පසුගියදා ඓතිහාසික යාපහුවෙන් මෙහි පළමු අදියර ආරම්භ වූ අතර තවත් මහා පහන් පූජාවක් හෙට දිනයේ කතරගම කිරිවෙහෙර අභියසදී පැවැත්වෙන අතර රාජපක්ෂ මහතා ඊටද හභාගී වෙයි.
රාජකීය පණ්ඩිත අති පුජ්‍ය මැදගොඩ අභයතිස්ස හිමියන් සහ මහා සංඝරත්නය ප්රමුඛ මහින්ද රාජපක්ෂ මතිඳුන්ගේද සහභාගීත්වයෙන් එම පින්කම පැවැත්වෙයි.
අප රටේ අවසාන රාජධානිය රජුන් සමග පාවා දී මාර්තු මසට අවුරුදු 200 කි. එදා මෙදා තුර මේ රට වෙනුවෙන් දිවි පිදූ රණවිරුවන් සිහිකර පින් පතා අදිෂ්ඨාන පුජාවට සහ විශේෂ පින්කමට කිරිවෙහෙර පුජා භූමියට මාර්තු මස 15 ව සවස 3 ට සුදුවතින් සැරසී පැමිණෙන්න...!