්සත් ජාතීන්ගේ සංවිධානය ඇතුළු ජාත්‍යන්තර ව්‍යුහයන් සමග එක්ව කටයුතු කරන්න අප සූදානම්” – අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා

2.7.4 යුද්ධය අවසන් වී ඇති හෙයින් ආරක්ෂක අමාත්‍යාංශය වෙනුවෙන් වැය කරන මුදල 40%කින් කපා හැර එම අරමුදල් උතුරු සහ නැඟෙනහිර පළාත්හි සංවර්ධන කටයුතු සඳහා යෙදවීමටද
ආරක්ෂක වියදම් අඩු කරන බව වාර්තා වී ඇත.

2014-09-26 ඉදිරිපත් කළ අයවැය මෙතනින්
Ministry of Defence
Recurrent 225,022,000,000 Rs
Capital 60,000,000,000 Rs
Total: 285,022,000,000 Rs

2015-01-29 ඉදිරිපත් කළ අයවැය කථාව මෙතනින්
රවි කරුණානායක මහතාගේ අතුරු අයවැයට අදාල ආරක්ෂක වියදම් ගැන පැහැදිළි මූලාශ්‍රයක් මේ ලේඛකයාට හමු නොවුණි.

2.7.5 රාජ්‍ය අංශයට අසීමිත බඳවාගැනීම් මහා භාණ්ඩාගාරයට දැවැන්ත බරක් වී ඇති හෙයින් රාජ්‍ය සේවයට අලුතින් බඳවාගැනීම් වහාම අත්හිටුවා දේශපාලන වශයෙන් ලබා දුන් සියලු පත්වීම් සහ උසස් වීම් වහාම අවලංගු කිරීමටද එකඟ වේ.
දේශපාලන වශයෙන් ලබා දුන් සියලු පත්වීම් සහ උසස් වීම් වහාම අවලංගු කිරීම සිදුවෙමින් පවතී. (හමුදානිලධාරීන්ව තානාපති සේවයට පත් කිරීම හුදු දේශපාලන පත් කිරීමක් සේ එජාපයෙන් සැලකුවද, එහි ඊට වඩා ගැඹුරු හේතුවක් තිබේ)

bbc

ඒ අනුව ගිවිසුමේ ඇති බොහෝ කරුණු, දින 100 යේ මුල් දින 30 තුළදීම සිදුවී ඇති බවත්, තවත් ඒවා ඉදිරියේදී සිදුවීමට නියමිත බවත් www.mahinda.info ලිපියෙන් ඔබට පැහැදිළි ඇති. එම ගිවිසුමට ජනතාව එරෙහි වූයේ එහි ඇති ඇතැම් රටට හානිදායී කරුණු සම්බන්ධයෙනි.

මෙහි වැදගත්ම කාරණය වන්නේ අර කියපු “රටට හානිදායී වගන්ති” ක්‍රියාත්මක වෙමින් පැවතීමයි. ඒ අනුව රනිල්-මෛත්‍රී ගිවිසුමට එරෙහිව මහින්ද පාර්ශවයෙන් එල්ල වූ ඒ විරෝධය අදටත් වලංගුය.

තිස්ස අත්තනායක මහතාට එදා මඩ අවලාද නැගූ සමහරුන්, අද ඒ ගිවිසුමේ ඇති දෑ සිදුවෙමින් පවතිද්දී, ඒවා ජනතාවට අමතක කිරීම සඳහා එතුමාගේ දෝනියන්දෑ වෙනුවෙන් Facebook පේජ් හදමින් කාලය ගත කරනු දක්නට ලැබේ. ජනතාව තව දුරටත් මුලා කිරීමට නොහැකි බව ඔවුන් වටහා ගත යුතුය. මෙම වෙබ් පිටුව හැකි තරම් බෙදා හරින්න.

මූලාශ්‍ර: 1

යාළුවන්වත් දැනුවත් වීමට Share කරන්න.

තවත් අයටත් බලන්නට SHARE කරන්න.
  •  
  •  
  •  
  •  
  •  

Leave a Reply