Mahinda Rajapaksa: මහින්ද රත්නපුරේ. කුරුවිට බන්ධනාගාරයටත් යයි. [Video]

Thursday, February 26, 2015

මහින්ද රත්නපුරේ. කුරුවිට බන්ධනාගාරයටත් යයි. [Video]

මහින්ද රාජපක්ෂ මහතා අද රත්නපුරයට පැමිණියා. අපරාධ චෝදනා කරමින් කුරුවිට බන්ධනාගාර ගත කර සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේමලාල් ජයසේකර මහතාගේ සුවදුක් බැලීමටයි.

mahinda

මේ ගමන සඳහා පාර්ලිමේන්තු මන්ත‍්‍රී රන්ජිත් සොයිසා, සබරගමු පළාත් සභා ඇමැතිවරුන් වන රංජිත් බණ්ඩාර, අතුල බණ්ඩාර රාහුබද්ධ, පළාත් මන්ත‍්‍රිවරුන් වන දීපාල් ගුණසේකර, වරුණ ලියනගේ, අනුර අලගියවන්න, කරුණාපාල, රම්‍යකුමාර යන මහත්වරුන් එක් වී සිටියා.

පෙර දැනුම් දීමකින් තොරවම පැමිණියද මහින්ද රාජපක්ෂ මහතාගේ පැමිණීම සවන් වැටුන සැනින් එම ප්‍රදේශයේ ජනතාව එතුමා බැහැදැකීමට පැමිණියා.

අදාල සිදුවීමේ දෙරන ටීවී වාර්තාව
https://www.youtube.com/watch?v=cDY9qm0_8WU

අදාල සිදුවීමේ සිරස ටීවී වාර්තාව
https://www.youtube.com/watch?v=ml3kCY70bOI

යාලුවන්ටත් නරඹන්නට Share කරමු.