ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඉහළ පෙළේ තනතුරක් දරපු කෙනෙක් ගැන සහ පසුගිය රජයේ ප්‍රබල ලේකම් වරයෙක් ගැන කියමින් මෙලෙස චෝදනා කරන්නේ කවුරුන් ගැනදැයි ඔබට වටහා ගැනීමට හැකි වේවි.
එලෙස පෙන්වන පින්තූර වල සත්‍යාසත්‍ය භාවය ගැන ඔබ මොහොතකට හිතුවාද?
මිත්‍රවරුණි, ඉහත ටීඑන් එල් ප්රවෘත්ති වල ඇමරිකන් නිවාස බව පුන පුනා ප්‍රකාශ කළද එම නිවස්නය ඇමරිකාව අහලකවත් ඇති එකක් නොවේ. ඒ ඩුබායි හි ඇති සුප්‍රසිද්ධ "බෙනාසීර් රාජකීය නිවස්නය" යි.
පහත දැක්වෙන යොමුවෙන් ඒවා නරඹන්න.
http://www.hyd-masti.com/2009/01/palace-in-dubai.html
ගූගල් වෙත පිවිස benazir house in dubai ලෙස සෙවුමක් යොදා හෝ පහත ගූගල් සෙවුම් යොමුවෙන් ඔබට දහස් ගණන් වෙබ් අඩවි වල ඇති එම පින්තූර නරඹන්නට හැකියි.
https://www.google.lk/?gws_rd=ssl#q=benazir+house+in+dubai
ඉහත දැක්වූ ටීඑන් එල් වීඩියෝවේ ව්‍යංගයෙන් කියා ඇති චෝදනාව ඊට පෙර, ඊළාම්නිවුස් නැමැති කුප්‍රකට LTTE යුටුයුබ් නාලිකාවේ ඇති විඩියෝවක ද දැක්වුණි.
නමුත් එහි සත්‍ය වීඩියෝව ඊට කළින් දිනයකින් යුටුයුබ් හි පළ වී ඇත.
මානුෂික මෙහෙයුම ජයග්‍රහණය කිරීමත් සමග අන්තර්ජාතික කොටි හිතවාදීන් ගෝඨාභය රාජපක්ෂ මහතාට එරෙහිව මඩ අවලාද මෙහෙයුමක් ගෙන ගියෝය. නමුත් කණගාටුවට කරුණනම් වර්තමානයේදී අපේම රටේ අයත් බලය ලබා ගැනීම උදෙසා අර කොටි හිතවාදීන්ගේම මඩ ප්‍රහාර අනුගමනය කිරීමයි.
ව්‍යාජ පින්තූර පෙන්වමින්, "ඔවුන් මේ සියළු දේපල උපයා ඇත්තේ මෙරට අහිංසක ජනතාවගේ බත් පතට ගැසූ බදු මුදලිනි" යනාදී ලෙස පවසමින් ජනතාව උසි ගන්වන ආකාරය ඔබ එම වීඩියෝවෙන් දුටුවා නේද.
"ඔවුනට එරෙහි නීති ක්‍රියාත්මක කිරීම යහපාලනය වෙනුවෙන් බලයට පැමිණි මෛත්‍රීපාලනයේ වගකීමකි" ලෙසත් පවසයි. වෙනත් රටවල ව්‍යාජ පින්තූර යොදාගමින් මෙලෙස මඩ ගැසීම යහපාලනය දැයි අපට ඇසීමට සිදුවෙයි.
පසුගිය කාලයේ එම පින්තූර වලට රැවටී ඒවා ශෙයා කරමින් ෆේස්බුක් එකේ සමහරුන් පවා හොරා හොර හොරා කියමින් හතර වටේ කොමෙන්ට් කරනු දක්නට ලැබුණි. ටී එන් එල් එකේ පුවත දුටු අන්තර්ජාල භාවිතය් ගැන නොදන්නා තව කී දාහක් රැවටෙන්න ඇත්ද?
රනිල් වික්‍රමසිංහ මහතාගේ වැඩිමහල් සොහොයුරු TNL සභාපති ශාන් වික්‍රමසිංහ මැතිඳුනි, ඇයි මෙවන් තත්ත්වයකට වැටුණේ?
යාළුවන්වත් දැනුවත් වීමට Share කරන්න.