Mahinda Rajapaksa: මෛත්‍රීපාල පැවසූ හෙලිකොප්ටර් 6 කෝ?

Monday, March 30, 2015

මෛත්‍රීපාල පැවසූ හෙලිකොප්ටර් 6 කෝ?

මෛත්‍රීපාල සිරිසේන මහතා ජනාධිපතිවරණ සමයේදී වෙන්නප්පුවේ පැවැති රැස්වීමකදී කරන ලද ප්‍රකාශයකුයි පහත දැක්වෙන්නේ.



"ගිය අවුරුද්දේ චොපර් 6 ක් ගෙනාවා. හෙලිකොප්ටර්ස්. පවුලේ අය අතර බෙදා ගත්තා." ලෙස එතුමා පවසයි.

එහෙත් එවැනි චොපර්/හෙලිකොප්ටර් මිලදීගෙන නැති අතර එය සම්පූර්ණයෙන්ම සාවද්‍ය සහ ජනතාව නොමග යවනසුළු ප්‍රකාශයකි.

ගෝඨාභය රාජපක්ෂ මහතා The Island පුවත්පතට ලබා දුන් සාකච්ඡාවක මෙසේ පවසා තිබුණි.
There are some private companies that own helicopters or small aircraft. One of them is owned by Sajin Vaas Gunawardene. UNP politicians Daya Gamage and Mayantha Dissanayake also have interests in companies owning helicopters. There are some other helicopter owners as well such as Noel Selvanayagam. The first family did not have any helicopters nor were there assigned air force choppers for the president’s sons to travel in.

සිංහල අරුත: හෙලිකොප්ටර් සහ සැහැල්ලූ ගුවන් යානා අයත් පුද්ගලික සමාගම් කිහිපයක් තිබෙනවා. ඉන් එකක් අයත් වන්නේ සජින් වාස් ගුණවර්ධනට. එජාප දේශපාලනඥයන් වන දයා ගමගේ හා මයන්ත දිසානායකටද හෙලිකොප්ටර් අයත් සමාගම් සමග සම්බන්ධතා තිබෙනවා. නොයෙල් සෙල්වනායගම් වැනි වෙනත් හෙලිකොප්ටර් හිමියන්ද සිටිනවා. මහින්ද රාජපක්‍ෂ ජනාධිපතිවරයාගේ පවුලේ සාමාජිකයන්ට හෙලිකොප්ටර් තිබුණේ නැහැ. ඔහුගේ පුතුන්ට භාවිතය සඳහා ගුවන් හමුදාවේ හෙලිකොප්ටර් වෙන් කර තිබුණේ නැහැ.

හෙළිකොප්ටර් 6 ක් යනු සඟවා තැබිය හැකි දෙයක් හෝ රටකින් පැන්නිය හැකි දෙයක් නොවේ. මහින්ද රාජපක්ෂ මහතාගේ පවුලේ අය චොපර්/හෙලිකොප්ටර් මිලදීගෙන තිබුණා කියා සිරිසේන මහතාගේ ආධාරකරුවන් විශ්වාස කරයිනම් ඒවා සොයාගෙන පෙන්වීමට පසුගිය මාස 3 ක පමණ කාලය හොඳටම ප්‍රමාණවත් විය යුතුය.

ඒ වෙනුවට සිදුවන්නේ මෛත්‍රීපාල සිරිසේන මහතාත් හරි හරියට හෙලිකොප්ටර් භාවිතා කිරීමයි.



10933963_10152968878521327_3990554170381625625_n

නමුත් ඡන්දය දිනා ඇති නිසා වේදිකවේ කී දේවල් එතුමන්ලාට මතක නැත. කැපුවත් අහවල් පාට අයටත් ඒවා ගාණක් නැත. මහින්ද රාජපක්ෂ මහතාට තාමත් සමහරුන් "හොරා" යැයි කියන්නේ මෙවන් අතේ පැල වූ පට්ට පල් බොරු චෝදනා විශ්වාස කිරීමෙනි.

එම කතා විශ්වාස කළ කවුරුන් හෝ සිටීනම් ඒ චොපර් කොහෙදැයි ප්‍රශ්න කිරීමට ඔවුන්ට අයිතියක් තිබේ.

අපේ ජනපතිඳුන්ට ගහපු මඩ වල හැටි හැමෝටම බලාගන්න Share කරන්න.