Mahinda Rajapaksa: හමුදා කුමන්ත්‍රණයක් වුණාද? - ප්‍රධානීන්ගේ VIDEO

Tuesday, February 10, 2015

හමුදා කුමන්ත්‍රණයක් වුණාද? - ප්‍රධානීන්ගේ VIDEO

Mr-last_moment[1]

මහින්ද රාජපක්ෂයන් පරාජය වුවද, හමුදා කුමන්ත්‍රණයක් කර හෝ දිගටම බලයේ රැඳී සිටීවි යැයි එජාපය ප්‍රමුඛ එවක්ට විපක්ෂයේ මාධ්‍ය වලින් දිගින් දිගටම ප්‍රකාශ විය. 2015 ජනවාරි 9 වැනිදා පාන්දර මහින්ද රාජපක්ෂයන් සාමකාමී ලෙස අරලිය ගහ මන්දිරයෙන් පිටව ගිය ආකාරය මුළු රටම කම්පනයට පත් වී බලා සිටියෙමු. හමුදා කුමන්ත්‍රණයක් කර හෝ බලයේ දිගටම රැඳී සිටීවි යැයි මුල සිටම කියූ අයට කට උත්තර නැති විය.

එහි ප්‍රතිඵලයක් වශයෙන් එතුමාට තිබූ ජනප්‍රියත්වය ක්ෂණිකව ඉහළ ගියේය. එතුමාගේ ජනප්‍රියත්වය විනාශ කිරීම සඳහා ඔවුන් ඉන් පසුවත් ගෙන හැර දැක්වූයේ එම හමුදා කුමන්ත්‍රණ චෝදනාව මයි.

මැතිවරන සමයේ ප්‍රධානීන් මෙන්ම රාජ්‍ය නාකයින් ඒ ගැණ පැවසූ අදහස් පහතින් අසා බලන්න.

මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය මහතා


හමුදා මාධ්‍ය ප්‍රකාශය බ්‍රිගේඩියර් රුවන් වනිගසූරිය මහතා


අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා


ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා


එතුමන් 4 දෙනාගේම ප්‍රකාශ වල සමස්ත අරුත නම් මහින්ද රාජපක්ෂ මහතා ප්‍රජතන්ත්‍රවාදී ලෙස බලය හුවමාරු කර දුන් බවයි. එසේම පූර්ව ජනපතිවරණ කටයුතු මෙන්ම පශ්චත් ජනපතිවරණ කටයුතුත් වඩාත් සාමකාමීව පැවත්වුණ බවත් ඔවුන් එදින ප්‍රකාශ කළෝය.

හමුදා කුමන්ත්‍රණයක් දියත් වූවානම් ඉහත නායයින්ගෙන් ඒ වැනි ස්තුතිවන්ත ප්‍රකාශ කිසි විටෙකවත් නිකුත් වෙන්නේ නැති බව සහෘද ඔබට පැහැදිළි ඇතැයි සිතමි.

මීට අමතරව ජනාධිපතිවරණ ප්‍රතිඵල ප්‍රකාශයෙන් පසුව කිසිදු හමුදා කුමන්ත්‍රණයක් සිදු නොවූ බවට තවත් සාක්ෂි ඇත. ඒවා ඉදිරියේදී ලිපියක් වශයෙන් පළ කරන්නෙමු.

මෙකී කරුණු කාරණා වලින් මහින්ද රාජපක්ෂයන් කිසිදු හමුදා කුමන්ත්‍රණයක් නොකළ බව සනාථ වෙද්දී, එම චෝදනාව නගන ලද එක් අයෙක් වන අමාත්‍ය රාජිත සේනාරත්න මහතාට තවදුරටත් මාධ්‍ය හමුවේ එම චෝදනාව ගොනු කිරීමට නොහැකි විය. ඔහුද මහින්ද රාජපක්ෂ මහතාව නිදොස් කොට ප්‍රකාශයක් කරන ලදී.



රාජිත සේනාරත්න මහතාගේ ප්‍රකාශයේ හාස්‍යජනක කරුණ වන්නේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂයන්ගේ අනුදැනුමකින් තොරව කුමන්ත්‍රණ සිදුවීමට ගිය බව කීමයි. ඔහු එසේ පවසන්නේ තමන් මුලදී දක්වන ලද චෝදනාව අමූලික බොරුවක් බව පිළිගැනීමට අකමැති නිසා, ඒ චෝදනවේ කොටසක් පමණක් බොරුවක් බව ප්‍රකාශ කරමින් ලැජ්ජාව වසං කරගැනීමට බව පැහැදිළි වෙයි.

මේ ආකරයෙක් තව මොන තරම් සාහසික මඩ අවලාද නගමින් මහින්ද රාජපක්ෂ මහතාට අපහාස කරන්නට ඇද්ද... අපේ ජනපති මහින්ද මැතිදුන් පිළිබදව ජනතාවගේ සිතේ තිබූ විශ්වාසය නැති කිරීමට තව කොයි තරමක් කරන්නට ඇත්ද?? ඒවාද හෙට අනිද්දා වන විට ස්ථිර වශයෙන්ම රටට එළිවනවා නොඅනුමානයි.



යාළුවන්වත් දැනුවත් වීමට Share කරන්න.

තවත් අයටත් බලන්නට "Share" කරන්න.

3 comments:

  1. මර්වින්February 20, 2015 at 6:25 AM

    ඔබලාගේ ක්‍රියාව ඉහළින අගය කරන අතර, කරුණු දැක්වීම සියල්ල තාර්කිකව ඉදිරිපත් කර ඇති බවද කියා සිටිමි. එමෙන්ම මෙවන් මට්ටමේ ලිපි ලිවීමට යම බුද්ධියක් ඇති උගත් පිරිසක් මෙම වෙබ් අඩවිය මෙහෙයවන බවද පැහැදිලිවේ. ඉතිරි මාස කිහිපය තුලදී සයිබර් අවකාශයේ වැඩි ප්‍රචාරයක් ලැබේවා යි ප්‍රාර්ථනා කරමි, තවද ප්‍රචාරාත්මක ක්‍රියා මාර්ග ගන්නා මෙන් ඉල්ලාසිටිමි.
    ස්තුතියි.

    ReplyDelete
  2. YERS THIS'S TRUE WE MISED OWER FEUTER DEAR SIR MAHINDARAJAPAKSHA SRI LANKA HAVE A LOT OF PEUPOLETHEY DONT HAVE A FEUTER PLANE SO THIS'S THE PROBLUM WE HAVING THEY DSENT KNOW HISTRY ABOVET OWER CUNTRY IN THIS CASE WE THINK WE CAN GAT YOU AGAIN AS A OWNER OF SRI LANKA ON THAT TIME YOU HAVE A STBLISH IN SCOOHL STUDEST PORGRAM MOST IMPORTEN ONE IS HISTRY TO ALL SIR LANKANS I WILL GIVE MY SHAPORT TO YOU SIR

    ReplyDelete
  3. Yes, I agree with you. This pages are prepared by very talented group of persons. They do not possess envy and anger, hatred and foolishness, but they maintain the truth with facts. I respect them.

    ReplyDelete

අදහස් දැක්වීමේදී ඔබගේ නම දැක්වීමට "Comment as" ඉදිරිපස ඇති "Drop down menu" එකෙන් "Name/URL" ‍තෝරා ඔබගේ නම ඇතුළත් කරන්න.