එහිදී ඔවුන් අලි-අත් හවුල් ආණ්ඩුව සඳහා දැඩි විරෝධය පළ කළෝය. එජාප ආණ්ඩුවේ ඇමතිකම් අරගෙන ශ්රී ලංකා නිදහස් පක්ෂය පාවා දුන් අයට, නැවතත් තම පාක්ෂිකයන්ගේ ඡන්දය ඉල්ලීමට ගම් වලට නො එන ලෙස එම මන්ත්රීවරුන් මහින්ද රාජපක්ෂ මහතා අභිමුවෙහි ප්රකාශ කර සිටියෝය.
පක්ෂය පාවා දුන් ශ්රීලනිප මන්ත්රීවරුන්ට පාඩමක් උගන්නවන්ට ගම් වල පාක්ෂික ජනතාව පෙළගස්වන බවට පැවසූ එම මන්ත්රීවරුන්, ඒ සඳහා පෙරමුණ ගන්නා ලෙස මහින්ද රාජපක්ෂ මහතාගෙන් ඉල්ලුවෝය.
"ඔබතුමා නැතිව අපිට ගමට යන්න බෑ, අනිවාර්යයෙන්ම පැමිණ රට බේරා ගන්න" යැයි එක හඬින්ම පැවසූ ඔවුන්, ඉදිරි මහ මැතිවරණයේදී අගමැති අපේක්ෂකයා ලෙස මහින්ද රාජපක්ෂ මහතාට පමණක් සහයෝගය දෙන බවට ඒකමතිකව සම්මත කළෝය.
යාලුවන්ටත් බලන්නට Share කරන්න.